IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රණවීරගේ පුත්‍රයාට එරෙහිව සී.අයි.ඩි.යට පැමිණිල්ලක්

 

(යොහාන් භාසුර)

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ පුත්‍රයා ඇතුළු පිරිසක් කිරිබත්ගොඩ උපකාරක පංතියකදී පාසල් සිසුන් පිරිසකට පහරදුන්නේ යැයි කියන අවස්ථාවට රජයට අයත් වාහනයකින් පැමිණීම රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමක් බවත් ඒ පිළිබඳව අමාත්‍යවරයාට සහ පුත්‍රයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් සර්වපාක්‍ෂික අරගලකරුවෝ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක නිරාෂාන් විතානගේ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අද (29) පැමිණිල්ලක් කළේය.  

රාජ්‍ය දේපළක් වන අමාත්‍යංශ වාහනයක් අමාත්‍යවරයකුගේ පුත්‍රයකුට මෙවැනි දෙයකට පාවිච්චි කළ නොහැකි බවත් ඒ පිළිබඳව වහාම පරීක්‍ෂණයක් ආරම්භ කළ යුතු බවත් නිරාෂාන් විතානගේ මහතා එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ. 



අදහස් (11)

රණවීරගේ පුත්‍රයාට එරෙහිව සී.අයි.ඩි.යට පැමිණිල්ලක්

මුදියන්සේ.... Thursday, 29 September 2022 05:13 PM

රාජ්‍ය දේපල අවභාවිතය මෙන්ම පියාගේ රශ්ණයෙන් චණ්ඩි පාට් දැමූ පුත්‍රයා ඇතුළු සැමට නිසි දඩුවම් ලබා දීම සිදු කළ යුතුයි.

:       0       3

චන්දන Thursday, 29 September 2022 05:57 PM

හරියට හරි අරගල කරුවන් වැඩ පෙන්නන්ඩ ඕන මේ වගේ තැන් වවලදී .

:       0       3

C.K.Lankaputhra. Thursday, 29 September 2022 06:32 PM

ඉතාම වටිනා පැමිණිල්ලක්. නීතියේ සාධාරනත්වය සැමට පොදුවේ ඉටුවන බව හා එක රටක් එක නීතියක් ඇද්දැයි බලාගැනීමට අපි නිරතුරම අවදියෙන්. හරි නම් මේ වන විටත් මේ කුප්රකට රාජ්ය ඇමතිවරයාගේ වැඩ තහනම්කර තිබිය යුතුයි. ඒවා ඉතින්......

:       0       7

වීරවිජේ Thursday, 29 September 2022 11:38 PM

ඔය ‌පුත්‍රයා ඔය වැඩවලට පාවිච්චි කළේ රජයේ වාහන නම් අනිත් හැම දේටම පාවිච්චි කරන්න ඇත්තේ තමන්ගේ ඒවා වෙන්න ඇති...

:       0       6

Ruhunu Friday, 30 September 2022 12:53 AM

මිරිස්කුඩුද ගහලා තියෙන්නේ...?

:       0       5

Kumara Friday, 30 September 2022 02:27 AM

තාත්තයි පුතයි දෙන්නටම ඒකට තියල මිරිස් කුඩු ගහන්ඩ ඔනෙ. වල් .......... .

:       0       4

Senarath Friday, 30 September 2022 09:26 AM

මේ අය තවම තේරුම් අරගෙන නැහැ. මිනිස්සු මේ අය සමග කෙතරම් වෛරකින්ද ඉන්නේ කියලා. පාර්ලිමේන්තුවේ ඉන්න මේ හොරු ටික පසුගිය අවුරුදු 40ක කාලය පුරාවට කළේ රටේ වත්කම් කොල්ලකමින් රට අගාධයට දැමීමයි.

:       0       8

නෙළුම් Friday, 30 September 2022 10:45 AM

ශ්‍රී ලංකාවේ නීතිය අවභාවිතා කරන බොහෝ අවස්ථාවලදී පොලිසිය ද චූදිතයෙක් වන අවස්ථාවන් එමටයි. අධිකරණ අමාත්‍යයවරයාද අවධානයට ලක් කළ යුත්තේ මෙයයි. සොරුන්, මංකොල්ලාකරුවන්, මිනීමරුවන් රටක පාලකයන් වූ විට සිදුවන්නේ රටක් අරාජික වීම පමණි. ඉන්න හිටින්න රටක යන සංකල්පය විහිළු සපයන වදන් පෙළකි.

:       0       6

upul Friday, 30 September 2022 12:16 PM

මේ දේස පාලුවෝ රොත්තම ගෙදර යවන්න ඔනි රට හැදෙන්න

:       0       3

vincent Friday, 30 September 2022 01:36 PM

මේ අයව පාර්ලිමේන්තු අරින ගම්පහ තණකොළ කන අයට ගහන්න ඕනෑ...

:       1       2

sampath Monday, 03 October 2022 05:28 PM

රාජ්‍ය දේපළ අවභාවිතයට එරෙහිව සක්‍රීයව මැදිහත් වීම ඉතා වැදගත් දේශපාලකයින් මෙන්ම නිලධාරීන්ද රජයේ වාහන සහ දේපළ තමන්ගේ බූදලයක් කියලා හිතන් ඉන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 121 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 828 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2234 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1565 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 900 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2133 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1438 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site