IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සිවුරු ඇදගත් බට්ටො දාල හිමිවරුන්ට තර්ජන කරන විට අප නිකන් ඉන්නේ නැහැ

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රටේ ආණ්ඩු පෙරලන්න එන විට හමුදාවට පැත්තකට වෙලා ඉන්න බැහැ.පාරට බැහැලා පන්සල්වල ස්වාමීන් වහන්සේලාට තර්ජනය කරන විට, සිවුරු ඇඳ ගත්ත බට්ටො දාලා තර්ජනය කරන විට අප නිකන් ඉන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පැවිදි පුද්ගලයන් මේවට දමා රටේ කලබල කරන සෙල්ලම නතර කළ යුතු බව කී ජනාධිපතිවරයා පැවිද්දන්ට පැවිද්දන්ගේ වැඩ කටයුතු කරන්න කියන්නැයි ද තමා මෙවැනි දේ කරන්නට ඉඩ දෙන්නේ නැතැයි ද කීය.

ආරක්ෂක අමාත්‍යාංශය මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ තාක්ෂණ අමාත්‍යංශය වැය ශීර්ෂ⁣  විවාදයට ගත් ඊයේ(24) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (12)

සිවුරු ඇදගත් බට්ටො දාල හිමිවරුන්ට තර්ජන කරන විට අප නිකන් ඉන්නේ නැහැ

යෝගා Thursday, 24 November 2022 03:39 PM

කතාව සහතික ඇත්ත. පැවිද්දන් කරන්න ඕන ආගමික කටයුතු මිසක් දේශපාලනේ නෙමෙයි. එක්කෙනෙක් පාර්ලිමේන්තුවටත් රිංගලා.

:       1       28

Nandalal DE SILVA - FranceThursday, 24 November 2022 10:39 PM

දින 80කට පසුව ඇප මත එලියට ආපු පින්තූර දැක්කම ඔය කතාවේ ඇත්ත නියමෙට පෙනෙනවා.

:       0       0

Shyam Thursday, 24 November 2022 03:40 PM

ලිප ගිනි මොළවන තෙක් දිය සැළියේ සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ.

:       18       9

මැක්ස් Thursday, 24 November 2022 03:49 PM

මහජනතාව ගෝඨභය මහතාගෙන් අපේක්ෂා කළේ මෙවැනි තිරසාර ගති ලක්ෂණ සහිත නායකයෙක්. මොකද මේ රටේ සමහර මිනිස්සු, විශේෂයෙන්ම අවස්තාවාදී ජවිපෙ, නන්නත්තාර සජබේ වැනි පක්ෂ සහ ඒවයේ අනුගාමිකයන් ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ට වල් බූරු නිදහසක් දෙන්න කියලා. වැඩ නොකර නිකන් ඉන්න නිදහස දෙන්න කියලා. ඕන එකටයි එපා එකටයි වර්ජන කරන්න නිදහස දෙන්න කියලා. එහෙම කරලා දියුණු උණු රටවල් මේ ලෝකේ නැහැ. කොහොම උනත් ගෝටභය මහතා නොකළ දේ රනිල් මහතා හරි කරනවා නම් පොදු මහජනතාව ඊට කැමතියි.

:       8       25

Suneth Hemantha Thursday, 24 November 2022 04:04 PM

මිනිස්සු අශාවට ආණ්ඩු පෙරළන්න එන්නේ නෑ. මිනිස්සු මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට උත්තර ඉල්ලන්නෙ. තොපි එකෙක්වත් මේ රට ඉස්සරහට යන්න දෙන්නේ නෑ. අපි අඩියෙන් අඩිය පස්සට යනවා. අවුරුදු 40 ක් විතර දේශපාලනේ ඉඳලා මේ රටට මොනවද කරලා තියෙන්නේ.

:       13       16

Kumara Thursday, 24 November 2022 04:19 PM

පුදුම දුකක් මහන්සියක් වෙලා ඡන්ද හිඟාකාලා අමාරුවෙන් හදාගත්ත ආණ්ඩුව නේද?

:       16       10

sharm warn Thursday, 24 November 2022 04:42 PM

රනිල්ට අමතක වෙලාත අනුන්ට එක ඇඟිල්ලක් දික් කරද්දි තමන්ටම ඇඟිලි 4 ක් එල්ල වෙන බව. පව් ඉතිං. කතාවක් තියනවනෙ පහනක් නිවෙන්න ලං වෙනකොට දැල්ල ඕනවටත් වඩා නටනවා කියලා. අනේ මන්දා...

:       19       12

athukorale Thursday, 24 November 2022 05:38 PM

චීවරධාරියොයි, පාලකයොයි ගයන්නේ එකම සින්දුව. ලෝකේ නැති දේවල් කියවමින් බඩවඩා ගන්නව. බොරු නම් කණ්නාඩියක් ඉස්සරහට ගිහින් බලන්ඩකෝ.

:       8       8

Bamunuarachchi Thursday, 24 November 2022 06:12 PM

ඔබතුමා සිවුරුකල්ලිය දැන ගත්තේ අදද? බමුණුආරච්චි ඔය සිවුරුකල්ලිය ගැන බොහොම කල්තියා කිව්වා. එනිසයි කියන්නේ උද්ගෝෂනවලදී සිවුරුකල්ලියේ ඔළු ඉස්සෙල්ලාම පලන්න කියලා. සිවුරු කල්ලිය පමණක් නොව ගොවි උද්ගෝෂණ වලට එන්න අමුඩ කල්ලියකුත් ඉන්නවා. ප්‍රසිද්දියේ උන්ගේ අමුද ගලවුවාට කමක් නැහැ. එහෙම කලොත් මේ මැට්ටෝ වහගන්නේ රහස් පෙදෙස. යකෝ වහගනින් මුහුණ.

:       6       14

SUNIL MILANO Thursday, 24 November 2022 07:45 PM

කවුරු කොහොම කිව්වත් මේ උදේට සිවුරු රෑට කලිනම් වැඩේ නවත්වන්න ඕනි. මෙයාලා හාල්පාරුවරුද මූණවල් බැලුවම තේරවාදි වගෙයි. ජෙප්පෝ , පෙරටුගාමියෝ හාල්පාරුවෝ මීක් සද්දයක් නැහැ.

:       8       19

Rexi Thursday, 24 November 2022 10:29 PM

ඔහොම යන්, ඔහොම යන්, දැන් අපිට ආයෙත් ගෑස් නැහැ, පොලිස් කඳුළු ගෑස් තමා තියෙන්නේ.

:       0       3

Perera Thursday, 24 November 2022 11:39 PM

මෙයාට පාර්ලිමේන්තුවේ පැදියක් උඩ ඉඳගන්නවත් චන්ද ලැබිලා නැතුව දැන් පොර ටෝක් දෙනවා හරියට ජනතා චන්දයෙන් ජනාධිපති වුනා වගේ

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 373 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 236 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 915 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 57 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 16 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2234 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 227 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site