IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


සන්නද්ධ හමුදා රටපුරා කැඳවීමට ජනපතිගෙන් විශේෂ ආඥාවක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මහජන ආරක්ෂාව සඳහා  සන්නද්ධ හමුදා දිවයින පුරා  කැඳවීමට  ජනාධිපතිවරයා  විශේෂ ආඥාවක් නිකුත් කර ඇතැයි  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද  (22) දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා  මේ ආඥාව නිකුත් කර ඇත්තේ  හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ  දොළොස් වැනි වගන්තියෙන්  ඔහුට පැවරී ඇති  බලතල අනුවය. කතාවරයාවරයා සභාවේ කටයුතු ආරම්භයේදී මෙම තීරණය දැනුම් දුන්නේය.



අදහස් (66)

සන්නද්ධ හමුදා රටපුරා කැඳවීමට ජනපතිගෙන් විශේෂ ආඥාවක්

Raveendra Wednesday, 22 September 2021 11:52 AM

සමහරුන්ට මෙම පුවත කනට මීපැණි දමනවාසේ දැනෙනු ඇත. මෙන්ම හමුදාව රට පාලනය කරනෝ...අපිට උද්ගෝෂණ, වැඩ වර්ජන කරමින් රට අස්ථාවර කිරීමේ අයිතිය තහවුරු කරව් ..

:       136       459

අනේ මන්දWednesday, 22 September 2021 12:15 PM

හොඳටම කඩේ යන සාඩින් බයියෙක් වගෙයි. හෙට අනිද්දා තමුන්ගේ ගෙදර දොරටම තට්ටු කරනකොට තරු පෙනෙයි. ගුඩ් ලක්...

:       376       158

එහෙමද ආසWednesday, 22 September 2021 03:51 PM

මෙම කැඳවීම අනිවාර්යයෙන් වෙන්න ඕනෑ. මිනිස්සු මාසයක් තිස්සේ කරපු කැපකිරීම් මෝඩ විපක්ෂයකට විනාශ කරන්න දෙන්න බෑනේ... උද්ඝෝෂණ 850ක් කරනකන් බලන් හිටපු එක ගැන නම් අපිටත් කකියනවා. දැන්වත් මොලේ පෑදිච්ච එක ලොකු දෙයක්... ආපහු ගොන් පාට් උද්ඝෝෂණ කරන්න ආවා නම් හමුදාවෙන් නෙමේ කන්නේ. මිනිස්සුන්ගෙන් පොලු පාරවල්වලින්...

:       95       254

BamunuarachchiThursday, 23 September 2021 09:20 AM

උද්ගොෂණ වලින් බඩ වියත රැක ගන්න ජෙප්පෙකුට තද වෙලා වගේ. දැන් හැංගිලා හිටිය අටුවෙන් බිමට බහින්න. අපේ ගෙවල් වලට හමුදාවෙන් තට්ටුකරන්නේ මොකටද? පාරක් පාරක් ගානේ හමුදාව හිටියත් අපිට කමක් නැහැ අපේ ආරක්ෂාවට.

:       17       61

මාමWednesday, 22 September 2021 01:57 PM

මොනවද ඔයා කියන කථා, කවුරුත් මේ වගේ දෙවල් දැක්කාම පුදුම වෙනවා. මී පැණි නෙමෙයි මිනිස්සුන්ට ගිනිවතුර කනට දානවා වගේ බය හිතෙනවා.. අපිත් ලොකු බලාපොරොත්තු තියාගෙන ගෝඨාභය මහත්තයාට ඡන්දෙ දුන්නේ... දැන්නම් ඒ ගැන දහස් වාරයක් දුක්වෙනවා. දැන් දැනිලා තියෙනවා.., මේ දෙගොල්ලොම එක කාසියේ දෙපැත්ත කියලා...

