IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘‘ස්වාධිනව කටයුතු කරන්න බෑ: තනතුරින් යනවා‘‘

(විනීතා එම් ගමගේ)

පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ  තුෂාන් ගුණවර්ධන මහතා සිය තනතුරෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇත.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාරිභෝගික සේවා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට ලබන අඟහරුවාදා භාරදීමට තීරණය කළ බව තුෂාන් ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.

දිගින් දිගටම එල්ලවන දේශපාලන බලපෑම් හමුවේ සිය රාජකාරිය ස්වාධීනව කරගෙන යාමට නොහැකි බැවින් ඉල්ලා අස්වන බව ද අධ්‍යක්ෂ කීය.

සුදුලූණු කන්ටේනර් දෙකක් නීති විරෝධීව පිටකිරීම ඇතුළු සිද්ධීන් ගණනාවක් සම්බන්ධව තමන් වෙත බලපෑම් පැමිණි බවත් දිගින් දිගටම ඉල්ලා අස්වන ලෙස එන බලපෑම් හමුවේ තමන් ඉල්ලා අස්වන බවත් කී ගුණවර්ධන මහතා මේ වනවිට තම රියැදුරු හා ආයතනෙයන් දුන් වාහනය පවා මේ වනවිට සභාපතිවරයා වෙත භාර දී ඇතැයි කීය.

සීනි පිටි උඳු ඇතුළු පාරිභෝගික භාණ්ඩ රාශියක් මෙසේ වංචා සහගත ලෙසින් පිට පාරේ යන බවත් මෙම සුදුළූණු සිද්ධියේ දී සිදුව ඇත්තේ සතොස මගින් ගෙන්වූ සුදුළූණු වෙනත් ආයතනයකට විකුණා එයින්ම යලී සතොසට මිල දී ගැනීම යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

මෙම සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇති තැනැත්තා පමනක් ඊට ඉහල තැනැත්තන් පවා ඊට සම්බන්ධ බවත් පෙන්වා දුන් ඔහු මේ සම්බන්ධව වැඩ තහනමට ලක්වන නිලධාරින් ජනතාවට අමතකව ගිය පසු යළි සේවයේ පිහිටුවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

දේශපාලන පත්වීමක් වුවත් තමන් හැකි අන්දමින් වංචා දූෂණ මැඩලීමට උත්සාහ කළ නමුත් සමහර දේශපාලඥයින් සමග එය කළ නොහැකි බව පැහැදිලි බැවින් තවදුරටත් මෙම තනතුරේ සිටීමෙන් පළක් නැතැයි ද ඔහු කියා සිටියේය.

 



අදහස් (61)

‘‘ස්වාධිනව කටයුතු කරන්න බෑ: තනතුරින් යනවා‘‘

sampath Saturday, 18 September 2021 10:52 PM

අපි දුක කියන්න ඉන්න මිනිස්සු දැන් අපිටම දුක කියනවා.

:       0       49

SLSunday, 19 September 2021 02:10 PM

රටේ මහා උන්දැට තියෙන්නේ කලිසමක් වෙනුවට අඹුඩයක් ඇඳගන්න. අපරාදේ මගේ චන්දෙ......................

:       3       42

ajithSunday, 19 September 2021 07:16 PM

පසුගිය මැතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ජනාධිපති කරගත්තා නම් දේශපාලනීකරණයෙන් තොර රජයක් පිහිටුවනවා

:       17       13

සලීම්Tuesday, 21 September 2021 01:02 PM

අජිත් ඔයාගේ කතාව සහතික ඇත්ත... සජිත්ට පවුල් රකින්න නැහැ. සජිත් නිහතමානි, අනික් අයටත් සවන්දෙන ගුණගරුක කෙනෙක්. රටේම ගෙයක් නැති දුගී, දුප්පත්, අන්ත අසරණ ජනතාවට නිවාස ලක්ෂ ගණන් හදපු ඉතාම දක්ෂ දැක්මක් තියෙන දේශපාලන නායකයෙක්... දැන් ඉන්න හොරු වගේ මේ අති භයානක කොරෝනා ලෙඩේ අස්සෙත් කෝටි ගණන් මුදල් ගසාකන කෙනෙක් නෙමෙයි. දැන් මේ රැවටුණා අැති.. ඊළඟ ඡන්දෙන් අපි සජිත්ව අනිවාර්යයෙන් දිනවමු...

