IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රාජ්‍ය ආයතනවල විදයම් සීමා කරයි

(අජන්ත කුමාර අගලකඩ)

රාජ්‍ය ආයතනවල වියදම් මාස 6 ක කාලයක් සඳහා දැඩි ලෙස සීමා කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව රාජ්‍ය ආයතන වල අතිරේක වියදම් දැරීම වහාම නතර කරන ලෙස මුදල් අමාත්‍යංශය සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි .

මේ අතර රාජ්‍ය ආයතනවලට අලුතින් සේවකයින් බඳවා ගැනීම ද නතර කරන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී තිබේ.

කොරෝනා ව්‍යාප්තියත් සමග රජයේ ආදායම විශාල ලෙස අඩු වීම සැලකිල්ලට ගනිමින් මුදල් අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇත .

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සියලුම පළාත් ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් ඉකුත් සතියේ කොළඹ අරලියගහ මන්දිරයට කැඳවා, වියදම් සීමා කරන ලෙස දැනුම් දී ඇත

රජයේ ආයතනවල අතිරේක වියදම් කපා හරින ලෙසත් සේවකයින් වැඩි නොකරන ලෙසත් මුදල් ඇමතිවරයා ඔවුන්ට එහිදී දැනුම් දී ඇත .

 



අදහස් (30)

රාජ්‍ය ආයතනවල විදයම් සීමා කරයි

pradeepa Saturday, 24 July 2021 09:32 AM

ඕක කරන්න ඕනෑ රාජපක්ෂවරුන්මයි. එයාලා තමයි මේ පාලනයේ 75%ක් රජයේ ආයතන පාලනය කරන්නේ මහින්ද, ගෝඨාභය, චමල්, නාමල්, ශෂේන්ද්‍ර, බැසිල් මෙයාලගේ ආයතන එකතුව 100ට වැඩියි.

:       284       1755

senaSaturday, 24 July 2021 06:39 PM

රට දුප්පත් කරලා දැන් මොනවා කරන්න උත්සාහ කළත්, ඔබලා කළ වැරදි නිවැරදි කිරීමට උත්සාහ කළත් රටේ ජනතාව පොරොන්දු කඩකළ ඔබලාව අමතක කොට අලුත් කට්ටියක් වෙනුවෙන් තීන්දු කර හමාරයි. දිනය පැමිණෙන තුරු බලා සිටියි..!

:       21       242

Nihal Saturday, 24 July 2021 10:48 AM

දැන් මිනිස්සුන්ට රජයේ ආයතනවල මිදුල් පවා අතුගාන්න වෙයි ද දන්නේ නෑ...

:       37       244

පප්ප Saturday, 24 July 2021 11:45 AM

අනේ, මේ මනුස්සයාගේ පරණ ක්‍රියා කලාපය දන්න මිනිස්සුන්ට ඇත්තේ මොහු ගැන දැඩි කලකිරීමක්.. හරි හමන් අධ්‍යාපනයක් තියෙනවද? එකම සුදුසුකම ලොක්කගේ මල්ලි වීම පමණයි. වියදම් කපන්න නියම වුවමනාවක් තියෙනවා නම් මේ රටේ හිඟන තත්වය යටතේ නාමල් කොල්ලා ජපානෙට යවනවද?

:       125       1064

Don perera Saturday, 24 July 2021 11:59 AM

ඇමෙරිකාවේ පෙට්‍රල් පම්ප් එකේ වැඩ කරපු කෙනෙක් අපේ මුදල් ඇමැති... 69ට ජයවේවා..!!!

:       70       698

GaminiSaturday, 24 July 2021 01:08 PM

දවසක් මගේ කාර් එකටත් තෙල් ගැහුවා...

:       38       375

මෝSaturday, 24 July 2021 09:49 PM

ඇමරිකාවේ පෙට්‍රල් ගහන අය නෑ නේද? තමන්ම නේද ගහගන්න ඕනේ?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 24 July 2021 12:27 PM

ඔක්කොම ඉවරයි. පව්, අපේ රටේ තරුණ තරුණියන්. දැන් රැකියා නොදීම තව තව දීර්ඝ කිරීම සිදුවේවි. රටේ තරුණ කොටස්වල පීඩනය වැඩිවේවි. කෝ තෙල් මිල අඩුකර ගැනීමට ගෙනා කෙනා..? එතකොට කෝ අර රට ගොඩගන්න පිටරටවල් වලින් ලැබුණු ආධාර මුදල් සම්බාරය. ඒවා පිල්ලි ගිහින්ද? මේ රටේ ඡන්දේ දුන්නු මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ. මිනිස්සු යහපාලනේ දිනෙව්වේ.., යම් හොඳ දෙයක් බලාගෙන. ඒත්, මෛත්‍රි ඇතුළු මුළු පාලන තන්ත්‍රයම කරන තරමක් කළේ විකාර වැඩ... මෛත්‍රි එහෙම පිටින්ම කළේ රජය ගෙනියන්න බැරි දේවල්... මෙන්න මේ වගේ දේවල් නිසා මිනිස්සු ආයෙත් පෙර තීන්දුවට ගත්තා. කොහොම වුණත්, නිල් කොළ පොහොට්ටු ඇතුළු දේශපාලන වැඩ නිසා රට විනාශයට යනවා. මෙහෙම යනවිට අපට වෙන්නේ මුහුදට පනින්න තමයි. චීනාව ගෙනැවිත් දාගෙන නිසා, දැන් කලාපේ අනෙකුත් රටවල් අමනාප වෙලයි ඉන්නේ. ලෝකෙනුත් අප හුදෙකලා වෙලා...

