IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සැමියා, දරුවන් සහ බිරිය බේරා ගන්න අලියා සමග සටනක්

(දිලීප් ජයසේකර)

නිවසසේ නිදා සිටි සිය කුඩා දරුවන් තිදෙනා හා බිරිද වල්අලියාගෙන් බේරා ගැනිමට වන එම වල්අලියා සමග ඔට්ටු වු පියකු  අලි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ශෝචනීය පුවතක් හම්බන්තොට නාගර්වැව ප්‍රාද්ශයෙන්  වාර්තා වීය.

කුරුළු උයන ගම්මානය, නාගර්වැව, හම්බන්තොට ලිපිනයේ පදිංචි සිව් දරු පියකු වන 35 හැවිරි කේ.පී.ජී.අනුර මහතා මෙලෙස වන අලි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.

බිරිද වන 25 හැවිරිදි ඒ.නිලූකා දමයන්ති මහත්මිය එම බිහිසුණු අත්දැකීම මෙලෙස විස්තර කළාය.

අපි ඉස්සර වෙලා පදිංචි වෙලා හිටියේ ගොන්නොරුව කැටැන්වැව ප්‍රදේශයේ. එම ඉඩම් අලි කළමානාකරණ රක්ෂිතයට යනවා කියලා අපිට නාගර්වැව අද ඉන්න මේ ඉඩම් ලබා දුන්නා. මේ ඉඩම් වලට හැමදාම අලි එනවා. එදාත් එළිවෙනකම්ම අපි අලි එළවලා පාන්දර ටිකක් නිදා ගත්තා. නිදාගෙන වැඩි වෙලාවක් ඉන්න වුනේ නෑ පාන්දර 6.30ට විතර ඇති එක සැරේම ගේ පිටිපැත්තෙන් වහලට ගැහුවා. එතකොට මායි මහත්තයයි දරුවෝ තුන් දෙනයි නිදාගෙන හිටියේ. මට හයියෙන් කෑ ගැහුණා. මහත්තයා නැගිටලා දොර ඇරලා බලන්න හදනකොටම අලිගේ බිත්තිය පෙරළුවා. අපි ඔක්කොම ගේ ඇතුළෙ හිරවෙලා.

කරකියා ගන්න දෙයක් නැතිව අපි ගේ ඇතුළේ ඉදන් කෑ ගැහුවා. අලියා ගේ වහලයි බිත්තියයි කඩලා ගේ ඇතුලේ හිටිය අපේ පැත්තට හොඩේ දමන කොට මහත්තයා අලියා පැත්තට පැනලා අපිට දුවලා යන්න කිව්වා. අලියා මහත්තයා පස්සේ එළවද්දි මන් දරුවෝ තුන්දෙනා අරන් ගෙයින් එළියට පැනලා දිව්වා.ඒත් එක්කම අලියා මහත්තයාට ගැහුවා.මහත්තවා විසිවෙලා ගිහින් බිම වැටුණා.අලියා නැවත් ඇවිත් ගේ කැඩුවා. එතකොට අහල පහළ අයත් ඇවිත් කෑ කෝ ගහලා අලියා එළවා ගත්තා.ජිවිතේ අපි පුදුම තරම් බය වුනේ එදා තමයි.

අලියා පැත්තට පැන්නේ නැත්නම් අලියා දරුවෝ තුන්දෙනත් එක්ක අපිව ගේ ඇතුලෙම මරා දමනවා.අලි ප්‍රහාරයන් මහත්තයගේ කකුල් දෙකයි අතයි  කැඩිලා. එයා දැන් රෝහලේ.අපි කුළී වැඩ කරගෙන ජිවත් වෙන්නේ.අපිට ගෙයක් හදාගන්න තරම් වත්කමක් නෑ.එක පුතෙක් පන්සලක නවත්තලා තියෙන්නේ.පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එක කාමර කෑල්ලක් හදා ගන්න අපිට පිහිටක් වෙන්න.

මට අවුරුදු 10,7,4 හා අවුරුදු එක හමාරක දරුවෝ හතර දෙනෙක් ඉන්නේ.එක කාමර කෑල්ලක් හදාගන්න උදව්වක් කලොත් ඒක ලොකු පිනක් යැයි ඇය පැවසුවාය.

දරුවන්ට පවා කෑම බීම ද එක වේලකට පමණක් සීමා කිරීමට සිදුව ඇත්තේ පවතින දරිද්‍රාතාවය නිසාය. මේ අසරණ පවුලට පිහිටවීමට කැමති අයෙක්  සිටී නම් 0719020306 හෝ077 5053200 දුරකතන අංක ඇමතීමෙන් විස්තර ලබාගත හැකියි.

