IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මෙරට සංචාරයට ආ ඇමෙරිකානුවා එසැණින් ආපසු යයි

( තිළිණි ද සිල්වා)

ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකා සංචාරකයකු මෙරටට ආ අවස්ථාවේ මුහුණ දීමට සිදු වූ දුෂ්කරතා හේතුවෙන් පැමිණ  පැය 05 කට පසු ආපසු ගොස් ඇතැයි වාර්තා වෙයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්  පුළුල් විමර්ෂණයක් සිදු කරන ලෙසට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට ලබා දුන් උපදෙස් අනුව මෙම පුළුල් විමර්ශනය ආරම්භ කර ඇති බවද එම අමාත්‍යාංශය කියා සිටී.

පසුගිය 07 වෙනිදා මෙරටට පැමිණි ජෝර්ජ් නැමැති එම සංචාරකයා ශ්‍රී ලංකාවේ දී මුහුණ දුන්නේ යැයි කියන අපහසුතාවයන් පිළිබද ඔහු සිදු කරන ලද ප්‍රකාශයක් මේ දිනවල සමාජ මාධ්‍යවල පුළුල් ලෙස ප්‍රචාරය වීම හේතුවෙන් , අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

අදාළ ඇමෙරිකා ජාතික සංචාරකයා එම සමාජ මාධ්‍ය වීඩියෝවෙන් සදහන් කරන්නේ සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණි තමාට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකි වීම සහ සිය නියෝජිත ආයතනය සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම නිසා පැය 05 ක කාලය තුළ ආපසු ගිය බව යැයි  ද සංචාරක අමාත්‍යාංශය පෙන්වා දේ.

 

 

 

 

 

 

 

 

 



අදහස් (31)

මෙරට සංචාරයට ආ ඇමෙරිකානුවා එසැණින් ආපසු යයි

ගමේ එකාලා Monday, 11 October 2021 03:14 PM

දවසකට සංචාරකයෝ පන්දහසක් ගෙන්ව ගන්ඩලු ප්ලෑන් කෙරුවේ .දැන් කොහොමද ? කෙරුවාවල් කෙසේ වෙතත් කයිවාරුව නම් තියෙනවා .

:       58       128

Nuwan Monday, 11 October 2021 03:17 PM

මොලේ කචල් උනු ඇමරිකන් කාරයෙක් ඉන්නවා ,මිනිහවත් අරන් යන්න බැරිද ?

:       58       151

SiriWednesday, 13 October 2021 11:25 AM

එකෙක් නෙමේ දෙන්නෙක්ම ඉන්නවා

:       2       6

සෙනෙවිරත්න Monday, 11 October 2021 03:26 PM

සුද්ද සුද්ද කරන්න හදන්න ඇති. ඒකයි යන්න ඇත්තෙ,

:       42       96

අතුල සෞදි Monday, 11 October 2021 04:09 PM

මේ අදහස් නම් හරිම ශෝචනීයයි. අවුරුදු 43 ක් (77න් පසු) තිස්සේ රටේ පසුගාමීත්වය හරි පැහැදිලියි...

:       62       44

පිටිගල මිලානෝ Monday, 11 October 2021 04:18 PM

මම නම් හිතන්නේ මේකේ වැරැද්ද ඔහු බාරගත යුතුයි කියලයි. මේක සම්පූර්ණයෙන්ම ඔහුගේ නොහැකියාව නිසාම සිදුවූ දෙයක්. මාගේ දරුවන් පවා කුඩාකළ තනියෙන් ලංකාවට පැමිණ ගෙදර ගියා කිසිම කරදරයක් නැතිව. ඔහුගේ නොහැකියාවට ලංකාවට චෝදනා කිරීම වැරදියි. ගුවන්තොටුපලේ සංචාරක විමසීම් කවුන්ටරයෙන් මොහු උදව් ඉල්ලුවේ නැද්ද...?

:       74       100

HarinMonday, 11 October 2021 05:20 PM

කුඩා කාලේ කිව්වේ මී අවුරුදු 18 කට කළින්ද?

:       41       28

fairoosMonday, 11 October 2021 06:25 PM

පිටිගල ළඟදී ලංකාවට ආවේ නැහැ නේද?

