IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


වෛද්‍යවරියක් කොරෝනාවට බිලි

(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)

කොවිඩ් වැළඳී ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 31ක් හැවිරිදි වෛද්‍යවරියක් මියගොස් ඇත.

කොවිඩ් නිව්මෝනියාව හේතුවෙන් ඇතිවූ සංකුලතා මත  බහුවිද අවයව අකර්මන්‍යවීම ඇගේ මරණයට හේතුව බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ඊයේ (23) පැවති පශ්චාත් මරණ පරික්ෂණයේ දී අනාවරණය වී තිබේ.

රත්නපුර රෝහලේ සේවය කරමින් සිටි තරින්දි දිල්ෂිකා විතානගේ නැමති වෛද්‍යවරිය මෙසේ මියගොස් ඇති අතර ඇය  රත්මලාන  ප්‍රදේශයේ පදිංචිකාරියකි

මෙම වෛද්‍යවරිය රෝහලේ සේවය කරමින් සිටියදී ඉකුත් මස පෞද්ගලික රෝහලකින් පි.සී.ආර් පරික්ෂණයක් සිදුකරගෙන ඇති අතර එහි ප්‍රතිඵල අනුව ඇයට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත.

පසුව ඇය හෝටලයක පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රථිකාර ලබමින් සිට රෝගී තත්වය උත්සන්නවිම නිසා පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ද ප්‍රතිකාර ලබා ඇතැයි වාර්තා වේ.

පසුව ඇය ඉකුත් 2 වැනි දා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර එක්මෝ යන්ත්‍රයට සම්බන්ධ කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 22 වැනිදා පස්වරුවේ මියගොස් ඇත.



අදහස් (11)

වෛද්‍යවරියක් කොරෝනාවට බිලි

yc kumara Friday, 24 September 2021 03:12 PM

නිවන්සුව ලැබේවා

:       0       18

Raveendra Friday, 24 September 2021 03:12 PM

ඔබට නිවන් සුව අත්වේව.......!!!!

:       0       15

Sunil Friday, 24 September 2021 03:56 PM

මෙහි සත්‍යතාවය කුමක්ද?

:       3       6

දර්ශණ Friday, 24 September 2021 03:57 PM

නිවන් සුව !..

:       0       10

පැරකුම් Friday, 24 September 2021 03:59 PM

පෞද්ගලික රෝහලකට නොගොස් තමන් සේවය කළ රජයේ රෝහලෙන් ප්‍රතිකාර ගත්තේ නම් තත්වය වෙනස් විය හැකි යයි සිතිය හැක. එන්නත් දෙකම ගෙන තිබුණාද?

:       7       13

ජගත් ලියනගේ Friday, 24 September 2021 04:59 PM

එතුමියට නිවන් සුව. හැබැයි කෙළින්ම ඇතුල් වෙන්න තිබ්බෙ රජයේ රෝහලකට. ඕනෑම ලෙඩකට රජයේ රෝහල් තමයි හොඳම.

:       1       11

මහිමන් රංජිත් Friday, 24 September 2021 05:04 PM

මෙම දියණිය රත්නපුර රෝහලේ මනා කැපවීමෙන් සේවය කල ඉන්ටර්න් වෛද්‍යවරියකි. ඇයට නිවන් සුව පතන අතර කණගාටුවට කාරණය නං ඇය අප මිතුරන් කොතෙක් පැවසුවද එන්නත අවිශ්වාස කර එය ලබා නොගැනීමයි.

:       3       16

asanka Friday, 24 September 2021 05:49 PM

විද්‍යා විෂය දත් වෛද්‍යවරියක් වුවත්, එන්නත ලබා නොගැනීම කණගාටුවට කරුණක්.

:       2       4

pakeerMonday, 27 September 2021 02:22 PM

විද්‍යාව ගැන ඕනෙවට වඩා දන ගත්තම සැක මතු වෙනවා .මෙයා දන්නවා කොහොමද කියලා .එන්නතක් කොහොමද භාවිතයට දාන්නේ කියලා .එතකොට මෙයා බය වෙනවා .සාදාරනයි .මම උනත් එන්නත ගැහුවේ මගේ පින පවා මත මගේ ජීවිතය කියලා හිතලා

:       0       0

sandya Friday, 24 September 2021 06:23 PM

අපරාදේ ජිවිතේ

:       0       1

SUNIL MILANO Saturday, 25 September 2021 12:44 PM

ඔබතුමිය තම මව්බිම වෙනුවෙන් කළ සේවයට හිසනමා ගෞරව කරන අතර, මතු උපදින කිසිම භවයකදී මෙවන් අකල් වියෝවක් නොම වේවා.. අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා...!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 250 1

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 263 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 284 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 567 1

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 478 5

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1973 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1667 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site