 

 



අදහස් (91)

සැමියා, දරුවන් සහ බිරිය බේරා ගන්න අලියා සමග සටනක්

dilshan de silva Saturday, 18 September 2021 09:35 AM

මට මේ පවුලේ විස්තර ලබා ගත හැකිද?

:       2       58

janahitha UAE Saturday, 18 September 2021 09:37 AM

අපි අපේ අයට උදව් කරමු. කාරුණික ඉල්ලීමක්, ඔබගේ අවදානය පිණිස.

:       0       50

gamunuSaturday, 18 September 2021 08:05 PM

මෙම අවාසනාවන්ත ලෙස වන අලි ප්‍රහාරයකට මැදිව අසරණවූ මෙම පවුලේ පිරිසට නැවත එම ප්‍රදේශයේම නිවසක් සදා දීමෙන් පලක් නොවේ. අලුත් නිවසක් සාදා දුන්නද නැවත වන අලි පැමිණ එම නිවසද කඩා දමනු ඇත. එමනිසා වන අලි නොපැමිණෙන ප්‍රදේශයකින් දරුවන් සිටින ඇයගේ ආර්ථිකය වෙනුවෙන් එම කාන්තාවට සුවයන් රැකියාවක් කිරීමට හෝ නිවසක් ලබදියයුතුවේ. හම්බන්තොටින් පාර්ලිමේන්තුවට පැමිණ සිටින රාජපක්ෂ පරපුරට මෙම කාන්තාව මුහුණදී තිබෙන ප්‍රශ්නයට විසදුමක් ලබාදීමට නොහැකිද ?

:       0       14

janahitha UAESunday, 19 September 2021 02:22 PM

ලංකාදීප වෙත .කරුණාකර ඔවුන්ගේ ලිපිනය හෝ ගිණුම් අංකය පල කරන්න

:       0       6

janahitha UAESunday, 19 September 2021 02:25 PM

දේශපාලකයින් දුගී දුප්පත් ජනතාවගේ චන්දය ගෙන සුර සැප විඳිනවා .ජනතා ධනය කොල්ල කනවා ,ඔවුන් ගැන සොයාබැලූ ය අතලොස්සක් ප්‍රේමදාස ,සිරිමාවෝ ,එන්.එම් ,පී.කේ වන්නා අය අමතක කලයුතු නොවේ .දුශිතයන් පිටු දැක අපි අපේ අයට උදව් කරමු.

:       1       5

සූරියවැව දිලීප් ජයසේකරMonday, 20 September 2021 08:08 PM

මෙම අසරණ පවුල සඳහා මේ වන විට නිවසක් ඉදිකිරීම සඳහා උදව් කිරීමට ඉදිරිපත් වු සියළු දෙනාට පිං. මෙම අසරණ පවුල පදිංචි ඉඩමේම යළි ඔවුන්ට නිවසක් සාදා දීම ඵලක් නොවන දෙයක් බව එහි ගිය අපට අවස්ථා කිහිපයකදිම දැකිය හැකි වුණා. ඒ නිසා වෙනත් තැනකින් නිවසක් ඉදිකිරිමට ඉඩමක් ඉල්ලා සිටි අතර ඒ සඳහාද ඇමති චමල් රාජපක්ෂ මහතා ඉඩමක් ලබාදීමට ඉදිරිපත්ව සිටින බව දැනගන්න ලැබුණා. එය ලැබුණු විගස එම ඉඩමේ නිවස සෑදිමට කටයුතු කරමින් සිටියි. එතෙක් මෙම පවුල අද (20) දින සිට එම නිවස ආසන්නයේ පිහිටි වෙනත් නිවසක තාවකාලිකව පදිංචි කිරිමටත් හා මසකට පමණ සෑහෙන්න වියළි ආහාරද විවිධ පාර්ශව විසින් ලබා දීමටද කටයුතු කර තිබේ. හැකි ඉක්මණින් නිවස සාදා දීමට අවශ්‍ය පියවර ගනිමින් සිටියි. එ් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතාද එක්ව සිටියි.

:       0       1

senaSunday, 19 September 2021 05:58 PM

මාලනී බුලත්සිංහල ගායනා කරන රජ ගෙදරක ඉපදී සිටියේ නම් නුඹත් රජෙකි පුතුනේ කියා එම දරුවා ගේ මවට සිතෙනව ඇත.

