IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘‘යොහානිට වටිනා තෑග්ගක් දෙනවා‘‘

(සුජිත් හේවාජුලිගේ)

"මැණිකේ මගේ හිතේ" ගීතයෙන් ලොව පුරා ජනාදරයට පත්ව සිටින යොහානිද සිල්වා යොවුන් ගායන ශිල්පිනියට ජීවිත කාලයටම වැදගත්වන මතක හිටින ත්‍යාගයක් ලබාදීම අපේක්ෂාව බව ජාතික උරුම,ප්‍රසංග කලා හා ග්‍රාමිය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවැසීය.

තමා මේ සම්බන්ධයෙන් අගමැතිවරයා සමග සාකච්ඡා කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

සම්මානයකට එහා ගිය දෙයක් ඇයට ලබාදීමට බලාපොරොත්තු වන බව පැවසු රාජ්‍ය ඇමැතිවරයා එම තෑග්ග කුමක්දැයි ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බවද පැවසුවේය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙනයමින් ඇය කළ සේවය තමා ඉහළින් අගය කරන බවද වික්‍රමනායක මහතා කීවේය.

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා යොහානිද සිල්වා ගායන ශිල්පිනියට රාජ්‍ය සම්මානයක් ලබා දෙන බව පාර්ලිමේන්තුවේදී පසුගියදා ප්‍රකාශ කළේ‍ය.

 



අදහස් (10)

‘‘යොහානිට වටිනා තෑග්ගක් දෙනවා‘‘

පිටිගල මිලානෝ Monday, 11 October 2021 07:27 PM

මට තියෙන එකම බය අහවලා මෙයාට කියලා මහරජා සින්දුව නැවත කියවා ගනියිද කියලා. එහෙව් කට්ටිය...

:       6       46

Ruhunu Monday, 11 October 2021 07:36 PM

නාඩගම් නටන්න ඉස්සෙල්ලා කොරෝනා නිසා පීඩාවට පත්වෙච්ච ජනතාව වෙනුවෙන් කෑමබීමවල මිල ටිකක් අඩුකරලා සහනයක් සලස්වන්න. ඒක ඊට වැඩිය හොඳයි නේද?

:       6       47

fairoos Monday, 11 October 2021 08:01 PM

ආණ්ඩුවේ විලි වහගන්න ක්‍රම හොයනවා.

:       7       32

chandima Monday, 11 October 2021 09:42 PM

තාත්තා හමුදාවේ. පරිස්සමින්

:       9       22

Perera Tuesday, 12 October 2021 01:25 AM

හරියට පුද්ගලික වියදමින් දෙනවා වගේ පාරම් බාන්නේ

:       0       10

ලුම්බිණි Tuesday, 12 October 2021 04:46 AM

මේ ළමයට විශාල ආදායම් මාර්ග දැනටම ලැබිල තින්නේනේ. ඒ ගැන අපි ආඩම්බර විය යුතුයි. රජය මේ වෙලාවේ මීට වඩා වැදගත් දේවල් වලට අවධානය යොමු කල යුතු නේද?

:       1       23

කොටානා Tuesday, 12 October 2021 07:18 AM

මොනවා දෙයිද දන්නේ නැහැ.?

:       0       1

wijith Tuesday, 12 October 2021 10:14 AM

ඔය යමක් කමක් කරකියාගන්න පුළුවන් අය ගැන වගේම... නැති බැරි අය ගැනත් ටිකක් හිතුවොත් හොඳයි නේද.?

:       0       3

Gihan Tuesday, 12 October 2021 10:43 AM

යොහානිට රජයෙන් මොනවද කරන්නෙ කියල පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කලේ විරුද්ධ පක්ෂ මන්ත්‍රී කෙනෙක්. දැන් මොනවා හරි කරන්න යනකොට මෙතන කවුරුවත් කල බල වෙන්න එපා.

:       1       1

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 12 October 2021 10:46 AM

යොහානිට යමක් දී ආණ්ඩුව මහජන මතය තමන් වෙත ඇද ගන්නයි මේ දඟලන්නේ. යොහානීට යමක් දෙනවාට අප අකමැති නැහැ. ඒත්, ඒ දේ මේ කරන්නේ ඇය ලෝකයේ ප්‍රසිද්ධ වු නිසයි. මීට කලින් රටේ මිනිසුන් ගේ වටිනාකම දැනගෙන හිටියේ නැහැ. අන්න මේ රටේ 8 වසරේ දරුවෙක් ඕ ලෙවල් ලියලා විශිෂ්ඨ ජයක් ලබා තිබෙනවා. මෙවර ඒ ලෙවල් විභාගය ලියන්න හදන්නේ. යූටියුබ් එකේ විස්තර තියෙනවා. මේ දරුවා ගෙන්වා කිසියම් ඇගයීමක් කරන්න.

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 76 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 22 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 29 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 447 1

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1925 6

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 205 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 314 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1540 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site