IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වරාය නගරය - අධිවේගය යා කරයි - වීඩියෝ

(ඩයනා උදයංගනී)

පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් සවි කිරීමේ ක්‍රමවේදයට අනුව ශ්‍රී ලංකාවේ පළමු වරට ඉදිවන, ඉඟුරුකඩේ මංසන්ධියේ සිට ගාලුමුවදොර වරාය නගරය  දක්වා කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ පළමු පාලම් කොටස සවිකිරීමේ උත්සවය, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුගේ ප්‍රධානත්වයෙන් අද (25) සිදුකෙරිණි.

පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් 3279 ක් මත මෙම අධිවේගී මාර්ගය ඉදිවේ.

කොළඹ නගරයට පිවිසීමේදී පවතින අධික රථවාහන තදබදයට පිළියමක් මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීමට මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.

කුළුණු මතින් දිවෙන මෙම වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ දුර කිලෝමීටර 5.3 ක් වන අතර එය මංතීරු 4 කින් යුක්තය.

මෙහි ඉදිකිරීම් සඳහා රුපියල් කෝටි 2,800 ක මුදලක් වැය කෙරෙන අතර මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාර්යේ අධීක්ෂණය යටතේ චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාව මඟින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි.

මෙම අධිවේගී ඉඟුරුකඩේ පිවිසුම, පිටකොටුව විමලධර්ම ආයතනය අසල පිවිසුම, අලුත් මාවතේ පිවිසුම, ගාලුමුවදොර පිවිසුම සහ වරාය නගරයට ඇතුළු වීමේ පිවිසුම වශයෙන් පිවිසුම් පහකින් සමන්විතය.

මෙම අධිවේගී මාර්ගය ඔස්සේ වරායේ සිට බාධාවකින් තොරව කන්ටේනර් බහලුම් ප්‍රවාහනයට අවස්ථාව ලැබෙන අතර ඉඟුරුකඩේ මංසන්ධිය අසල පිවිසුමේ දී එය නව කැලණි පාලම මතින් පැමිණෙන මාර්ගයට ද සම්බන්ධ වේ.

ඡායාරූප - ගයාන් අමරසේකර



අදහස් (21)

වරාය නගරය - අධිවේගය යා කරයි - වීඩියෝ

nimal Monday, 25 October 2021 04:32 PM

මහජන මුදලින් හෝ විදේශ ණයවලින් ගොඩනගන මහාමාර්ග හෝ වෙනත් ව්‍යාපෘති විවෘත කිරීමට දේශපාලකයින් ගෙන්වා ගැනීම නවත්වමු...

:       73       112

RaveendraTuesday, 26 October 2021 08:02 AM

ඔබගේ මෙම අදහස් අප මිට සෑහෙන කලකට පෙර සිටම කීපවිටක්ම ඉදිරිපත් කර ඇති බවත් සදහන් කරන්නෙමු. මේවා විව්ර්ත කිරිමේදී මහජන මුදලින්ම තනා නිමකරන බෝඩ් "කෑලිවල" පතරංග ජාතක අකුරුවලින් ලියන වැකිවල වඩාත්ම හාස්‍ය උපදවන වචන කීපයක් ඇත. එනම් අහවලා විසින් "ජනතා අයිතියට" පත්කරන ලදී යන්න..."ජනතා අයිතියට" යන වචනවල නියම අර්ථය වන්නේ (අප දන්නා පරිදි) කිසිවෙකු විසින් තම පුද්ගල ධනය වියදම් කර මහජනතාවගේ ප්‍රයෝජනයට , පොදු කටයුතුවලට සාදා මහජනතාවට බාරදීමය. එබැවින් මහජන මුදලින් හෝ නය මුදලිකින් හෝ සෑදුවා යනු මහජන මුදල් බැවින් මේ දේශපාලුවන් මේ කරන්නේ ඉතාමත්ම නින්දිත බලු වැඩකි. "මෙම බලු වැඩේ දියවනාව පට්ටියේ බලයේ සිටි සෑම පක්ෂයකම දේශපාලුවන් විසින් චිරාත් කාලයක් සිට කරගෙන එන බලු සම්ප්‍රදායකි". මෙම අදහස් කිසිදු වෙනසකින් තොරව දියවනාව පට්ටියේ " 226 ම" කියා වීමට හැකි වේවා.....

:       6       27

Bengamuwa Monday, 25 October 2021 06:55 PM

රෝහිත සහ ජොන්සන් කළොත් සුපිරිම තමයි... ජනපතිගේ වාසනාවට ලැබුණු දෙන්නෙක්...