:       1       7

සරා ගොයියා Saturday, 18 September 2021 09:49 AM

අයියෝ දරුවො රජ පවුලේ වැඩිමලා කිව්වෙ මාසෙකින් අලි ප්‍රශ්නෙ විසදනවා කියලනේද තාම නැද්ද නැත්නම් දැන් ඉතින් ඔටුන්න හිමි කුමාරයාට කියලා බලන්න ඊලග සැරෙත් එයාටම දෙන්න.

:       20       58

Wickrama Saturday, 18 September 2021 09:52 AM

අපට ඔවුන්ට උදව් කළ හැකි සම්බන්ධතා තොරතුරු අපට දෙන්න,

:       0       46

Malika Saturday, 18 September 2021 09:56 AM

මෙයාලට උදව්වක් කරන්න කැමතියි. කොහොමද ඒයාලව හමුවන්නේ.

:       1       38

Ishara Amarakoon Saturday, 18 September 2021 10:01 AM

මේ පවුලට උදව් කරන්න පුලුවන් විදිහත් දාන්න. අපි කැමතියි උදව් කරන්න.

:       0       36

මීමන Saturday, 18 September 2021 10:06 AM

මේ වගේ අසරණ පවුල් වලට උදව් කරමු හැමෝම පුළුවන් විදියට.

:       0       33

saman Saturday, 18 September 2021 10:20 AM

ගිය අවුරුද්දේ 5000 දීපු වෙලාවේ ගෙදර අය බඩගින්නේ ඉන්න ඇරලා ඒකෙන් සුරාව බීපු වීරයන් ගැන හිතුවම මෙන්න නියම පිරිමියෙක්. බැංකු ගිනුම් විස්තරයක් දෙනවානම් ගොඩක් සල්ලි නැතිවුනත් තියන විදිහට කීයක් හරි දාන්න පුලුවන් දවස් කීපයක් කන්න හරි නැත්නම් ඒ ඇත්තටම දාන පාරමිතාවක් පිරුවා වගේ තමුන් ජීවිතය දීලා හරි බිරිඳ දරුවන් බේරන්න ගිය සැමියාට අවශ්‍ය දෙයක් ගන්න හරි. ඒ නිසා මේ එක්ක ගිනුම් තොරතුරු දෙන්න කියලා ලංකාදීපයෙන් ඉල්ලා සිටිනවා.

:       2       58

RaveendraSaturday, 18 September 2021 10:50 AM

ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය. පව් මේ මිනිසුන්..... මාධ්‍යට මුණු පෙන්වමින් දන් පාරමිතා පුරන අයට මේ මිනිසුන්ගේ දුක පෙනේවා.

:       3       38

Ruwan R Saturday, 18 September 2021 10:47 AM

මට මේ අය සම්බන්ධ කරගන්න විදිහක් කියන්න.

:       0       32

Dan Saturday, 18 September 2021 10:50 AM

උදව් කරන්න කැමතියි. කොහොමද කරන්නේ කියලා කියන්න.

:       0       27

අරුණ Saturday, 18 September 2021 10:58 AM

දැනට මේ අයට බැංකු ගිනුමක් නෑ. ඒ නිසා අප ප්‍රාදේශීය මාධ්‍යවේදී මහතා මේ වන විට බැංකු ගිනුමක් ආරම්භ කරන්න කටයුතු කරමින් සිටිනවා. එය ලැබුණු විගස අප පාඨක මහත්ම මහත්මීන්ට ලබා දීමට කටයුතු කරන්නෙමු.

:       1       62

RaveendraSaturday, 18 September 2021 11:27 AM

ඇත්තෙන්ම ඉතාම හොද පියවරක් ප්‍රාදේශීය මාධ්‍යවේදී මහතා ගෙන ඇත්තේ.

:       1       31

rupaSaturday, 18 September 2021 01:03 PM

ඉතා හොඳ දෙයක්. කරුණාකර එයත් පලකරන්න​. එතකොට දකින අපි කාටත් පුලුවන් තරමින් දෙයක් කළ හැකි වේවි...!

:       0       23

chamikaSunday, 19 September 2021 04:42 PM

ඔබලාගේ උත්සාහය ඉතාමත් අගෙයි. තව මේ වගේ දේවල් දැනුවත් කරන්න

:       0       4

Nalaka Saturday, 18 September 2021 11:02 AM

ඇත්තටම ඔව්, මේ අසරණ පොඩි පැටවුන්ට උදව් කරන්න පුළුවන් මටත්.

:       1       20

N M S Arachchige Saturday, 18 September 2021 11:32 AM

ලබා ගත හැකි විට කරුණාකර ඔවුන්ගේ බැංකු ගිණුම් විස්තර මට එවන්න.