:       3       4

රටහදමු ඩොට් කොම් Saturday, 18 September 2021 10:53 PM

මේ වාගේ අවස්ථාවල තමයි නායකයෝ ඉන්ඩ ඕනෑ. ඔය දේශපාලඥයින් යැයි කියා ඇති අය දේශපාලනයට සුදුසු අය නෙවෙයි.

:       0       50

NG raja Saturday, 18 September 2021 10:56 PM

ජනාධිපතිතුමා ලබාදුන්න පිටකොන්ද... මම තමයි හොඳටම කෙරේ...

:       1       47

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 18 September 2021 11:10 PM

කොහොමද වැඩේ යන විදිහ අපූරුයි නේද ? ඔන්න අපි නෙමෙයි කියන්නේ සතොසේම අය. සතොසෙන්ම ගෙනා බඩු කළු කඩේට විකුණලා ආපසු එකෙන්ම මිලට අරන්. මේ සතොස කියන්නේ කවදත් හොර ගුහාවක් බව රටත් ජනතාවත් දන්නවා. එය නැවත නැවතත් වඩාත් හොඳින් ඔප්පුවෙලා තියෙනවා. එතකොට කව්ද මේ අයුතු වැඩ කරන දේශපාලකයන්. අයුතු ලාභ ලබනා ගමන් ඒ අය රූප පෙට්ටිවල රඟපාන්නේ හරියට සුද්දවන්තයන් වගේ. හැමදාකම හොරකම වංචාව හා බොරුව සඟවන්නට බැහැ. කවරදාක හෝ එළිවෙනවා. ඒක සත්‍යයක්.

:       0       47

GAMUNU Saturday, 18 September 2021 11:25 PM

දුෂිත දේශපාලඥයින්ගේ බලපෑම් මත ස්වාධිනව කටයුතු කිරීමට නොහැකි නිසා තනතුරින් යනවා. දේශපාලන බලපෑම් හමුවේ සිය රාජකාරිය ස්වාධීනව කරගෙන යාමට නොහැකි සියලු දෙනාට ඔවුන්ගේ අවංක බව පෙන්වීමට හොදම අවස්තවක්. ඔබ රජයේ නිලධාරියකු නම් එම තනතුරෙන් ඉල්ලා අස්වූයේ නැතත් ජනතව ඉදිරියට පැමිණ රටට ප්‍රකාශයක් ලබාදෙන්න. එවිට දුෂිත දේශපාලකයා කවුරුන්ද යන්න රටට හෙළිවනු ඇත. වසර ගණනාවක් රටේ සියලු ආයතන දේශපාලනීකරණය වර්තමාන සමාජය මගින් ප්‍රතික්ෂේප කල යුතුව ඇත. දරුවා පාසලට ඇතුලත් කර ගැනීමේ සිට ඉතිරි සියල්ල දේශපාලකයාට බාරදීමේ ප්‍රතිපල මේ වනවිට ශ්‍රී ලාංකිකයන් බුක්තිවිදිමින් සිටි.

:       0       39

Nihal Sunday, 19 September 2021 12:26 AM

ඉතින් මෙහෙම පස්සට නොයා රජයේ නිලධාරියෙක් හැටියට නීතිය ඉදිරියට යන්න බැරි ද?. මෙහෙම උනොත් ජනතාව අපිට කාගෙ සරණක් ද.?

:       2       33

යෝගා Sunday, 19 September 2021 12:32 AM

එක්කෝ සියලු නම් ගම් හෙලිකරන්න නැත්නම් සද්ද නැතුව ඇයින් වෙන්න. මෙහෙම කලාම ඔබ ගැනත් සැකයක් ඇති වෙනවා. ජීවිත තර්ජන තියනවනම් ඒකත් කියන්න.

