(අනීෂා මානගේ)
හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව බිය බව සමඟි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා අද(26) පැවසීය.
තිස්ස අත්තනායක මහතා මෙසේ පැවසූයේ බෙලිඅත්ත සිටිනාමළුව ප්‍රදේශයේදී පැවැති සමඟි ජනබලවේගයේ ජනහමුවකට සහභාගී වෙමිනි.
තිස්ස අත්තනායක මහතා මෙසේද පැවසුවේය.
“එල්ටීටීඊ සංවිධානයේ නියෝජ්‍ය නායකයා සහ මඩකලපුවේ අණදෙන නිලධාරියා වශයෙන් හිටපු පසුකාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතුවෙලා හිටපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නායකත්වය දැරූ පක්ෂයේ දෙවරක් ජාතික ලයිස්තුවට පත්කළ කරුණා අම්මාන් පසුගියදා ප්‍රකාශයක් කළා. මිනීමැරුම් ගැන පාපොච්චාරණය කරන අපේ සොල්දාදුවන් මරලා දැම්මා කියලා කටමැත දොඩවන කරුණා අම්මාන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව බයයි.
ඒ පිළිබඳව මතු වුණ ජනතා විරෝධය නිසා ආණ්ඩුව දැන් කටඋත්තර ගන්න එන්න කියල තිබුණා. එහෙම එන්න කියනකොටත් චන්ඩි කතාවක් කියල තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔලුව නමන්නේ නැතුව බලකරපු නිසා කටඋත්තරයක් දීල තිබෙනවා කියල ආරංචියි. අපේ හමුදාව මොකටද වැඩ කළේ. අපේ හමුදාව වැඩ කළේ ජනතාව ආරක්ෂා කරන්නයි. යුද්ධය පැවති අවස්ථාවේදී හමුදාවටත් චෝදනා එල්ල වුණා. මානව හිමිකම් කඩ වුණා කියලා මානව හිමිකම් සංවිධාන ජාත්‍යන්තර වශයෙන් හමුදාවට ඇඟිල්ල දික් කළා. හැබැයි එහෙම දික් කළ ඇඟිල්ල ඇයි කරුණා අම්මාන්ට දික් වෙන්නේ නැත්තේ. ඇයි ඒ අය චෝදනා කරන්නෙ නැත්තේ. ඒ ඔක්කොම නිහඬයි. මේ රටේ නීතිය සාධාරණත්වය හැමෝටම තියන්න ඕනෑ” යැයිද කීවේය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘කරුණා අම්මාන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව බයයි’