IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ස.ජ.බ.ට සහය දැක්වූ 21 ක් යළි එජාපයට

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂය හැරගොස් සමගි ජන බලවේගයට සහයෝගය දැක්වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් 21 දෙනෙකු නැවත එක්සත් ජාතික පක්ෂය සමග එක්වූ බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

එම මහජන නියෝජිතයින් අතරින් 9 දෙනෙක්  අම්බලන්තොට, නෝනගමදී පැවැත්වූ සාකච්ඡාවකින් පසු  එක්සත් ජාතික පක්ෂයට එක් වූ බව වජිර අබේවර්ධන මහතා කීය.

මෙලෙස එක්සත් ජාතික පක්ෂය සමග එක්වූ අය අතර තංගල්ල මහ නගරසභා මන්ත්‍රී මෙහොමඩ් සිරාස්, හම්බන්තොට නගරසභා මන්ත්‍රීවරුන් වන දිනේෂ් දර්ශන, එම්. මොහොමඩ් රිසාන්, ශරිෆ්දීන් ෆරීස්, එස්. අරුණ ශාන්ත, මොහොමඩ් සම්සූදීන්, තිස්සමහාරාම ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. පී. ධම්මික, තංගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන් කුමාර, අම්බලන්තොට ප්‍රාදේශීයසභා මන්ත්‍රී අහමඩ් ශකූර් යන අය වෙති.

මෙම මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරමින් සමගි ජන බලවේගයට සහයෝගය දැක්වීම සම්බන්ධව ඔවුන්ට එරෙහිව එජාපයේ විනය කමිටුව විසින් පසුගිය කාලයේ විනය පරීක්ෂණ පැවැත්වූ අතර වජිර අබේවර්ධන මහතා සමග පැවැති සාකච්ඡාවේදී දිවුරුම් ප්‍රකාශයක් ලබාදී නැවත පක්ෂය සමග එක්ව ක්‍රියාකාරීව කටයුතු කිරීමට එකඟතාවය පළ කර තිබේ.



අදහස් (12)

ස.ජ.බ.ට සහය දැක්වූ 21 ක් යළි එජාපයට

Ruhunu Tuesday, 23 November 2021 03:22 PM

පනින රිළවු...

:       4       35

සන්කWednesday, 24 November 2021 07:30 AM

අද UNPයට රනිල් යනඑන මන් නැතිකරලා තියෙන්නේ. එහෙම එකේ මේ මෝඩ රැල සජිත් වගේ සද්දන්තයෙක් දාලා UNP එක අනාථ මඩමට යනවාද? අද රට අනාථ වෙලා යන එන මන් නැතුව තියෙන එකේ ... ඊළඟ ඡන්දෙන් ගමේ දුප්පතාට අති මහත් සේවයක් කරපු සජිත් ඉතිහාසගත දිනුමක් ලබන බව මොනවට පැහැදිලියි...!!!

:       4       4

කිරි පුතා Tuesday, 23 November 2021 04:22 PM

කොහේ හිටියම මොකද?. හරි හමන් ප්‍රතිපත්තියක් ති⁣යාගෙන දේශපාලනය කරනවා නෙවෙයිනේ.... හොරාකන්න මාර්ගයක් හොය හොයා දඟලන එකනේ...

:       1       45

Rohan Tuesday, 23 November 2021 06:27 PM

දැන් නම් රට ගොඩ... නොදකින්...!

:       2       17

Soma dubayi Tuesday, 23 November 2021 06:54 PM

ජයවේවා..!!!

:       11       5

gunarathnaWednesday, 24 November 2021 06:48 AM

කාටද?

:       0       2

leel gunawardena Tuesday, 23 November 2021 11:42 PM

මේ අයට මෙලොවත් නැහැ.. එළොවත් නැහැ..

:       0       3

Perera Tuesday, 23 November 2021 11:53 PM

පක්ෂ භේදයකින් තොරව, තමුන්ගේ වාසියට එහෙට, මෙහෙට පනින රිළවුන්ට ඡන්දෙ දෙන්න එපා...

:       0       2

Kumar (Gulf) Wednesday, 24 November 2021 01:09 AM

එජාපයේ මහ එකා..., පාවාදෙන්නා සමග එක්වෙලා මෙයාලා කොයිවල යන්නද?

:       0       2

lal Wednesday, 24 November 2021 04:27 AM

එජාපය, පොහොට්ටුව, ශ්‍රී ලංකා, සජබ ඔය ඔක්කෝමගේම ඉන්නේ එකම කට්ට්ය. වාසි පැත්තට පැන පැන යන අය බොහෝයි. කිසිම වෙනසක් නැහැ කවුරු ආවත්.

:       1       0

ජල්තර Wednesday, 24 November 2021 09:55 AM

කෝ වජිරගෙ මාස්ක් එක. කවදාවත් මාස්ක් නොදාන වජිරට වෙනම නීතියක් වගේ. බලධාරීන් නිහඬයි.

:       0       3

Senarath Wednesday, 24 November 2021 10:00 AM

මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා ටික අරගෙනද මේ ලොකු කයිවාරුව.ඔයාලාගේ පක්ෂයට නැවත ගොඩ එන්න බැහැ.ඒ ඔයාලා රටට කරපු වැරදි නිසා

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 208 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 332 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 582 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 543 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 88 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 578 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1679 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site