:       277       137

KumaWednesday, 22 September 2021 02:23 PM

රවින්ද්‍ර යනු මැදමුලනේ වහල් බයියෙකි

:       231       105

gunarathnaWednesday, 22 September 2021 08:56 PM

රවින්ද්‍ර යනු, යථාර්තය තේරුම් අරන් අදහස් දාන කෙනෙක්. නැතුව පාට කන්නාඩියෙන් බලලා එක පක්ෂයක් වෙනුවෙන් කතා කරන කෙනෙක් නෙවෙයි

:       38       121

RasiWednesday, 22 September 2021 03:51 PM

කොහොමත් රට නැවත යථා තත්වයට පත්වෙනකම් ගාල් කරලා තියන්න ඕන උම්බෑ ගාන සෙට් එකක් ඉන්නවා. කිඹුලගේ ගෝලයින් ටිකයි, තව නාම්බෝ ටිකකුයි ඉන්නවා. ඒවා මේ උදේ හවස මෙතන කොටන අයගෙන් උපදෙස් අරන් කරන්න බැහැ. කොරෝනා අඩුවේගෙන එනකොට පාරට බහින්න බලන්නේ... ඔය මොංගල් අය කූඩු කරන්න ඕනෑ. 10% කට 20%කට ඕනෑ විදිහට නෙවෙයි රට කරන්න ඕනේ... අඩුම ගානේ තව අවුරුදු 5කින්වත් ඊළඟ පරම්පරාවේ අයට වත් ජීවත්වෙන්න පුළුවන් රටක් හදාගන්න...

:       34       245

AkilaWednesday, 22 September 2021 06:15 PM

නිතිය හා සාමය ආරක්ෂා කරන්න ඉන්නේ පොලිසිය ,හමුදාවට එම රාජකාරි අයිති නැහැ , මෙය මේ හමුදාව ගෙන්වන්නේ වෙන වැඩකට

:       65       13

RaveendraWednesday, 22 September 2021 04:11 PM

අනේ මන්ද,මාම ,කුම වැනි ඔහෙලාට........ ප්‍රජාතන්ත්‍රවාදය යන්නෙහි අර්ථය කුමක්ද....... අනිකාගේ අදහස් ඉවසීමට බැරි මන්ද...... එකෙකුටවත් අප චන්දයදී නැතිබව දන්නේද.......

:       20       170

Raveendra Wednesday, 22 September 2021 09:52 PM

ගුණරත්න මයා වෙත, ඇත්තෙන්ම ඔබ අපව නිවැරදි ලෙස තේරුම් ගැනීම පිලිබදව අප අවංකවම සතුටු වන්නෙමු. අපට කිසිදු පාටක් පක්ෂයක් නැත.තිබෙන එකම පක්ෂය සහ පාට නම් ලංකාමාතාව යන්න පමණි. අපට ගෝටා හෝ රනිල් ඇම්ඩන් හෝ උගත් පුතානෝ හෝ දියව් දියව් කළුකුමාර දියවනාව පට්ටියේ බලයේ සිටියාට කිසිදු අදාලත්වයක් නැත. අපට අවශ්‍ය වන්නේ කව්රුන් අවංකව ලංකාමාතාවට සේවය කරන්නේද අන්න ඒ "මිනිසාව" අප හදවතින්ම අගය කරන්නෝය.ලක්මවගේ කුසේ ඉපදී නිදහස් අධ්‍යාපනයෙන් උපරිම පල නෙලාගෙන අප රටේම අවංකව සේවයකර දැනට ඉතා ඉහල වැටුප් ලබමින් වෙනත් රටවල "වහල් සේවයේ" යෙදෙන්නෝය. අප දියවනාවේ මිහරකුන් 225ම නඩත්තුවට ඍජුවම දායකවන්නෝ වන අතර මුළු රටේම මිනිසුන්ගේ කුසගිනි නිවිමටද ඍජු දායකත්වයක් ලබා දෙන්නෝය.අප අපගේ මාතෘබුමියට "එක ශතෙකවත් නායක් නැති" මිනිසුන්ය.උපයන සෑම ඩොලර් එකක්ම ලංකා මාතාවට එවන්නේ අප උපන් රට ඇති ආදරය නිසාවෙනි. කාරුණි එසේ හෙයින් "අප මොකෙකුගේවත් බයියන්වත් මෝඩ පුතානොගේ හෝ ඇම්ඩන්ගේ හෝ දියව් දියව් ගොන් තඩියාගේ පක්කලියන් නොවෙන්නොය".අපගේ මාතෘ භූමියට යහපතක්ම වේවා...