:       10       33

kumar Sunday, 19 September 2021 01:14 AM

පාර්ලිමේන්තුවේ ඉන්න හොරු කොරෝනා වලින්ම නැතිවේවා.!

:       2       29

Demuni Uduwara Sunday, 19 September 2021 03:12 AM

අගය කරනවා! ඔබේ ගෞරවය සහ උත්තරීතරභාවය.

:       0       39

සෙනෙවිරත්න Sunday, 19 September 2021 04:21 AM

කොන්දක් තියෙන සේරම ඉල්ලා අස්වෙනවා, ඒ අයට හෘදසාක්ෂිය කරදර කරනවා මෙි පාපයන්ට එක්නොවන්න කියලා, සර් තනිවෙනවා වගේ ව්‍යාපාරිකයො ටිකක් එක්ක.

:       0       34

Praba Sunday, 19 September 2021 05:24 AM

සෞභාග්‍යය දෝරෙ ගලනවා. මේ මංකොල්ල කන්නෙ අපේ සල්ලි. අපේ දරුවන්ගෙ සල්ලි. එක්කො අපි රට දාල යන්න ඕනෙ. එහෙම නැතිනම් අපේ හද බැඳ ගත් සුපර් ස්ටා දේශපාලකයන්ට සුදු හුනු ගාන එක නවත්තන්න ඕනෙ.

:       1       41

මාම Sunday, 19 September 2021 05:26 AM

මෙන්න තිත්ත ඇත්ත, මහත්තයෙකුට හොරුන් සමග වැඩ කල නොහැක.

:       0       39

sam Sunday, 19 September 2021 05:26 AM

කෝ අධීක්ෂණ ඇමති. සෑම හොරකමක්ම වෙන්නේ ඉන්න ඔක්කොම ඉහල ලොකු අයගේ ආශීර්වාදය ඇතුව.

:       0       35

C.K.Lankaputhra Sunday, 19 September 2021 06:27 AM

ඔන්න ඕකයි තත්වය. ඉතින් තව මොන කතාද?

:       0       37

ranjith Sunday, 19 September 2021 06:50 AM

දැන් මේ ආණ්ඩුව හොර ගුහාවක් වෙලා හොද මිනිස්සුන්ට වැඩ කරන්න බැහැ.

:       0       37

Lelwala Sunday, 19 September 2021 07:04 AM

ඔහුට කළමනාකරණය හෝ පුද්ගලයින් සතුටු කිරීමට නොහැකි නම් ඔහු යා යුතුය. ඔහුට කළමනාකරණය සමඟ සමීපව කටයුතු කිරීමට සිදු වේ. ඔහුට හොඳින් සවන් දිය නොහැකි නම් රැකියාවෙන් ඉවත් වීම හොඳය.

:       5       22

සෙනෙවිරත්න Sunday, 19 September 2021 07:05 AM

ඉතිහාසයේ කිසිදු ජනාධිපති කෙනෙක් නැතිතරම් සියලුම බලතල ඒකරාශි කරගත් ජනාධිපති ගෝඨාභය මේ සඳහා වගකීම භාරගත යුතුය.

:       1       54

sugath bandara Sunday, 19 September 2021 07:05 AM

මහත්තයෝ ඔයාගේ කොන්ද පන තියෙනවානම් දේශපාලකයෝ කවුද කියලා නම් වශයෙන් හෙළිකරන්න. ඔයාගේ පැත්තට මිනිස්සු එකතුවෙයි.

:       4       28

ලාංකිකයාSunday, 19 September 2021 12:03 PM

මහත්තයෝ මේක ශ්‍රී ලංකාවයි. කොන්ද කෙලින් තියාගෙන නම් ගම් හෙලි කලොත් මොකද වෙන්නේ කියලා තේරෙන්නේ නැද්ද? කවුරුත් පණට ආදරෙයි.

:       2       30

Perera Sunday, 19 September 2021 07:14 AM

ඇමතිලත් දැන් දන්නවා ආවේ කවුද කියලා එහෙනම්...

:       0       31

මහසෙන් Sunday, 19 September 2021 07:21 AM

එක රටක් එක නීතියක්. ඔය තැන් පටන් ගත්ත දා ඉදලා හොර ගුහාවල් බව රට්ටු දන්නවා.

