( සුමතිපාල දීයගහගේ සහ ඩී ජී සුගතපාල)
ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලේ 9 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සිරකරුවෙකු අද (25) බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙසේ පලා ගොස් ඇත්තේ අක්මීමන තල්ගස්යාය පදිංචිකරුවෙකු වු 34 හැවිරිදි පුද්ගලයෙකි.
හෙරොයින් ග්‍රෑම් එකකට වැඩි ප්‍රමාණයක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරුවීම නිසා ගාල්ල අධිකරණයෙන් නියම කරන ලද රුපියල් 8000 ක දඩය ගෙවා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මැයි 12 වන දින සිට මසක සිර දඬුවමක්ද හෙරොයින් මිලිග්‍රෑම් 21ක් ළඟ තබා ගැනීමේ තවත් චෝදනාවකට වරදකරුවීම නිසා අධිකරණය නියම කරන ලද රුපියල් 8000 ක දඩය ගෙවා ගැනීමට නොහැකිව මැයි මස 15 වන දින සිට තවත් මසක සිර දඬුවමක් විඳිමින් සිටින සිරකරුවෙකු බව වාර්තාවෙි.
මෙම සිර දඬුවම් දෙක සඳහා ගාල්ල බන්ධනාගාරගත කරමින් සිටින විට අසනීපවී රෝහල් ගත කළ පසු එහිදී මොහු මෙසේ පලා ගොස් ඇති බව පොලිසිය කියයි.
පලා ගිය සිරකරු අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාරය සහ පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත
බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි
විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සිරකරුවෙක් පැනගිහින්