IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘‘ගුරු - විදුහල්පති වැටුප් විෂමතා මේ මොහොතේ ඉවත් කළ නොහැකි‘‘

(අජන්ත කුමාර අගලකඩ)

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා මේ මොහොතේ ඉවත් කළ නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතා ඊයේ(02) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .

ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ඉවත්කළ යුතු බව පිළිගන්නා නමුත් රටේ පවතින තත්ත්වය අනුව මෙය ඒ සඳහා අවස්ථාව නොවන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත .

ගුරුවරුන්ගේ පමණක් නොව සෙසු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් ඉදිරි අයවැයේ දී අවධානය යොමු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත .

කොරෝනා අර්බුදය මැද වුවද රජය රාජ්‍ය සේවකයින්ගේ වැටුප් නිසි වේලාවට ගෙවා ඇතැයි සඳහන් කර ඇති ජනාධිපතිවරයා මේ මොහොතේ ගුරුවරුන් ද සිය වගකීම ඉටු කළ යුතු යැයි සඳහන් කර ඇත .

 



අදහස් (74)

‘‘ගුරු - විදුහල්පති වැටුප් විෂමතා මේ මොහොතේ ඉවත් කළ නොහැකි‘‘

Prabath Tuesday, 03 August 2021 08:37 AM

මේ වෙලාවේ දෙන්න නම් එපා. වැඩට ආවේ නැතිනම් VOP යවන්න. අලුත් අය ඕනෑතරම් ඉන්නවා එන්න. පුහුණු කරලා ගන්න පුළුවන්. ටියුෂන් වැඩත් නතර කරලා දැම්මා නම් තමයි හොඳ...

:       34       1

මැක්ස් Tuesday, 03 August 2021 09:06 AM

100%ක් හරි. මේ වසංගත වෙලාවේ වර්ජන කරන්න නම් ඉතිං මොළේ අමාරුවක් තියෙන්නම ඕනෑ. වර්ජිත ගුරුවරු දැන් ටියුෂනුත් නවත්තලාද?

:       524       724

චින්තක Friday, 06 August 2021 10:24 AM

සත්‍ය නම් බහුතරයක් දෙමව්පියෝ දරුවන්ට උගන්නන්නේ නැතුව පාරට බැහැලා රස්තියාදු කාරයින් වගේ පිස්සු නටන මේ ගුරාලාට හෙන ඉල්ලනවා. ඒත් ප්‍රසිද්ධියේ විරුද්ධවෙන්න බයයි. ඉස්කෝලෙදී තමන්ගේ දරුවන්ගෙන් පලිගනියි කියලා. රටේ කිසිම කතෝලික, මුස්ලිම් පාසලක ගුරුවරු මේ වර්ජනයට එකතුවෙලා නැහැ. ඒ ගොල්ලෝ දරුවන්ට උගන්නනවා. රජයේ පාසල්වල ඉගෙන ගන්න දුප්පත් අම්මලා තාත්තලාගේ දරුවන්ට තමයි මේ පිස්සු යක්කු නිසා අධ්‍යාපනයක් නැත්තේ. එ්ත් මතක තියාගන්න මේ අවුරුද්ද අන්තිමට රජයේ පාසල් වල ඉගෙන ගන්න අපේ දරුවොයි, අර වෙනත් ආගම්වලින් පාලනය වන ඉස්කෝල වල දරුවොයි මුහුණ දෙන්නේ එකම විභාගයකට. ඒ විභාගෙන් උසස් වෙන ඒ දරුවෝ කැම්පස් ගිහිල්ලා ලොකු පුටුවල වාඩිවුණාම අපේ දරුවන්ට වෙන්නේ උන්ට නියව නියවා ඉන්න තමයි.

:       14       55

sarath Tuesday, 03 August 2021 09:11 AM

ස්ටාර්ලින් කියලා නම දාගත්තු කෙනෙක් අපේ රටේ නමත් එක්ක කනවා. ඕනෙම සටනකට සුදුසු කාලයක් තියෙනවා. මේක මේ වෙලාවේදී කළයුතු සටනක් නෙවෙයි.

:       224       505

දාස Tuesday, 03 August 2021 09:25 AM

රටේ මුදල් වියදම් කෙරෙන අනෙකුත් කාරණා දෙස බලන විට ගුරුවරුන් නම්‍යශීලී වනු ඇතැයි සිතීම උගහටය...

:       327       376

priyantha Tuesday, 03 August 2021 09:39 AM

හැමෝම රාජ්‍ය සේවකයෝ... එක පාර්ශවයකට දුන්නොත් අනික් අය...?

:       324       61

Perakum Liyanagama Tuesday, 03 August 2021 09:49 AM

එහෙමනම් දොස්තරලාට විතරක් දුන්නේ කොහොමද?

:       246       425

Bamunuarachchi Tuesday, 03 August 2021 10:11 AM

ජනාධිපතිතුමනි, මෙරට පාලනය කරන්නේ 3% ඡන්ද ලැබූ ජෙප්පන් වත්, ඩුප්ලිකේට් ස්ටාර්ලින්වත්ලා නොවෙයි..., 69 ලක්ෂයක් ඡන්දෙ දිනූ ඔබ. තිබෙන ප්‍රශ්න ගැන අවබෝධය තිබෙන්නේ ඔබට හා රජයට. ජෙප්පන් ගුරුවරු පස්සේ යන්නේ කුලියට. ජනතාව ඔබ සමගයි.

:       428       666

Perera Tuesday, 03 August 2021 10:12 AM

කෝකටත් තෛලය ‘‘කොරෝනා‘‘

:       14       1

Hafeel Tuesday, 03 August 2021 10:14 AM

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවන්නේ මුදල් අච්චු ගහලානේ. ඕක ලොකු කතන්දරයක් නොවේ. නමුත් මේ අර්බුද මැද මන්ත්‍රීලාට වාහන ගෙන්වා ගන්න උත්සාහ කරනවා, සිර ගෙවල්වල ඉන්න වැරදිකරුවන් නිදහස් කරනවා, අපරාධ නඩු අයින් කරගන්නවා සහ නිදොස්කොට නිදහස් කරනවා. රජයේ සම්පත් තුට්ටුවට විකුණනවා. රටට අහිතකරන පනත් සම්මත කරගන්නවා. කොහොම හරි කෝවිඩ් අස්සේ, අර්බුද මැද ඔය දේවල් කරගත්තා...