:       7       129

BamunuarachchiThursday, 23 September 2021 09:32 AM

දැන් ජෙප්පෝ අපේ කන්වල කරගැට එනකන් කියවාවි.

:       11       52

කිරි පුතා Wednesday, 22 September 2021 12:03 PM

රටේ, ජාතියේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සාමාන්‍ය නීත්‍යානුකූල ජනතාවගේ ප්‍රසාදයට හේතුවකි.

:       123       291

මාමWednesday, 22 September 2021 02:14 PM

ඇයි මලය යුද්ධයක් වත් එනවද හැම තැනම ආමි එක දාන්න.

:       184       71

පැරකුම් Wednesday, 22 September 2021 12:05 PM

දැන් ඉතින් කට්ටිය කියයි හමුදා පාලනයට ඔන්න මෙන්න කියලා. කොච්චර නීති දැම්මත් අපේ අය හැසිරෙන හැටි දැක්කාම වෙන විකල්පයක් තියනවද කියලා හිතන්න වෙනවා...

:       91       314

J P RWednesday, 22 September 2021 03:09 PM

මේ එහෙම එකක් නෙමෙයි. ලොකු දේකට ලෑස්ති වෙනවා. ඒ කියන්නේ රජයට විරුද්ධව ලොකු දෙයක්. උදාහරණ ඕනම නම් ලෙබනන් සිද්ධි දාමය බලන්න. අපිට වඩා විශාල ආර්ථික සංවර්ධනයක් තිබ්බ රටක්. අද අන්තිමට වැටිල. ඒ වගේ දේවල් හුඟාක් දුරට අපේ රටේ වෙන්න පුළුවන්. හැමදාම වුනේ වෙච්ච හැම ප්‍රශ්නයක්ම මිනිස්සු පිටින් යවල හැම ආණ්ඩුවම අතපිහිද ගන්න එක.

:       224       41

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 22 September 2021 12:09 PM

මොකද මේ හදිසියේම..? රටේ හදිසි නීතියත් දාලා. රටේ පවතින වසංගත තත්ත්වය හැරෙන්නට තවත් කලබලකාරී දේ තියෙනවද? මේ සියල්ල රටේ ජනතාව රැකගැනීම පිණිසද? එසේත් නැතිනම් රජය රැකගැනීම වෙනුවෙන්ද? අනේ මන්දා?

:       317       124

පිටිගල මිලානෝ Wednesday, 22 September 2021 12:18 PM

මෙයා දවල් හීන දැකලද එකපාරම හමුදාව ගෙන්නන්නේ? කාට ගහන්නද? කොටිත් නැති එකේ හමුදාව කැන්දලා ගහන්න ඉන්නේ අපි විතරයිනේ... ඉතින් ඒ උගත් මිනිස්සු නිකන්ම ඇවිත් අපිට වෙඩි තියයිද?. අපේ ගෙදර පූසත් නින්දෙන් ඇහැරලා එකපාරම දුවනවා කවුරුහරි උගෙ පස්සෙන් එලවනවා වගේ... හොඳ ඉතාලි වයින් බෝතලයක් බීලා නිදාගන්න මට නම් හීනෙන් බයවෙන ප්‍රශ්න නැහැ.. හොඳට නින්ද යනවා.