:       5       26

පිටරැටියා Monday, 11 October 2021 07:11 PM

අපේ නෑයෙක් එයාගේ අම්මාව බලන්න ඔක්තෝබර් 2 වැනිදා ලංකාවට ආවා. වැක්සීන් දෙකත් අරගෙන PCR එකකුත් කරගෙන.. නමුත් එයා කිව්වේ වෙනම කතාවක්. ඒක ඇහැව්වම ලංකාවට යන එකත් එපා වුණා...

:       45       27

janisMonday, 11 October 2021 06:28 PM

ඔයා බොරු සෝබනේට මිලානෝ ද, මලානෝ ද අපි දන්නේ නෑ. ලංකාවේ ඇත්ත තත්වය තමයි ඒ...

:       45       32

Sharn Monday, 11 October 2021 04:58 PM

දවසකට 5000ක් සංචාරකයින් එනවලු ලබන අවුරුද්දේ...? එක්කෙනෙක්ට හරියට පහසුකම් දෙන්න බැරිව 5000කට කොහොම පහසුකම් දෙන්නද? ඒ වගේම හොර ඒජන්සි, සංචාරකයන්ගෙන් සල්ලි අරගෙන හැංගෙනවා.

:       51       30

ajithMonday, 11 October 2021 08:41 PM

රට තුළ සංචාරකයින් සඳහා පසුබිම් පහසුකම් සකස් නොකර සංචාරකයින් සඳහා රට විවෘත කළ බව ප්‍රකාශ නිකුත් කිරීමේ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබේ..

:       26       17

Bandara Monday, 11 October 2021 05:01 PM

ඔය ඇමරිකන්කාරයින් ඔක්කෝටම පිස්සු. පුදුම තදියමක් තියෙන්නේ. පේන්නේ නැද්ද? මෙහෙ මුල් පුටුවෙ ඉන්න ඇමරිකන්කාරයා... ඒ මදිවට මුදල් ඇමතිකමේ ඉන්නෙත් ඇමරිකන්කාරයෙක්. මිනිහට මොළ හතක් තියෙනව කියලා තමයි ඇමරිකාවෙන් ගෙන්න ගත්තේ... පේන විදියට එක මොළයක්වත් නෑ.

:       60       58

රශ්මි Monday, 11 October 2021 05:06 PM

ඉස්සර ඉඳන්ම ලංකාවට එක පාරක් ආපු සංචාරකයෙක් ආපහු එන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. මොකද ප්ලේන් එකෙන් බැහැපු වෙලේ ඉඳන්, ආපහු යන්න ප්ලේන් එකට නගිනකන්ම බලන්නේ ගසා කන්න, රස්තියාදු කරවන්න. ඔය හේතුව හින්දම ලංකාවට එන්නේ සත පහක් වියදම් කරන්න ලෝභ, රස්තියාදුකාර, නිකන් මැර ටයිප් සංචාරකයින්...

:       17       44

SISIRA Tuesday, 12 October 2021 12:54 AM

ඉස්සර කියන්නෙ කොයි කාලෙද? 80 දසකයේ මුල්කාලයේ 60%ආවේ සැමදාම එන අය. ඒ ඩෙන්මාර්ක් සුව්ඩන් නොර්වේ පින්ලන් ප්‍රන්ශ සහ ජර්මන්.

:       1       3

dissanayake Monday, 11 October 2021 05:28 PM

අනේ මේ යෝධ පැන්ඩාගේ විමර්ශනේ... මාටි පප්පා...!!

:       16       26

Akila Monday, 11 October 2021 05:31 PM

ලංකාවේ සංචාරක කර්මාන්තය හරියන්නේ නැත්තේ මේක නිසයි.. මෙම ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඉන්න වැඩි හරියක් දන්නේ එන එන සුද්දගේ සල්ලි ටික සුද්ද කරන්න විතරයි. කවුරුවත් සාධාරන විදිහට සේවාවක් ලබාදෙන්න උත්සාහ කරන්නේම නැහැ..

:       2       41

ජගත් ලියනගේ Monday, 11 October 2021 05:34 PM

කයිවාරුව නම් අහසටත් උඩින්. ආපු මනුස්සයා තියාගන්න දන්නේ නැහැ. ඔය විදියට නම් සංචාරකයින්ට සලකන්නේ, ඔවුන් ආපහු එයිද?