:       229       879

අයි.පී.සී.විජේසිංහ Saturday, 24 July 2021 01:51 PM

එසේ මෙසේ කෙසේ වෙතත් මෙහෙම දෙයක් කරන්න දැන් හරි කල්පනා වුණු එක ලොකු දෙයක්. නමුත් මෙය සිදුවෙනවා දැයි සොයා බැලීම ඊටත් වඩා වටිනා දෙයක්...

:       375       64

ගමේ එකාලා Saturday, 24 July 2021 02:04 PM

පවුල් පාලන ආණ්ඩුවේ උදවියට නම් අවුලක් නැතුව ඇති. රටේ ආදායමෙන් වැඩි හරියක් යන්නේ පවුලේ හතර වරිගෙම උන් නඩත්තු කරන්න.

:       36       487

සෙනෙවිරත්න Saturday, 24 July 2021 02:06 PM

මේකටද මොල හතේ මොල නැව ගෙනාවේ ? මේක නම් මටත් කරන්න තිබුනා . තවටික දවසකින් කියාවි වාහන දුවන්න එපා, කියලා

:       0       0

DM Saturday, 24 July 2021 02:20 PM

එතකොට නාමල් රාජපක්ෂ ඔලිම්පික් බලන්න ජපානෙට ගියේ කොහොමද? ඒවා අත්‍යාවශ්‍ය දෙයක්ද?

:       26       434

sharm warnMonday, 26 July 2021 09:24 AM

එයා දුක් මහන්සියෙන් හොයාගත්තු ආදායමෙන් ගියාලු කියන්නේ... පාර්ලිමේන්තු සැසි නැති වෙලාවට මැදමුලනේ හේන්, කුඹුරුවල වැඩ කළානේ...

:       0       11

Ashan Saturday, 24 July 2021 02:25 PM

මුලින්ම පාර්ලිමේන්තු වියදම් සහ මන්ත්‍රී වියදම් කපා හැරිය යුතුයි. මන්ත්‍රී වරප්‍රසාද, සහ පාර්ලිමේන්තු පැවැත්වීමට යන වියදම 100% වසරක් තුළ කපාහැරීමට සියලු මන්ත්‍රීවරු කැපවිය යුතුයි. අනිත් අතින් ගජමිතුරන්ට දුන් කෝටි ගණනක බදු සහන නැවත පෙර පැවැති ලෙස අයකළ යුතුයි..

:       0       331

dona Sunday, 25 July 2021 12:57 AM

හැමෝම කියනවා වගේ මුලින්ම පර්ලිමෙන්තුවේ වියදම් කපා හැර පටන් ගත්ත නම් රටට මිනිස්සුන්ට සුබ කලක් යාවි . මේවා කරන්න ඉස්සර නාමල් ව ජපන් යැවුවා නේද, ඕවා තමා ලංකාවේ ලෙඩ කියන්නේ . දැන් ඉතින් 69 ලක්ෂය රට බංකොලොත් වෙනකන් බල ගෙන ඉන්දිල්ලා .පව් දුප්පත් මිනිස්සු

:       0       0

Ruwan chaminda Saturday, 24 July 2021 03:08 PM

දවසේ කුලියක් කරන අයට කරදරයක් නෑ නේද ,මාස ගානක් වැඩත් ආදායමක් නැතිව.

:       0       0

Perera Saturday, 24 July 2021 04:06 PM

පාර්ලිමේන්තුවේ ඉන්න 225 ස් දෙනාගේ වියදම් 50% කින් අඩු කරලා පෙන්නලා ආදර්ශයක් දෙන්න මුළු රටටම

:       0       0

sachith Saturday, 24 July 2021 04:54 PM

පවුලේ වියදම් අඩු කළා නම් රටට ලොකු සහනයක් වෙන්න පුළුවන්...

:       0       0

Thilak dubai Saturday, 24 July 2021 05:35 PM

රජයේ සේවකයන්ගේ පඩි 50%ට අඩුකරන්න.

:       35       74

Buddhika Saturday, 24 July 2021 05:51 PM

එතකොට දුමින්ද සිල්වා පඩි නැතිවද වැඩ කරන්නේ ..?

