IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘‘එතෙර සිට එන අයගෙන් මුදල් ගසා කනවා නම් ඒ ගැන පියවර ගන්නවා‘‘

(ඩයනා උදයංගනී)

විදේශගතව සිට පැමිණෙන පිරිස් නිරෝධායනයට සහ පී.සී.ආර් පරීක්ෂණවලට යොමු කිරීමේදී සිදුවන බව කියන මුදල් ගසා කෑම් පිළිබඳව කඩිනමින් පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

එම තොරතුරු වල සත්‍යතාවක් තිබෙන බව කී ඇමතිවරයා එය නිවැරදි කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවද කීය .

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මේ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් ලබාදුන් බවත්, යම් වරදක් කවුරුන් හෝ පෙන්වා දෙන්නේ නම් එය නිවැරදි කිරීමට රජය පසුබට නොවන බවත් රඹුක්වැල්ල මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යරු ඇතුළු පිරිසක් සමඟ අද (14) පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

 



අදහස් (27)

‘‘එතෙර සිට එන අයගෙන් මුදල් ගසා කනවා නම් ඒ ගැන පියවර ගන්නවා‘‘

Shashika519 Tuesday, 14 September 2021 10:35 PM

හැමෝම බබාලා.

:       1       52

SISILWednesday, 15 September 2021 06:26 AM

ඕනෑම අර්බුදයක් වාචිකව පමණක් කඩිනමින් විසදීමට ක්‍රියාමාර්ග ගන්නා රට ලංකාවේ. වසර 30කින්න නිමකිරීමට තිබු මහවැලි ව්‍යාපාරය ජේ ආර් ගේ උපදෙස් මත කඩිනමින් වසර 5කින් නිමකිරීමෙන් පසු වෙනත් කිසිදු කඩිනම් කටයුත්තක් මේ රටේ සිදුව නැත

:       2       23

induWednesday, 15 September 2021 09:58 AM

හාමුමහත්තයා දන්නේ නෑත්නම් දෑනගන්න. රෑපිඩ් ඈන්ටිජන් මෑශින් 4 ක් ගුවන් තොටුපොලේ තියෙද්දිත් අහවල් එකටද හෝටල් වලට දක්කන්නේ. පිටරට ඉදන් නිවාඩු එවල අපේ රටේ අයව , දවසට 12.000 කාමරයකට මුදල් ගන්නවා. පි.සී.ආර් එකට 7500 ඈයි බෑරි ගුවන්තොටුපොලේ තියෙන මෑශින් වලින් ඈන්ටිජන් පරික්ශාවක් කරලා ගෙවල්වලට යවන්න? මොකද පී.සී. ආර් එකක් අරන් ගුවන් තොටුපොලට ඈතුල් වෙන්නේ ඒ අය

:       0       3

Namal Tuesday, 14 September 2021 11:00 PM

දැන්ද දැක්කේ මුදල් ගසාකනවා කියලා.

:       2       50

සලිම් Wednesday, 15 September 2021 10:01 AM

ආර්ථිකය රැකගන්න කියලා සුද්දාට එක නීතියක් අපේ විදේශ විනිමය ගේන ස්‍රමිකයන්ට තව නීතියක්.... චන්දේ කාලෙ තිබ්බ සංවේදීකම් දැන් කෝ...? හොඳයි ලබන චන්දේදි බලාගමුකො....

:       1       3

සනත් ඉතාලිය Wednesday, 15 September 2021 01:01 PM

ඊලග පාරත් ඔහොම්ම තමයි. එක්කො මුන් ,නැත්නම් අරුන්. දිනින එකාගෙ වලිගෙ ගැටගහනව රම්පෙ කරපින්ච හාල් කෑලි සිප්පි කටු ටික. ඊට වඩා වෙනසක් නැහැ කාසියෙ දෙපැත්ත. අවුරුදු 5ක් තිස්සෙ කරන බලු වැඩ හොර වැඩ සේරම මුන්ට අමතකයි අන්තිම මාසෙ පෙන්වන සන්දර්ශන දැක්කම.උදේම ගිහින් පෝලිමේ ඉදල ගහනව කතිරෙ අවුරුදු පහක් බැනපු එකාටම .අනේ මේ අපි නොදන්න ඊළඟ පාර චන්දෙ

:       0       3

Perera Tuesday, 14 September 2021 11:52 PM

රට ඇතුලේ ඉන්න අයගෙන් හූරන්කනවා, ඒ ගැනත් බලන්න.

:       0       36

Asela Wednesday, 15 September 2021 12:04 AM

දැනුවත් කලාට ස්තූතියි. අදයි දැනගෙන තියෙන්නේ

:       0       22

Ruhunu Wednesday, 15 September 2021 01:04 AM

පිං පඩි අරගෙන සැප පුටු වලට වෙලා ඉන්නෙ නැතුව . මේ වගෙ වැඩ කරන කෙනෙක් අල්ලල එයාගෙ වැඩ තහනම් කරල පෙන්නනකො. නිකන් කයිවාරු ගහන්නෙ නැතුව.

:       0       33

රොෂාන් Wednesday, 15 September 2021 01:09 AM

"එතෙර සිට එන අයගෙන් අපිට නොදී මුදල් ගසා කනවා නම් ඒ ගැන පියවර ගන්නවා" ලෙස මෙය නිවැරදි විය යුතු බව සලකන්න.

:       0       43

wimalasena H.D. Wednesday, 15 September 2021 01:10 AM

මේවට විතරක් නොවෙයි දුෂණ වැඩ වලට තිත තබමු.

:       0       26

bokka Wednesday, 15 September 2021 02:11 AM

ගසාකන්න හරි රුසියෝ.

