IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘‘ලොහාන් ගැන සුදුසු පියවරක් ගන්නවා‘‘

(අජන්ත කුමාර අගලකඩ)

අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාරවලට,බීමතින් සිය මිතුරන් පිරිසක් සමඟ අයුතු ආකාරයෙන් ඇතුළු වු බවට චෝදනා එල්ල වී ඇති, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මධ්‍යම විධායක කමිටුව රැස්වී, සාකච්ඡා කර සුදුසු පියවරක් ගන්නා බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය .

ඉතාලියේ සංචාරයක් සඳහා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ සති අන්තයේ දිවයිනට පැමිණීමට නියමිත බැවින්, අගමැතිවරයා පැමිණි පසු පක්ෂයේ මධ්‍යම විධායක කමිටුව රැස්වීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය .

අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාර වලට බීමතින් ඇතුළුවී අයුතු ආකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ලොහාන් රත්වත්තේ මහතා එහි වගකීම භාර ගනිමින් ,ඔහු එතෙක් දැරූ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉකුත් බදාදා ඉල්ලා අස්විය

ඔහු එක් රාජ්‍ය අමාත්‍ය ධුරයකින් ඉවත් වූ නමුත්, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරය තවදුරටත් කටයුතු කරයි.

ලොහාන් රත්වත්තේ මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කර ,නිති ය ක්‍රියාත්මක කරන ලෙසට පොලිසියට පැමිණිල්ලක් ද ලැබී ඇති අතර ඔහුගේ අනෙක් රාජ්‍ය අමාත්‍ය ධූරයද ඉවත් කරන ලෙස විවිධ පාර්ශව රජයෙන් ඉල්ලා ඇත .

 



අදහස් (31)

‘‘ලොහාන් ගැන සුදුසු පියවරක් ගන්නවා‘‘

මසිරිපාල Saturday, 18 September 2021 09:42 AM

උරුමක්කාර කුමාරයා කියන්නෙ අස්වුනේ තාවකාලිකව කියලා අපිට හිතන්නෙ කැබිනට් ඇමතිකමකුත් ලැබෙනවා කියලා එහෙම බැරිම නම් ඉහලම රාජ්‍ය ඇමතිකමක් දෙන්න ජයවේවා.!

:       1       62

gunarathna Saturday, 18 September 2021 09:52 AM

මේ වගේ කෙනෙක් ඇමති කෙනෙක් වුනාම මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

:       1       52

සිරිබිරිස්Saturday, 18 September 2021 12:59 PM

මෙයාලගේ පැත්තේ කාටද මහත්තයෝ වරදක් කළාම උසස්වීමක් මිස දඬුවමක් කළේ... පුළුවන් නම් එකෙක් ගැන කියන්න.

:       2       44

senaSaturday, 18 September 2021 08:27 PM

බීමතින් සිටි ලොහාන් රත්වත්තෙ මෙන්ම මත්පැන් පානය නොකළ ජනබලවේගයේ සහ එම පක්ෂයට සමබන්ද මන්ත්‍රීවරු 3 න් දෙනෙක් අනුරපුරයේ බන්ධනාගාරයට පැමිණ ආරක්ෂක නිලධරීන්ට බැන වැදී , ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බව පවසා බන්ධනාගාරයට ඇතුළුවිය. මෙම සිදුවීමෙන් පෙනී යන්නේ ලංකාවේ දේශපාලනය කොතරම් දුෂණයට ලක්ව ඇති බව නොවේද ? දේශපාලකයා වූ පමණින් සියල්ලෝම ඔව්නට යටත්ව සිටීමට සහ සියල්ල බලහත් කරකමින් දේශපාලකයට සිදුකල හැකිබව හොදින්ම පෙනෙන්නට තිබේ . මෙම දුෂිත දේශපාලනය සහ දේශපාලකයන් කුමන ජාතියකට අයත් උවද දේශපාලනයෙන් ඉවත් කළයුතුව ඇත

:       6       5

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 18 September 2021 10:30 AM

සාමාන්‍ය මිනිහෙක් මේ වැඩේ කරා නම්, මෙලහකටත් වැඩේ හරි. ඒත්, මොකද මේ කෙකෙර ගගා ඉන්නේ. කියවන්න හා කතා කරකර ඉන්න වේලාව මෙය නෙමෙයි. වහාම නිසි පියවර ගන්න.