:       124       100

Raveendra Tuesday, 03 August 2021 10:35 AM

අප මධ්‍යස්තව සිතීමට හැකියාව ඇති ඕනෑම කෙනෙකුට රටේ මුල් පුරවැසියාගේ අදහස් අනුමත කරනු ඇත. මේ අවස්ථාවේ බොරදියේ කබරයන් අල්ලන විපක්ෂයේ උගත් යයි සිතන පතන සැමගේ වගකීම් හා යුතුකම්ද විය යුත්තේ ඇවිලෙන ගින්නට පොල් අතු දැමීම නොවෙන බවත් කිව යුතුය. රතු චී ත්තකාරයන්ගෙන් නම් මෙවන් කිසිවක් බලාපොරොත්තු විය නොහැකි බවත් දැන්වීමට කැමැත්තෙමු. මක්නිසාදයත් "තිබිරිගෙයි සිටම දියව්, නවත්වව්, අත නොතබනු" යන නිවට උද්යෝගකර අදහස් සැමවිටම නොලැබෙන බලය වෙනුවෙන් ප්‍රකාශ කරන අතර කෑමොර දෙන අසීලාචාර සිරිත් ද ඇගපුරාම තිබෙන බැවිනි.

:       37       731

Thilina Tuesday, 03 August 2021 10:43 AM

ඔව් අනිවාර්යයෙන් මේ වෙලාවේ ඔහොම දෙයක් ඉල්ලන එකම මහා ආත්මාර්ථකාමී වැඩක් . ඕක දුන්නොත් මේ වේලාවේ ඒ බරත් දරන්න වෙන්නේ රටේ අනිත් මිනිස්සුන්ට . අපි පුද්ගලික අංශයේ සේවකයෝ .කොරෝනා අස්සේත් අපි එක දිගටම වැඩ.අපේ අදායම ගොඩක් අඩුයි රටේ කොම්පැණියේ ආදායමත් අඩු නිසා..අපි සහ කොම්පැණියයි දෙකම රැකගන්න ඕන නිසා හැමෝම මේ වෙලාවේ ඉවසගෙන වැඩ කරනවා.

:       16973       26320

Thilina Tuesday, 03 August 2021 06:03 PM

මෙතන අදහස් පල කරපු කීප දෙනෙක්ම කියලා තිබුණා වාහනවලට සහ නොයෙකුත් වියදම් කීපයක් සම්බන්ධයෙන් .දන්න විදිහට වාහන ගේන එක නතර කළා.. මේ පඩි වැඩිවීමට මසකට රුපියල් බිලියන ගණනක් යනවා. කොහොමද අපි ඒක මාස්පතා හොයන්නේ මේ වසංගතයක් වෙලාවේ. කවුරු ආණ්ඩුව කළත් මේ යථාර්තයට මූණ දෙන්න ඕනේ. ගුරුවරුන්ගේ වැටුප් වැඩිවිය යුතුයි. නමුත් මේ ඊට කිසිසේත්ම වෙලාව නෙමෙයි...

:       25       15

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 03 August 2021 10:43 AM

ඡන්ද කාලේ දුන් පොරොන්දු ඉටුකිරීම අද හිරිහැරයක් වී ඇති බව පෙනේ.දෙපාර්ශවයම විසඳුමකට එළැඹීම ගැන එකඟතාවකට පත් නොවීම නිසා දුක් විඳීමට සිදුවනුයේ, අහිංසක දරුවන් හටය. මාධ්‍ය කේන්ද්‍ර වැනි මේ වෙලාවේ අත්‍යාවශ්‍ය නොවන දේ සඳහා රටේ මුදල් යෙදවීම අනුමත කළ නොහැකිය.ඒ වෙනුවට වෙලාවට අවශ්‍ය දේ සඳහා රටේ මුදල් යෙදවීම හේතුවෙන් ප්‍රශ්න විසඳා ගැනීමට පහසුවේ.

:       20957       15137

nimelen Tuesday, 03 August 2021 11:12 AM

කොරෝනා වැනි අසීරු අවස්ථාවල වුවද ගුරුවරු ඇතුලු සමස්ථ ජනතාවම රජයට බදු මුදල් ගෙවා ඇත. ගුරුවරු කියන්නේ රජයේම කොටසක්. වසර ගණනාවක් අඩු වැටුපට වැඩ කර, රටේ පොදු බදු ක්‍රමය යටතේ බදු ගෙවා ඇත. අසීරුතාවයෙන් වසර විස්සක් පමණ සිය සේවය ඉටු කර ඇත. පාලකයන් වසර 5ක් වැඩකර ජීවිත කාලය පුරාවටම පැන්ෂන් ගනී. බයිසිකලයෙන් පාලනයට ආ එකා පරම්පරා 7කට ධනය උපයනවා. ගුරුවරුන්ගේ සාධාරණ වැටුප ලබා දෙන්න බැරිනම් නුඹලත් ඒ කැප කිරීම කරපල්ලා.

:       23179       18185

RaveendraTuesday, 03 August 2021 02:25 PM

ඔබගේ අදහස් 200%ක් නිවැරදිය. එහි කිසිඳු තර්කයක් නොමැත. මධ්‍යස්තව සිතීමට හැකි ඕනෑම කෙනෙකුට මේ අසීරු අවස්ථාවේ මෙවැනි උද්ඝෝෂණ කිරීම මගින් කුමක් ලැබේද යන්න ගැටලුවකි. මොනවා කරන්නත් පුරවැසියන් ජීවත් වී සිටිය යුතු නොවේද? මේ අසීරු අවස්ථාව උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් විපක්ෂ පට්ටියේ අය උපරිම වැර යොදන්නේ බලය තිබෙන පට්ටියේ "හරකුන්ව" පන්නා දැමීමට නොවේද? ඇත්ත ඇතිසැටියෙන් කියනවා නම් පට්ටියේ බලය තිබෙන අය මෙන්ම පට්ටියේ බලය නොමැති එකෙකුටවත් අහිංසක මහජනතාව මැරුණත් කමක් නැත. අප සියල්ලන්ටම ඕනෑ දියවන්නාවේ පට්ටියේ බලයේ සිටීමටය. මෙම අදහස් පට්ටියේ "225ටම" කියවීමට හැකි වේවා..!