:       0       20

nishan Saturday, 18 September 2021 11:35 AM

මේ පින්තූරෙ දැක්කම ඇස්දෙකෙන් කඳුළු බේරුනා. කරුනාකර ඔවුන්ගේ නිවැරැදි ගිනුම් අංකය එවන්න, හැකි ආකාරයකට උදව් කිරීම සදහා.

:       0       21

Perera Saturday, 18 September 2021 11:37 AM

කරුණාකර බැංකු ගිණුම් විස්තර සඳහන් කරන්න

:       0       17

SL Saturday, 18 September 2021 12:07 PM

විසඳිය හැකි ප්‍රශ්න විසඳන්නේ නැති දේශපාලකයෝ සහ රාජ්‍ය සේවකයෝ ඉන්නකල් මේ ප්‍රශ්න දිගටම තියෙයි. චන්ද එයි ,ආණ්ඩු පත්වෙයි ......................අපි හුරේ කියයි. පෙරහැරේ යන අලි ගැන හොයන සෙට් එක මොකද කියන්නේ ,උදව්වක් කරමුද ?

:       0       18

mihira Saturday, 18 September 2021 12:27 PM

මේ අයට උදව් කරනවා කියලා මේ අලි ගොඩේ ගෙවල් හදලා වැඩක් නැහැ. අලි කරදරය නැති පැත්තකින් ඉඩම් කෑල්ලක් රජය හරහා ගන්න පුළුවන් විදිහක් බලන්න ඕනේ මුලින්ම...

:       0       23

janahitha UAEMonday, 20 September 2021 09:26 AM

කොන්ක්‍රීට් කණු හතරක් යොදා ගෙන අලියා බලය යොදන හිස ප්‍රමාණයෙන් බීම වලින් සම්බන්ධකල ආරක්‍ෂිත සැකිල්ලක් ගෙයි බිත්තිවලට සම්බන්ද කිරීමෙන් අලි ප්‍රහාර වලක්වා ගත හැක .බැටරි වලින් ක්‍රියාකරන විදුලි පහන් දා තිබෙනවා උන් පලවා හරින්න .ලබා දෙමු පළමුව කොලම් යොදා කුඩා නිවසක් .ඉදිකිරීමට සහය දෙන්න ඔබලාට අපගේ ස්තුතිය .

:       0       1

Susantha Saturday, 18 September 2021 12:31 PM

යම් උදව්වක් කිරීමට කරුණාකර බැංකු ගිණුමේ විස්තර එවන්න.

:       0       11

සෙනෙවිරත්න Saturday, 18 September 2021 12:37 PM

මහින්ද මහත්තයාගෙ පින්තූරෙත් අලි පාගල වගේ නොදැනුවත්වම, ජොගිං පාත් හදන එකට වඩා මේ අසරණයන්ට අලි වැටක් ගහන එක වැදගත් නොවෙනව ඇති. මහින්ද මහත්තයා ඉතාලියෙ පවුලම පිටින් ආවම මොනවත් කරාවි.

:       1       21

Senevi Saturday, 18 September 2021 12:39 PM

ගෝඨාභයගේ පින්තූරෙත් අලි පාගලා

:       3       15

P.A.K. Karunananda Saturday, 18 September 2021 12:42 PM

හිතවත් කතෘ , මෙවැනි පවුල් වලට උදව් කිරීමට ක්‍රමයක් තිබේද? කරුණාකර මහජනතාව දැනුවත් කරන්න. අපට යම් මුදලක් තැන්පත් කළ හැකිය. නිවසක් තැනීම සඳහා යමෙකුට මූලිකත්වය ගත හැකි නම් , කමල්ට සැබවින්ම ස්තූතිවන්ත විය යුතුය

:       0       9

Wickum Herath Saturday, 18 September 2021 12:43 PM

හම්බන්තොටින් බිහි උන මිනිස්සු නේද 2004 ඉඳන් රට පාලනය කරන්නේ ?

:       3       18

ගමේ එකාලාSaturday, 18 September 2021 11:00 PM

දේශපාලුවෝ හත්මුතු පරම්පරාවම ගොඩ දාගත්තු එකයි කරගත්තේ.

:       1       4

Janathawa Monday, 20 September 2021 03:24 AM

එයාලම තමා හෙල්පින් හම්බන්තොට කියලා ගිණුමක් පටන්ගත්තේ.?