:       287       69

රමණීWednesday, 22 September 2021 04:08 PM

මිලානෝ පළාතේ ඉන්න සුනිල් ලඟදී කියලා තිබුණා සරත් පිටිගල මිලානෝ පළාතේ ඉන්න බවක්... එහෙනම් ඔහෙම ඉන්න අපේ රට ගැන ගොන් කතා නොකියා. කොටිත් නැති එකේ කියන්න දන්නේ කොහොමද? ඔබ අපේ ලංකාවේ ආරක්ෂක විෂය බාර ගත්තේ කවද්ද?. පාස්කු ප්‍රහාරය ආවෙත් ඔබට කියලාද?

:       23       120

රුවන්තක මිලානෝ Thursday, 23 September 2021 11:34 AM

සරත් නෙවෙයි මෙයා රන්ජිත්

:       17       1

පිටිගල මිලානෝ Thursday, 23 September 2021 01:04 PM

පාස්කු බෝම්බය ගැන සොයන එක අඩපන කරන්නේ කවුද? පාස්කු බෝම්බෙ ගැන ඇගිල්ල දික්වෙන්නේ කවර අයටද? එයට විසදුම හමුදාව කැදවන එකද? සාධාරන ලෙස පරීක්ශනය පවත්වා වැරදිකරුවන් නීතියේ රැහැනට හසු කරගන්න එකද?

:       23       5

ලුම්බිණි Wednesday, 22 September 2021 12:28 PM

හැම එකටම සන්නද්ධ හමුදා දිවයින පුරා දමන එක හැර වෙනත් ක්‍රම ගැන කිසිම දැනුමක් නැද්ද?

:       217       79

de silva berlin Wednesday, 22 September 2021 12:29 PM

අනේ මේ වගේ මනුස්සයෙක්... රට ආර්ථික වශයෙන් ප්‍රපාතයට වැටිලා තිබෙන මේ මොහොතේ නිකරුණේ මෙවැනි වැඩ කරනවද? මෙහෙම කළාම දෙමළ ඩයස්පෝරාව වැනි රටට විරුද්ධ කණ්ඩායම් වලට ජාත්‍යන්තරයේ විශාල පිළිගැනීමක් ලැබෙනවා. සංචාරක පැමිණීම සහ ආයෝජකයින් මේ රටට එන එකක් නැහැ. අපේ GSP එක නැති වුණාම, යුරෝපයේ වෙළඳපලේ අපේ නිෂ්පාදනවලට සටනක් දෙන්න බැහැ..

:       246       109

තාරක Wednesday, 22 September 2021 12:32 PM

ඒ ගමන මොකද කරන්න හදන්නේ...?

:       164       79

යෝගා Wednesday, 22 September 2021 12:39 PM

පිංපඩි ගුරාලාට සලකන්නද දන්නේ නෑ ලෑස්තිය...?

:       65       222

ruwanWednesday, 22 September 2021 02:04 PM

වැස්සකටවත් ඉස්කෝලේ නොගිය බයියෙක්

:       122       54

බද්රානි Wednesday, 22 September 2021 12:49 PM

කවුරු වුණත් ඕනෑවට වඩා දඟලන්න හදන්නේ නම්, එතරම් හොඳකට නොවෙයි. මුර බල්ලන් දමලා උසිගන්වලා ජනතාව බය කරන්න හදනවා නම් ඒක විහිළුවක්... ගඩාෆිලා, සදාම් හුසේන්ලා, හොස්නි මුබාරක්ලා ට අවුරුදු හතළිහකින් අත් වුණු ඉරණම අවුරුදු 04කට කලින් කර ගන්න වගෙයි මේ හදන්නේ... ඔයිට වඩා කෙරුම් කාරයින් හයියෙන් උඩ පැනලා බිමට වැටිලා චොප්ප වුණා. පොඩ්ඩක් පරිස්සමෙන්..!!!

