IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


වීරවිල වැවේ පා වූ රංග ගිලුණාද? ගිල්ලුවාද?

(අමිල සම්පත් ශ්‍රී, රංජිත් එස්. ඩයමන් සහ එම්.කේ.නන්දසේන)

මිතුරන් සමග මත්පැන් පානය කරමින් සිටියදී පුද්ගලයා අතුරුදන් වූ අවිවාහයකයාගේ සිරුරු අද තිස්සමහාරාම වීරවිල වැවේ පාවෙමින් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.

වයස අවුරුදු 45ක් වන රංග සුරාජ් නමැති  තම බාල සහෝදරයා අතුරුදහන් වී ඇතැයි කියමින් ඔහුගේ වැඩිමහල් සොහොයුරු පසුගිය 12 වැනිදා උදෑසන පැමිණිල්ලක් සිදුකර ඇතැයි වීරවිල පොලිසිය කියයි.

මිතුරන් 6 දෙනෙකු සමග මත් පැන් පානය කරමින් සිටි ඔහු පසුදා වනතුරුම නිවෙසට නොපැමිණීම සම්බන්ධයෙන් වීරවිල වැව ප්‍රදේශයේ සෝදිසි කරද්දී ඔහුගේ යතුරුපැදිය සහ පාවහන් යුගල පමණක් ඇති බව දැක මියගිය අයගේ සහෝදරයා ඒ පිළිබඳ පැමිණිල්ලක් සිදුකළ බව පොලිසිය කියයි.

නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් ඊයේ (13) වැනිදා වීරවිල වැව් බැම්ම ආසන්නයේ පරීක්ෂා කළ ද කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී තිබුණ අතර අද (14) වැනිදා අලුයම හතරට පමණ වැවේ පිටවානට ආසන්නයේම ඔහුගේ මළ සිරුර තිබූ බව ගම්වාසීන් දැක පොලිසියට දැනුම් දී ඇත.

මෙම පුද්ගලයාගේ මරණය සැක සහිත බව ඥාතීන් පැවසීම නිසා වීරවිල පොලීසිය පරීක්ෂණ ආරම්භ කළේය. ඒ අනුව ඔහුගේ නිවසේ ඉදිරිපිට ගොඩනැගිල්ලට සවිකර ඇති ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමේදී වෑන් රථයකින් දොළෙස් වැනිදා සවස හතරට පමණ මිතුරන් පැමිණ ඔහු නිවෙසින් රැගෙන ගොස් ඇති දර්ශන සහ එදින රාත්‍රී 8.20 ට පමණ එම කණ්‍ඩායම මරණකරු නොමැතිව ඔහුගේ නිවෙසට පැමිණෙන ආකාරයද සටහන්ව තිබූ බව පොලිසිය කළ මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇත.

පිරිස අතර සිටි පුද්ගලයකු අත රෙදි බෑගයක් තිබූ බවත් රථයෙන් බැස ඒ පරීක්ෂා කරන ආකාරය කැමරාවේ සටහන්ව තිබූ නිසා පොලිසිය ඒ සම්බන්ධව කළ පරීක්ෂණයේදී මියගිය පුද්ගලයාගේ සරම සහ කමිසය එම බෑගයේ දමා ගෙනැවිත් ඇති බවට හෙළිවූ බව පොලිසිය කියයි.

එම බෑගය රැගෙන මරණකරුගේ නිවෙසේ නවතා තිබූ යතුරුපැදියෙන් එක් අයකු පලා යන ආකාරයත් සෙසු පුද්ගලයන් වෑන් රථයක නැගී යන ආකාරයත් එම කැමරාවේ සටහන්ව තිබූ බව පොලිසිය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනවලින් පසු හතර දෙනෙකු මිරිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති අතර ඉන් දෙදෙනෙකු මේ වන විට මුහුදු රස්සාවට ගොස් ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණය වී තිබේ. අනෙක් සැකකරු සොයා මේ වන විට වීරවිල පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

(ඡායාරූප: අමිල සම්පත්)

.



අදහස් (1)

වීරවිල වැවේ පා වූ රංග ගිලුණාද? ගිල්ලුවාද?

leel gunawardena Friday, 15 October 2021 01:23 AM

බොරුව ඇත්ත වෙන්නේ නැහැ කවදාවත් ,අපරාදේ මනුස්ස ජීවිත

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 639 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1437 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1660 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 958 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 250 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2099 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site