:       0       0

ajith jayantha Saturday, 18 September 2021 12:43 PM

ලිපිනයයි, ඔවුන්ගේ දුරකථන අංකයකුයි මේ සමඟ පල කරන්න .උදව් කරන්න කැමති හැමෝටම ලොකු පහසුවක් වෙයි

:       0       9

පැරකුම් Saturday, 18 September 2021 12:47 PM

ප්‍රමුඛත්වය අලියටද මිනිහටද? මට බලතල ඇතොත් ගන්න තීරණයට ඔබ එකග නොවෙනවා නියතයි. ඒත් මම මිනිහගෙ පැත්තෙ. ඔබ…?

:       7       9

CHAMINDA SAMPATH Saturday, 18 September 2021 12:49 PM

ඔබට ඔවුන්ට උපකාර කිරීම සඳහා මෙම පවුල් සම්බන්ධතා විස්තර එවිය හැකිද?

:       0       9

බැද්දෙගෙදර ටිකෝරිස් Saturday, 18 September 2021 12:56 PM

පොලොන්නරුවෙ පරාක්‍රම සමුද්‍රයේ ජොගින් පාක් හදන්න දගලන මහ එකාගේ ඇස් ඇරේවා

:       8       23

kamal Saturday, 18 September 2021 12:58 PM

මෙහෙම රටක තමයි ගුරුවරු පඩි මදි කියලා ගෙදර ඉන්නේ...

:       13       22

Kanhan Saturday, 18 September 2021 01:37 PM

හම්බන්තොට කියද්දිත් මොකක්ද වගේ..? පව් මේ මිනිස්සු... කාලකන්නි හොරාකන්න හදපු වරායක්.., ගුවන් තොටුපල, ක්‍රීඩාංගණ, ඉන්න ගෙයක්වත් නැහැ... මේ මිනිස්සුන්ට...

:       4       21

Suchira Saturday, 18 September 2021 02:24 PM

පිය සෙනෙහසට කවි ගී ලියැවුණා මදි...

:       0       21

amiya Saturday, 18 September 2021 02:34 PM

මටත් පුළුවන් මෙයාලට උදව්වක් කරන්න.. අපි ඔක්කොම එකතු වෙලා මේ කට්ටියට ඉන්න තැන හදලා දෙන්න දායකත්වය දෙමු. මගේ ඊමේල් එකට විස්තර එවන්න.

:       0       10

Rasika Saturday, 18 September 2021 02:41 PM

මිරිස්කුඩු ගසා බේරෙන්න.

:       0       6

Ruwan RSaturday, 18 September 2021 04:17 PM

අලින්ට ගහන්න මිරිස් කුඩු කොහෙන්ද? සම්බෝලයක් හදාගන්නවත් තිබුණද දන්නේ නැහැ. කොහොම වුණත් ඒ තාත්තා නියම වීරයෙක්...

:       0       10

අසා ධාරණ Saturday, 18 September 2021 03:16 PM

මේක එක් සිද්ධියක් පමණයි. අද සෙනසුරාදා පුවත් මගින් පොලොන්නරුවේත් එවැනිම සිද්ධි කීපයක් සිදුවුණු බව දැක්කා. ඇත්තටම වඩා වැදගත් වන්නේ මංතීරු හැදීමද? නැත්නම් මෙවැනි දේට විසඳුමක් ලබාදීමද? නුවණැත්තෝ සිතත්වා...!!!

:       1       14

අශෝක බණ්ඩාර Saturday, 18 September 2021 03:27 PM

ගරු කතෘතුමනි, මෙම පවුලට මුදල් ආධාරයක් කිරිමට මා කැමතියි. කරුණාකර එම මුදල එවීමට හැකි ආකාරයක් මා වෙත දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි...

:       0       7

aa Saturday, 18 September 2021 04:01 PM

ආ ....

:       2       0

Prof Gamini Herath Saturday, 18 September 2021 04:26 PM

කරුණාකර මට මේ පවුල පිළිබඳ සියලු විස්තර, දුරකථන අංක සමග එවන්න...

:       1       3

GAMINI DAYANANDA Saturday, 18 September 2021 04:40 PM

අපිට උදව් කරන්න පුළුවන් ඇයට නිවස සාදවා දෙන්න...

:       0       4

asanka Saturday, 18 September 2021 04:47 PM

ඇයි මේ ඈත ගම්වල ජීවත්වෙන මිනිසුන්ට පහර දෙන අලින්ට වෙඩි තැබීමට මෙතරම් මැලිවන්නේ? ඒ ගම්බද මිනිසුන්ගේ ජීවිත, නගරබද මිනිසුන්ගේ ජීවිත තරම් වටින්නේ නැති නිසාද?

:       3       3

Samantha Italia Saturday, 18 September 2021 05:05 PM

කරුණකර මට ඊමේල් එකට විස්තර දන්වන්න... ටෙලිෆෝන් නම්බරයක් හරි එවන්න..