:       2       58

පිටිගල මිලානෝ Saturday, 18 September 2021 10:37 AM

අපිත් බලාගෙන ඉන්නවා මෙයාට දෙන දඩුවම මොකක්ද කියලා. අවුරුදු කීයකට විතර හිරේ යයිද?

:       0       52

Sunil Saturday, 18 September 2021 10:49 AM

දැනටමත් ප්‍රමාද වැඩියි. මින් ඉදිරියට කිසි පියවරක් ගන්න එකක් නැහැ.

:       1       46

Nirmal Saturday, 18 September 2021 10:52 AM

මොකක්ද? තව ඇමති කමක්වත් දෙන්නද කල්පනාව.

:       1       44

මහසෙන් Saturday, 18 September 2021 10:53 AM

දැන් නේ මෙයා එලියට ඇවිත් තියෙන්නේ. අර ගම්මන්පිලට එරෙහිව දගලපු දැගලිල්ල කොහේ ද? පක්ෂ විනය පරීක්ෂණ එහෙම. ගන්න හදන සුසුදුසු පියවර රට්ටු දන්නවා. නිකන් විහිලු සපයන්න එපා.

:       0       57

Raveendra Saturday, 18 September 2021 10:55 AM

සුදුසු පියවරක් කිව්වේ සියලු වැරදිවලින් නිදොස් "කොට" නිදහස් කරන ලදී වෙන්න ඇති.

:       1       58

L.G.P.Jathunarachchi. Saturday, 18 September 2021 11:52 AM

එන්න ඉක්මනින් විසර්ජනය සහ තවත් ඇමති තනතුරක් !!!!!

:       0       25

DM Saturday, 18 September 2021 12:03 PM

සුදුසු නීතියක් නැතුව ඇති. ඒක නිසා තමයි සුදුසු පියවරක් ගන්නේ.

:       0       36

Perera Saturday, 18 September 2021 12:04 PM

සුදුසු පියවර තමා ආපහු ඇමතිකම දීම .මොකද කිසිම සාක්ෂියක් නැහැනේ ඇමති පිස්සු නැටුවා කියලා

:       0       28

සෙනෙවිරත්න Saturday, 18 September 2021 12:34 PM

මේකට නිසි පියවරක් ගත්තොත් එදාට සුනඛයන් අසූචි නොකාවි. අනේ ඔයගොල්ලනගෙ පියවර, සී සී ටී වී කැමරා නැහැ, ඉතිරි සාක්ෂි නැති කරන එක මහ වැඩක් නොවෙයි. මෙක ටික දවසක් ඇදගෙන ගිහින් වෙන නාඩගමක් කරලියට ගත්තම වැඩේ ගොඩ, කෝ අර නැව ,වන්දි , කැස්බොන්ගෙ මරණ පරීක්ෂණ වාර්තා, ඒවගේ තමයි හැබැයි මේව සදාකල් මතක තියෙන බුද්ධිමත් ජනතාව ඉන්න බව අමතක කරන්න එපා.

:       1       35

සිරිබිරිස් Saturday, 18 September 2021 01:30 PM

රාජ්‍ය අමාත්‍යකමින් අයින් කරලා කැබිනට් අමාත්‍ය ධුරයක් දෙන්න...

:       2       23

Senevi Saturday, 18 September 2021 02:07 PM

ඔයගොල්ලෝ ගන්න තීරණ අපි දන්නේ නැද්ද ඉතින්. මෙහෙම ගියොත් ලබන සැරේදී චන්ද දායකයෝනම් හොඳවැයින් තීරණයක් ගනී. එදාට සමහරු නම් 2015 කළා වගේම ඒගොල්ලන්ගේ රටවල් වලට පැනගනී. ඔහෙලට තමයි කන්න වෙන්නේ.

:       1       22

Kumara Saturday, 18 September 2021 03:54 PM

ගම්මන්පිලටදුන්නා වගේ එකක් දෙන්න.

:       1       14

kamal Saturday, 18 September 2021 04:50 PM

මේ රට කිසිම දවසක හැදෙන රටක් නොවේ. හැකි සෑම අවස්ථාවකම මේ රටින් පිටව යාමට උත්සාහ කරන්න...

