IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සුදුලූනු වංචාවට හතරක් සැකපිට

(යොහාන් භාසුර සහ නිමන්ති රණසිංහ)

සතොස සතුව තිබූ සුදුලූනු කන්ටේනර් දෙකක් වංචා සහගත ලෙස වෙනත් ව්‍යාපාරිකයකුට විකිණීමේ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් ලංකා සතොස සේවකයන් සිව්දෙනකු අද (11) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

මෙම නිලධාරීන් සිව්දෙනා අතරට වැඩ තහනම් කර සිටින නිලධාරීන් තිදෙනකු සහ සතොස සේවයට මෑතකදී එක් වූයේ යැයි කියන නිලධාරිනියක් ද ඇතුළත්ව සිටින බව සතොස ආරංචි මාර්ග සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් අය අතර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු, ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරයකු ද සිටින බව අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රකාශයක් ලබාදීම සඳහා  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන එකකයට කැඳවන ලද අවස්ථාවේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙනඇත.

අද අත්අඩංගුවට පත්වූ නිලධාරිනිය මෙම ගනුදෙනුවට සම්බන්ධ ලිපි ලේඛන වලට අත්සන් තැබීමේ චෝදනාව මත පොලිස් භාරයට ගෙන ඇති බවත් දැනගන්නට තිබේ.

මෙම පුද්ගලයන් සිව්දෙනා හෙට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලංකා සතෝස මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සුසිල පෙරේරා මේ වන විට ඇප මත මුදා හැර ඇත.

 



අදහස් (12)

සුදුලූනු වංචාවට හතරක් සැකපිට

Perera Monday, 11 October 2021 11:50 PM

හාල්මැස්සෝ අල්ලන්න ජවනිකා නැතුව රටම දන්නා තෝරු මොරුන්ව අල්ලන්න.

:       0       6

පාරිබෝගිකයෙක් Tuesday, 12 October 2021 01:43 AM

සතොසේ මෙතෙක් කලකට සුදුවූ එකම වංචාව සුදුලූනු කන්ටේනර් දෙකක් වංචා කිරීම පමනමද ?

:       1       20

sam Tuesday, 12 October 2021 04:22 AM

ඇමතිලා.? නැතිනම් අහිංසකයෝ 4 දෙනා ඇතුළෙද.?

:       2       20

C.K.Lankaputhra. Tuesday, 12 October 2021 06:02 AM

මේකත් අර පාස්කු ප්‍රහාරය ජාතියේම එකක්. මහ මොලකාරයා වෙනුවට කුඩා මොල කාරයන් ටිකක් තෝරාගෙන වගේ.

:       0       4

Raveendra Tuesday, 12 October 2021 06:05 AM

අප අදාළ නිලධාරීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ හොරුන්ගේ නම් ගම් ලිපිනයන් සහිතව මාධ්‍යයේ ප්‍රසිද්ධ කරන මෙන් . එවිට මේ අයට තමන්ගේ ගෙවල්වලට යාමට නොහැකි තත්වයක් උදාවනු ඇත. හොරකම් කරමින් පින්වතුන් ලෙස සමාජයේ හැසිරෙන මෙවන් අයගේ ගේ දරුපවුල්වලට සමාජය ඉදිරියේ ඇතිවෙන ලැජ්ජාව, අපහසුතාවයන් මේ සියල්ලම නීතියෙන් දඩුවම් දෙනවාට වඩා මානසික දඩුවමකි. එමගින් අනිකුත් හොරුන්ටත් මෙය ජීවිතේටම පාඩමක් බැවින් එමගින් හොරකම් අඩුවෙනවා යයි අප තරයේ විස්වාස කරන්නෙමු.

:       2       7

Asanka Tuesday, 12 October 2021 08:17 AM

ලංකා සතොස හා සම්බන්ධ සිද්ධියට ඉහළින් පිහිටි ලංකා සතොස සහ සතොස (සතොස) විවිධ ආයතන දෙකකි.

:       0       5

janatha api Tuesday, 12 October 2021 09:19 AM

මැති ඇමතිවරු වෙනුවෙන් තාවකාලික අත්අඩංගුවට ඉදිරිපත් වුන මහත්ම මහත්මීන්ට ජාතියේ ප්‍රණාමය.

:       1       12

පිටිගල මිලානෝ Tuesday, 12 October 2021 09:25 AM

සීනි හොරුන් සුදුලූනු හොරුන්ව අල්ලයි....

:       1       10

කෙළින් කවි Tuesday, 12 October 2021 10:34 AM

හෙට උපදින දරුවන්ටත් පටවා ණය ගෝනී රවටා දනන්ගේ රුහිරේ ගෙන පානී හැත්තෑ වසක් පාවා දී ලක් මෑනී හොරකං කරන අය කාපං මහසෝනී.

:       0       10

fairoos Tuesday, 12 October 2021 12:52 PM

කේස් එක නිවෙනකම් ඉඳලම ඇප දුන්නොත් හොඳයි

:       1       6

ranjan Tuesday, 12 October 2021 04:46 PM

මේ ආණ්ඩුව පත්වුණු දවසේ ඉඳන් අහන්න තියෙන්නේ බඩු ගණන් වැඩිකිරීම සහ හොරකම් 2/3, 69 ලක්ෂය 20 ඔක්කොම ජනතා සාපයක් වුණා...

:       0       4

sharm warn Wednesday, 13 October 2021 12:34 PM

තෝරයි, මෝරයි පාර්ලිමේන්තුවේ... කොහේවත් යන පෙතියෝ අල්ලන් ආවා ඉතින්...

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 153 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 324 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1412 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 209 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 417 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 372 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site