IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


‘මහබැංකු අධිපති පත්කිරිම වළකාලන අතුරු නියෝගයක් ඉල්ලයි ‘

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහබැංකු අධිපති ධුරයට පත් කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දකුණ සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා  කොළඹ අභියාචනාධිකරණයේ අද (14) රිට් පෙත්සමක් ගොනු කළේය.

බැදුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් සොයා ජනාධිපති විමර්ශන කොමිෂන් සභා අවසන් වාර්තාවේ නිර්දේශයක් මත සිදු කළ වෝහාරික විගණන වාර්තාවේ නිර්දේශ මත අජිත් නිවාඩ් කබ්රාල් මහතා අත්අඩංගුවට ගෙන රදවා ගෙන ප්‍රකාශ සටහන් කරන ගන්නා ලෙසටත් , ඔහුට  විරුද්ධව නඩු පැවරීම් කටයුතු කරන ලෙසට නියෝග කරමින් නීතිපතිවරයා සහ පොලිස්පතිවරයාට රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සමින්  ඉල්ලා ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති , පොලිස්පති , අජිත් නිවාඩ් කබ්රාල් මහතා , ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා , මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා , මහ බැංකු නියෝජ්‍ය අධිපති  ටී.එම්.ජේ.වයි.පී .ප්‍රනාන්දු මහතා නම් කරනු ලැබ සිටිති.

දකුණ, මධ්‍ය හා ඌව පළාත් හි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ගොනු කළ  පෙත්සමින් සදහන් වන්නේ  2006 ජූලි සිට 2015 ජනවාරි දක්වා කාල සීමාව තුල මහ බැංකු අධිපති ධූරය දැරූ අජිත් නිවාඩ් කබ්රාල් පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස 2021 සැප්තෑම්බර් 13 දින දක්වා කටයුතු කර ඇති බවය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් බැඳුම්කර වංචා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂමක් පත් කල බව ද, එහි නිර්දේශයක් ලෙස සිදු කළ වෝහාරික විගණන වාර්තාව මගින් වගඋත්තරකාර  අජිත් නිවාඩ් කබ්රාල් සම්බන්ධයෙන් කරුණු ගණනාවක් හෙළි කර ඇති බවද පෙත්සම්කරු කියා සිටී.

වෝහාරික විගණන වාර්තාව මගින් හෙළි කර ඇති කරුණු සම්බන්ධයෙන් අපරාධමය චෝදනා එල්ල වී ඇති අජිත් නිවාඩ් කබ්රාල් සම්බන්ධයෙන් නීතිය ක්‍රියත්මක විය යුතු බවත්,  ඔහු නැවත මහ බැංකු අධිපති ධූරයට පත් වන්නේ නම් මෙම සාක්ෂි විනාශ කිරීමට ඇති ඉඩ වලක්වාල ලෙස ද, පෙත්සමින් ඉල්ලා ඇත.

ජනාධිපති කොමිෂන් සභා නිර්දේශයක් මත සිදු කළ වෝහාරික විගණන වාර්තා ගණනාවකට සම්බන්ධ පාර්ශවයන් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත.

හිටපු මහබැංකු අධිපතිවරයෙකු වූ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයට නැවත පත් කිරිම මගින්, අපරාධමය වරදකට සම්බන්ධ මහ බැංකුවේ සතු සාක්ෂි විනාශ කිරීමට, වෙනස් කිරීමට හා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට අවස්ථාවක් හිමිවන බවත් ,   මහ බැංකුවේ සිදුව ඇති මහ පරිමාන දුෂණ හා වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර එයට සම්බන්ධ පාර්ශවයන්ට නඩු පැවරීම සිදු කරන ලෙස ද හිටපු ආණ්ඩුකාරවරයා සිය පෙත්සම මගින් ඉල්ලා ඇත.

වොහාරික විගණන වාර්තාවේ අති විශාල චෝදනා සංඛ්‍යාවක් එල්ල වී ඇති අජිත් නිවාඩ් කබ්රාල් අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස ද, මුදල් පනතේ 12 වගන්තිය අනුව, ජනාධිපති ලේකම් හා මුදල් අමාත්‍යවරුන්ට අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ කිසිදු තනතුරක් සඳහා පත් කිරීම වලක්වන ලෙස ද,අපරාධමය වරදක් පිළිබඳ සාක්ෂි වෙනස් කිරීම, විනාශ කිරීම හෝ වෙනස් කිරීම සිදු කළ හැකි බැවින් අජිත් නිවාඩ් කබ්රාල් නැවත මහ බැංකු අධිපති ධූරය සඳහා පත් කිරීම වලක්වන ලෙස ද, පෙත්සම මගින් ඉල්ලා ඇත.

ජනාධිපති විමර්ශන කොමිෂන් සභා නිර්දේශයක් මත සිදු කළ වෝහාරික විගණන වාර්තාවේ නිර්දේශ අනුව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ට විරුද්ධව නීති මගින් කටයුතු කරන ලෙස නියෝග කරමින් නීතිපතිවරයා සහ පොලිස්පතිවරයාට මැන්ඩමූස් ආඥාවක් නිකුත් කරන ලෙස ද, හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් ඉදිරිපත් කළ පෙත්සම මගින් ඉල්ලා ඇත.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න,  ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක ඇතුළු පිරිසක් පෙත්සම  වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (12)

‘මහබැංකු අධිපති පත්කිරිම වළකාලන අතුරු නියෝගයක් ඉල්ලයි ‘

චන්දිම Tuesday, 14 September 2021 05:17 PM

කරන්න පුළුවන් උනොත් මෙන්න නියම වැඩ.