:       1       21

ගමේ එකාලා Saturday, 18 September 2021 04:59 PM

සුදුසු පියවරක් ගන්න පස් මහ බැලුම් බල බලා ඉන්නවා ඇති... රතුපස්වල වතුර ඉල්ලපු අයට වෙඩි තියලා ගත්තු පියවර නම් ලෝකෙම දන්නවා...

:       1       18

SL Saturday, 18 September 2021 06:33 PM

ඇත්තට මොකද මේ තරම් පරක්කු? කාලකන්නියෙක් රටම අවලාදයට ලක්වන වැඩක් කරත් මෙයාලා නෙවෙයි කටක් අරින්නේ. එ්කට දේශ ප්‍රේමය, ජාතිආලය කරලා නම් මෙලහටත් කරලා... හොඳම දේ මේ රට දාලා සෝමාලියාවට හරි යන එක... එතකොට රාජපක්ෂලයි, රත්වත්තේලයි, වික්‍රමසිංහලායි, ප්‍රේමදාසලයි ඉතිරි ටිකත් කයි. ගෝඨාභයට දුන්නු ඡන්දය ආපහු ගන්න බැරිද?

:       1       19

parakkrama Saturday, 18 September 2021 07:30 PM

මෙහෙ තියන්න බැරි නම් ලොකු රටක තානාපති තනතුරකට පත් කරලා යැව්වානම් හොඳයි නේද.?

:       1       5

Samantha GunasingheTuesday, 21 September 2021 12:53 AM

පාර්ලිමේන්තුවට ඇරියා මදිවට ඇමැතිකමකුත් දුන්නා. එවුන්ගේ මොලේ අමාරුවක් ඇති. නැතිනම් මේ වගේ කෙනෙකුට මෙවන් ධුරයක් ලැබේවිද? 

:       0       0

Prabha Saturday, 18 September 2021 08:04 PM

ලේකම්තුමා පුලුවන්නම් අර විමල්ට ගම්මන්පිලට දාපු සෙල්ලම් මෙයාටත් දාලා බලන්න.

:       0       4

de silva Saturday, 18 September 2021 08:10 PM

මේගොල්ලෝ ඔක්කොම යාලුවෝ මල්ලි .එක වල්ලේ පොල්

:       0       7

sampath Saturday, 18 September 2021 10:14 PM

යකඩයක් විනාශ වෙන්නේ යකඩෙන් ඇතිවන මලකඩ නිසයි.

:       0       7

Weere Saturday, 18 September 2021 10:31 PM

රටේ තියෙන ලොකුම ප්‍රශ්නය මේක නොවයි. මට හිතෙන්නේ මේකත් අවධානය වෙනතකට යොමු කරන්න කරපු දෙයක් කියලා ඩොලර් ප්‍රශ්න, උද්ධමනය, කොරෝන, ගුරු සටන් (අසාධාරණ) ඒ මදිවට මානව හිමිකම් කෞන්සිලේ ප්‍රකාශය, මහා බැංකුව දේශපාලනීකරණය ආදිය අද යට ගිහින් ...

:       3       6

සෙනෙවිරත්න Monday, 20 September 2021 08:27 PM

ගුරු සටන් අසාධාරණ කියන්නෙ ඇයි, එහෙම නම් මේ ඇමති ගුරුවරු පැත්තෙද?

:       0       0

Iceberg slim Saturday, 18 September 2021 11:56 PM

සර් ලා ... හොදට ම කරනවා, ප්‍රීති... පාලන අධිකාරියේ අවශ්‍යතාවක ට මිස ... කොයි බබා ද හරියට ඇතුලට ගිහිල්ලා මුළු කාලේ ම ඉඳලා අවේ.

:       1       4

asanka Sunday, 19 September 2021 05:31 PM

ඔය පියවර කියන්නේ තමන් ඇවිදින කොට ගන්න පියවර වෙන්ට ඇති.

:       0       2

lelwala Monday, 20 September 2021 08:14 AM

ඔහු උඩරට සිංහල බෞද්ධයෙක්. උඩරට රජු වෙනුවෙන් කළ දේ මෙන් උඩරට මිනිසුන් නැවත වැරැද්දක් කරනු ඇතැයි මම නොසිතමි.

:       0       2

duminda Monday, 20 September 2021 10:58 AM

කාන්තා කටයුතු ඇමතිකම වගේ. සුදුදු පියවරක් ගත්තොත් හොඳයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 62 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 254 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 814 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 709 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 609 3

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 304 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1529 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site