:       0       3

HMR bandara Saturday, 18 September 2021 05:07 PM

දුරකථන අංකය ලබාදෙන්න..

:       1       6

ගමේ එකාලා Saturday, 18 September 2021 05:11 PM

පවුල් පාලනේ රජකරන පැත්තනේ.. හතර වරිගයේම අයට මොන සැපද? ගමේ මිනිසුන්ව මතක් වෙන්නේ ඡන්දෙ ගන්න විතරයි.

:       0       7

menaka Saturday, 18 September 2021 05:50 PM

මට මේ අයගේ විස්තර එවන්න.

:       1       3

විපරමා Saturday, 18 September 2021 06:24 PM

හෙල්පින්ග් හම්බන්තොට තියෙන්නේ. හොයලා බැලුවේ නැතෙයි..

:       4       12

d.upul Saturday, 18 September 2021 07:19 PM

මට නම් උදව්වක් කරන්න වෙලාවක් නැහැ. මම පැය ගණනක ඉඳලා අරක්කු පෝලිමේ...

:       1       0

Bandula Gunaratna Saturday, 18 September 2021 07:30 PM

කරුණාකර මට ඔවුන්ගේ දුරකථන අංකය හෝ ලිපිනය එවන්න.

:       0       2

ajith Saturday, 18 September 2021 07:47 PM

ලංකාදීප පත්තරය සමග සම්බන්ද වෙන්න

:       0       2

Nalinda Saturday, 18 September 2021 09:16 PM

කරුණාකර සම්බන්ධතා විස්තර දෙන්න.

:       0       0

THEJANA MARASINGHE Saturday, 18 September 2021 09:40 PM

මම ඇමරිකාවේ ජීවත් වන වෛද්‍යවරයෙක්. මට මේ පවුලට නව නිවසක් තැනීමට උදව් කිරීමට අවශ්‍යයි. ඔවුන්ට උදව් කිරීමට තොරතුරක් හෝ සම්බන්ධතාවක් මට දන්වන්න.

:       0       7

වසිති බිබිලේ Saturday, 18 September 2021 10:03 PM

වරායට, ගුවන්තොටුපොළට, ක්‍රිකට් ක්‍රීඩා පිටිය ආදිය හදන්න මුළු හම්බන්තොටම හෙලෙව්වා. අද එහි කැලෑ නැහැ. අලි ගම් වදිනවා හැර වෙන මොනවා කරන්නද?

:       1       6

sampath Saturday, 18 September 2021 10:07 PM

අලියා ගහන්නෙත්, සරපයා ගහන්නෙත් දුප්පත් බැරි මිනිහටමයි.

:       0       6

Lasantha Saturday, 18 September 2021 10:22 PM

නිවසක් තනා දෙන්නම්, මට ඔවුන්ගේ දුරකථන අංකය සහ ලිපිනය එවන්න.

:       0       3

kumara Saturday, 18 September 2021 11:29 PM

වනජීවී ඇමති සැප විඳිනවා.

:       0       4

Upula Seneviratne Sunday, 19 September 2021 03:32 AM

පරිත්‍යාගයක් සඳහා කරුණාකර මෙම පවුලේ බැංකු ගිණුම් අංකයක් අපට එවන්න.

:       0       2

Anura Nanume Sunday, 19 September 2021 04:09 AM

මට එයාලට උදව් කරන්න පුළුවන් .. මට ඒ අයගේ විස්තර එවන්න.

:       0       0

Ananda Thilakasiri Sunday, 19 September 2021 04:23 AM

ඔවුන්ට යම් උදව්වක් ලබා දීම සඳහා කරුණාකර අපට ඔවුන්ගේ සම්බන්ධතා විස්තර ලබා ගැනීමට ඉඩ දෙන්න. ඔබට ස්තුතියි!

:       0       0

Ranjith Kotuwegedara Sunday, 19 September 2021 06:04 AM

මට ඔවුන්ගේ බැංකු ගිණුම් අංකය ලබා ගත හැකිද?

:       0       0

Dulish Perera Sunday, 19 September 2021 06:39 AM

මෙම පවුලට උදව් කිරීමට මම ඇත්තෙන්ම කැමතියි, කරුණාකර මට එහි සම්බන්ධතා විස්තර එවන්න.

:       0       0

Dumindu Sunday, 19 September 2021 07:17 AM

මෙයාලට උදව්වක් කරන්න කැමතියි. කොහොමද ඒයාලව හමුවන්නේ.