:       8298       11301

VithanaTuesday, 03 August 2021 03:54 PM

ජනතාවට හොඳක් වෙන දේවල් වලට නෑ බෑ දැන්ම බෑ ඉක්මනටම බෑ. ඒත් ඩබල් කැබ් 300 ක් පුළුවන්, මන්ත්‍රීලට සැප වාහන පුළුවන්, ඩොලර් නැති නිසා කාබනික පොහොරවලට යන එක පුළුවන්.

:       52       7

Prase Tuesday, 03 August 2021 12:03 PM

අපට ඕනේ අන්න එහෙම කෙලින් කතා කරන නායකයෙක් .බලය රැක ගන්න දෙන්න බැරි බොරු පොරොන්දු දුන්න නායකයෝ හින්දා තමයි මේ ප්‍රශ්න .ජනාධිපතිතුමා ඊලග පාර පැරදුනොත් කෙලින් කරන්න බෑ කියලා කියුවා .ඒකට හදවතින්ම ගරු කරනවා .ඒකෙන් පේනවා එතුමා බලයට කෑදර නෑ , ඕනේ වෙලාවක යන්න සුදානම් කියලා ,චියර්ස් ...

:       5720       4269

මරාTuesday, 03 August 2021 04:05 PM

සෑර්.. ඔයා ඔහොම කිව්වට ඔයාව ඔයාගේ බැරිසිල් මල්ලිත් ෆේල් කරලා.. අන්න ගැසට් එක ඔතලා කුණුකූඩෙට දාලා පොහොර ගේන්න යනවලු.. සෑර්.. පාස් වෙන්න පුළුවන්ද?

:       129       91

chinthakaTuesday, 03 August 2021 04:22 PM

ඊළඟ පාර? මොන පිස්සුද? මේ පාර ඉවරවෙන්නත් කලින් මෙයා රට චීනාට විකුණලා, මිනිස්සුන්ගෙන් ගුටිකාලා අපාගත වෙනවා...

:       187       1625

Sumedha Tuesday, 03 August 2021 12:20 PM

අපි ඉගෙන ගත් කාලෙත් ගුරු වර්ජන තිබුනා. හැබැයි නමට විතරයි. කිසිම ගුරුවරයෙක් ඒවට සහභාගී වුනේ නෑ. ඒ කාලෙත් ගුරුවරුන්ට ගෙව්වේ සොච්චම් පඩියක්. හැබැයි ගුරුවරු තමන්ගේ ‍රැකියාව කරේ මහා ගෞරවයකින්. එදා, අද ගුරුවරුන්ගේ වෙනස ගොඩක් හොඳට දැනෙනවා. අපේ දරුවො, පව්.

:       1282       4689

බද්රානිTuesday, 03 August 2021 01:48 PM

ඇත්ත නේන්නම් සුමේධ, ඒ කාලේ ගුරුවරු සොච්චම් පඩියට අසතුටින් නිහඬව දුක දරාගෙන වැඩකළ නිසා තමයි ඔබ වැනි අය මේ රටට බිහි වුනේ... ඒකට ඉතින් ගුරුවරුන්ටත් දොස් කියා ඵලක් නැහැ. නමුත් ගුරුවරුන්ටත් පසුගිය රජයෙන් එක්වරම රුපියල් දහදාහක වැටුප් වැඩි කිරීම ගැන ඔවුන්ටත් අමතක වුණා. ඔය කොයි කාටත් තමන් වපුරපු දේ අනුව තමයි අස්වැන්න ලැබෙන්නේ...!

:       1930       352

SumedhaTuesday, 03 August 2021 03:36 PM

මගේ ගුරුවරු මට ඉගැන්නුවේ බොහොම සතුටින්. ඒ මිනිස්සු තාමත් ඒ ගැන සතු‍ටු වෙනවා, ආඩම්බර වෙනවා. ඔබගේ ගුරුවරු ඔබ ගැන සිතූ විදියට අනිත් අය ගැන හිතන්න එපා...

:       18       377

HARAMANISTuesday, 03 August 2021 01:51 PM

මේ අවස්ථාවේ ගුරුවරු ස්ට්‍රයික් කරන එක නොවිය යුතු දෙයක්...

:       595       1642

Warnakulasuriya Tuesday, 03 August 2021 04:27 PM

ගුරුවරුන් කියන්නේ රටේ හිඟන්නෝ වගේ ජීවත්විය යුතු කොටසක්ද? ගමේ පොල් කඩන කෙනාද අද ගුරුමහතෙක් ගන්න වැටුපට වඩා යමක් උපයනවා. රෝගීන් නැති රෝහලක වෛද්‍යවරු වර්ජනයක යෙදීම තේරැමක් තිබේද? කොරෝනා කාලයේ නව මුදල් ඇමති පත්වීමේදි කිරිබත් පාටි දැමීම ගැටළුවක් නැතිද? නොතෙමී ඉන්න ගෙයක් නැති ජනතාව ලක්ෂ ගණනක් සිටිය රටක රජයේ මුදලින් තමන්ගේ දෙමාපියන් වෙනුවෙන් සොහොන් කොත් සෑදීමත් සුදුසු ⁣වෙලාවක සිදුවීමක්ද?

:       903       43884

හේමාලි සෙනෙවිරත්න Tuesday, 03 August 2021 06:12 PM

2021.08.01 ඉරිදා ලංකාදීප පුවත් පතේ ඔබ කියන ආකාරයේ ගුරුතුමෙකු ගැන දැක්වෙනවා.. ඒ වගේම ගුරුතුමෙකු රත්නපුර ගැටන්ගම පැත්තෙත් සිටියා..

:       0       77

ase Tuesday, 03 August 2021 12:26 PM

මියන්මාරය අතේ දුරින් !

