IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ශ්‍රී ලංකන් අප්‍රසාදයට පත්කිරීමේ මෙහෙයුමක්

 

(යොහාන් භාසුර)

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ව්‍යාපාරික පන්තියට ආහාර නොදෙන බවට මේ දිනවල වන ප්‍රචාරයන් ප්‍රතික්ෂේප කරන බවත් එම ගුවන් සේවය පිළිබඳව ජනතාව තුළ අප්‍රසාදයක් ඇති කිරීම සඳහා මෙවැනි ප්‍රචාර සිදුකරන බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම ගුවන් සේවයේ ව්‍යාපාරික පන්තියේ මගීන් වෙනුවෙන් ප්‍රධාන ආහාර වේල හතරක් අතරින් කැමති ආහාර වේලක් තෝරා ගැනීමට අවස්ථාව ද ලබාදී ඇති බවත් මගීන් සංඛ්‍යාව අනුව ප්‍රමාණවත් ආහාර ගුවන් යානය තුළ තබා ගන්නා බවත් එම නිවේදනයේ සඳහන් වේ.

ගුවන් මගීන්ට සෑමවිටම ආහාර තේරීම් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්හිමිවන බව කියන ශ්‍රී ලංකන් ගුවන් සමාගම එක් ආහාර වර්ගයක් අවසන් වුවහොත් ඒ වන විට ඉතිරිව තිබෙන ආහාර වර්ග වලින් එකක් තෝරා ගැනීමේ අවස්ථාව ගුවන් මගීන්ට ලැබෙන බව ද වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (18)

ශ්‍රී ලංකන් අප්‍රසාදයට පත්කිරීමේ මෙහෙයුමක්

Kumara Friday, 05 August 2022 06:54 PM

මේකත් මේ රටට මහ බරක්...

:       17       37

arschfikaaSaturday, 06 August 2022 12:15 AM

ඔබ හරි කුමාර. මේ ගොන් බයියන්ව රවට්ටන ප්ලේන් එකේ මමත් ඒ කාලවල ගියා. නමුත් දැන් අවුරුදු 10ක කාලෙකින් යන්නේ නැහැ. ඕක ඉතින් අප්‍රසාදයට පත් කිරීමට අවශ්‍ය නැහැ. එහෙම වෙලා දැන් ගොඩක් කාලයක්.

:       20       4

NishanSaturday, 06 August 2022 05:08 AM

ඔය කතාව බොරුවක්. ජූලි මාසයේ මම ලංකාවේ ඉඳලා මම දැන් ජීවත් වන රටට ආවේ ශ්‍රී ලංකන් එකෙන්. අනික් ගුවන් සේවාවල සීට් තිබුණෙත් නෑ. ශ්‍රී ලංකන් එකෙත් ඉකොනොමි ක්ලාස් සීට් තිබුණෙත් නෑ මට ඕන දිනවල. ලොකු හදිසියක් නිසා එන්නමත් ඕන. ඉතින් ශ්‍රී ලංකන් එකෙන් බිස්නස් ක්ලාස් (ව්‍යාපාරික පන්තියේ) ටිකට් එකක් අරගෙන ආවේ. කෑම බීම ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. කෑම වර්ග හතරෙන් එකක් නම් තිබුණේ නෑ .නමුත් අනික් තුනම ඉතා හොඳයි. කිසිම ප්‍රශ්ණයක් නෑ. ශ්‍රී ලංකන් එකේ ප්‍රශ්න නැතුව නෙවෙයි. හැබැයි මේ වීඩියෝ එකේ කතාව ඇත්ත වෙන්න බෑ. මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කජු ඉල්ලලා නටපු එක්කෙනා. ඉතින් එයාගෙ මල්ලිගෙ බෑනා ඊට එහා ඇති.

:       1       5

චන්දෙ දුන්නු එකාSaturday, 06 August 2022 01:37 PM

අපේ හිටපු මැඩම්ගේ මල්ලි නිශාන්ත මහත්තයා මේක ගොඩදාගෙන එද්දී ආණ්ඩුව පැරදුනේ... එහෙම වුනේ නැත්තන් මේ වෙනකොට ලෝකේ අංක එකේ ගුවන් සේවාව...

:       0       0

පුරවැසියා... Friday, 05 August 2022 07:59 PM

Emirates ආයතනය මගින් ඉතා සාර්ථකව පවත්වාගෙන ගිය ශ්‍රීලන්කන් ගුවන් සේවය අද පත්ව ඇති තත්ත්වය ඉතා කණගාටුදායකයි. මේ ගැන රට කරන්නන්ගේ අවධානය යොමුවිය යුතුයි...!