:       0       0

janahitha UAESunday, 19 September 2021 02:26 PM

වෙල්ලස්ස, ටීවී මගින් මේ අය ගැන සොයාබැලීමට උත්සාහ කරමින් සිටිමු

:       0       0

TAH Sunday, 19 September 2021 08:43 AM

මෙම පවුල සම්බන්ධ කර ගැනීමට කරුණාකර සම්බන්ධතා අංකයක් එවන්න.

:       0       1

Ranjith Dubai Sunday, 19 September 2021 09:23 AM

මේ පවුලට උදව් කරන්න පුලුවන් විදිහත් දාන්න. අපි කැමතියි උදව් කරන්න.

:       0       1

Jayaratne Sunday, 19 September 2021 10:06 AM

හැකි උපකාර සඳහා කරුණාකර ඔවුන්ගේ දුරකථන අංකය හෝ වෙනත් සම්බන්ධතා තොරතුරු අපට දන්වන්න.

:       0       1

Priyanwada Banduwardana Sunday, 19 September 2021 11:02 AM

රුපියල් 50000 ක් දෙන්න කැමතියි. විස්තර දන්වන්න.

:       0       4

Asela Indika Sunday, 19 September 2021 11:52 AM

උපකාර සඳහා කරුණාකර ඔවුන්ගේ දුරකථන අංකය හෝ වෙනත් සම්බන්ධතා තොරතුරු අපට දන්වන්න.

:       0       1

සුජීව Sunday, 19 September 2021 12:47 PM

මේ රටේ ඔය වවගේ පවුල් තව දදහස් ගනනක් ඉන්නවා. අපි මිනිසුන්ට උදව් කරන්නේ අත පය කඩා ගත්තට පස්සෙද? හොහොඳයි ඒ මිනිස්සු මලානම් මොකක්ද කරන උදව්ව ? අමාරුවෙ වැටුනම උදව් කරන කුහක සිතුවිල්ල සමහරු උවමනාවෙන්ම ප්‍රචාරය කරනවා. අපි ආණ්ඩු පත්කරගන්නෙ, බදු ගෙවන්නෙ ඇමත්වරු මන්ත්‍රීවරු පලාත්සභා ප්‍රාදේශීය සභා තියෙන්නෙ ඔය ප්‍රශ්න විසඳන්න . සාමාන්‍ය පෙල අසමත් අසමජ්ජාති රොත්තක් පාර්ලිමේන්තු යැව්වම රටේ ප්‍රශ්න විසදෙන්නෙ නැති බව අර හැටනම ලක්ශෙ කට්ටිය තේරුම් ගන්න ඕනෙ.

:       2       6

Jayath Batuwangala Sunday, 19 September 2021 01:11 PM

මේ අයට ‌ උදව් කරනන පුලුවන් කොහොමද

:       0       2

nimal Sunday, 19 September 2021 01:58 PM

මේ ජනාධිපතිවරු ,අගමැතිවරු ,කතා නායකලා නිර්මාණය කරපු දිස්ත්‍රික්කයක් .මිනිස්සු තාම අසරණයි .වෙනස් කල යුතු නැද්ද මේ පාදඩ සමාජ ක්‍රමය

:       0       5

සමන්Monday, 20 September 2021 01:12 AM

ජනාධිපති, අගමැති, කථානායක පමණක් නෙවෙයි නිවාස ඇමති සහ අනාගත (සහ දැන්) විපක්ෂ නායක කෙනෙකුත් අලි පක්ෂය දෙකට කඩලා කොළඹට මරුවෙන තුරු ඡන්දය ඉල්ලලා දිනුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කියලත් මතක නැද්ද. ඒ නිසා සමාජ ක්‍රමය වෙනස් කරපු මිනිස්සුන්ට වැඩක් වුණාද? උදාගම් ව්‍යාපාරය මගින් තමුන් නිවාස ඇමති කාලයේ මේ වගේ අයට ගෙවල් දීලා සේවයක් නොකරේ ඇයිද කියලත් අහන්න. දේශපාලන කතා කිරීමට කලින් දෙපැත්තම හිතන්න. අතපත්තු පරපුරත් ඔහෙන්මයි ආවේ. ඒත් වෙනසක් කරාද?

:       0       0

අසේල බාලසූරිය Sunday, 19 September 2021 02:30 PM

උපකාර කිරීම සඳහා මෙම පවුල් සම්බන්ධතා විස්තර එවිය හැකිද? තවද කරුණාකර බැංකු විස්තර ලබා දිය හැකිද?