:       1791       20655

Jehan Tuesday, 03 August 2021 12:32 PM

කොවිඩ් ඩෙල්ටා බොහොම දරුණු විදියට පැතිරෙනවා. ෆයිසර් ගහපු ඇමරිකාවෙ, ඊස්‍රායලේ පවා තත්වය නරක අතට හැරෙනවා. එහෙව් එකේ ලමයින්ට උගන්නන්න ඉන්න ගුරුවරු ලමයි වගේ හැසිරෙනවා. ලක්ශ 2ක් මැරිලා නතරවෙන්න තිබුනු ඇමරිකාවෙ කොවිඩ් මරණ ලක්ශ 6ක් වුනේ කලු ජාතිකයන්ගේ අයිතිය ගැන උද්ඝෝශන කරන්න ගිහින්. අයිතීන් දිනාගන්න කලින් ජීවත් වෙලා ඉන්න ඕනෙ නැද්ද?

:       746       4228

SirithungaTuesday, 03 August 2021 04:00 PM

ඉන්දියාවත් කෝවිඩ් සෙල්ලමට අරන් කුම්බමේලා සැණකෙලිය කළා. ඒක නිසාම ඩෙල්ටා කියලා අලුත් ප්‍රභේදයකුත් හඳුන්වා දීලා ලක්ෂ ගාණක් මිනිස්සු මැරුණා. අපේ විපක්ෂයටත් එහෙම නව සොයාගැනීමක් කරන්න හිතිලා තියෙන්නේ... ඉතාලියේ බෙර්ගමෝ වල එක දවසේ මිනී 1000ක් අරන් ගියේ ෆුට්බෝල් මැච් එකක් බලලා.

:       3       39

dhamneth Tuesday, 03 August 2021 01:31 PM

මේ රජය බලයට එන්න පෙරත් මම දැක්කා ගුරු සංගම් රට වෙනුවෙන් සටන් කල ආබාදිත රණවිරුවන් වැටුප් සම්බන්ද උද්ඝෝෂණ කරනවා

:       1       1039

Kamal Koyrala Tuesday, 03 August 2021 01:32 PM

මේ දෙන දේ කාලා වෙන දේ බලා ගෙන ඉන්න කාලයයි .මුදල් නැතිව අය වැයක් කොහෙද ?දැන් ඉදිරියට

:       457       1108

ජයන්ත Tuesday, 03 August 2021 01:36 PM

කොරෝනා වැනි අසීරු අවස්ථාවල වුවද ගුරුවරු ඇතුලු සමස්ථ ජනතාවම රජයට බදු මුදල් ගෙවා ඇත. ගුරුවරු කියන්නේ රජයේම කොටසක්... වසර ගණනාවක් අඩු වැටුපට වැඩ කර, රටේ පොදු බදු ක්‍රමය යටතේ බදු ගෙවා ඇත... අසීරුතාවයෙන් වසර 20ක් පමණ සිය සේවය ඉටුකර ඇත. පාලකයින් වසර 5 ක් වැඩකර ජීවිත කාලය පුරාවටම පැන්ෂන් ගනියි. බයිසිකලයෙන් පාලනයට ආ එකා පරම්පරා 7කට ධනය උපයනවා. ගුරුවරුන්ගේ සාධාරණ වැටුප ලබා දෙන්න බැරි නම් නුඹලාත් ඒ කැප කිරීම කරපල්ලා...

:       2117       907

chandanaTuesday, 03 August 2021 04:25 PM

රජයේ සේවක වැටුප තීරණය කරනුයේ බඳවාගැනීමේ අධ්‍යාපන සුදුසුකම හා බඳවාගැනීමේ ක්‍රමය ද සහිත විධිමත් ක්‍රමවේද අනුව වේ. ඒ ඒ බඳවාගැනීමේ ක්‍රමවේද හා ඒ ඒ බඳවා ගැනීමේ අවම අධ්‍යාපන මට්ටම් අනුව ඒ ඒ අය වැටුප් ලබනවා ඇත. ගුරුවරයෙකු වුවද වෛද්‍යවරයකු, ඉංජිනේරුවකු, පරිපාලකයකු නොවී ගුරුවරයකු වී ඇත්තේ එසේ වෛද්‍යවරයකු, ඉංජිනේරුවකු, පරිපාලකයකු වීමට නොහැකි වීම නිසා මිස වෙනයම් කාරණයක් නිසා නොවේ. ගුරුවරුන් එක් එක් ශ්‍රේණි සඳහා ඉගැන්වීමට යොදවා ඇත්තේද එ් නිසාමයි. එබැවින් වෘත්තිය කුමක් වුවත් සිහිබුද්ධියෙන් කරුණු වටහා ගෙන එක් එක් න්‍යාය පත්‍රවලට නොරැවටී කටයුතු කළයුතුවේ. නැතිනම් වෘත්තීය ගෞරවය කෙලෙසී යනු ඇත.

:       889       1008

මුණසිංහ Tuesday, 03 August 2021 06:40 PM

මේ කතාව හරි. ගුරු සේවයේ බඳවා ගැනීමේ පටිපාටිය අවුල් සහගතයි. උසස් පෙළ සමතුන්ගේ සිට පශ්චාත් උපාධිය තියෙන අය දක්වාම ඉන්නවා. දැන් මාස්ටර් තියෙන අයත් විශාල ලෙස ඉන්නවා. ඒ නිසා විශේෂයෙන් ගුරු සේවය තුළ ඔවුන්ගේ සුදුසුකම් අනුව ඉහළ වැටුප් තලවල පිහිටුවීමට අවශ්‍යතාවය තිබෙනවා...

:       0       53

Warnakulasuriya Tuesday, 03 August 2021 06:42 PM

⁣එදාවේල පිරිමහ ගන්න සටන් කරන එවුන් වෘත්තීය ගෞරවය රැකිය යුතුය. අවුරුදු 73 ක් පවුල්පිටින් පාර්ලිමේන්තුවට අරක් ගෙන සිටින කෝටිපතියන්ගේ වෘත්තීය ගෞරවය රැක ගැනීම ගැන කිසිවෙක් කතා කරන්නේ නැත. ඡන්ද දායකයන් දායක වී මැතිවරණයකට පෙර වාහනයක් ලබාදෙන අපේක්ෂකයා, කළක් ගතවනවිට රටේ සිටින කෝටිපති ලේඛනයට එක් වෙන්නේ වෘත්තීය ගෞරවය රැකීම නිසා වෙන්නට පුළුවනි...

