IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


හයසින්ත් විජේරත්න රිය අනතුරකින් මරුට

(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නුවරඑළිය ප්‍රදේශයේ රූගත කිරීමකට ගොස් ආපසු එමින් සිටි ජනප්‍රිය රංගන ශිල්පී හයසින්ත් විජේරත්න (75) මහත්මිය ගමන් ගත් වෑන් රථය ලිඳුල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළීමෙන් මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ටෙලිනාට්‍යයක් රූගත කිරීමේ කටයුතු අවසන් කොට නැවත කොළඹ බලා පැමිණීමේ දී මෙම අනතුර ව  ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

වෑන් රථ රියැදුරාගේ නොසැලකිලිමත් රිය ධාවනය නිසා මෙම අනතුර සිදුව ඇති බවත්  රියදුරු ලිඳුල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

 



අදහස් (14)

හයසින්ත් විජේරත්න රිය අනතුරකින් මරුට

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 31 July 2021 08:40 AM

ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියනි, ඔබතුමියගේ ගැඹුරු සංයමය හා සතර අභිනයෙන් යුතු අතිදක්ෂ රංගන කුසලතාවන් තුළින් බොහෝ දෙනා ලද රසවින්දනය අති මහත්ය. ඔබතුමියට අමා මහ නිවන් සුව ලැබේවා ... !!!

:       5       352

පූජා.Saturday, 31 July 2021 01:54 PM

ඉතාම කණගාටුදායක සිදුවීමක් සමිත... අති දක්‍ෂ, ප්‍රථිභාපූර්ණ රංගන ශිල්පිනියක්.. එතුමිය රඟ පෑ "බට්ටී" නම් චරිතය සදා මතකයේ පවති.. ඔබට සුබ ගමන් මැතිණියනි...!!!

:       1       125

විජිත් Saturday, 31 July 2021 07:33 PM

ජිවිතයේ අනිත්‍ය ගැන මෙනෙහි කරන්න හිතෙන තවත් දුක හිතෙන කතාවක්. ඊයේ උදේ මෙතුමියගේ සිතේ මොනතරම් බලාපොරොත්තු තිබෙන්න ඇතිද... ඇය රඟපෑ මේ ටෙලිනාට්‍යය පුංචි තිරයේ දැකගන්නට නොඉවසිල්ලෙන් ඉන්න ඇති. ප්‍රේක්ෂකයින්ගේ ප්‍රතිචාර බලන්නටත් ආශාවක් සිතේ තිබෙන්න ඇති. එතකොට අද ගෙදර ගිහින් කිරීමට ඇති වැඩ කටයුතු....හෙට දිනයේ රුගත කිරීමකට යන්නට....මේ සියලුම සිතුවිලි , නොහොබිනා , අපරික්ෂාකාරී රියදුරෙකුට වෙනස් කරන්න හැකිවුනා. ශ්‍රී ලාංකීය සිනමාවට වගේම මුළු මහත් ශ්‍රී ලන්කිකයින්ටම, මේ මුළු ලෝකයටම හයසින්ත්ව අහිමිවුණා. ශ්‍රී ලාංකීය සිනමාවටත්, ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයටත් පොදුවේ " කලාවටත් " අපමණ සේවයක් කල ඔබතුමියට ඔබතුමිය පැතු අයුරින්ම ඔබගේ පරලොව විමුක්තිය උදාවේවා...!!!

:       0       0

Randima Saturday, 31 July 2021 08:56 AM

අමතක නොවන චරිත රැසකට පණ පෙවූ කලා ශිල්පිනියක්... ඔබතුමියට නිවන් සුව..!!!

:       2       148

විපුල Saturday, 31 July 2021 10:14 AM

ඉතාමත් දක්ෂ නිළියක්. ඇයට මගේ ආචාරය...!!!

:       1       139

සුදත් ශ්‍රී Saturday, 31 July 2021 12:55 PM

නිහතමානී චරිතයක්. ඔබතුමියට නිවන් සුව පතමි.

:       1       441

Ruwan Saturday, 31 July 2021 01:22 PM

එතුමියගේ අභාවයට මගේ බලවත් ශෝකය...

:       0       73

SUNIL MILANO Saturday, 31 July 2021 02:40 PM

මේ වගේ ශෝචනීය අවස්ථාවකත් ඒගැන සිතන්නේ නැති අයත් සිටියි.

:       0       11

පිටරැටියා Saturday, 31 July 2021 03:36 PM

ඔබතුමිය රඟ පෑ සෑම නාට්‍යයක්ම අපි ඉතා ආසාවෙන් බැලුවා. බට්ටි, ආදරණීය පූර්ණිමා, මෑතකදී අවසන් වූ හදවිළ අරණ සදා නොමියෙන චරිත... ප්‍රවීණ රංගන ශිල්පිනියක් අප අතරින් වියෝවීම හරිම කණගාටුදායකයි. එතුමියට අමාමහ නිවන්සුව අත්වේවා...!

:       0       85

Ruhunu Saturday, 31 July 2021 04:15 PM

"නාමය නොදිරයි." ඔබතුමියට නිවන්සුව ලැබේවා..!!!

:       0       68

Demuni Uduwara Saturday, 31 July 2021 06:23 PM

මාගේ බලවත් ශෝකය..!!!

:       0       0

තරිදු Sunday, 01 August 2021 08:05 AM

ඔබතුමියව මට මගේ පවුලේ කෙනෙක් මෙන්ය. සිදුවු දේ කණගාටුදායකයි. කළ හැකි කිසිවක් නොමැත. අප හැමටම මවක් වූ ඔබතුමියට කිසිම භවයක මෙවන් අකල් මරණ සිදු නොවේවා..! මතු භවයක ධර්මාවබෝධයට හේතුවී නිවන් ලැබීමට වාසනාව ලැබේවා...!

:       0       0

නිහිංසා දුව Sunday, 01 August 2021 08:15 AM

රංගනයෙන් පමණක් නොව ඔබතුමිය සැමදාම අපට මවක් වුණා. මේ අාදරණීය අම්මාට නිවන් සුව ලැබේවා...!

:       0       0

නිහිංසා දුව Sunday, 01 August 2021 08:18 AM

අපේ අාදරණීය මෑණියන්ට නිවන් සුව ලැබේවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 32 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 899 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 438 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 246 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 170 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 307 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1507 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site