:       0       36

අගුපිලගේ Monday, 11 October 2021 06:23 PM

ඇමැතිවරයා බලන් ඉන්නේ රුසියානු සංචාරකයන් නිසා ඇමරිකන් කාරයාට සැලකිල්ල නැතුව ඇති. සුද්දා එන්න ඇත්තේ තමන්ගේ රටේ දෙදෙනෙකු ජනපති හා මුදල් ඇමති නිසා හොඳ පිළිගැනීමක් තියේවි කියලා.. නමුත් ඇඳිවත දක්වා සූරාකෑම කරන්න හදපු නිසා කලකිරෙන්න ඇති... අයියෝ රටේ නම්බුව ඉවරෙටම ඉවරයි...

:       41       29

ගොඩ සුද්දා Monday, 11 October 2021 06:32 PM

ඉහළ යන බඩුමිල ගැන පත්තරෙන්වත් දකින්න ඇති...

:       32       26

දිසානායක Monday, 11 October 2021 08:59 PM

ඇමති ඇඟ බේරගන්න වෙන්න ඇති පරීක්ෂණයක් කරන්න කිව්වේ.

:       17       14

chandima Monday, 11 October 2021 09:38 PM

මේකට ඇමරිකන් ජාතිකයෙක් නෙවෙයි ඉතියෝපියානු ජාතිකයෙක් ආවත් ආපු ගමන් ආපහු යනවා. යන එනම්න් නැති ඉන්දියානුවෙක් නැතිනම් චීන ජාතිකයෙක් නතර වුනොත් ඇරෙන්න

:       25       26

බද්රානි Monday, 11 October 2021 09:41 PM

ඇත්තටම මේ සුද්දන්ට පිස්සුද මන්දා, ගෝත්‍රික, මිලේච්ජ, හොරු බහුතරයක් වෙසෙන රටක සංචාරය කරන්න ලංකාවට එන්න. ලංකාවේ උපන් මිනිස්සු මේ රටින් පැනගන්න බැරිව දුක් විඳිනවා. කොහොමත් ඉතින් ලංකාවට එන්නේ වැදගත් සුද්දන් නම් වෙන්න බැහැ.

:       48       32

chandima Monday, 11 October 2021 09:53 PM

හැබැයි ඇමරිකානුවා උනත් ගිය ගිය තැන කළා බිලා පොල්ලක් තියලා යන කෙනෙක්ද දන්නේ නැහැ.

:       2       1

de silva Monday, 11 October 2021 09:57 PM

ඕකත් අර ජනාධිපතිතුමාගේ පැන්ඩෝරා පරීක්ෂණය වගේ වේවිද.?

:       0       4

sampath Monday, 11 October 2021 10:22 PM

ගුරු වර්ජන, ගෑස් මිල, කිරිපිටි නෑ, සුද්දා බය වෙන්න ඇති, ඒ මදිවට ටක්සිත් නැහැ.

:       0       3

69lakshaya Tuesday, 12 October 2021 12:01 AM

මේවා අධිරාජ්‍යවාදී ජාත්‍යන්තර කුමන්ත්‍රණ.

:       0       3

Anura Tuesday, 12 October 2021 06:47 AM

දැන් ඉතින් අපේ අයියල බලාගෙන ඉන්නවා ඇති පහුගිය අවුරුද්දෙම සංචාරකයෝ එන්නේ නැතිව ලබපු පාඩුව මේ එන එක සංචාරකයා දෙන්නගෙන් අල්ලගන්න . දැන් ඉතින් ඔය මනුස්සය ලෝකේ වටේම ගිහින් කියයි ලංකවේ ඉන්නේ හොරු කියලා.

:       0       5

Chamith Perera Tuesday, 12 October 2021 10:48 AM

ආයේ කිසිදවසක එයිද මෙහෙට.

:       0       2

Saman Tuesday, 12 October 2021 11:42 AM

වැඩ බැරි ඇමරිකන් කාරයෙක් ඉන්නවා කවදද රටින් යන්නේ කියලා බලාගෙන ඉන්නේ අපි

:       0       8

kamal Tuesday, 12 October 2021 11:51 AM

මේ ඇමරිකන් කාරයන්ට මම කියන්නේ අපි තමයි හොඳටම කලේ කියලා විතරයි

:       0       8

ඔබේ අදහස් එවන්න

දියත

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 26 0

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 61 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 123 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 171 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 320 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 720 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site