(අංජුල මහික වීරරත්න)
ජපාන රජයේ සහය මත මෙරට ක්‍රියාත්මක කෙරෙමින් තිබු කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතරමග නවතා දැමීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන රජය වෙත සිය කණගාටුව පළ කළේය.
විදෙස් රටක හෝ පාර්ශ්වයක මැදිහත්වීම ඇතිව සිදු කරන මහා පරිමාණ ව්‍යාපෘති දෙපාර්ශ්වයේම එකඟතාවක් නොමැතිව නවතා දැමීම හෝ අවලංගු කිරීමට නොහැකි වන අයුරින් ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා සියලු මහා පරිමාණ ව්‍යාපෘතිවලට අදාළ යෝජනා සහ ව්‍යාපෘතියේ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනිවාර්යය කරන බව ද පැවසීය.
ජපානයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෆුමිඕ කිෂිඩා මහතා අතර නිල හමුව අද (25) පෙරවරුවේ ටෝකියෝ නුවරදී සිදු විය.
එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජපාන අග්‍රාමාත්‍යවරයා විසින් ඉතා සුහදශීලිව පිළිගනු ලැබීය. නායක දෙපළ අතර සුහද කථා බහකින් අනරතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
විදෙස් ව්‍යපෘති හිතුමතේ නවත්තන්න නව නීති
SUNIL MILANO Thursday, 25 May 2023 08:14 PM
යල් පැනගිය සියලුම නීතිරීති එදාට ඔබින සේ ප්‍රතිසම්පාදනය කළ යුතුයි...
Nimal Thursday, 25 May 2023 08:17 PM
ඔබතුමා මොනවා කිව්වත් වැඩක් නෑ. මහ බැංකුව කොල්ලකාපු එකමයි මතකයට එන්නේ...
සිල්වා Thursday, 25 May 2023 08:22 PM
පාර්ලිමේන්තුවෙන් නීති පැනෙව්වාට ජනකලා, සිරානිලාට කෙරුවා වගේ කරන්න හැකියි නේද?
swene Thursday, 25 May 2023 10:12 PM
නීති හදන්නෙත්, නීති නවන්නෙත් නීති කඩන්නේත් ඔගොල්ලොමයි. නීති කඩලා, නවල ඊට පස්සේ තවත් නීති ගෙනෙනවා ඉන් ඉදිරියට එහෙම නොවෙන්න කියල. ඒ වුනාට නීති කඩපු එකා ජොලියේ ඉන්නවා. ළඟම හොඳම උදාහරණය තමයි ඕමාන් ආයෝජකයාට තග දැමීම
සසර Friday, 26 May 2023 07:11 AM
රට වෙනුවෙන් ඩොලර් හිගමනේ යෙදෙන ඔබට අපගේ උත්තමාචාරය. ඩොලර් හොරකම් කරපු එවුන් උඩත් නෑ. බිමත් නෑ. එහෙත් නෑ. මෙහෙත් නෑ. ලොවෙත් නෑ. ලොවි ගහෙත් නෑ. පාර්ලිමේන්තු වේ ඉන්නවාලු මිනිස්සු කියනවා. උන්ව අල්ලන්න නීති ගේන්න.
Rohana Friday, 26 May 2023 07:23 AM
යහපාලන ආණ්ඩුවෙන් ලබාගත් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පසුව ආ රාජපක්ෂ ආණ්ඩුවේ අයට කොමිස් නොලැබීම නිසා තනිමතයට මේ ව්‍යාපෘතිය අවලංගුකලා. හැකිනම් දැන්වත් මේගැන ජපාන රජය සමග කතාකර නැවත ක්‍රියාත්මක කරවන ලෙස ඉල්ලා සිටිනවා.
යෝගා Friday, 26 May 2023 07:25 AM
ඇයි මෙයාලා 2015 බලයට ආවම පෝට් සිටිය, මධ්‍යම අධිවේගී මාර්ගය අවුරුදු දෙකක්ම නවත්තගෙන හිටියා මතක නැද්ද. හරිනම් මේවාටත් ජනතාවගෙන් සමාව ගන්න ඕන