IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ලංකාවේ ප්‍රථම වතාවට ටොන් 100 ගෙනයාහැකි ටේලරයක් නිපදවයි

(රේඛා තරංගනී ෆොන්සේකා)

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට නිපදවෙන රෝද තිස් අටක ආධාරයෙන් ධාවනය කෙරෙන ටොන් සීයක් රැගෙන යා හැකි ආධාරක දෙකේ ටුවින් ඇඩප්ටර් ටේලරයක් නිෂ්පාදනය කිරීමට දුම්රිය මැදිරි නිමවන දේශීය කර් මාන්තකරුවකු වන තන්ත්‍රී සමාගම සමත් වී ඇත.

මෙතෙක් යුරෝපා රටවල් දෙකක පමණක් නිපදවා ඇති මෙම රෝද තිස්අටේ දිගින් වැඩි රථය මාර්ගයේ දාවනය කිරීමට ශ්‍රී  ලංකා ටෙලිකොම් සමාගම, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී  ලංකා වරාය අධිකාරිය සහ පොලිස් රථවාහන අංශය එක්ව කණ්ඩායමක් ලෙස කටයුතු කොට ඇත.

ඒකල  ප්‍ර දේශයේ ආරම්භක කිරීමට නියමිත  සිමෙන්ති  නිෂ්පාදනාගාරයක් මෙරටට ආනයනය කල  විශාල බීම් එකක් සහිත යන්ත්‍රයක් මැද ආධාරකයක් නොමැතිව ප්‍ර වාහනය කිරීමේ අවශ්‍යතාවට අනුව මෙම විශේෂ ටේලරය මෙරට දී නිෂ්පාදනය කොට ඇත. 

හයිඩ්රොනලික් බලයෙන් වැඩ කෙරෙන රියදුරුන් දෙදෙනකුගේ ක්‍රියාකාරීත්වය සහිතව ධාවනය කෙරෙන මෙම ටේලරයේ පොළොව උස් වූ ස්ථානයන් අසලින් ප්‍ර වාහනය කෙරෙන විට උපාංගය උත්සාහ රැගෙන යාමටත් ඉහළින් වයර් නොගෑවෙන ආකාරයෙන් උපාංගය පහත්කොට ප්‍ර වාහනය කිරීමද හැකියාව ඇත.

 මෙම රථය පිළිබඳව අදහස් දැක්වීම්ට දේශීය කර්මාන්ත කර් මාන්තකරුවකු වන තන්ත්‍රී සමාගමේ සභාපති අතුල හපුතන්ත්‍රී මහතා එක් වූ අතර ඒ මහතා පැවසූයේ මෙම ටේලර් ඒ ආධාරයෙන් ප්‍ර වාහනය කළ සිමෙන්ති නිෂ්පාදන යන්ත්‍රය වරායේ සිට එම කම්මල පිහිටි එකලට රැගෙන යාමට රථයක් මෙරට නොතිබූ බවයි.

දිග අඩි අසූවකින් සහ විශ්කම්භය අඩි දාසයකින් මෙන්ම බරින් ටොන් 80ක බරින් යුතු බවයි එවැනි බරසාර උපාංගයක් ප්‍ර වාහනය කිරීමට නව රථයක් මෙරටට ආනයනය කරන්නේ නම් ඒ සඳහා මිලියන 80 වැයවීමට තිබු බව ඔහු පැවසීය.

 කිසිදු වාහනයක් මෙරට නොමැතිව තිබූ තමාට ලැමාට ලැබුණු අවස්ථාව තමා නිසියාකාරයෙන් මෙහෙයවූ බව  බව සඳහන් කරන ඒ මහතා කැලණිය පිහිටි කර් මාන්තායතනයේ සේවකයින් විස්සකගේ සහයෝගය ඇතිව මිලියන 40 ක වියදමින් මෙම නව රථය මෙරටදී නිෂ්පාදනයකි කිරීමට තමා පියවර ගත් බව පැවසීය.

දේශීය  කර් මාන්තකරුවෙකු වන තමා ශ්‍රී ලංකා දුම්රිය  දෙපාර්තමේන්තුව සමඟ ද එක්ව දුම්රිය මැදිරි නිමවීම මේ දිනවල සිදුකෙරෙන බව සඳහන් කළ ඒ මහතා රජයෙන් නිසි සහය සහයෝගය ලැබෙන්නේ නම් දේශීය කර්මාන්තකරුවන්ට තව තවත් නව නිපැයුම්වලට යොමුවීමේ හැකියාව පවතින බවද වැඩිදුරටත් පැවසීය.

වැඩි දිගකින් යුතු මෙම රථය අපගේ මාර් ග පද්ධතියේ ධාවනය කිරීමේදී පටු ස්ථානයන්හි හරවාගැනීම ඇතැම්විට ගැටළු සහගත වූ බව සඳහන් කරන ඒ මහතා මේ සම්බන්ධයෙන් මාර්ගයේ පෙරහුරුවක් ද සිදුකළ බව ඒ මහතා පැවසීය.