:       0       26

Buddika Sunday, 19 September 2021 07:34 AM

මේ පරපුරේ ස්වභාවය අපි බොහෝ කාලෙක සිට දැනගත්තා.

:       0       26

UPULThursday, 23 September 2021 02:44 PM

අනපේක්ෂිත ලෙස හා අවාසනාවන්ත ලෙස නරක අතට හැරෙමින් පවතින වර්තමාන පද්ධතිය අප සැමටම එපා වී ඇත

:       0       0

චන්දන Sunday, 19 September 2021 07:35 AM

මේ කියන කතාව ඇත්ත නම් මෙවැනි අය තනතුර ට පත් කිරීම හොඳයි . නමුත් ඉවත් කිරීම ට ඉඩ දීම නොකළ යුත්තක්. දූෂණ නැති කරනවා කියලා පටන් ගන්න තමා මිනිස්සු මේ ආණ්ඩුව පක් කලේ.

:       0       24

cham Sunday, 19 September 2021 07:43 AM

හැම අවංක නිලධාරියෙක්ම මේ ආකාරයට සිතන දවසට, මේ රට ඉදිරියට යන එක ඔය දේශපාලකයින්ට නවත්වන්න් බැ. ඔබතුමාට ආචාරය පිට කොන්දක් තිබීම ගැන.

:       0       31

Prasad Sunday, 19 September 2021 07:49 AM

අපි තමයි හොඳටම කෙරේ.

:       0       25

damith Sunday, 19 September 2021 08:05 AM

අපොයි බයියනේ බලපල්ලා මේ දිහා...

:       3       29

Rashath Udawatta Sunday, 19 September 2021 09:04 AM

නියම තීරණයක්. මම ඔබට හිස නමා ආචාර කරමි. මේ නූගත් දේශපාලනඥයින් සමඟ වැඩ කර රටේ තත්ත්වය කිසිසේත් වැඩිදියුණු කළ නොහැක. ඒ නිසයි මම මේ රටෙන් යන්න වුණේ. රට සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා අපේ දැනුම කෙසේ භාවිතා කළ යුතු යැයි රජය නොදනී. කෑදර දේශපාලකයින්.

:       0       31

සමන්ත Sunday, 19 September 2021 09:21 AM

ඔබට බලපෑම් කළ පුද්ගලයන්ගේ නම් ප්‍රසිද්ධ කිරීමට බැරිනම් ඔබගේ ඉල්ලා අස්වීමේ ප්‍රකාශකර ඇති කාරණා විත්තිකරුවන් නැති පැමිණිලි හා සමානය. සමාජශෝධනය මගින් මේ රටට කළහැකි මහගු සේවය මගහරින්නෙකු නොවී ඔබට කළ බලපෑම හා ඒවා කළ අය සමාජයට හෙලිකරන්න. නොඑසේ නම් ඔබද තවත් පෞරුෂය හීන පුද්ගලයකු පමණි.

:       5       17

aseSunday, 19 September 2021 04:20 PM

බොරු වීරකම්

:       3       1

jayath Sunday, 19 September 2021 09:36 AM

රජා ගේ පාලනය මරු හාදය ඇරෙන්න කොන්දක් තියන අය ඔක්කොම යනවා. මේ අස්වෙලා යන අයට යන්න පාරක් තියනවා හැබැයි දවසක් එනවා රජාට යන්න පාරක් තොටක් හොයාගන්න බැරි වෙන දවසක්.

:       3       35

janahitha UAE Sunday, 19 September 2021 09:41 AM

සත්‍ය හෙළි කරාට ඔබට අපේ ප්‍රණාමය, එන මැතිවරණයේදී මේවා මහජනතාව දැනුවත් කල හැකි වුනත් අසරණ දුගී ජනතාවට එය තේරුම් ගැනීමට තරම් ශක්තියක් නැත.

:       0       31

janahitha UAE Sunday, 19 September 2021 09:42 AM

අලගිය මුලගිය අයත් මේ වගේ දේවල් කරනවද.?