:       26       61

NuwanTuesday, 03 August 2021 06:45 PM

දේශපාලකයන් ද රජයේ සේවකයන් වේ. ඔබ කියන ආකාරයෙන් අධ්‍යාපන සුදුසුකම් මත වැටුප තීරණය කරනවානම් අඩු අධ්‍යාපනයක් සහිත දේශපාලනඥයාගේ වැටුප හා උපාධි / පීඨ සුදුසුකම් සහිත උසස් අධ්‍යාපනයක් ලබා ඇති ගුරුවරුන්ගේ වැටුප සංසන්දනය කර බලන්න.

:       1       3

ChandanaWednesday, 04 August 2021 09:05 AM

පශ්චාත් උපාධි තියෙන අය කාර්යාල සේවක සේවයේත් ඉන්නවා... කළමනාකරණසේවා නිලධාරීන් අතරත් ඉන්නවා... තාක්ෂණ නිලධාරින් අතරත් ඉන්නවා. සංවර්ධන නිලධාරීන් අතරත් ඉන්නවා.. තවත් ඕනෑතරම් තනතුරු අතරත් ඇති. රැකියාවලට බඳවා ගන්න එක් එක් විධිමත් ක්‍රමවේද තියෙනවා වගේ දේශපාලන අධිකාරින් වලට (පාර්ලිමේන්තු, පළාත් සභා, නගර සභා වැනි) පත් කරන විධිමත් ක්‍රමවේදය තමයි ඡන්ද ක්‍රමය. ඒ විධිමත් ක්‍රමවේදයෙන් එන අයට කුහකයින් වගේ අපහාස කරන එක සමාජ විරෝධි ක්‍රියාවක්. මුලින්ම වැදගත් විදිහට ඡන්දයකදී ඔවුන්ව පරාද කර ඔබ කැමති අයකු පත්කර ගන්න. ඔබ අකමැති අය ජයග්‍රහණය කිරීමේත්, ඔබ කැමති අය පරාජය වීමේත් රහස තමයි බහුතරයකගේ කැමැත්ත. ඔබගේ කැමැත්ත අපගේද කැමැත්ත වියයුතුම නැත... ඉතින් ඒ බහුතර කැමැත්තට ගරු කරන්න පුරුදු වෙන්න. පවතින බහුතර මතවාදයට ඊර්ෂ්‍යා කිරීමෙන් හෝ වෛර කිරීමෙන් හෝ කුහකත්වය ප්‍රදර්ශනය නොකර සත්‍යය තේරුම් ගන්න. ඔබ සොයනා දේශපාලනය නූතනයේ සීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින ක්‍රමයකි. ඔබලාම දක්වා ඇති මේ වසර 70 කදී ඔබ නියෝජනය කරන මතවාදය කිසිවක්ම මේ රටට යහපතක් සිදු කර නැත. ඔබ නියෝජනය කරන ක්‍රමය රටට ලබා දී ඇත්තේ ජීවිත හා දේපල විනාශයන් පමණකි.

:       36       107

fairoos Tuesday, 03 August 2021 01:36 PM

ඒක හොඳයි... එතකොට තමයි තව ටිකක් බිහිකරන්න පුළුවන්...

:       987       1

BamunuarachchiTuesday, 03 August 2021 07:01 PM

ඔව් ඔව් ඕගොල්ලෝ බිහිකරනවා අපි කන්න දෙනවා, පාසල් දෙනවා, ලෙඩට බෙහෙත් දෙනවා අපි පුදුම කරුමයක් ගෙවන්නේ .

:       19       5

යාපා Tuesday, 03 August 2021 01:46 PM

ඇත්තටම මේ වෙලාවේ උද්ඝෝෂණ කරන්නේ දේශපාලන වහල්ලු ටිකක් විතරයි. ස්ටාලින්, මහින්ද, ජාසිංහ කියන්නේ ngo පඩි ගන්න මිනිස්සු...

:       5011       2838

chithralTuesday, 03 August 2021 04:10 PM

කරන්න බැරි නම් කරන්න පුළුවන් කට්ටියකට රට බාරදීලා පලයල්ලා. මැරුම් නොකා....

:       427       2127

VithanaTuesday, 03 August 2021 04:15 PM

එන්.ජී.ඕ. වලින් පඩි ගන්න අය ආණ්ඩුවේත් ඉන්නවා.

:       135       899

දාසTuesday, 03 August 2021 05:45 PM

ඔයාගෙ ඔලුව අතගාලා බලන්න මොකක් හරි අහුවෙනවද කියලා... මේ රට විනාශ කරන පවුලට පක්ෂව කතාකරන්න එපා. අම්මගෙ, අප්පගෙ සොහොන් රටේ මිනිසුන්ගේ සල්ලිවලින් හදපු මිනිස්සු ගැන කතාකරන්න එපා. නාමල් කොල්ලා මේ වෙලාවේ තව ගෝතයින් කිප දෙනෙක් එක්ක ජපානයේ ගිය එක හරිද? මේ පවුලට ඕනේ ඔවුන්ගේ සුඛ විහරණය පමණයි. ඒක තමයි තිත්ත ඇත්ත...

:       132       3799

HARAMANIS Tuesday, 03 August 2021 01:47 PM

වැටුප් වැඩිකළ යුතුයි... නමුත් මේ අවස්ථාවේ කළ නොහැකි බව වැඩි පිරිසක් දන්නවා. රටේ පවතින ආර්ථික ප්‍රශ්න නිසා...

:       3231       2814

දාසTuesday, 03 August 2021 06:57 PM

හරමානිස් මලයා මුන්ට වෙලාවක් නැ මුන්ගෙ දේවල් වැඩි කර ගන්න.දැක්කා නේ මුන් රැල ඊයේ පෙරේදා මාලිගා වගේ වාහන ගන්න ලැස්ති වෙච්ච හැටි.ඒවාට උන්ට සල්ලි තියෙනව.