එකී පෙරහුරුව ට අනුව හඳුනාගත් බාධකයක් වූ ජා ඇල ඒකල පොළ හන්දියෙ සංවර්ධන මණ්ඩලයේ තාප්පය ද අවසර සහ අනුදැනුම ඇතුව කඩා ඉවත් කොට රථය ධාවනය කිරීමට පියවර ගත් බව ඒ මහතා පැවසීය.

 විශේෂ වූ යන්ත්‍ර ප්‍ර වාහනයේදී මාර්ගයේ  ඇති විදුලි රැහැන් සහ ටෙලිකොම් රැහැන් වලට සිදුවිය හැකි හානි  සහ මාර්ගයේ සිදුවිය හැකි රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් විදුලි,ටෙලි කොම්,සහ පොලිසිය මෙන්ම වරාය මේ සඳහා එක්ව කණ්ඩායමක් ලෙස කටයුතු කළ බවද ඒ මහතා පැවසීය. 

 

 



අදහස් (14)

ලංකාවේ ප්‍රථම වතාවට ටොන් 100 ගෙනයාහැකි ටේලරයක් නිපදවයි

Amcs Atapattu Tuesday, 04 October 2022 04:55 PM

රෝද කීයක් තියෙනවද?

:       0       0

sena Tuesday, 04 October 2022 05:31 PM

වාහනේ 80, ගෙනියන බර 100... ටොන් 180ක් යන්න පුළුවන් පාරවල් අපේ රටේ තියෙනවද?

:       0       0

චින්තක Tuesday, 04 October 2022 05:38 PM

ජයවේවා !!! මෙවැනි කර්මාන්ත තවතවත් ඇතිවේවා...!

:       0       3

Mr Don Tuesday, 04 October 2022 07:55 PM

හොඳ වැඩක්... ඔහොම යමු... සුබපැතුම්..!!! 

:       0       3

pakeer Tuesday, 04 October 2022 08:47 PM

හදවතින්ම සතුටුයි... බලන්න කොහොමහරි මේක අපනයනය කරන්න පුළුවන්ද කියලා...? අන්න ඒවා තමයි විදේශ ඇමැතියා කරන්න ඕනේ...!

:       0       3

SL Tuesday, 04 October 2022 08:50 PM

නියමයි...!

:       0       3

ජයන්ත Tuesday, 04 October 2022 08:57 PM

6 වීල් ටිපර් රථයක සමාන්‍යයෙන් වැලි කියුබ් 10 කට වඩා ගෙනියනවා. (බර ටොන් 1.6 X 10) ටොන් 16 ක බරක්. තෙත බර සමග ගත්තොත් ටොන් 20ක් පමණ වෙනවා. ටිපර් රථයේ බරත් සමග ටොන් 25ක පමණ බරක් අර රෝද 6 දරාගන්නවා...

:       1       0

Perera Tuesday, 04 October 2022 11:17 PM

ජීවන බර අදින්න මමත් එකක් ගන්න බැලුවා... ගාන වැඩියි... මට ගන්න බැහැ.

:       0       0

ලුම්බිණි Wednesday, 05 October 2022 04:56 AM

සුබපැතුම්...! ජයවේවා...!

:       1       3

Anura Wednesday, 05 October 2022 08:50 AM

සුබපැතුම්..., විය යුත්තේ මෙයයි. තව තවත් නව නිපැයුම් හඳුන්වා දීමට අවස්ථාව ලබාදිය යුතුයි...

:       0       3

Ajith D.L Wednesday, 05 October 2022 09:37 AM

ඇඬෙනවා... සුපිරි කම්පැනි එකක්...!

:       0       3

ආර්ජිඑන් . ආරියවංශ Wednesday, 05 October 2022 06:26 PM

මේ රටේ උගත්, බුද්ධිමත්, නිර්මානශීලි මානව සම්පතක් ඉන්නවා. හොඳ මෙහෙයවීමක් තියෙනවා නම් ඕනෑම අභියෝගයක් බාරගෙන කරන්න පුළුවන්... ඒකට අවශ්‍යතාවක් දෙන්න. සැහැල්ලු දුම්රිය මැදිරිත් මේවගේ හදනවා නම් කොපමණ ඉන්ධන ඉතුරු වෙයිද?

:       0       1

Bamunuarachchi Thursday, 06 October 2022 07:16 AM

ටේලරයක් නිපද වීම හොඳයි .හැබැයි පාරවල් වල තත්වය කොහොමද? මම පොඩිකාලේ වෙසක් කුඩුවක් හැදුවා වගේ හිටී. කාමරේ තියන් ලොකු වෙසක් කුඩුවක් හැදුවා .හැබැයි කාමරෙන් එලියට ගන්න බැරිඋනා. ටොන් 100 බරක් මහනුවරට ගෙනියන්න් පුලුවන් වෙයිද?

:       0       1

Ajith Nanayakkara Tuesday, 04 April 2023 05:24 PM

ලංකාවේ හොඳ විශිෂ්ඨ වැඩක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 164 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 335 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 411 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 459 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 146 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1660 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site