:       274       105

SamanWednesday, 22 September 2021 07:38 PM

බද්‍රානි කොහෙන් හරි පාත් වෙච්ච චණ්ඩි රැජිනක් වෙන්න ඇති රටක රාජ්‍ය නායකයන්ගේ ජීවිතය කෙළවර කරන හැටි විස්තර කරන්නේ. අන්තිමට සමහරක් රටවල් වලට දැන් මොනවද වෙලා තියෙන්නේ. ඔයාට ඕන අපේ ලංකාවටත් ඒ ටිකම කරන්නද.

:       12       32

ganegoda Wednesday, 22 September 2021 12:55 PM

ජනතාවගේ ආරක්ෂාව සඳහාද? රාජපක්ෂමේන්තුවේ ආරක්ෂාව සඳහාද?

:       226       101

Rocky Wednesday, 22 September 2021 01:01 PM

දැන් හමුදාව තියෙන්නේ මහජනයාගේ ආරක්ෂාවට නොව දේශපාලුවන්ගේ ආරක්ෂාවට බවයි පේන්නේ... හි හී... ජනතාව කියන්නේ ‘‘ආණ්ඩුව‘‘..

:       164       83

fairoos Wednesday, 22 September 2021 01:03 PM

මෙවැනි තතිවයක් නිර්මාණය කළොත් තමයි ජනතාවට තියෙන අනිත් ප්‍රශ්න අමතක වෙන්නේ.. බයියො නම් කියයි කොහොමද අපේ සර්ගේ වැඩ කියලා...

:       148       64

දාස Wednesday, 22 September 2021 01:10 PM

යුද්ධයක්වත් එනවද අත ළඟ? අපේ රටට අවාසනාවන්ත කාලයක පෙර නිමිති ලඟාවෙනව‍ා.. කවද්ද අපි ඇමතිලා පිස්තෝල ඇදගෙන හිරේට පැනලා හිරකාරයින්ට තර්ජනය කරනවා. අපේ රට ලෝකයේ තියෙන මිනිස් අයිතිවාසිකම් තුට්ටුවකට මායිම් නොකරන රාජ්‍යයක් බවට පත්වෙලා අවසානයි...

:       186       62

Jude perera Wednesday, 22 September 2021 01:34 PM

හැම රටේම හූ කියන හින්දා බය වෙලා...

:       155       72

duminda Wednesday, 22 September 2021 01:39 PM

දන්න එක එපැයි කරන්න... නොදන්න මගුලකට ගිහින් වරිගෙ නහගන්නවා කියන්නේ ඕකට තමයි.

:       172       65

Rama Wednesday, 22 September 2021 01:43 PM

දැන් මෙතන හමුදාව පාවිච්චි කරනවා කියලා බනින අයගෙන් කොටසක්වත් පාස්කු ප්‍රහාරයට පස්සේ මුකුත් කරේ නෑ කියලා ඒ තිබුණු ආණ්ඩුවට බනින්න ඇති නේද? නැද්ද..?

:       41       261

බද්රානිWednesday, 22 September 2021 03:30 PM

ඔව්, එවකට හිටපු ජනාධිපති මෙන්ම ඒ ආණ්ඩුවේ ආරක්ෂක ඇමතිට දැනුත් බනිනවා තමයි. නැතිව ඉතින් ඒ ගැන සෞඛ්‍ය ඇමතිට හෝ අධ්‍යාපන ඇමතිට දොස් කියලා ඵලක් නැහැනේ. පාස්කු ප්‍රහාරය සිදුවෙන බව දැන දැනත් ප්‍රහාරය වළක්වා නොගත් ඔහුත් දැන් ඉන්නේ ප්‍රහාරයේ මහා මොලකරුවන්ගේ පැත්තේ නේද? එ්කනේ මේ පරීක්ෂණ ඔක්කොම යට ගහන්නේ? කොමිසමේ සමහර නිර්දේශ ක්‍රියාත්මක කරන්නේත් නැහැ. ඒ අස්සේ සහරාන්ලාට පඩි ගෙවලත් තියනවා. දෙපැත්තෙන්ම අන්තවාදී කල්ලි දෙකම නිර්මාණය කළේත් එකම මහා මොළකරුවන් තමයි. අර තවුහිත් ජමාත් නායක අබ්දුල් රාසික් එහෙමත් දැන් කිසිම සද්දයක් නැහැ නේද? තව ඕනෑද? ඔය අයට විතරක් නෙමේ, ඕවා අනුමත කරන අයටත් හෙන ගහනවා රාමා මහත්තයෝ..!!!