:       0       2

චින්තක Tuesday, 03 August 2021 01:53 PM

ගුරුවරුන්ට කූඹියෝ ටෙලි ඩ්‍රාමා එක බලන්න කියන්න ඕනෑ...

:       3105       2346

මුණසිංහ Tuesday, 03 August 2021 01:57 PM

මේ සියලු ගැටළුවලට හේතුව රජයේ නිශ්චිත ප්‍රතිපත්තියක් නැතිකම... කරුණාකරලා මේ ගැටළු තේරුම් ගෙන මෙන්න විසඳුම කියලා සෘජු පිළිතුරක් දෙන්න. හරියට වැඩ කරන්න පුළුවන් ඇමැති කෙනෙක් අධ්‍යාපන අමාත්‍යාංශයට යොදවන්න. මේ ඇමැතිවරයා මෙතෙක්කල් කරපු දේ මොකක්ද?

:       24       2178

ජයන්ත Tuesday, 03 August 2021 01:58 PM

කොරෝනා වැනි අසීරු අවස්ථාවල වුවද ගුරුවරු ඇතුලු සමස්ථ ජනතාවම රජයට බදු මුදල් ගෙවා ඇත. ගුරුවරු කියන්නේ රජයේම කොටසක්. වසර ගණනාවක් අඩු වැටුපට වැඩ කර, රටේ පොදු බදු ක්‍රමය යටතේ බදු ගෙවා ඇත. අසීරුතාවයෙන් වසර විස්සක් පමණ සිය සේවය ඉටු කර ඇත. පාලකයින් වසර 5ක් වැඩකර ජීවිත කාලය පුරාවටම පැන්ෂන් ගනියි. බයිසිකලයෙන් පාලනයට ආ ඒකා පරම්පරා 7 කට ධනය උපයනවා.

:       1168       3684

Priyantha Tuesday, 03 August 2021 02:05 PM

ළමයි ගොඩක් පව්... එ්ක සම්පූර්ණ ඇත්ත... ඔය කමෙන්ට් කරන අය දන්නවද ගුරුවරයෙකුගේ පඩිය කීයද කියලා? රු 30,000-40,000ක් අරගෙන මේ දවස්වල ජීවත් වෙන්න පුලුවන්ද? ඔන්ලයින් උගන්වන්න යන ඩේටා වල වියදම විතරක් රු 5000 කට වැඩියි. ඒ අය ගැනත් හිතන්න. මොනවද රජයෙන් දීපු පහසුකම් ඔන්ලයින් උගන්වන්න? එතකොට ඩොක්ටර්ස්ලා, නර්ස්ලා කොරොනා එක්ක ස්ට්‍රයික් කරනකොට හොඳයිද?

:       3414       4136

SLTuesday, 03 August 2021 02:35 PM

කොවිඩ් කාලේ හැමෝම කැපවීම් කරනවා. ගුරුවරුත් එහෙම වෙන්න ඕනේ. අපිත් බදු ගෙවනවා අපේ දරුවන්ට බදුවලින් පඩිගන්න ගුරුවරු උගන්වන්නේ නෑ. ගුරු පඩි වැඩිකිරීම් රට අමාරුවේ වැටිලා ඉන්න කාලෙක ඉල්ලීම ස්ටාර්ලින්ගේ දේශපාලනයක්...

:       3730       2728

chandanaTuesday, 03 August 2021 04:14 PM

ඔයා නම් ලංකාවේ වෙන්න බැහැ. ගෝල් දේශයේ වැසියෙක් වෙන්න ඇති. එහෙම නැත්නම් තමන් හිතන හැමදේම සත්‍යයයි කියලා හිතන කෙනෙක් වෙන්න ඇති. අධ්‍යාපන කටයුතුවලට අදාල ඕනෑම පැකේජයක් මාසෙටම රුපියල් 1,000ට අඩුයි. රුපියල් 5,000ක් ගෙවනවා ඇත්තේ අර පැය 24ම කුණු ගොඩවල් බලන්නත් එක්ක ගත්ත අන්ලිමිටඩ් පැකේජ් දෙකකටම වෙන්න ඇති. ලංකාවේ තියෙන අධ්‍යාපන පැකේජයක් අරගෙන වෙනස බලන්නකෝ...

:       2876       1608

gunarathnaTuesday, 03 August 2021 07:19 PM

මේ ගුරුවරුන්ට තිබුනේ ඔන්ලයින් උගන්නනවට ඩේටා වලට යන වියදම් ගන්න උද්ඝෝෂණ කරන්න .කෙරුවනම් ඒක ලබාගන්න තිබුනා .ඔබ තුමා කියනවනේ රුපියල් 30000/40000 ට වැඩ කරන්නේ කියලා .ගුරුවරු මාස තුනක් වැඩ කරනවා මාසයක් නිවාඩු .අවුරුද්දට මාස තුනක් නිවාඩු .දවසෙන් වරුවයි උගන්වන්නේ .සෙනසුරාදා, ඉරිදා, පෝය, නිවාඩුයි .නිවාඩු එක්කලා අවුරුද්දට දවසක් කීයක් වැඩ කරනවද කියලා ගණන් හදල බලන්න

:       104       1

Rata Perata Tuesday, 03 August 2021 02:08 PM

මාස කීපයකට කලින් දේශපාලුවන්ට වාහන ගන්න මහින්ද යෝජනා කරනකොට කිසි ප්‍රශ්නයක් තිබුණේ නෑ. හැමදාම කලේ අහිංසක මිනිස්සු රවටන එක විතරයි. සියලුම රජයේ සේවකයන් වර්ජනයට එක් විය යුතුයි.

:       2439       4181

අමර Tuesday, 03 August 2021 02:43 PM

මොන මොහොතෙද පුළුවන්? ඒ මොහොතේ එහෙනම් හිඟ වැටුපත් ගෙවයි...

:       1021       3267

Perera Tuesday, 03 August 2021 02:44 PM

රතුපස්වලදී කළාවගේ හමුදාව දාලා අර ජොනියා කිව්ව විදිහට කාක්කෙක් දෙන්නෙක් එල්ලලා, පිහාටුවක් දෙකක් එල්ලන්න.