:       0       2

janahitha Sunday, 19 September 2021 02:35 PM

අපි අපේ අයට උදව් කරමු.අපේ පන්තිය වෙනුවෙන් දේශපාලකයෝ කිසිවක් නොකරති

:       0       3

ගමේ එකාලා Sunday, 19 September 2021 07:14 PM

මේ පවුලට උදව් කරන්ඩ සත්ගුණවත් අය ඉදිරිපත් වීමත් ලොකු සතුටක්.ඔවුන් සියලුම දෙනාට අපගේ ප්‍රණාමය " .මහජනතාවගේ කතිරෙන් බලයට ඇවිත් සුර සැප වින්දින කාලකන්නි දේසපාලුවන්ට හිතක් පපුවක් නැති හැටි ,

:       0       5

hesa Monday, 20 September 2021 01:29 AM

ලංකාවට නිතර යන එන කාලයේ එහෙම සරණ උනා..පුද්ගලිකවම.. ආයෙත් යන්න පුලුවන් උන දවසට සත්තකින් ආයෙ ඒ වැඩ කරනවා.. නමුත් බැංකු ගිණුම් වලට මුදල් යවන්නෙ නැහැ කවදා වත්..මොකද අදාල තැනට නොලැබෙන නිසා..හෝ සම්පූර්ණම මුදල නොලැෙබෙන නිසාත්.. ( හොඳටම දන්න අසරන පවුලකට) 2020 මුලින් රඡයෙන් නියම කල රු. 5000 ලැබුනෙත් ග්‍රාම සේ.නිළදරුන්ට කී වාරයක් පින් සේන්ඩු වෙලාද .දැන් මෙතනම හැම කෙනෙක්ම අවංකවම ඉදිරිපත් උනාට, ලංකාවේම ඉන්නවා නම් පුද්ගලිකව කරුණාකර සොයා බලන්න මුදල් හරියට පරිහරණය වනවාද කියා.. පිට රටක සිට යවනවා නම් 100% ක් විශ්වාස කෙනෙකු හරහා කරන්න..පරිස්සම් වෙන්න..

:       0       1

මාම Monday, 20 September 2021 04:58 AM

මම අදයි මේ පුවත දැක්කේ, මගෙ ඇස්වලින් කඳුලු ගලා ගෙන ආවා, මම පොසතෙක් නෙමෙයි ඒත් මම මට ජිවත් වෙන්න තියෙන දෙයින් මුදලක් මේ අහිසංක පවුලට එවනවා. බැංකු ගිනුමක් ඇර මේ දරු පවුලට උදව් කරමු.

:       0       0

Pathirana Monday, 20 September 2021 06:35 AM

කරුණාකර ගිණුම් විස්තර මට එවන්න. මම දායක වෙමි.

:       0       0

janahitha Monday, 20 September 2021 09:27 AM

උදව් කරන්ඩ සත්ගුණවත් අය ඉදිරිපත් වීමත් ලොකු සතුටක්. ඔවුන් සියලුම දෙනාට අපගේ ප්‍රණාමය "

:       0       0

duminda Monday, 20 September 2021 10:56 AM

තව කුළුණු තුනක් විතර හැදුවානම් ප්‍රශ්නේ ඉවරයි. උදව් කරන්න ඉදිරිපත් වුන අයට පින්...

:       0       0

Lal Monday, 20 September 2021 11:30 AM

උදව් කිරිම සඳහා සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයත්,ලින්ක් එකත් කිහිප වරක් යොමු කළත් ලංකාදීප පත්තරේ පල නොවීම ගැන කණගාටු වෙමි.

:       0       0

asanka Monday, 20 September 2021 07:53 PM

රටේ පාලකයෝ කාලා තර වෙලා V8 වල පාවෙනවා. රටේ පුරවැසියන් තවමත් ජීවත් වෙන්නේ අප්‍රිකාවේ රටක වගෙයි. මොකක්ද අප්පා මේ රටට වෙලා තියෙන්නේ?

:       0       1

Anura Nanayakkara Wednesday, 22 September 2021 09:13 AM

මෙම අසරණ පවුලට උදව් කිරීමට හැකි රජයේ ආයතනයක් හෝ සංවිධානයක් තිබිය යුතුය. සිංහල බෞද්ධ රටේ මිනිස්සු ඉදිරිපත් විය යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 10 0

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 428 0

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 275 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


ඇල්ල කරඳගොල්ලේ නාය යාමක් සක්‍රීය වෙයි
2024 අප්‍රේල් මස 24 165 0

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම යලි සක්‍රීය වීමත් සමඟ එම ස්ථානයේ අවට පදිංචි පවුල් 10 ක් අද (24)ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව ඇල්ල ප්‍රා


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 618 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ඉරාන ජනපති එයි
2024 අප්‍රේල් මස 24 589 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1650 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site