IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘‘සියල්ල යථා තත්ත්වයට පත් කරනවා‘‘

(විමුක්ති එස් රුද්‍රිගු)

රටේ ආර්ථික අර්බුදය,යහපත් වීමට පෙර නරක අතට හැරෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බී.බී.සී පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේය.

එහිදි අග්‍රාමාත්‍යවරයා මෙසේ ද කීය.

ශ්‍රී ලංකාව ඉන්ධන හිඟයකට මුහුණ පා ඇති අතර අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ඇතැම් ශ්‍රී ලාංකිකයන් කෑම වේලවල් මඟ හැරීමට පෙළඹීලා. නමුත් ඉදිරියේදී කිසිම පවුලක් බඩගින්නේ නොතබන්නට කටයුතු කරනවා.

සෑම පවුලකටම දිනකට ආහාර වේල් තුනම ලබා ගත හැකි තත්ත්වයක් ඇති කරන බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

රාජපක්ෂ රජයේ තිබූ ප්‍රතිපත්ති සියල්ල වෙනස් කරන බවත් ජාත්‍යන්තර ප්‍රජාව අමතමින් අවුරුද්දක කාල සීමාවක් සඳහා ශ්‍රී ලංකාවට සහාය අවශ්‍ය බවත් ලබා දෙන සියල්ල ආපසු ගෙවන බවත් පැවසුවේය.

සියලු දේ යථා තත්ත්වයට පත් කරන බවත් එතෙක් ඉවසීමෙන් සිටින ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

 



අදහස් (11)

‘‘සියල්ල යථා තත්ත්වයට පත් කරනවා‘‘

Prase Saturday, 14 May 2022 08:18 AM

ගන්න ලේසියි... ගෙවන්න තමයි ක්‍රමයක් නැත්තේ... අවුරුදු 72 ක් ගත්තු ණය ගෙව්වේ නැතිව හොරාකාපු නිසා මෙහෙම වුණා.

:       1       18

යෝගා Saturday, 14 May 2022 08:23 AM

රජයේ සේවක පින් පඩි කාරයින් 50%ක් ගෙදර යවන්න. රටට සෙතක් වෙයි...!

:       2       29

Bamunuarachchi Saturday, 14 May 2022 08:58 AM

හා... හා... මේ මොන විකාරද? තරුණ අපි තරම් මේ නාකි දන්නවද? අපිට වඩා මේ ගොල්ලෝ දන්නේ කොහොමද? මේ ගොල්ලන් ලේ සැලෙන විප්ලව කළාද?

:       4       4

TharinduSaturday, 14 May 2022 04:14 PM

ඔයා හිතුවද හැම එක්කෙනාම තාත්තා වගේ කියලා..?

:       0       0

Anoma Dilrukshi Saturday, 14 May 2022 10:27 AM

අපේ මේ පුංචි රටට විශාල බරක් 225 ක් නඩත්තු කරන එක 25 ක් කරන්න නැත්නම් නොමිලේ ලබා දෙන ආහාරපාන, ඉන්ධන, දුරකථන දීමනා යන සියලුම වියදම් වරප්‍රසාද, දීමනා කපා හරින්න... මෙහෙම ඉන්ධන නොමිලේ දෙන කොට තෙල් සංස්ථාව පාඩු ලබන්නේ නැතිව තියෙයිද? සාමාන්‍ය ජනතාවට අවශ්‍ය පහසුකම් තමන්ගේ වැටුපෙන් ආදායමෙන් කරගන්න පුළුවන් නම් ඇයි මන්ත්‍රීවරුන්ට තමන්ගේ වැටුපෙන්, ආදායමෙන් කරගන්න බැරි? අපේ මේ රට අගාධයෙන් ගොඩගන්න නම් මේ දේවල් මැති ඇමතිවරුන් මේ දේවල් කැප කළ යුතුයි නේද? ජනතාව පමණක් පටි තද කරගෙන විතරක් ඇතිද?

:       0       7

අනෝමා දිල්රුක්ෂි Saturday, 14 May 2022 10:36 AM

අපේ මේ පුංචි රටට විශාල බරක්... 225ක් නඩත්තු කරන එක 25ක් කරන්න.. නැත්නම් නොමිලේ ලබාදෙන ආහාරපාන, ඉන්ධන, දුරකථන දීමනා යන සියලුම දීමනා වරප්‍රසාද අහෝසි කරන්න. ඉන්ධන සඳහා ලැබෙන කූපන්පත්, නිවාස කුලිය.... මේ දීමනා 2ට අමතරව තව කොච්චර දීමනාවල් තියෙනවද? මෙහෙම ඉන්ධන නොමිලේ දෙනවිට තෙල් සංස්ථාව පාඩු ලබන්නේ නැතිව තියෙයිද? මේ ගැන අනිවාර්යයෙන්ම බලන්න අපේ අගමැතිතුමාට ජයවේවා...!

:       0       1

WCA Saturday, 14 May 2022 11:25 AM

එදා වේල ටුවර්ස් වගේ ණය ගන්නේ නැතුව මෙහෙම වෙලාවකට සහාය ඉල්ලන එක හොඳයි වගේ. නැත්නම් හැමදාම හිඟන්නෝ වගේ... එකක් ඉවරවෙනකොට තව එකක්...

:       0       0

Shan Saturday, 14 May 2022 11:48 AM

ඔබ හරි කෙනෙක් නම්, ඉස්සෙල්ලාම රාජපක්ෂලා ඇතුළු හොරුන්ව හිරේ යවන්න. හොරුන්ට අනුබල දුන්නා නම් ඔබත් අපට එපා...

:       1       3

මුදියන්සේ.... Saturday, 14 May 2022 12:18 PM

වැටී සිටින වලෙන් ගොඩඒම පළමුව කළ යුතුයි. පරිණත දේශපාලනඥයකුගේ කටයුතුවලට ඉඩදී මදක් ඉවසා සිටීම සුදුසුය...

:       2       4

Sunil Saturday, 14 May 2022 12:53 PM

තත්වය තව නරක අතට හැරෙන බව නම් විශ්වාසයි. නමුත් යහපත් වෙන එකක් නැහැ.

:       0       0

de silva Saturday, 14 May 2022 01:13 PM

ඇමැතිලට සහ නියෝජ්‍ය ඇමැතිලට දීලා තිබෙන වී8 වැනි වාහන අප්‍රිකාවේ රටකට විකුණන්න... හොඳ ආදායමක් ලැබේවි..

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 319 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 899 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2326 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2600 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 762 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 315 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site