:       134       1

අජිත් වීරතුංග කටාර් රාජ්‍යයේ සිට Tuesday, 03 August 2021 03:10 PM

ගරු ජනාධිපතිතුමනි, මොන කතන්දර කිව්වත් ඔබලා හැම දෙයකින්ම ෆේල් .අවුරුදු 70 වකට වඩා ඔය දෙගොල්ලොම එකතු වෙලා කරපු ටික හොදටම ඇති ..කටාර් වල අපි..

:       987       3506

පප්ප Tuesday, 03 August 2021 03:10 PM

පාර්ලිමේන්තුවේ ඉන්න අපේ කොල්ලන්ගේ සුඛ විහරණයට.., නාමල් බේබිට සහ පිරිසට ජපානයට යාමට මුදල් ඇත..

:       822       3102

VithanaTuesday, 03 August 2021 03:58 PM

ඇයි රට පුරා ජිම් 5000 ක් හදන්න, මන්ත්‍රීලාට සැප වාහන ගෙන්වන්න, ඩබල් කැබ් 300 ක් ගෙන්වන්න... ඒවාට ඕනෑතරම් සල්ලි තියෙනවා..

:       2       0

chandanaTuesday, 03 August 2021 04:16 PM

ක්‍රීඩා ඇමති ක්‍රීඩාවට අදාල දේට නොයවා ඒකට යවන්න ඕනේ පප්පන්ද? නැත්නම් ජෙප්පන්ද?

:       232       342

kapilaTuesday, 03 August 2021 05:33 PM

අපේ ක්‍රීඩා ඇමති නොගියොත් ඔලිම්පික් එක නවත්වයිද?

:       55       75

දාසTuesday, 03 August 2021 06:01 PM

ක්‍රීඩා ඇමති, අනේ දරුවෝ ඒ කොල්ලා ගියාට වඩා හොඳයි ඇත්තටම පප්ප ගියා නම්... විභාගෙ හොරට ලියපු මිනිහෙක් ගැන මොනවා කථාකරන්නද ළමයෝ..?.

:       0       2

chandanaWednesday, 04 August 2021 08:45 AM

යමක් ගැන අදහස් ප්‍රකාශ කරනකොට කරුණු දැනගෙන කතා කරන්න. ඔලිම්පික් වලට සියලු සංවිධාන කටයුතු, සියලු පහසුකම් සපයන්නෙත්, ඒක විවෘත කරන්නෙත් ජපන් දේශපාලන අධිකාරියෙන්. ඔබ නොදන්නවට ඒක විවෘත කෙරුවෙත් ජපන් අධිරාජ, අගමැති, ක්‍රීඩා ඇමති වගේ දේශපාලන නායකත්වයේ ප්‍රධානත්වයෙන්. ඒකේ ගෞරවණිය විශේෂ ආරාධිතයොත් වැඩි පිරිසක් රට රටවල දේශපාලන නායකයන්. ඒ වගේ දේට දේශපාලන නායකත්වයේ සහභාගීත්වය ඔවුන්ද ගෞරවයක් සේ සලකනවා. ඔබ අකමැති වුනත් සතයය නම් අපි විසින් පත් කරපු දේශපාලන නායකයන් අපි වෙනුවෙන් රට රටවල් වලදී එක් එක් උත්සව වලදි අපිව නියෝජනය කරනවා. ඒ අපි හැම කෙනෙකුටම එවැනි දේට සහභාගි විය නොහැකි නිසා. ඔබ ඒ දේශපාලනයට හෝ ඒ දේශපාලන මතවාදයට අකමැති අයකු විය හැකියි. එහෙත් අති බහුතරයක් එයට කැමතියි. ඔබ අකමැති වූ පමණින් බහුතරයකගේ මනාපයට හෝ බහුතරයකගේ මතයට අවලාද නගන්නට හෝ අපහාස කරන්නට යන ඔබ නිවටයෙකි. ඔබ ඔබගේ මනාපය මැතිවරණයකදී භාවිතා කරන්න. අනෙක් අවස්ථාවලදී බහුතර මතයට අපහාස නොකරන්න. ශිෂ්ඨත්වය එයයි.

:       95       108

Wickrama Tuesday, 03 August 2021 04:12 PM

පාසැල් නොගියත් වර්ජනය කරමින් නොවරදවා ටියුෂන් පන්ති ඔන්ලයින් මගින් හා වෙනත් ක්‍රම මගින් පවත්වන ගුරු දෙවිවරුන්ට ප්‍රණාමය..! නමුත් මේ මගින් දැක්වෙන පරිදි පාරේ යන විට අකුණු සන්නායක අවශ්‍යතාවයද අමතක නොකරන්න.. නමුත් ජොශප් ස්ටාලින් වැනි අයෙක් පසුපස යන නිසා දේව කරුණාවක් නිසැකවම ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා ඇති නේද?

:       2490       345

මුණසිංහ Tuesday, 03 August 2021 06:44 PM

වෛද්‍යවරුන් වර්ජනය කරන කොට වැඩේ ඇදිලා යනවා නම් ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් නවත්වා දමනවා. ඒත් ගුරුවරු ටියුෂන් ටික වෙනදාට වැඩිය හොඳින් කරනවා. ඇයි ඉස්කෝලේ වැඩ නැහැනේ... දුප්පත් දරුවන් විනාශයි.

:       1074       37

විසල් Tuesday, 03 August 2021 04:43 PM

ජනාධිපතිතුමාගේ මේ එඩිතර බව අගය කරමි... ගුරුවරුන්ටද ළමුන් ඇත. එකතුව ලක්ෂ ගණනකි. පාරේ ඇවිද කරන උද්ඝෝෂණ වලින් ඒ දරුවන්ගේ අධ්‍යාපනයටද බාධා ගෙනදේ.. හොඳින් හෙම්බත් වූ පසුව ගුරුවරුන් එකිනෙකා මේ වර්ජනය අතහරිනු ඇත.

