(නිමල කොඩිතුවක්කු)
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනතා අභිලාෂයන්ට පයින් ගසා ඇතැයි සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹ දී අද(24) පැවසීය.
කොරෝනා වසංගතයත් සමග කඩාවැටි ඇති ආර්ථිකය ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති ප්‍රතිපත්ති ප්රකාශණයෙන් කිසිදු අවධානයක් යොමුකර නැතැයිද ඔහු එහිදී සඳහන් කළේය.
රට මුහුණ දෙන අභියෝගවලට විසදුම් ලබාදෙන ආකාරයේ කිසිදු වැඩපිළිවෙළක් මේ ආණ්ඩුවට නොමැතිවීම ගැන විපක්ෂය කනගාටුවට පත්වන බවද ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලය පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා මෙසේද කීය.
“ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ ප්‍රතිපත්ති ප්රකාශනය ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුට ඉදිරිපත් කළා. ප්‍රතිපත්ති ප්රකාශනයක අවධානය යොමු කළ යුතු මූලික කාරණා එහි තිබෙනවා අපි දැක්කේ නැහැ. ඒ මොහොතේ රටේ පවතින තත්වය පිළිබඳ අවධානය යොමු කරමින් අනාගතයේ ක්‍රියාත්මක කළ යුතු වැඩ පිළිවෙළ පිළිබඳ තමන්ගේ කාලසටහන ඉදිරිපත් කිරීම ආණ්ඩුවක් ප්‍රතිපත්ති ප්රකාශනයක් හෝ ඉදිරි වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමේදී අපේක්ෂා කරනවා.
රටේ ගැටලු විසඳනවා වෙනුවට අද ආණ්ඩුව දිගින් දිගටම කතා කරන්නේ දහනවවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම අහෝසි කිරීම පිළිබඳවයි. 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම ද මේ රටේ ජනතාවගේ මූලික මිනිස් අවශ්‍යතාවය වෙලා තියෙන්නෙ කියලා අපි මේ ආණ්ඩුවෙන් අහනවා. ජනතාවට මේ වෙලාවේ ඕන 19 විසි කරන එකවත් 20 අලුතෙන් ගේන එකවත් නෙමෙයි. කොරොන වසංගතයක් එක්ක රට මුහුණ පාලා තියෙන ආර්ථික සමාජ ව්‍යසනයෙන් ගොඩ එන්න වහා ආණ්ඩුව අනුගමනය කරන වැඩපිළිවෙළක් පිළිබඳව අද ජනතාව අපේක්ෂාවෙන් සිටිනවා.
දහනම වන ව්‍යවස්ථාවෙන් රටේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරන්න වැදගත්ව තීන්දු තීරණ රැසක් ගනු ලැබුවා. පසුගිය කැබිනට් මණ්ඩලයෙන් දහනම වන ව්‍යවස්ථාව අහෝසි කරන්න තීරණය කළාය කියන ප්‍රතිපත්තිමය තීන්දුව එලියට දානකොට විධායක ජනාධිපතිවරයා ගේ කාල සීමාව හෝ දෙවරක් තරග කිරීම පිලිබඳ සීමාව අහෝසි කරන්නේ නැහැ කියලා කියනවා.
ඒ අනුව දහනමය අහෝසි කිරීමේ මූලිකම උපාය මාර්ගය බවට පත් වෙලා තියෙන්නේ ද්විත්ත පුරවැසියන්ට මැතිවරණයට තරග කරන්න තියෙන අවකාශය නැවත ලබාගැනීමට සහ ස්වාධීන කොමිෂන් සභා හරහා ආණ්ඩුවට ඕන විදිහට දේශපාලන අතපෙවීම් කරන්න තියෙන අවකාශය වළක්වාලමින් නැවත දේශපාලන ඇඟිලි ගැසීම් සඳහා රාජ්‍ය සේවය විවෘත කරන්නයි. මේකද ජනතාවගේ මූලික අවශ්‍යතාවය කියලා අපි මේ ආණ්ඩුවෙන් අහනවා.
එක පුද්ගලයකු හට බලය පැවරීම සඳහා ක්‍රියාදාමයකට තමයි මේ අය අවතීර්ණ වන්නේ. ස්වාධීන විගණන කොමිෂන් සභාව අහිමිවීම, තොරතුරු දැනගැනීම සඳහා තිබෙන අයිතිය ඉවත් කිරීම, රාජ්‍ය සේවා කොමිෂන් සභා ඉවත් කිරීම, ඇතුලු ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් තිබෙන සියලු අවස්තාවන් විනාශ කර දැමිම අද මේ ආන්ඩුවේ මූලිකම අරමුණ වී තිබෙනවා.
ආණ්ඩුව තුනෙන් දෙකේ බලය පාවිච්චි කරමින් පවුලක දේශපාලන අභිලාෂ වෙනුවෙන් රටේ නීතිරීති තමන්ගේ අතට ගනිමින් සිටිනවා.තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරන්න කටයුතු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පලවෙනි කැබිනට් මණ්ඩලයේ දී ම තීරණය කළේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකරලා දාලා ජනතා අබිලාෂයන්ට පයින් ගැසීමයි” යැයිද ඔහු එහිදී පැවසීය.
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘ආණ්ඩුව ජනතා අභිලාෂයන්ට පයින් ගසලා’