:       0       0

Sharn Friday, 05 August 2022 08:51 PM

ආහාර කෙසේ වෙතත් ව්‍යාපාර පන්තියේ ටිකට්වල ගණන දෙගුනයක් වුවත්, ඇතැම් ගමනානතයන්ට යන ප්ලයිට්වල පහසුකම්නම් අන්තිමයි, ඇතැම් ගුවන් සේවාවන්හි ඇති සාමාන්‍ය පන්තියේ තිබෙන පහසුකම්වත් නෑ, පහසුකම්වලින් බාගෙට බාගයකිම කපලා, හැබැයි ටිකට්වල ගනන විකරක් වැඩිකරලා

:       17       3

SDB Friday, 05 August 2022 09:26 PM

This is insane,, whoever made this up never few in Business Class. . I few in to SL on UL504 last month and UL225 as well, i can attest that the Service was superior to any other airline because i personally felt connection with the flight crew, fellow passengers and Food was really good on Business Class. Then mishap happened my flight back to Dubai that got delayed 3 hours at the tarmac, missed my connecting flight from Dubai to Paris and lost my baggage through this whole ordeal, but i have more sympathetic view of what has happened. Flight crew and ground crew was apologetic and did everything they could do, but there are certain things even an Airline cannot overcome during this challenging time. I'm certain this came from an Idiot who might be thinking that they deserve the whole flight crew at their disposal and very first Business class trip with Operational upgrade LOL.

:       1       43

JayasekaraSaturday, 06 August 2022 09:17 AM

That black live comment made by Sri Lankan famous Business men's "Son in law" who is living in Japan with his family.

:       0       2

Asela Saturday, 06 August 2022 12:57 AM

ගුවන් බලපත්‍ර සඳහා ගෙවන මුදලට සාධාරණ ආහාරපාන සහ පහසුකම් ඉතාමත්ම දුර්වල මට්ටමක පවතින බව අවුරුදු විසිදෙකක් පුරාවට මැදපෙරදිග රැකියාව සඳහා යන එන යනඑන මා හට දැනුණු සත්‍යයක්. ආසනයේ කෙටි නින්දක් සඳහා දී තිබූ කොට්ට පවා දැන් එයින් ඉවත් කර ඇත. ශ්‍රී ලන්කන් බලධාරීන් විසින් එයත් ප්‍රතික්ෂේප කරනවද? මගීන්ට දෙනු ලබන්නේ ඉතාමත්ම ගුණාත්මක බවින් අඩු ආහාර වේලක්... නමුත් තවමත් ශ්‍රී ලංකන් එයා ලයින් එකේ සංචාරය කරන්නේ අපේ රටට මුදල් ලැබෙන්න ඕනෑ නිසා. මේ ගැන නිසි බලධාරීන් අවංකව සිතා කටයුතු කරන්න..

:       0       0

විජේ Saturday, 06 August 2022 04:15 AM

අමුතුවෙන් අප්‍රසාදයට පත්කරන්න ප්‍රසාදයක් තියෙන්න එපෑයෑ. දෙන දෙයක් කාලා, වෙන දෙයක් බලන් ඉන්න එක තමයි තියෙන්නේ... පහුගිය ජනවාරි මාසයේ මම ඒක ඇස්දෙකෙන්ම දැක්කා. මගෙ ළඟ වාඩිවෙලා හිටිය වයස 85ක විතර වෙජිටේරියන් ආච්චි කෙනෙක් (මාවනැල්ලේ කිව්වා) පැය 10ක මෙල්බර්න් ෆ්ලයිට් එකේ බඩගින්නේ ආවා, කලින් වෙජිටේරියන් මීල් එකක් ඕඩර් කරලත්... එහෙම වුණු කීපදෙනෙක්ම හිටියා. දෙන කෑම එකෙත් තියෙන්නෙත් වෙන රටවල්වලින් ගෙන්නපු දේවල්. ජාතික ගුවන් සේවයෙන් ජාතික නිෂ්පාදන ප්‍රමෝට් නොකරන එකම ගුවන් සේවය අපි වෙන්න ඇති. මීට අවුරුදු 30කට කලින් සිංගප්පූරු, එමිරේට්ස් එක්ක කරට කර හිටියා නේද කියලා මතක්වෙද්දී දුකයි, ලැජ්ජයි...

:       0       0

Helerawa Saturday, 06 August 2022 05:20 AM

මේ දවස් වල ආර්ථික පන්තියෙ ගුවන් ටිකට් එකක් මිල ලකෂ 15 විතර වෙනවා. ඒ ඇයි?

:       0       0

රමණි පෙරේරා Saturday, 06 August 2022 05:53 AM

ගුවන් සමාගම රජයට පවරා ගැනීමෙන් පසු ප්‍රමිතිය පහත වැටී ඇති බවට සැකයක් නැත. එය පෙර තරු පහේ ප්‍රධාන ගුවන් සමාගම් හා සම විය. ශ්‍රීලංකන් දැන් මහජන මුදල් නාස්තියක් වී ඇති අතර එය වහාම පෞද්ගලීකරණය හෝ නැවැත්විය යුතුය. මෙම පාඩු ලබන ගුවන් සමාගම සඳහා අපගෙ වටිනා මුදල් නාස්ති නොකරන්න, ප්‍රවේශපත්‍රවල මිල අඩු කිරීම සඳහා සියලුම ගුවන් සමාගම් සඳහා වෙළඳපල විවෘත කරන්න.

