(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මාර්ග සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සඳහා එම කටයුතු නව කොන්ත්‍රාත්කරුවන්ට ලබා දෙන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා නව කොන්ත්‍රාත්කරුවන් සොයා ඔවුන්ගේ ශක්‍යතාවන් වහා සොයාබලන ලෙස අමාත්‍යවරයා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මහාමාර්ග ඇමතිවරයා මහතා මෙසේ උපදෙස් ලබා දුන්නේ මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගිය ( 19 ) රැස්වූ අවස්ථාවේදීය.
මේ අතර මාතර, මහනුවර, රත්නපුර, ගම්පහ, බදුල්ල, හම්බන්තොට, මාතලේ, කලුතර ඇතුළු දිවයින පුරා දිස්ත්‍රික්ක රැසක මාර්ග සංවර්ධනය ඉක්මන් කරන ලෙස මහාමාර්ග අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ලංකාවේ සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් වර්ධනය වන බැවින් ගාල්ල, රූමස්වල, උනවටුන ආදී සංචාරක කලාපයන්හි මාර්ග ඉක්මනින් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පෙන්වාදුන්නේය.
මේ අවස්ථාවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්රීනී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය ජාතිකයින් ඉදි කළ ඉතා පැරණි යකඩ පාලම් සංවර්ධනය කර එම ස්ථාන ඉතා ආකර්ෂණීය සංචාරක ගමනාන්ත බවට පත්කළ හැකි බව පෙන්වා දුන්නාය.
දෙමෝදර ආරුක්කු පාලම වැනි ඉතා වටිනා සහ සංචාරකයන් ආකර්ෂණය කරගත හැකි ස්ථාන පවතින හෙයින් එම ස්ථාන සංවර්ධනය කිරීම සංචාරක ආකර්ෂණයට ඉතා වැදගත් විය හැකි බවද සඳහන් කළාය.
එය ඉතා වැදගත් යෝජනාවක් බවත් ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
මාතර නව නගරයේ සිට ගොඩගම අධිවේගී මාර්ගය දක්වා මාර්ගයේ කටයුතු පිළිබඳ වැඩි අවධානය යොමු කළ යුතු බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මාතා මෙහිදී පෙන්වා දුන්නේය
මාර්ග සංවර්ධනයේදී නිවැරදි ක්‍රියාමාර්ග ඉක්මනින් ගැනීම ඉතා වැදගත් බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් ඇමතිවරයා පැවසුවේය .
මෙම රැස්වීමට නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර , නිමල් ලංසා සහ ජානක වක්කුඔුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන සම්පත් අතුකෝරල, ඉසුරු දොඩන්ගොඩ, කාදර් මස්තාන්, ගුණතිලක රාජපක්ෂ, වී. රාධක්‍රිෂ්ණන්, අමරකීර්ති අතුකෝරල සහ එච්. නන්දසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ .
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මාර්ග හැදීම අලුත් කොන්ත්‍රාත්කරුවන්ට
Anura Wednesday, 21 July 2021 08:01 PM
සාධාරණව වැඩේ කෙරෙයි...!!!
RaveendraThursday, 22 July 2021 06:34 AM
ඔව් මොකද "මගේ ඇම්බට්ටයන්ටනේ" දෙන්නේ.....මගේ ගානත් ශේප් උන්ගේ ගානත් ශේප්...ඇයි ඉරිසියයි ද....
wikcy Wednesday, 21 July 2021 10:28 PM
මෙයාට ගානක් ගන්න පුලුවනෙ ඉතින්. මොන බූරුවද ඔය පාරවල් හැදුවම වැඩේ බලන්නෙ. මහත්තයො, මෑන් හොල් එක එක්කො උස වැඩි , එක්කො වලක් තියල. ඔයාල යන සුපොගබොගි වාහන නම් ඔව්වයෙ වැටුනට කමක් නැ. එත් අපි යන එව්ව වැටුනම ඒවයෙ කැලි වලටත් අපි බදු ගෙවන්න ඕනි ( ඔයාලගෙ එව්වට අපි කොහොමත් ගෙවනවානෙ ) අරවයි මෙවටයි බදු ගෙවල තව පාරෙ වැරැද්ද නිසාත් අපිම පාඩු විදින සුන්දර රටක් මේක. හදපු පාර ආපහු කඩනව පේමන්ට් දාන්න. එක්කො කානු දාන්න. ඒකත් නැත්නම් වතුර හරි ටෙලිකොම් හරි නැතිමන් විදුලිබලේ . එකෙක් ආපහු පාර හරියට හඩන්නෙ නැ කවුද බලන්නෙ කියන්නකො. නිළධාරීන නැද්ද, ඉන්න එවුන්ට පෙන්නෙ නැද්ද. නැත්නම් එයාලට වෙනම ගානක් දීලද... ඇත්තටම මොකක්ද හප්පා වෙල තියෙන්නෙ?
rocky Thursday, 22 July 2021 06:26 AM
මහත්තයෝ ,ඕවා එක එක සැරේට වෙන වෙනම කරන්නේ නැතුව ,මුළු රටටම තාර දාලා එකම පාරක් කොරලා දැම්මා නම් ඉවරයිනේ !
ලලිත් එම් Thursday, 22 July 2021 07:19 AM
සපෝට් එක දුන්න අයට සලකන එක යුතුකමකි
මුණසිංහ Thursday, 22 July 2021 08:06 AM
පරණ අයට දෙන්න විදියක් නැහැ. කරපුවට සල්ලි ගෙවන කම්.....