:       128       33

රාමාWednesday, 22 September 2021 09:02 PM

කොහොමද බද්‍රානී මෙච්චර දෙයක් ඔය දන්නේ. කවදද බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස පත්වුනේ.

:       13       37

බද්රානිWednesday, 22 September 2021 10:02 PM

රාමා, මෙවැනි දේවල් අවබෝධ කර ගන්න බුද්ධි අංශ සාමාජිකයෙක් වෙන්න අවශ්‍යය නැහැ. අවශ්‍යය වන්නේ බුද්ධියයි. මම නම් හිතන්නේ දැන් ලංකාවේ බුද්ධි අංශ සාමාජිකයින්ගේත් බුද්ධිය පරීක්ෂා කලයුතු මට්ටමකයි ඉන්නේ. අර බෝම්බ සහරානුත් ලංකා රජයෙන් වැටුප් ගත්තේ බුද්ධි අංශ සාමාජිකයෙක් වෙලා හිටපු නිසා කියලනේ කියන්නේ. රාමලාගේ ටිකිරි මොළ වලට අනුව නම් අනුන් ගහන බෙර පදයට ලස්සනට නටන්න හැකි නම් ඉතින් ෂෝක්නේ..

:       60       11

69lakshaya Wednesday, 22 September 2021 02:07 PM

අපිටත් ඕන වෙලා තිබුනේ හිට්ලර් කෙනෙක්නේ

:       58       43

de silva berlin Wednesday, 22 September 2021 02:21 PM

මේ පුවත පහත සඳහන් පරිදි වෙනස් විය යුතුය .දෙශපාලකනයන්ගේ සහ ඔවුන්ගේ සහචරයන්ට ඉදිරියේදී ඇති වියහැකි ජනතා විරෝධයෙන් ආරක්ෂා කිරීම සඳහා රට පුරා ආරක්ෂක හමුදාව කැඳවා ඇත

:       118       54

පිටරැටියා Thursday, 23 September 2021 03:03 AM

පාලකයන්ට විරුද්ධව උද්ගෝෂණ කරන කොට පවුල් ආණ්ඩුව හොඳටම බය වෙලා.

:       34       3

Nuwan Wednesday, 22 September 2021 03:21 PM

ආපහු බිල්ලො මවලා බයියො රවට්ටන්න ලේසියෙන් පුලුවන් එතකොට... අන්න රොකට් පුතා කුරුණෑගල වැඩ බලන්න ගිහින්.. ඡන්දෙට ලෑස්ති වෙනවා.

:       147       43

de silva Wednesday, 22 September 2021 03:22 PM

හමුදාව ආරක්ෂාවට යෙදෙව්වාම, එන්නත්කරණය, නිරෝධායනය, පාරවල් කැපීම, කාණු සුද්ද කිරීම, නගර පිරිසිදු කිරීම වැනි දේවල් කරන්නේ කවුද?

:       132       28

Kumara Wednesday, 22 September 2021 03:23 PM

ඒක ලොකු දෙයක්.. ජවිපයෙන් රට බේරගන්න කරන්න තියෙන එකම දේ ඔච්චරයි. නැතිනම් ආපහු ස්ට්‍රයික් කරලා වැඩ පටන් ගනීවි.

