( තිළිණි ද සිල්වා )
මේවසර තුළදී මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 10.96 ක ප්‍රදානයක් ලබා දීමට කොරියානු රජය තීරණය කර ඇතැයි සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති හියෝන් ලී මහතා අද (14) කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා එම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවේ දී මේ බව සදහන් කර ඇත.
මේ අනුව කුච්චවේලි සංචාරක කලාපය සංවර්ධන කිරීම සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 5.36 ක ප්‍රදානයක්ද , මාතලේ ඇටන්වල ප්‍රජා සත්කාරක සංචාරක ගම්මානය සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5.6 ක ප්‍රදානයක්ද , කොරියානු රජය විසින් ලබා දීමට නියමිත යැයි එම අමාත්‍යාංශය පවසයි.
ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමත් සමග රට තුළ ඇතිව තිබෙන ආරක්ෂක තත්ත්වයන් සමග කොරියානු ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් රැසක් මෙරටට ආයෝජනයට කැමැත්තේන් සිටින බවත් කොරියානු තානාපතිවරයා සංචාරක හා ගුවන් සේවා ඇමතිවරයාට මෙහිදි දැනුම් දුන්නේය.
පාස්කු ප්‍රහාරයත් සමග කොරියානු සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණ ද රටේ පවතින වත්මන් තත්ත්වය තුළ නැවතත් කොරියානු සංචාරකයන් මෙරටට පැමිණීමට කැමැත්තක් දක්වන බව ද තානාපතිවරයා එහිදී අමාත්‍යවරයාට පෙන්වා දී ඇත.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි කොරියා තානාපතිවරයා වෙත දන්වා සිටියේ නව රජය කොරියාව සමග ද්විපාර්ශවික සබදතා පුළුල් කිරීමට අපේක්ෂා කරන බවත් , කොරියානු ආයෝජන සදහා වැඩි ඉඩක් ලබා දීමට රජය කැමැත්තෙන් සිටින බවය.
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ශ්‍රී ලංකාවේ සංචාර කර්මාන්තය ප්‍රවර්ධනයට කොරියාවෙන් මූල්‍යම ප්‍රදානයක්