IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි අරගලකරුවන් අතර ත්‍රස්තවාදීන්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රිමාන්ඩ් භාරයේ සිටින වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි අරගලකරුවන් අතර සිටි ත්‍රස්තවාදීන් යැයි  විමර්ශන වලින් පෙනී ගොස්  තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්  අලස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි පිළිබඳව විපක්ෂ නායකවරයා අදහස් දැක්වූ බවත් සාමාන්‍ය අරගලකරුවන් අතර ත්‍රස්තවාදීන් ද සිටි බව විපක්ෂනායකවරයා එහිදී සඳහන් කළ බවත් ටිරාන් අලස් මහතා කීය.

 විමර්ශන  අනුව පෙනී යන්නේ වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි මේ අය ත්‍රස්තවාදීන් පිරිසට අයත් අතර ඔවුන්  සාමාන්‍ය අරගලකරුවන් නොවේ යැයි මහජන  ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.

සාමාන්‍ය අරගලකරුවන් තමා සමඟ දැනටත් කතා කරන බවද අන්තිමට ඒ අය ගෝල්පේස් එකෙන් එළියට විසිවෙලා මේ අය ගෝල්ෆේස් එක අතට ගත්තා යැයි ද ටිරාන්  අලස් මහතා කීය.

දැනට විමර්ශන කරගෙන යන අතර  හෙට අනිද්දා ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වේවි යැයිද  මේ අයට මුදල් වියදම් කළ අය හෝටල්වල ඉන්න සල්ලි ගෙව්වේ කවුද? ආදී ලොකු නම් එලියට ඒවි යැයි ටිරන් අලස් මහතා පැවසීය.

 ඇමැති ධුරයේ සිටින තුරු තමාට බාරදුන් වගකීම හරියාකාරව ඉටු කරන බව කී මහජන ආරක්ෂක අමාත්‍යවරයා  පොලිසියේ ඒ වගකීම ඉටු කරන්න කැමති නැති අය ඉන්නවා නම් යන්න පුළුවන් බවද කීය.

සියලු ප්‍රශ්න ඇති කරන්නේ පෙරටුගාමී පිරිස බවද ඒ කට්ටියට තදින්ම ක්‍රියාත්මක වෙන අතර ඒකෙ වචන දෙකක් නැතැයි ද කිසිම හේතුවකට එය වෙනස් නොකරන බවද ටිරාන් අලස් මහතා කීය.



අදහස් (9)

වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි අරගලකරුවන් අතර ත්‍රස්තවාදීන්

Sisira Thursday, 24 November 2022 08:20 PM

පිනට ඇමතිකමක් අරන් මෙයාට තියෙන බලය.

:       67       16

Akila Thursday, 24 November 2022 09:55 PM

එතකොට ඔයා කවුද ? බිලියන ගානක් බැංකු වලට කණු තියපු හොරෙක් නේද

:       39       15

Dharmika Thursday, 24 November 2022 10:09 PM

අනේ නිකන් යන්න මහත්තයෝ යන්න.

:       32       13

Ashan Friday, 25 November 2022 03:18 AM

LTTE එකට සල්ලි දීපු දේශද්‍රෝහී ත්‍රස්ථවාදියා කව්ද?

:       43       16

Demuni Uduwara Friday, 25 November 2022 04:57 AM

ආරක්ෂක ඇමතිතුමනි, ඔබ ත්‍රස්තවාදියා යන්න නිර්වචනය කරන්නේ කෙසේද?

:       27       10

sharm warn Friday, 25 November 2022 09:36 AM

ඔයා හොඳට දන්නවානේ ත්‍රස්තවාදීන් කියන්නේ මොන වගේ අයද කියලා.

:       32       13

Hafeel Friday, 25 November 2022 10:42 AM

ඔක්කොමට කලින් මෙයාට එරහිව ත්‍රස්ත මර්දන පනත යටතේ නීතිය ක්‍රයාත්මක කලයුතුයි. 2005 දී මහින්ද දිනවන්න උතුරේ චන්ද වර්ජනය කරන්න කොටි ත්‍රස්තයන්ට මුදල් දෙන්න මෙයා කපුකම් කලයි කියල මෙයාම කිව්වා. එහම නම්, ත්‍රස්ත මර්දන පනත යටතේ මෙයාට එරහිව නීතිය ක්‍රයාත්මක කලයුතුයි නේද.

:       31       15

Kumara Friday, 25 November 2022 11:02 AM

ඔහොම යන්කො මහත්තයෝ.

:       31       12

ANURA ROME Friday, 25 November 2022 01:38 PM

ත්‍රස්තවාදී අපත ජෙප්පනුත් කුලප්පු වෙලා. මොවුන් වුවමනාවෙන්ම අමතක කරනවා. මේ අයට අනුව පොලිසිවලට පහර දීම, අහිංසක මිනිස්සුන් මැරීම... ගෙවල් ගිනිතැබීම, අහිංසක මිනිස්සුන්ගේ දේපළ මංකොල්ල කෑම... පැහැරගෙන ගොස් මරාදැමීම... මේවා ප්‍රජාතන්ත්‍රවාදීද?

:       2       1

ඔබේ අදහස් එවන්න

දියත

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 390 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 382 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 121 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1319 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 342 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 403 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site