IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


‘වත්මන් ආණ්ඩුව දේශපාලනඥයින්ගෙන් - ජනතාවගෙන් පළිගන්නවා’

(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ යහපාලන ආණ්ඩුව 19 වන සංශෝධනය මගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරද්දී වත්මන් ආණ්ඩුවට හැකිවී ඇත්තේ දේශපාලනඥයන්ගෙන් සහ ජනතාවගෙන් පළිගැනීමට පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ වෘත්තිය සමිති කටයුතු ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය.

ආණ්ඩුවේ මෙම පළිගැනීම් සහ රටේ තත්ත්වය ලබන අපේ‍්‍රල් සිංහල හා හින්දු  අලුත් අවුරුද්ද වනවිට තවදුරටත් නරක අතට පත්වනු  ඇතැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද(9) පැවති   මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේද කීය.  

‘‘2015 ජනවාරි 08 වනදා එක්සත් ජාතික පක්ෂය මන්ත‍්‍රී‍්‍රීධුර 42ක් අතැතිව සුළුතර ආණ්ඩුවක් හදාගෙන අපි රට වෙනුවෙන් දින 100 වැඩපිළිවෙළක් එදා හැදුවා.  දැන් 2019 ජනාධිපතිවරනයෙන්න් පසු අපෙන් ගිය  හයදෙනාත් එක්ක මන්ත‍්‍රීධුර 97ක් එක්ක  වත්මන් ආණ්ඩුව පිහිටෙව්වා.

මේ  ආණ්ඩුවේ තේමාව වැඩකරන රටක් බිහිකිරීමයි. මේ ආණ්ඩුවේ දින 53ක්  දැන් ගෙවිලා තියෙනවා. මේ කාලය තුළ වැඩකරන විරුවෙක් ඇවිත්  වැඩ කරන, සුරක්ෂිත රටක් හදන්න ගිහින් රටේ මොකක්ද කරලා තියෙන වැඩේ කියලා තමයි අපිට අහන්න තියෙන්නේ.

අපේ  ආණ්ඩුවේ දින   100 වැඩපිළිවෙළ සඳහා  එක් එක්  දිනය සඳහා එක් එක් විෂයන් ඇතුළත් කළා. මේ දින 100 ආණ්ඩුව යටතේ අපි ඉන්ධන මිල අඩු කළා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකළා, ජනතාවට සහන දුන්නා.  19 වන සංශෝධනය ඉදිරිපත් කර ස්වාධීන කොමිෂන් සභා ඇති කළා. ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස තහවුරු කරන්න ඒ කෙටි කාලය තුළ අපිට හැකිවුණා.

ජනජීවිතය සුරක්ෂිත කරනවා කියන්නේ   මිනිහෙකුට ජීවත්විම  සඳහා සුදුසු පරිසරය සහ ආර්ථිකයක්  නිර්මාණය කිරීමයි.  දැන් මේ රජය ගත්තට  පස්සේ ඇති කරපු සුරක්ෂිත තාවය  මොකක්ද? එළවලු කිලෝ එකේ මිල කීයද?  රුපියල්  400 ට අඩුවෙන් එළවලු ගන්න අද විදියක් නැහැ.

එහෙනම් කෙහොමද  ජනජීවිතය සුරක්ෂිත වෙන්නේ?  රුපියල් 1000ක දෛනික  වැටුපක් ගන්න පුද්ගලයෙක් අද  වේලක් කන්න බැරිව ඉන්නවා.  සුප් එකකට එළවලු ටිකක්වත් අද ගන්න විදියක් නැහැ.

ජනතාවට සහන දෙනවා,  ජනතාව සුඛිත මුදිත කරනවා කියලා ඇවිත් මේ ආණ්ඩුව අද ඒ සියල්ලක්ම පැත්තකට දාලා දේශපාලන පළිගැනීම් පමණක් සිදුකරමින් සිටිනවා. ආණ්ඩුව මේ දින 54 ඇතුළත  එක පැත්තකින්  දේශපාලඥයන්ගෙන් පළිගත්තා අනික් පැත්තෙන්  රාජ්‍ය සේවකයන්ගෙන් සහ සමස්ත මහජනතාවගෙන් පලිගත්තා.