:       0       22

කිරි පුතා Sunday, 19 September 2021 09:43 AM

මෙතුමා කියන්නෙ ඇත්තමද කියලා කියන්න බෑ. කෙසේ නමුත් මේ හොරකම් තමයි දන්නා කාලයක ඉඳන් අපේ රටේ සිද්ධ වෙන්නෙ.

:       8       15

ගම්පහ මුදියන්සේ. Sunday, 19 September 2021 09:49 AM

ශ්‍රී ලංකාවේ තත්ත්වය මෙයයි. ඉතාමත් කණගාටුදායකයි. මෙහි වෙනසක් බලාපොරොත්තු විය නොහැක. කාට කියම්දෝ.... කුමක් කරම්දෝ...

:       0       24

gunarathna Sunday, 19 September 2021 10:08 AM

දැන් අධ්‍යක්ෂවරයා හැටියට ඔබතුමාට වගකීමක් නැතිද මේකට.?

:       5       13

Asanga Sunday, 19 September 2021 10:16 AM

අද අවංකව සේවය කරන නිලධාරීන්ට වෙලා තියෙන දේ තමයි. දේශපාලුවෝ මේ රටින් තුරන් වූ දවසක මේ රටට හොඳ කලක් යාවි.

:       0       26

Lal Sunday, 19 September 2021 10:55 AM

ලංකාවේ දේශපාලනඥයෝ නැත. ඉන්නේ මහජනතාවගේ බදු මුදල් වලින් යැපෙන කයිරාටික දේශපාළු හිඟන්නන්ය. දේශපාලනඥයකුට තිබිය යුතු දැනුම් සම්භාරය අපේ දේශපාලුවන්ට නැත. එම නිසා දේශපාලනඥ කියන වචනය කොහෙත්ම සුදුසු නැත. අවසානයේ සිදුවෙන්නේ මෙවැනි දක්ෂ නිලධාරීන් මේ දේශපාලුවන්ගේ අමන වැඩ නිසා රට හැර යාම පමණි.

:       1       22

kamal Sunday, 19 September 2021 11:03 AM

නායකත්වය කියන්නේ අභියෝග එනකොට බෑ කියලා දාලා දුවන එකක් නෙවෙයි.

:       21       10

මාමSunday, 19 September 2021 11:31 AM

අභියෝග කියන්නෙ හොර වැඩවලටද.?

:       2       25

kamalSunday, 19 September 2021 12:09 PM

මෙතන අභියෝගය වෙන්නේ හොරකමට විරුද්දව නැගී සිටීමයි. දාලා යාම නොවෙයි.

:       8       12

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 19 September 2021 11:48 AM

අනවශ්‍ය හා අයුතු බලපෑම් නිසා තමයි මේ අස්වෙනවා පේන්නේ .. එතකොට කව්ද මේ බලපෑම් කරනා උදවිය.

:       1       18

Andrew Dias Sunday, 19 September 2021 12:18 PM

ලක්ෂ 69ක් දුන්නනේ. දැන් විඳවන්න.

:       1       24

Truth Sunday, 19 September 2021 01:41 PM

දේශපාලුවෝ දෙන්නා බන්දුල යි ලසන්තයි.

:       0       18

dilan Sunday, 19 September 2021 02:08 PM

මේ තැනැත්තා අවංක කෙනෙක් වුනත් ඇත්ත ඇති සැටියෙන් හෙලිනොකිරීමෙන් කොන්ද පන නැති බව පෙනේ

:       1       12

bimsara Sunday, 19 September 2021 02:13 PM

කෝ රටේ පොලිස්පති ,නීතිපති ,දුෂණ සහ අපරාධ විමර්ශන අධිකාරිය ?