:       0       30

hesa Wednesday, 15 September 2021 02:17 AM

විදේශී රට වල, බහුතරයකට තම රැකියා ආයතන වලින් නිවාඩු ලැබෙන්නෙත් සති 3කි.. ඒ නිසාම, විදේශීය රටවලින් එන එන්නත් ලබා ගත් ශ්‍රී ලාංකිකයන් තමන්ගේ නිවෙස් වල දින 5 - 7 ත් නිරෝධායනයට සැලසුම් කල හැකි නම්, මව් බිමට පැමිනෙන් බලා සිටින පිරිස් තම රටට විදේශීය මුදල් රැගෙන එයි.. දෙපාර්ශයටම සුබ දායි වෙනවා නේද..

:       0       11

බද්රානි Wednesday, 15 September 2021 02:17 AM

මම නම් කියන්නේ, විදේශගත අයගෙන් මීට වඩා යමක් ඔබතුමාලා ගසා කෑ යුතුයි. ඒ මන්ද කියනවා නම්, ඒ අය මේ ලෝකෙට ඉපදී සිටින්නේ පව් ගෙවන්න මිස, ජීවිතය විඳීමට නොවන නිසා. මම නම් කියන්නේ ඒ පුහු දේශප්‍රේමීන්ගෙන් වැඩි පුර බදු මුදලක් මේ රටට අය කර ගත යුතුයි කියලයි.

:       3       18

ජනතාව Wednesday, 15 September 2021 03:43 AM

දැන්ද නින්දෙන් ඇහැරුනේ. නැතිනමි නින්ද ගිහින් හිටියා වගේ රගපානවද? හැබැයි ඇහැරිලා හිටිය ජනතාව දන්නවා එක එක හැදිවලින් විදෙස්ගත ශ්‍රමිකයන්ට සලකපු විදිහ.

:       0       14

chathuri Wednesday, 15 September 2021 04:12 AM

මුකුත් දන්නේ නැහැ. විදේශයන්වල සිට පැමිණි ශ්‍රී ලාංකිකයින්ගෙන් අවුරුද්දක් පමණ මදි නොකියන්න ලක්ෂ ගණනින් ගසා කෑවා.

:       0       18

sam Wednesday, 15 September 2021 05:05 AM

ඕවා ඉතින් සාමාන්‍ය සිදුවිම්නේ.

:       0       8

Don perera Wednesday, 15 September 2021 06:17 AM

මේ වගේ මිනිස්සුන්ට ලංකාවේ මිනිස්සු ඡන්දය දෙනවනේ

:       0       15

Nimal Ambalangoda Wednesday, 15 September 2021 06:29 AM

PCR එකක් කරන්න ​ආණ්ඩුව කියන ගාන රු. 6000. ඒත් අයකරන ගාන ඩොලර් 40. හෝටල්වල අය කරන්නෙ/ඉල්ලන්නෙ ඩෝලර්. ඒ වුනත් බිල දෙන්නෙ රුපියල් වලින්.

:       0       14

Sunil Wednesday, 15 September 2021 06:31 AM

මේ අයට ඇස් නැත සිදුව ඇති දේ ගැන දකින්නට

:       0       12

එමි එමි Wednesday, 15 September 2021 08:48 AM

අස්සය ගියාට පස්සෙ ඉස්තාලය වහන්න හදනව .අනේ මෙචිචර කාලයක් ඕක වුනා, දැන්නෙ දන්නෙ .රජයට කියල වැඩක් නැහැ කාට කියන්නද ඉතින් මෙවිව.

:       0       3

Senarath Wednesday, 15 September 2021 09:40 AM

මම මාස තුනකට පෙර ලංකාවට පැමිණියා .හෝටලේ දිනක් සිටියා .ඒ සඳහා රුපියල් 12800 ක් ගෙවුවා .පසුදා උදේ කෑමත් සමඟ .පී.සී.ආර් එකට 8000 ක් ගෙවුවා .මුලු මුදලම රුපියල් 20800 ක් පමණි .වෙන කිසිඳු මුදලක් අය කලේ නැත ප්‍රවාහනයට කියලා .ඔය කියන ගණන ගන්නේ තරු පහේ හෝටල්වල ඉන්නවට වෙන්න පුළුවන්

:       0       1

wijesinha Wednesday, 15 September 2021 10:15 AM

අපි රැකියා කරන රටවල් සමග ගිවිසුම් ගහගෙන කරන්නේ ඕක තමයි .රටේ ජනතාව වැඩකාරකමට දීලා මුදල් ලබාගන්නවා

:       0       1

gamage Wednesday, 15 September 2021 10:18 AM

අපෝ ඉතින් මෙයා තොත්ත බබා නේ

:       0       2

kamal Wednesday, 15 September 2021 10:27 AM

මෙතුමා කිව්වානම් ඉතින් අහන්න දෙයක් නැහැ .වැඩේ තියෙන්නේ මෙතුමාට චන්දෙ දීපු කෙනෙක්ව හොයා ගන්න බැරි එකයි

:       0       6

nimal Wednesday, 15 September 2021 10:55 AM

එතෙර සිට එන අයගෙන් මුදල් ගසා කනවා නම් ඒ ගැන පියවර ගන්නවා කියන එකෙයි ,එතෙර සිට එන අයගෙන් මුදල් ගසා කෑම නවත්වන්නට පියවර ගන්නවා කියන එකෙයි වෙනසක් තියනවද ?

:       0       5

fairoos Wednesday, 15 September 2021 01:30 PM

නිකන් කතා විතරයි. සර්රුත් අසමත්... සර්ගෙ ආණ්ඩුවත් අසමත්...

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 115 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 301 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 747 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1031 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 370 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 180 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site