:       31       187

Rakitha Wednesday, 22 September 2021 03:41 PM

හොඳ වැඩක්... නැතිනම් උද්ඝෝෂණ කරලා පාස්වල කෝවිඩ් රැල්ලක් හදලා රට පස්සටම යවන්න දඟලයි... NGO කාරයින් ටික... අමාරුවෙන් ගොඩයාගෙන එනකොට උද්ඝෝෂණ පටන් ගනියි 3% හරක් ටික...

:       34       138

රනේ Wednesday, 22 September 2021 03:44 PM

රට හදන්න ජනපතිතුමනි, ජය වේවා...!

:       40       119

Hafeel Wednesday, 22 September 2021 03:46 PM

මේ යන ගමන ඉතා භයානකයි. රතුපස්වල, වැලිකඩ, හලාවත, කටුනායක වගේ සිද්ධින් නොවේවා... විධායක බල, විස්සත් සම්මත කරගත්තා. තුනෙන් දෙකක බලයත් තියෙනවා. හදිසි නීතියත් සම්මත කරගත්තා. පවුල් පිටින්ම ඇමැති මණ්ඩලය තුළ... ඔය සේරම තියෙද්දීත් කරන්න බැරි නම් වැඩක් නෑ..

:       233       48

Kumara Wednesday, 22 September 2021 04:27 PM

බම්බුව තමයි..!!!

:       83       20

Lelwala Wednesday, 22 September 2021 06:19 PM

පසුගිය දශකය තුළ රාජපක්ෂ පවුලේ අය හම්බකරපු මුදලින් 10% ක් රජයට දුන්නා නම් මේ ආර්ථික අර්බුදය විසඳාගන්න තිබුණා...

:       135       32

Don perera Wednesday, 22 September 2021 06:53 PM

වහල්ලු තාමත් රටපුරා...

:       113       26

BamunuarachchiFriday, 24 September 2021 07:37 AM

වහල්ලු නොසිටින්න 2020 රට වලපල්ලට යනවා.

:       3       30

sarath Wednesday, 22 September 2021 06:59 PM

රටේ දේශපාලකයින් පිටු පසින් සිට සිදු කරන වංචා වහ ගැනීමට හමුදාව යෙදවීමේ ප්‍රයත්නයක් වගේ.

:       60       20

Demuni Uduwara Wednesday, 22 September 2021 07:13 PM

"අකමැත්ත" ඇති කිරීම සඳහා ගැන් භාවිතා කර ඇති බව පැහැදිලිය!

:       34       4

සනත් Wednesday, 22 September 2021 07:40 PM

මහජන ආරක්ෂාව සඳහා හමුදාව කැඳවනවා කියලා මදි, මහජනතාව කුමකින්, කාගෙන් ආරක්ෂා කරන්නද කියලා පැහැදිලි කළ යුතුයි.

:       45       12

Demuni Uduwara Wednesday, 22 September 2021 07:43 PM

හේතුව මොකක්ද දන්නේ නැහැනේ

:       8       16

ana Wednesday, 22 September 2021 07:54 PM

රජයේ නිළධාරින් යමක් කරන්නේ පවතින නීති රාමුවට ගැලපේ නම් පමණි. ජනතාව කරන්නේ ඔවුන්ගේ අවබෝධයට අනුව. ඒ එයා දන්න එකම විදිහ.

:       38       6

Lal Wednesday, 22 September 2021 08:33 PM

කිසිම දේශපාලුවෙක්වත්, දේශපාලන පක්ෂයක්වත් අපේ හදවත්වල ගෑවිලාවත් නෑ. හමුදාව දාලා හරි කමක් නෑ රට හදනවා නම් එච්චරයි අපිට උවමනා කරන්නේ.