:       0       257

Rohana Saturday, 24 July 2021 06:15 PM

ලබාගත් ණය කන්දරාව ආපසු ගෙවීමට යන මුදල බලන විට මේ ඉතිරි කරන මුදල ගෙවන්නත් මදි... මෙහෙම කරලා රට ගොඩගන්න පුළුවන්ද?

:       0       123

siri Saturday, 24 July 2021 06:43 PM

මැති ඇමතිවරුන්ගේ නිල නිවාස සහ කාර්යාලවලට කුලිය වශයෙන් ගෙවන කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ඉතුරු කරගන්න ක්‍රමයක් ගැන සොයාබැලුවොත් නරකද? එක්තරා ප්‍රබල ඇමතිවරයෙකුගේ කාර්යාලයේ මාසික කුලිය ලක්ෂ 150ක් කියලා පත්තරේ තිබුණා.

:       0       239

සමිත හිමි කුරුණෑගල Saturday, 24 July 2021 08:05 PM

ඉතින් ඔය රාජපක්ෂලා බුරුත්තම අයින්වෙලා ගියා නම් වියදම් නිකම්ම අඩුවෙනවා.

:       22       478

Malith Saturday, 24 July 2021 08:11 PM

වියදම් අඩු කිරිමට නම් පාර්ලිමේන්තුවෙන් පටන් ගත යුතුයි. මන්ත්‍රී වරුන්ට දෙන සෑම දීමනාවක්ම කපා හැර විශ්‍රාම ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ වශ්‍රාම වැටුප් නතර කළ යුතුයි. ලක්ෂ 5කට වඩා වැඩි වැටුප් තිබෙන සියලුම දෙනාගේ වැටුප් ලක්ෂ 5 යටතට ගෙන ආ යුතුයි..

:       19       188

මෝ Saturday, 24 July 2021 09:47 PM

ඕකෙන් කෙරෙන්නේ රාජ්‍ය නිලධාරීන් තමන්ගේ සැප පහසුකම් ඒ විදියටම විඳිමින් මහජන සේවය හරියට ඉටු නොකිරීමයි. පුලුවන් නම් කොල්ලෝ දියවන්නාවේ 225ගේ වියදම් කප්පාදු කරලා පෙන්නන්නකෝ...

:       0       0

Rata Perata Saturday, 24 July 2021 11:03 PM

මොළ 7 ක් තියෙන කෙනෙක් ගෙනාවේ මේක කියන්නද...?

:       0       0

තරිඳු Sunday, 25 July 2021 12:32 AM

මිනීමරුවන්ට ජොබ් දෙද්දී රටේ ආර්ථිකයට කිසිම අවුලක් නෑ. රටේ අනිත් අයට දෙන ජොබ් තමයි ලොකුම ප්‍රශ්නේ. මොවුන්ට අලුත් වාහන ගේන්න යද්දී ආර්ථිකය හොඳයි. කලකණ්ණි පවුලක් රටම කනවා. ලැජ්ජයි... රටම ඉවරයි.

:       0       0

හරිත Sunday, 25 July 2021 12:38 AM

අහිංසක තරුණ තරුණියන්ගේ හීන විනාශ කරන කාලකන්නි පාලකයින්... හෙන ගහන්න ඕනේ... මොවුන් සැප විඳිද්දී අපි දුක් විඳින්න ඕනේ. යකෝ මිනිසුන්ට කන්න බෑ, බොන්න නෑ, නිදහසේ ජීවත් වෙන්න නෑ. අන්තිමට රැකියා ටිකත් නැති කරා. කාලකන්නි... හෙන ගහන්න ඕනේ. මිනීමරුවන්ට ජොබ් දෙන ගමන් රටේ මිනිස්සුන්ගේ හැමදේම විනාශ කරනවා...

:       0       0

බද්රානි Sunday, 25 July 2021 02:25 AM

මෙතුමා මෙච්චර අරපරිස්සමෙන්, තමන්ගේ අතිනුත් වියදම් කරගෙන රට ජාතිය වෙනුවෙන් මේ විදිහට වැඩ කරද්දී, රජයේ සේවකයින් නිරපරාදේ මල්වානේ තට්ටු දෙකේ මාලිගාවල් හදලා අත්හැරලා දාල තියන එක අපරාදයක් නේද? මොනා උනත් දේශප්‍රේමී රජයේ සේවකයින් වැටුපෙන් භාගයක් රට වෙනුවෙන් පරිත්‍යාග කරන්න කවදාවත් පසුබට වෙන්නේ නැහැ.

:       0       0

parasad Sunday, 25 July 2021 07:37 AM

එහෙනම් අහවල් එකටද මැටි මාටිං ජපානේ ඇරියේ?

:       0       165

ඔබේ අදහස් එවන්න

දියත

විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 0 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 490 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 42 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 12 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1888 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 366 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 225 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1539 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site