(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොළඹ කුරුණෑගල මාර්ගයේ දිවුලපිටිය බරවාවිල ප්‍රදේශයේ දී කැබ් රථයක් හා කුඩා ලොරියක් මුහුණට මුහුණලා ගැටීමෙන් ලොරි රථයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා මරණයට පත්වූ බව දිවුලපිටිය පොලීසියේ රථවාහන අංශය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ පාදෙණිය වේපත්අංග පදිංචිව සිටි ඒ එම් එම් ජී තිලක් අරුණ අතපත්තු 40 නැමැත්තෙකු සහ මාවත්ත කුඩාගල්ගමුව පදිංචිකරුවෙකු වූ ජේ එමි ජයසුන්දර බණ්ඩාර 45 නැමැත්තෙකි.
නවීන පන්නයේ කැබ් රථයේ ගමන් කර ඇත්තේ මංගල උත්සවයකට සහභාගි ව නිවස බලා යමින් සිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුයුක්ත නිලධාරියකු බව ද මිය ගිය පුද්ගලයෙකු ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කළ අයෙකු බව හෙළි වී ඇතැයිද පොලිසිය සඳහන් කරයි.
අනතුරත් සමග කැබ්රථය අසල වෙල්යායට විසිවී වැටී තිබූ අතර කුඩා ලොරිය මාර්ගයේ අනෙක් පසට හැරී නතර වී තිබූ බව පොලීසිය සඳහන් කරයි.
තුවාලකරුවන් දිවුලපිටිය රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් මිය ගොස් තිබිණි. රථයේ කැබ් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත .
මෙම අනතුරට පෙර කිසියම් ස්ථානයක දී මෙම කැබ් රථය ටිපර් රියක ගැටී ආරවුලක් සිදුව ඇති බවට පොලිසියට ලැබී ඇති තොරතුරුවල සත්‍යතාවය හෙළිකර ගැනීමට පොලිසිය කටයුතු කරයි
මියගිය අයගේ පශ්චාත් මම පරීක්ෂණ ඊයේ 13 දිවුලපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රිය අනතුරින් දෙදෙනකු මරුට