:       13       52

Demuni Uduwara Wednesday, 22 September 2021 08:38 PM

ජනපති යුධ හමුදාව ගැන විශ්වාසයක් තියන් ඉන්න හින්ද ගත්ත තීරණයක්

:       9       45

swene Wednesday, 22 September 2021 10:16 PM

රවින්ද්‍ර, ගුණරත්න වගේ රජය කරන සැම දෙයක්ම හරි කියන මිනිස්සු ඉන්නකන් මේ රටට හරියන්නේ නැ. පක්ෂ භේදයෙන් තොරව තුලනාත්මකව බැලීමට හැකි වේවා.

:       44       13

sanjeeva Wednesday, 22 September 2021 10:28 PM

මැක්කාගේ තියරිය විතරනේ දන්නේ .. තවම ආයුධ ක්‍රියාත්මක කරන්න කිව්වේ නැහැ නේ.

:       17       3

nandika Wednesday, 22 September 2021 11:13 PM

එය ඉතා හොද තීරණයක්

:       1       20

V. M Wednesday, 22 September 2021 11:42 PM

අනේ අපිිට ඕන මගුලක් කැදවගෙන ජනාධිපති මංදිරේ කක්කුසිසි හෝදව ගත්තත් කමක්නෑ , මං එන්නත නොගන්න ගොඩේ . මොකද සායනික අවුරුදු 6 යනකල් මං වැක්සීන් එක ගන්නෑ ..... මොකද වැක්සීන් එකේ ප්‍රතිඵල අවුරුදු 7 ක් වගේ යනකල් කාටත් කියන්න බෑ ...... ඒ නිසා ...... එන්නත ට බය කරන්න හැදුවොත් කරන්න දෙයක් නෑ ලංකාවට මානවහිමිකම් නඩුවක් තමා දාන්න වෙනවා ..... මොනා කරන්න ද ලංකාවෙ උංට කන්න වත් පින නෑ හරියට ...... මං ඉන්නෙත් ලංකාවෙ තමා නීතියට තිතට වැඩ කරන කෙනෙක් .......

:       51       2

සුදන්ත Wednesday, 22 September 2021 11:55 PM

හැම දෙනාම හොඳයි කීවට මං නම් දකින්නේ මේකෙ නරක පැත්තක්. සිවිල් රාජකාරි පැවරෙන්නේ පොලිසියට. උද්ඝෝෂන කරනව නම්, කඩ ඇරලා තියනව නම්, ඒවා නවත්තන්න නේද පොලිසියක් ඉන්නේ? උද්ඝෝෂන වලට උනත් මුලින් කැඳවන්නේ පොලිස් කැරලි මර්දන ඒකකය. සාමාන්‍ය මිනිස්සු පාලනය කරන්නත් ආමි එක ඕනද? රට පාලනය කරන්න ආමි එක දාන්න ඕන කියක්කේ පොලිසිය ඒ තරම් දුර්වලයි කියන එකද?

:       39       4

ranjan Thursday, 23 September 2021 09:28 AM

ඔක්කොම හොරෙන් විකුණලා මිනිස්සු විරුද්ධ වෙයි කියලා බයේ.

:       23       9

reancy Thursday, 23 September 2021 09:39 AM

පොහොට්ටුව්ට ඡන්දේ දීපු අයම තමයි පොහොට්ටුව එළවන්නේ.

:       26       6

විපරමා Thursday, 23 September 2021 01:20 PM

නිව්යෝර්ක් උද්ගෝෂණයෙන් පස්සෙ ලොක්කා හොඳටම බයවෙලා. රජකම් කෙරුවත් කළකම් පළදේ කියලා කතාවක් තියෙනවා .

:       27       7

ඔබේ අදහස් එවන්න

දියත

මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 7 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 22 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 159 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 746 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


රාජකාරියකට ගිය ජී.එම්.ආර්. හදිසියේ මිය ගිහින්
2024 අප්‍රේල් මස 23 1116 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23දා) උදෑසන අනුරාධපුර පිහිටි දුම්රිය සංචාරක බ


තායිවානයේ භූ කම්පන වැලක්
2024 අප්‍රේල් මස 23 939 0

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1615 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site