:       71       35

senaTuesday, 26 October 2021 07:56 AM

ඔය චම්පික ජපාන ජයිකා ආයතනය සමග කෙරෙන දෙයක්, ඔබ කියන ඩබලගේ නුවන සහ කෙරුම්ගැන ඔබ හැර මුලු නුවනක් ඇති ඇයෝ දනිති, අනුන්ගේ මුවාගෙන් තවමත් මහින්ද පෙරට දමාගෙන කියවනවා, රැවටුමේ සහ රැවටීමේ කෙලවරක් නැද්ද ?

:       3       19

chandima Monday, 25 October 2021 07:05 PM

පාරවල්වල වැඩ දැන් ජොනියට බාරදීලා තියෙන්නේ... යාපාගේ අත යටින් ගනුදෙනුවක්වත් අහුවෙලාද? නැතිනම් හරියට ගණන් බේරුවේ නැතුවද? 

:       34       29

Suba Monday, 25 October 2021 07:26 PM

මෝඩ ඇමැතිලා දෙන්නා නිකන් හරියට එයාලගේ සල්ලිවලින් කරනවා වගේ ඇවිල්ලා, වීරයින් වගේ හැසිරෙන්නේ. ඒ අය දන්නේ නෑ... චීනෙන් මේ ගන්න ණය කන්දරාව නිසා දවසින් දවස අපි ඒ අයගේ නිල නොලත් ප්‍රාන්තයක් බවට පත් වී ගෙන යනවා කියලා. ඔය ණය ගන්න අත්සන් ගහන ඇමතිලගේ, නිලධාරීන්ගේ එක ළමයෙක් නෑ ලංකාවේ. ඔවුන්ව මෙහෙන් පිට කරලා සෑහෙන්න කල්... චීන දඬු අඬුවට අහුවෙන්න ඔන්න මෙන්න තියෙද්දී මේ අයත් පනීවි... හම්බ කරන්න පුළුවන් උපරිමයම හොයාගෙන...

:       55       60

Sam Monday, 25 October 2021 07:35 PM

ඒ සල්ලිත් චිනයට. "චීන සිවිල් ඉංජිනේරු"

:       46       41

Tenna Monday, 25 October 2021 08:16 PM

මේ වගේම පහුගිය ආණ්ඩුවේ අයත් 2019 මේ පාරම නේද විවෘත කළේ? එහෙම නැතිනම් මේ විවෘත කරන්නේ සුබ මොහොතින් කොන්ක්‍රීට් කෑලි අසුරන මංගල්ලේද?

:       45       32

Ratnamalala Tuesday, 26 October 2021 03:20 AM

මෙතන ඉන්න කට්ටිය දැක්කම අපේ උන්නැහේලගේ මොළේ නැතිබව හොඳටම තේරෙනවා. මොළේ තියෙන චීන්නු හෙල්මට් දාගෙන .

:       0       9

sunny Tuesday, 26 October 2021 08:43 AM

පාරට කොන්ක්‍රීට් දාන්නත් මේ මිනිස්සුන්ට උත්සව ඕන.

:       0       7

janahitha Tha Ja Di Tuesday, 26 October 2021 08:45 AM

ලංකාවේ ඉංජිනේරුවන් පසුගිය 45 වසරේම මේවා එක අඟලක්වත් නිර්මාණය කලේ යෝජනා කලේ නැහැ, වැඩ කරන්න නිර්මාණ කරන්න මේ රටේ ඉඩ නැතුවද කම්මැලි කමද.?

:       3       6

senaTuesday, 26 October 2021 03:20 PM

අපේ රටේ ව්‍යාපෘතිවල සල්ලි ණයට දෙන රටවල් ඒ රටවල් වල කොම්පැනි සහ ඉංජිනේරුවන් යොදාගෙන බල කරනවා ඉතින් ලංකවේ ඉන්ජිනේරුවෝ කොටසක් පිටරටවලට යනවා කොටසක් පරිපාලන රාජකාරි.

:       0       0

janahitha Tuesday, 26 October 2021 08:47 AM

කකුලෙන් අදින්න එපා අපි ඉන්න රටේ මෙඅ ආරම්භ කලේ 20 වසරකට පෙර.

:       1       4

kamal Tuesday, 26 October 2021 10:10 AM

ණයකාරයෝ ණය ඉල්ලාගෙන එනකොට දැන් අධිවේගයෙන් මාරුවෙලා යත හැකිය.

:       2       11

fairoos Tuesday, 26 October 2021 12:53 PM

රටට සංවර්ධනය අවශ්‍යයි .ඒත් මේ වෙලාවේ ඒකට වඩා දේවල් තියනවා කරන්න .බඩු මිල අහස උසට .ඒවා පාලනය කරන් නැතුව මොන සංවර්ධනයද

:       0       1

ලමය Tuesday, 26 October 2021 01:45 PM

දැන් අරක්කු මලයයි මාල මලයයි කයිවාරු කෙලියි හරියට තමුන්ගෙ සල්ලිවලින් මේව කරපු විදියට.