:       1403       246

sumudu Tuesday, 03 August 2021 04:43 PM

ඉතා හොඳ අදහසක්. අපි ඉස්සෙල්ලා ප්‍රමුඛතාවය දෙන්න ඕනේ කොවිඩ් මර්දනයට , අධිවේගී මාර්ග හදන ඒවාට, ජිම් කට්ටල ගෙන්නන එකට, හා ඔලිම්පික් වලට නිලධාරීන් 60ක් විතර යවන එකට. ගුරුවරු කියන්නේ කව්ද? ගුරුවරුන්ට පඩි දුන්නා කියලා, රටට වෙන සෙතේ මොකක්ද?

:       156       2113

Madushanka Tuesday, 03 August 2021 04:43 PM

හැමෝම ඉවසිලිවන්තව කටයුතු කළ කාලයක් බව පමණක් පවසමි. තවදුරටත් කොරෝනා තත්වය වැඩි වුවහොත් ඒ සඳහාද වැය කිරීමට සිදුවන්නේ අපේම මුදල් බව දැනගත යුතුය.

:       1       191

de silva Tuesday, 03 August 2021 05:08 PM

කොරෝනා පාලනය කිරීම

:       0       0

Rohana Tuesday, 03 August 2021 06:50 PM

යහපාලන ආණ්ඩුවෙන් 2021 ජනවාරි සිට දුන් වැටුප් වැඩිවීමත් පොහොට්ටු ආණ්ඩුවෙන් කපලා දැම්මා. මෙයාලා මුදල් නෑ කියමින් වැටුප් සටන නවත්තන්න තමයි උත්සාහ කරන්නේ... දැන් ඉතින් පටන්ගත් සටන ජයග්‍රහණය කරන තුරු සටන් පාඨ කියකියා ඉන්න වෙනවා. ගුරුවරුන්ගේ ඉල්ලීම සාධාරණයි. දැනට ලබන වැටුප කිසිසේත් ප්‍රමාණවත් නොවන බැවින් වැටුප් විෂමතා ඉවත්කර අඩුම වශයෙන් ජීවත් වීමට සරිලන වැටුපක් දිය යුතුයි...

:       1       19

එක් පිම්බුනු උගෙතෙකුට පිළිතුර Tuesday, 03 August 2021 06:59 PM

ගුරුවරයෙක් වෙන්නෙ ඉංජිනේරුවෙක් වෙන්න බැරි නිසාලු. ලංකාව වැනි රටක දේශපාලන වහල්කම් කරමින් රටටවත් වැඩක් නැතිව වැඩ බැරි උගතුන් අනන්තවත් ඇත. එහෙත් හැකියාවෙන් පිරිපුන් අය මේ ආකාරයට බොරුවට පුම්බා ගන්නෝ නොවෙති. දේශපාලකයන්ට කඩේ ගොස් දිවිය රැක ගන්නා මෙවැනි උගතුන් බොහෝවිට දියුණු රටකට ගොස් රැකියාවක් කිරීමටවත් ආත්ම විශ්වාසයක් නොමැති අයවලුන් බව ප්‍රසිද්ධ රහසකි. නැතිනම් අප රටට මේ තරම් එතෙර ඉංජිනේරුවන් අවශ්‍ය නොවනු ඇත. දියුණු රටවල ගුරුවරුන්ද වෘත්තීකයන් සේ සලකා එම වැටුප් තලවල ඉන්න බව නොදන්නේ මෙවැනි අය කිහිප දෙනෙකි. . පාසැල් ගුරු වෘත්තියෙන් ආරම්භ කොට අවුරුදු කිහිපයකදි සමහර ගුරුවරුන් විශ්ව විද්‍යාල මහාචාර්යවරු වූ අවස්ථා එමටයි. ගුරුවරුන්ට බොරු පොරොන්දු දෙමින් ප්‍රතිපත්ති නිකුත් කර අවුරුදු පහෙන් විශ්‍රාම යන දේශපාලකයින් මොවුන් හට හොදවන්නේ අන්යෝන්‍ය යැපුම් පදනම නිසායි. මෙවැනි ආකල්ප ඇති සමාජයක තම ශ්‍රමය මුදලින් මැනීමට ගුරුවරුන්ටද සිදුවීම පුදුමයක් නොවේ. මක්නිසාද තම දරුවාට අධ්‍යාපනය දෙන ගුරුවරයාට කාරිය කෙරෙන තෙක් කාරුණිකවන මොවුන් පසුව ඔවුන් අවඥාවට ලක් කරන්නේ ඔවුන්ගේ ආකල්පවලින් ඇති නූගත්කම නිසා විය හැක.

:       891       707

nimal Tuesday, 03 August 2021 07:23 PM

කවුරු මොනවා කීවත් ඔබතුමා තමයි හොඳටම කරන්නේ...

:       17       0

බණ්ඩා Tuesday, 03 August 2021 10:29 PM

ඔව්... මතක තියාගන්න... ඉන්දියාව ඇඟිල්ලේ දුරින්...!

:       0       28

siri Wednesday, 04 August 2021 02:20 PM

අනුරාධපුර පැත්තේ කවුදෝ අපල දුරුවෙනවා කියලා දුන්නු දිරච්ච ලණුවක් කාලා සඳුන් පැල 1200ක් හිටවන්න රුපියල් මිලියන 294ක් වියදම් කරන්න සල්ලි තියෙන රටේ රජයේ සේවකයින්ට පණ කෙන්ද ගැට ගහගන්න පුළුවන් වෙන ආකාරයට උපකාරයක් කරන්න සල්ලි නැහැලු. අනේ අනිච්චන්...

:       56       184

ගමේ එකාලා Thursday, 05 August 2021 04:43 PM

රටේ ප්‍රශ්න කෙසේ වෙතත් පවුල් පාලනේ ප්‍රශ්න නම් විසඳගෙන තියෙනවා. රතුපස්වල වතුර ඉල්ලපු අයට වෙඩි තිබ්බෙව්ව අයවත් ඇමතිකම්වලින් පුදලා තියෙන්නේ... පවුල් පාලනේ අයව නඩත්තු කරන්න විතරක් කොයිතරම් වියදමක් යනවා ඇත්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 149 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 320 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1393 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 203 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 412 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 369 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site