(චාපා මධුභාෂිණී)
හිගුරක්ගොඩ නගරයේ වෙළදසල් දෙකක් කඩා එහි භාණ්ඩ සොරාගෙන ඒ් ආසන්නයේ නවතා තිබූ පාපැදියක පටවාගෙන යන අතර තුර තේ එකක් බීමට කඩයකට ගිය අවස්ථාවේ තවත් සොරකු එම සොරාගත් භාණ්ඩ සමග යතුරු පැදිය සොරා ගෙන යෑමේ පුවතක් හිඟුක්ගොඩ පොලිසියෙන් වාර්තා වේ
මෙම වෙළසැල් දෙක කැඩූ බව කියන සැකකරු ගලේවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 57 පමණ වන විවාහක පුද්ගලයකු වන අතර ඔහු මේවනවිට හිගුරක්ගොඩ නගරයේ නිරන්තරයෙන් ගැවසෙන පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා හිගුරක්ගොඩ රෝහල් හන්දියේ වෙළදසලකට රාත්‍රී කාලයේ රහසිගත ලෙස ඇතුළුවී එහි තිබූ රුපියල් 39,000 පමණ වටින කිරිපිටි සහ සිගරැට්ද රුපියල් 2000 පමණ කාසි රැසක්ද රැගෙන ඒම වෙළදසල ආසන්නයේ නවතා තිබූ පාපැදියක්ද රැගෙන ඒහි මෙම බඩු තොගය රැගෙන යන අයුරු ඒහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබී ඇත.
පසුව මොහු ඒම ප්‍රදේශයේම වෙළදසලක ගබඩා කාමරයකට ඇතුළු වී ඒහි කල් ඉකුත්වූ ටොෆි තොගයක්ද ආහාරයට ගෙන ඇති බවට අනාවරණය වී ඇත.
පසුව මෙම වෙළසැල් දෙකෙහි හිමිකරුවන් හිගුරක්ගොඩ පොලීයට කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ෂණයන්වලදී ආරක්ෂිත කැමරාවේ සිටින මෙම පුද්ගලයා පොලිසිය විසින් හදුනාගෙන අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු මීට පෙර වෙළදසැල් 317 කඩා වසර 17 සිර දඩුවම් ලැබ නැවත පැමිණි පුද්ගලයකු වීම හේතුවෙන් පොලිසියට මොහුව හදුනා ගැනීමට පහසු වී ඇත.
මෙම වෙළදසල් දෙක කැඩූ බව කියන දිනට පෙර දින මොහු අධිකරණයෙන් පුද්ගලික ඇපයක් මත නිදහස්ව පැමිණි අයකු බවටද මූලික විමර්ෂනවලදී අණාවරණය වී ඇත.
සැකකරු හිගුරක්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිදු කළ මූලික පරික්ෂණවලදී අණාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා රහසිගත ලෙස සොරාගත් කිරිපිටි සහ සිගරැට් තොගය පාපැදියේ පිටුපස ගැටගසාගෙන යමින් සිටියදී ඔහු විසින් තේ ඒකක් බීමට වෙළදැලකට ඇතුළු වී නැවත ඒළියට පැමිණ බලන විට ඒම භාණ්ඩ තොගය වෙනත් අයකු විසින් සොරාගෙන තිබී ඇති බවයි.
තවද මොහු මෙම වෙළදසල් දෙක කැඩීමට පෙර මැදිරිගිරිය ප්‍රදේශයේද වෙළදසල් දෙකක් ද කඩා ඇති බවට අණාවරණය වී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සොරාගේ සොර බඩු සොරා ගත්තේ කවුද
K d sujeewa Wednesday, 25 January 2023 08:17 AM
ටොෆී ප්ලේන්ටි මේකා ගංජා කාරයෙක්.
පිටිගල මිලානෝ Wednesday, 25 January 2023 08:51 AM
බඩු ෂුවර් එකටම මැදමුලන පැත්තේ ඇති.
Bandara Wednesday, 25 January 2023 08:57 AM
ඇමති තුමා ඒ වෙලාවේ කොහෙද හිටියේ කියලා හොයලා බලන්න.
Perera Wednesday, 25 January 2023 09:51 AM
මයිනාගේ හොරා කාපු සල්ලි වලටත් එකෙක් විද්දේ
කසුන් Wednesday, 25 January 2023 10:20 AM
ඔක්කොමත් හරි පාපැදිය යතුරු පැදියක් වුණේ කොහොමද කියලා හිතමින් ඉන්න මම...
fairoos Wednesday, 25 January 2023 02:08 PM
මූ නම් මාර හොරෙක්නෙ දවසගානෙ කඩවල් කඩන කෙනා කොහොමද එලියට ආවෙ?
Ruhunu Wednesday, 25 January 2023 03:32 PM
පොලිසියත් අන්දලා වගේ...
Lal Thursday, 26 January 2023 03:02 AM
පස් පව් වලින් දෙවැන්න, අදින්නාදානයයි. අන් සතු දේ නොගන්න. එය තමන්ට කිසිවිට හොඳ ප්‍රතිඵල නොමදේ.. විපාක භයානකයි. කාට කාටත් එය එසේමයි. ලොකු පොඩි බලසම්පන්නකම් අදාල නැත.