:       2       17

sam Saturday, 06 August 2022 06:58 AM

මේ ආහාර තේරීම් ගණන ගැන කියෙව්වාම මතක් වුනේ හෙන්රි ෆෝඩ් ගේ කියමනක්. Any customer can have a car painted any colour that they wants, as long as it is black...

:       0       0

භරත දිසානායක Saturday, 06 August 2022 07:00 AM

ශ්‍රී ලංකන් ගුවන් සේවය ලංකාවට අහිමි වෙන හැටි... ඔන්ලයින් ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිල වෙබ් අඩවිය භාවිතා කරයි නම් ඔබට සමහර ලංකාවේ බැංකු කාඩ්පත්වලින් ගෙවීමට නොහැක. එය බැංකුවේ වරදක් ලෙස ශ්‍රී ලංකන් ආයතනය පවසන නමුත් බැංකුව පවසනුයේ කිසිසේත්ම ලංකාව තුළ කරනු ලබන ගෙවීම්වලට අපගේ අවහිරතාවයක් නොවන බවයි. වෙබ් අඩවියෙන් ඔබවෙත පෙන්වන මුදල ගෙවීමට උත්සාහ කළත් ගෙවීම් උත්සාහයේදී එය ව්‍යර්ථ කරනු ඇත. ඔබට පැය 24ම ඇමතිය හැකි දුරකථන අංකයක් ලැබෙන අතර, ඔබ එම අංකය ඇමතූවිට මොන්ටිසෝරියකට ලබාගත් ඇමතුමක අත්දැකීම ලැබෙනු ඇත. පිළිගත් ආයතනය කාර්යාලයකට නොගැලපෙන පසුබිම් ශබ්දය පමණක් නොව තම සේවා පරිසරය හෝ අදාළ ප්‍රශ්නය වටහා ගැනීමට අපොහොසත් තරුණ ලලනාවකගේ සුමිහරි හඩින් ඔබව ආමන්ත්‍රණය කරනු ඇත. ඔවුන් ඔබට උපදෙස් දෙනුයේ මුදලින් ගෙවා හෝ සෘජු බැංකු මාර්ගගත ගෙවීමකින් මිලදී ගන්නා ලෙසයි. එවිට මුලින් ඔබට ආසනයක් ලබාදීමට එකඟ වූ මුදලට ඉතා විශාල සේවා ගාස්තුවක් එකතුවනු ඇත.

:       0       2

Viparam Saturday, 06 August 2022 07:08 AM

හොඳ නරක අඳුනගෙන වැඩ කරගන්න පූළුවන් නායකයෙක්ට මෙම ආයතනය පවරන්න. මෙම ආයතනයත් එතකොට හරි යයි.

:       0       1

de silva Saturday, 06 August 2022 09:02 AM

අප්‍රසාදයට පත් කරන්න විශේෂයෙන් මෙහෙයුම් අවශ්‍ය නැහැ. ඒක ඉබේ සිදුවෙලා හමාරයි. දුර්වල සහ අහන්කාර ඔළුව ඉඳිමුණ සේවකයො සහ යානා නිසා මගීන්ගේ අප්‍රසාදයට ලක්වී ඇත. දිගින් දිගටම පාඩු ලබමින් දැනට රුපියල් කෝටි 33000 ක පමණ පාඩු ලැබීම නිසා රටේ පුවරවැසියන්ගේද උදසහට ලක්ව ඇත.

:       1       4

sena Saturday, 06 August 2022 10:41 AM

මමත් මේ ළඟදී බිස්නස් ක්ලාස් එකේ ආවා... හොඳ සේවයක් තිබුණා. නමුත් ඉකොනොමි ක්ලාස් එකනම් හුඟක් ආවා.. ඉස්සර තිබ්ච්ච තත්වයෙන් 50%ක් වත් නැහැ. ටොයිලට් එහෙම හොඳටම ජරාවෙලා.. බලන්න කවුරුවත් නැහැ වගේ...

:       0       1

kamal Saturday, 06 August 2022 12:09 PM

වඳුරා එයාගේ වලිගය අගේ කරනවා වගේ මේ ජාතික පිළිලය ගැන අපිත් උදම් අනමු. එහෙම තමයි ලී ක්වාන් යූ සිංගප්පූරුවත් දියුණු කලේ. එල එල...

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 38 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 99 1

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රිලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 844 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 629 3

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 1231 4

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 272 4

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1663 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site