:       0       1

දාස Tuesday, 26 October 2021 02:57 PM

දැන් ජොනියයි ,මාල රොහිතයි පම්පොරි ගහයි උන්ගෙ අම්මගෙ අප්පගෙ සල්ලිවලින් මේ වැඩ කරපු විදියට . මේක ගිය ආන්ඩුව කාලෙ පටන් ගත්තෙ. මතක තියාගන්න අපි ඕගොල්ලො ඔතනට ඇරල , තඩි පඩි, මාලිගා වගේ වාහන, බංගලා, දීල ඔහේලගෙ , ලයිට්, වතුර, දුරකථන , බිල් ගෙවන්නෙ ඔය වැඩකරන්න. නිකන් පම්පොරි කෙලින්න එපා හලෝ අපිට. මේව ඉවර වුනාම කියනව ජනතා අයිතියට දුන්න කියල. මෙි අපේ සල්ලිවලින් කරපු වැඩ ඒව ජනතාවට අයිති නැත්නම් බහිරවයට ද අයිති. වැඩ ඔක්කොම ඉවර වුනාම හොර රැලේ නම් ටික ගහයි වැඩෙන් ඇතිවෙන්න කොමිසුත් ගහල.

:       0       0

Bandara Tuesday, 26 October 2021 03:14 PM

වරාය නගරය අධිවේගයට යා කරන්නේ මේ රටේ මිනිසුන්ගේ දියුණුවටද නැත්නම් චීන හාම්පුතාගේ සුව පහසුවටද.?

:       0       0

wimal Tuesday, 26 October 2021 03:30 PM

හොඳ වැඩක්. රට දියුණු කරනවට අපි කැමතියි.

:       0       1

csmir Tuesday, 26 October 2021 04:22 PM

සමහර අය මර්සිඩීස් බෙන්ස් බදු දී මිල දී ගත්තත්, සමහර අය ජීවත් වන්නේ නිවසේ වැසිකිළියක් නොමැතිව ...

:       0       0

gagana Saturday, 30 October 2021 11:09 AM

ඇත්තටම සතුටුයි. රටම සම්බන්ධයි. අපේ තරුණ ඉන්ජිනේරුවන්ටත් හොඳ අධ්‍යයනයක්, චීන අධි තාක්ෂණික ඥානය අප සමග බෙදාගැනීමෙන්... (සමහර බයියන් හිතන් ඉන්නේ අපි ඔක්කොම දන්න, භාණ්ඩාගාරයේ මුදල් තුට්ටු දෙක මෙවැනි ව්‍යාපෘතිවලට දාලා, ණය ගන්නේ නැතිව මෙවැනි දේවල් කරන්න ඕනේ කියලා. ණය ආයෝජනයකින් රටට කොටසකුත් ආයෝජකයාට කොටසකුත් යන ක්‍රමවේදයකට මෙවන් දේ නොකරන්නේ නම් ආයෝජකයෙක් ඉදිරිපත් වන්නේ කොහේ අමාරුවටද? සාදා නිමාකරපු අධිවෙගී මගෙන් එන ආදායමෙන්, RDA යම් දුරකට ලාභ ලබන ආයතනයක් වුණා. නැත්තන් ඒ දවස්වල පාරේ මැද තියෙන වළවල්වලට කෝටු ගහලා කාලයක් තිබ්බා, හදන්න මුදල් නැතුව.... දැන් හැම ගමක දනව්වක්ම ක්‍රමානුකූලව හොඳ තත්ත්වයන් අතරට යනවා. මේ වැඩ පිළිවෙලවල් ඊළඟ ආණ්ඩුව ආපුවාම නවත්වයිද කියන එකයි ප්‍රශ්නේ... මොකද මේ දැවැන්ත ව්‍යාපෘතියට තියෙන නොදකින ඩීල් ක්‍රියා පද්ධතියට ගිජුව සමහර දේශපාලන ගිජුලිහිණියන් ඔවුන්ට මස් කොටසක් ඩැහැගන්න... ඕනෑ ව්‍යාපෘතියක් ඔවුන්ගේ වාසියට නවත්වයි.. එවැන්නන්ගේ ජාන වෙනස් කිරීමට නොහැකි නිසා ජනතාවට කවුරු හෝ කුමක් කළත් අප්‍රසාදය පළකරන්නට පෙළැඹී ඇති සැටි හොඳින් පෙනේ...

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 286 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 682 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 573 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1397 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2858 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1857 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1454 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site