:       7       47

Praveen Tuesday, 14 September 2021 05:36 PM

ගොඩක් හොඳයි...

:       8       55

jagath Tuesday, 14 September 2021 06:36 PM

රංජිත් මහතාට දීර්ඝායුෂ ලැබේවා. පවුල් පාලනයක අහිතකර ප්‍රතිඵල. රාජපක්ෂවරු තමයි රට කන්නේ. ජනපති, අගමැති සහ මුදල් ඇමති.. රට විශාල අවදානමක ඇති බව නම් පේනවා.

:       12       45

කපිල Tuesday, 14 September 2021 06:37 PM

දැන් ඉතින් පත්කරලා ඉවරයිනේ බොස්... ඔය නඩු තීන්දුව දෙනකොට 2025 විතර වෙයි. එතකොට කබ්රාල්ගේ කාලයත් ඉවරයි...

:       1       27

nihal Tuesday, 14 September 2021 07:20 PM

ආණ්ඩුවේ නරි මොනවා කීවත්... මෙය විශිෂ්ඨ අදහසකි...!

:       9       41

sampath Tuesday, 14 September 2021 07:50 PM

මටනම් තියෙන්නේ ඔය ප්‍රශ්නෙටත් දක්ෂ අදක්ෂ භාවයටත් වඩා එක්තරා දේශපාලන පක්ෂයක් නියෝජනය කරන ලද කෙනෙක්ට ස්වාදීන ආයතනයක අධිපතිවරයා වීම කොතරම් සදාචාරාත්මකද යන්නයි

:       3       38

Rohana Tuesday, 14 September 2021 08:57 PM

මහ බැංකුව ස්වාධීන ආයතනයක් වියයුතු බව මුදල් නීති පනතින් පෙන්වාදී ඇත. එයට හේතුව රටේ ආර්ථික ස්ථායිතාව රැකගැනීමේ මූලික අරමුණ ඉටුකරගැනීමට දේශපාලන හෝ වෙනත් අගතීන්ගෙන් තොරව තීන්දු තීරන ක්‍රියාත්මක කලයුතු බැවිනි. රටේ මිල ස්ථායිතාව රැක ගැනීමත් රැපියලේ දේශීය අගය මෙන්ම විදේශ අගය රැක ගැනීමත් ආර්ථිකයේ ප්‍රගමනය සදහා අත්‍යාවශ්‍ය සාධකයකි. දේශපාලන මැදිහත්වීම මුල්කරගෙන මුද්‍රිත මුදල් අළුතින් සංසරනයට එක්කිරීම තුලින් රටේ මිල ස්ථායිතාවට බධාවී මිල ම්ට්ටම් ඉහලයාම වර්තමානයේ දැකියහැකිවීම උදාහරනයක් වශයෙන් පෙන්වාදිය හැක. එබැවින් මෙවැනි දේශපාලකයින් මහ බැංකුව මෙහෙයවන්නන් වීම තුල බැංකුවේ මෙන්ම ජාතියේ අරමුණු ඉටුකැනීමට බාධාකාරීවන බව පෙනෙන්නට තිබේ.

:       0       21

චන්දන Tuesday, 14 September 2021 09:21 PM

කෝටි 75 නියමෙට වැඩ.

:       0       9

gunarathna Tuesday, 14 September 2021 09:27 PM

පාස්කු ප්‍රහාරය ගැන සොයන්න පත්කරපු ජනාධිපති කොමිසම සිරිසේන ජනාධිපතිවරයාට විරුද්ධව නඩු දාන්න ඇති හැකියාව සොයන්න කියලා නිර්දේශ කලානේ. දැන් මෙයාට පුළුවන්නේ එකටත් නඩුවක් දාලා එතුමාව උසාවි ගේන්න.

:       12       10

Nihal Tuesday, 14 September 2021 09:48 PM

ලෝකේ වැඩියෙන්ම නඩු තියෙන රට හැටියට ගිනස් පොතට වාර්තාවක්.

:       3       10

chandima Tuesday, 14 September 2021 09:49 PM

උදේ දවල්, රෑ බඩගිනි වෙන එකට අතුරු තහනම් නියෝගයක් ගන්න බැරි වෙයිද.?

:       6       10

swene Wednesday, 15 September 2021 10:05 AM

රජයේ ඉහල තනතුරු වලට පත් කිරීමේදී සුදුසුකම් ගැන පරික්ෂා කිරීමක් සිදුවනවා. එතකොට මෙවැනි පත් කිරීම් පිළිබඳ පරික්ෂා කිරීමේ කමිටුවට ඔය කියන නුසුදුසු කම් ඉදිරිපත් වනවාද ? නොඑසේ නම් එම ක්‍රමයේත් බොහෝ හිඩැස් තිබෙනවානේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 887 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 357 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 802 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 797 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 309 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 492 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1429 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1354 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site