:       0       16

kamal Sunday, 19 September 2021 03:09 PM

පේනවා නේද ,දැන් හැම දෙයකටම දේශපාලනයෙන් බලපෑම්,පාස්කු,හිරගෙවල් වල පිස්සු නැටීම් ,තෙල් නැව් ,අපරාධ කරුවන් නිදහස් කිරීම්,මේ හැම දෙයකටම දේශපාලකයින් විසින් බලපෑම් කරනවා,නීතිය එක වගේ නෑ .69 ලක්සේ බයියන්ට දැන්වත් තේරෙයිද ?රට කෑවා ,කිසි කෙනෙක්ට අවංකව වැඩ කරන්න බෑ .රටක් හදන්නේ කොහොමද එහෙම .ට්ව ඉදිරියට මෙවැනි දෑ බොහෝ සිදුවේවි .69 ට සාප වෙන්න ඕනේ

:       0       13

Chandima Sunday, 19 September 2021 04:31 PM

රජයක් යටතේ සේවකයෙක් විදිහට වැඩ කරද්දී තමන්ට ඕන දේම කරන්න බැහැ. රජයට අවශ්‍ය දේවලුත් කරන්න වෙනවා.

:       7       3

Rohana Sunday, 19 September 2021 04:35 PM

මෙහි සදහන් වෙනත් ආයතනය හොරෙකු වී ඇත.

:       1       4

Nuwan Sunday, 19 September 2021 05:20 PM

කඩේ යන අය ඒකක කරනන බැ තමයි තනතුරු

:       0       4

susantha Sunday, 19 September 2021 05:26 PM

නොදකින්. ගියපාර බන්දුලයට දුන්න මනාපේ හරකෙකුට දුන්න නම් මීට වඩා හොඳයි.

:       1       10

saman Sunday, 19 September 2021 06:30 PM

එක්කෙනෙක් කමෙන්ට් එකක දකවා තිබුනා මේ දුශිතයෝ ඔක්කොම කොරෝනාවෙන්ම නැති බංගස්තාන වෙන්න කියලා උදේ හවස කියන එක තමා දැන් කරන්න ඉතුරුවෙලා තියෙන්නේ

:       0       7

පිටරැටියා Sunday, 19 September 2021 07:04 PM

හැම දේකටම ඇඟිලි ගහන, දූෂිත පවුලක් පාලනය කරන රටක් ? මෙවැන් රටක් ලෝකෙම නැතුව ඇති .

:       0       8

ජයන්ත Monday, 20 September 2021 07:10 AM

සමූපකාර රාජ්‍ය ඇමති කියන්නේ පරිභෝගික ජනතාව කන්න ආපු දේශපාලඥයෙකි. ඇමතිකම ලැබුන ගමන් කලේ සමුපකාරය විනාශ කරන්න පනතක් ගේන්න උත්සාහ කලා. දැන් පරිභෝගිකයෝ ගසා කන්න හදනවා. ගරු ජනාධිපති තුමනි වහාම මෙම ඇමතිකම වෙනත් හොද මනුස්සයෙකුට දෙන්න.

:       0       5

Bamunuarachchi Monday, 20 September 2021 08:12 AM

ස්වාදීනව කටයුතු කරනවා කියලා හිතුමතේ ක්‍රීයා කොරන්න බැහැ. රජයේ හෝ පෞද්ගලික ආයතනයක කිසියම් ප්‍රතිපත්තියක් තිබෙනවා ඊට අනුකුලව තම කාර්ය ඉෂ්ටකල යුතුයි එසේ බැරිනම් ඉවත් වෙලා යාම සුදුසුයි.

:       6       1

පැරකුම්Monday, 20 September 2021 09:21 PM

මෙතන තියන ගැටලුව රජයේ ආයතනවල ප්‍රතිපත්තිය එහෙම එකක් නැතිකමයි. ජනාධිපති අගමැති ඇමති මාරුවෙනකොට ඒකත් නැතිවෙනවා.

:       0       0

Kumara Monday, 20 September 2021 10:04 AM

සිස්ටම් චේන්ජ්.

:       0       4

parawiya Tuesday, 21 September 2021 09:15 AM

ඔබට අපේ ප්‍රණාමය... ආඩම්බරයි 69න් එකෙක් නොවීම ගැන..

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

විජේදාසට - සාරථිට වාරණ නියෝගයක්
2024 අප්‍රේල් මස 24 263 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 408 1

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 934 3

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 231 2

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 383 0

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 1793 2

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 293 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1660 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1523 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site