පාඨලි චම්පික රණවක  මහතා  සම්බන්දයෙන් නීතිපතිතුමා දුන් උපදෙස්වලට පිටින් ගිහින්   ආණ්ඩුව පොලීසිය යොදවලා පොදු දේපල  පනත යටතේ චම්පික මහතා අත් අඩංගුවට ගත්තා. පොලීසිය අද  නීතිපතිටත් වඩා ඉහලට ගිහින් තීන්දු ගන්නවා.

තමන්ට විරුද්ධ දේශපාලනයන් මර්දනය කිරීම සඳහා නාලාගිරි  දමනය කළා වගේ අද රාජපක්ෂ දමනය අලූතින් ඇතිවෙලා  තියෙනවා. මේ රාජපක්ෂ දමනය කරගැනීම සඳහා  පලිගැනීමේ යාන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක  කර තිබෙනවා. මේ දේම රාජිත සේනාරත්න මහතාටත් රන්ජන් රාමනායක මහතාටත් සිදුකළා.

මේ ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගෙන් දිගින් දිගටම පළිගනිමින් සිටිනවා.  අද වනවිට පුහුණු ව්‍යාපෘති  සහකාරවරුන් 6800 ක්, පාසල්  සෞඛ්‍ය සහකාරවරුන් 100 ක්, ඛනිජ තෙල් සංස්තාවේ  167 දෙනෙක්,  නිවාස ඉදිකිරීම්  අමාත්‍යාංශයේ 1200 ක් දොට්ට දාලා. මෙයට අමතරව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ  1431 දෙනෙකු  ලබන සතිය වනවිට රැකියාවලින්  දොට්ට දාන්න සැලසුම් කරගෙන යනවා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ 1500 කට වැඩි පිරිසකගේ  උසස්විම් ලබාගෙන  තිබියදි ඔවුන්ගේ  උසස්වීම් අහිමි කරලා තනතුරින් පහත් කරලා තියෙනවා. ඒ නීත්‍යානුකූල නොවන නියෝගයන් පිළිගන්න බැහැ කියපු නිලධාරීනගේ සේවය අත්හිටුවීමට කටයුතු කරමින් සිටිනවා.

ඒ වගේම සමෘද්ධි නිලධාරින් 1600 කට වැටුප් නොගෙවන බවට  සමෘද්දිධි අධ්‍යක්ෂජනරාල්වරයා විසින් දිස්ත‍්‍රික්  බාරව සිටින  සමෘද්ධි  අධ්‍යක්ෂවරුන් වෙත දැනුම් දී තිබෙනවා. ඒ වගේම රාජ්‍ය බැංකු නිලධාරින්ගෙන් පළිගනිමින් සිටිනවා. 

රජයේ  විධායක ශ්‍රෙණියේ නිලධාරීන්ට සේවකයන්ට අපි යහපාලන ආණ්ඩුවෙන් විශේෂිත දිමනාවක් දෙන්න කටයුතු කළා. කැබිනට් මණ්ඩලයේ තීරණයක් මත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේක්ම්  එම දීමනාව කප්පාදු කිරීමට පියවර ගෙන තිබෙනවා.

පිරිලා ඉතිරිලා  යන්න තැපැල් ඡන්දය දුන්නු රාජ්‍ය සේවකයන්ට  ඔන්න එහොම තමයි මේ ආණ්ඩුව සලකන්නේ.  ඔවුන්ව පිළිගත්තද පළිගත්තද කියලා දැන් පැහැදිලියි.

මේ ආණ්ඩුව නොමිලයේ පොහොර දෙනවා කිව්වා. දැන්  සල්ලි වලටත් පොහොර නැහැ.  පොහොර මිටිය ගන්න ජාතික හැඳුනුම්පත ගෙනියන්න  ඕන.  දැන් මේ ඉන්දියාවෙන්, පකිස්තානයෙන් ඇවිත් මෙහෙන් පොහොර අරන් යනවද?  ගොවින්ට නිකං පොහොර  දෙනවා කිව්ව ජනාධිපතිවරයා යටතේ අද සල්ලි වලටවත් පොහොර ගන්න විදියක් නැහැ.

අපි රජයේ අවසන් බාගයේදි ගෑස් නැවක් ප‍්‍රමාද වුණාම  ගෑස් සිලින්ඩරයක් අරගෙන  උඩ පැන පැන අත්පුඩු ගහනවා මාධය තුලින් පෙන්නුවා.  දැන් පොහොර නැතුව ගොවීන් දුක්විඳිනවා ඒ ගැනත් රටට පෙන්වන්න කියලා මම මාධ්‍යයට කියනවා.

නිල ඇඳුම් වවුචරය  පාසල් ආරම්භයත් එක්ක දෙනවා කිව්වා.  අපි පාසල් ආරම්භයට පෙර ලබාදුන්නා.   දැන් නිල ඇඳුම් වවුචරය අදටත් නැහැ. ඔන්න පාසල් දරුවන්ගේ  දෙමව්පියන්ගෙන් රජය පළිගත්ත හැටි. 

ඒ වගේම බඩුමිල  වැඩිකරලා සමස්ත රටේ ජනතාවගෙන් පලිගන්න මේ ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා. බදු අඩු කරහම බඩුමිල  අඩුවෙනවා කියලා මේ ආණ්ඩුව  කිව්වා. අඩු වෙච්ච එක භාන්ඩයක් කියන්න කියලා අපි මේ ආණ්්ඩුවට අභියෝග කරනවා. 

දින 100 ආණ්ඩුවෙන්  දින 20ක් ඇතුළත අපි ජනතාව වෙනුවෙන් ගත්ත සුබවාදි ක‍්‍රියාමාර්ග තියෙනවා.  දැන් මේ ආණ්ඩුව කරපු දෙයක් නැහැ. බොරු කියන්න පුලූවන්, මිනිස්සු  රවට්ටන්න පුලූවන් හැබැයි ඒක  දිගටම පවත්වාගෙන යන්න පුලූවන්  කමක් නැහැ.  ඕන බොරු කාරයෙකුට  බොරු  කරනවා ඇරෙන්න එතනින් ඔබ්බට දෙයක් කරන්න බැහැ.

අනික්  පැත්තෙන්  රටේ ජනතාවට දවසින් දවස බිය සැක වැඩිවෙමින් තිබෙනවා. 2007 මාර්තු 05  වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් විදියට  ඇක්සා ගිවිසුම අත්සන් කළා. අද ඒ ගිවිසුම නිසා  ඇමරිකාවට  දියාගෝගාසියාව  පාවිච්චි කරන්න බැරිනම් ඊළඟට  පාවිච්චි කරන්න තියෙන ආසියාවේ එකම ස්ථානය  ශ්‍රී ලංකාව බවට පත්ව තිබෙනවා. ඒ අනුව  ඇමරිකාව ඉරානයත් එක්ක යුදදයකට පැටලූනොත්  ලංකාවේ අපිටත් ඇක්සා ගිවිසුමෙන් අතුරු ප‍්‍රතිඵල භුක්ති විදින්න වේවි.

වැඩකරන රටක්  සුරක්ෂිත හෙටක් ඇති කරන්න ඇවිත්  මේ රජය  අපි අනාරක්ෂිත  කරලා කියලා දැන් බොහොම පැහැදිලි වෙලා තියෙනවා. මේ ගැන  රටේ ජනතාව පැහැදිලිව අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. අපේ‍්‍රල් මාසයේ  සිංහල අවුරුදු සමය වනවිට මීටත්  වඩා ඔබ දැවෙන තත්වයන්  වැඩිවෙයි කියලා අපි කියනවා.

නොවැම්බර්  16ගත්ත තින්දුව වැරදියි කියලා දැන් ජනතාවට ඒත්තු යමින් තියෙනවා. අපේල්  මාසයේදි වැඩ කරන්න පුලූවන්,  කළමනාකරණය කරන්න පුලූවන්, ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධතා පවත්වන්න  පුලූවන් බොරු නොකියන  නායකත්වයකට මේ රට භාර දිමට අත්‍යවශ්‍යයි. එසේ නොකලොත්  මහා භයානක තත්වයකට ඔබ අපි සියලූ දෙනාටම මුහුණදීමට සිදුවේවි’’ යැයිද ඔහු එහිදී පැවැසීය.

(ඡායාරූප : ශාන්ත රත්නායක)



අදහස් (0)

‘වත්මන් ආණ්ඩුව දේශපාලනඥයින්ගෙන් - ජනතාවගෙන් පළිගන්නවා’

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 173 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 48 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 132 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 180 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 239 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 353 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 202 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1496 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site