IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මන්ත්‍රි සුමන්තිරන් කුඹුරට බසී

(රොමේෂ් මධුෂංඛ)

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රදේශයේ කුඹුරකට බැස සාම්ප්‍රදායික ගොවිතැන්  කටයුතු වල නිරත වී ඇත.

සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ඥාතියකුට අයත් කුඹුරක  සාම්ප්‍රදායිකව සිදුකෙරෙන ගවයින් යොදා සී සෑම , තල්කොලේ ආහාර ගැනීම, කුඹුරේ කිරි උතුරා කිරිබත් පිසීම, සාම්ප්‍රදායික් ගොවීන් හමු වී ඔවුන් සමග තල්පතේ ආහාර ගැනීම ආදිය ද සිදු කළේය. එම අවස්ථා ඇතුලත් ඡායාරූප සමාජ මාධ්‍යන්හි සංසරණය වෙයි.

 



අදහස් (38)

මන්ත්‍රි සුමන්තිරන් කුඹුරට බසී

JAYATH Monday, 11 October 2021 02:17 PM

මේ වගේ අවස්ථාවකට සහභාගි වෙන්න අපටත් ඉඩක් දෙන්න බැරිද?

:       74       34

Alfred de CostaMonday, 11 October 2021 04:05 PM

දෙන්නෙක්ම ඉන්නවනේ හාන්න.... ඔබට ඊළඟ පාර අවස්ථාවක් සලසලා දෙන්න පුළුවන්. නොදකින් මෙහෙමත් කාලකන්නි...

:       15       92

BamunuarachchiMonday, 11 October 2021 05:00 PM

එතකොට එළහරක්, මීහරක් කතාව එන්නේ නැද්ද...?

:       12       48

ගොවියෙක් Monday, 11 October 2021 07:14 PM

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කුඹුරකට පැමිණියද එම පළාත්වල ජනතාව කියා සිටින්නේ ගොවීන් ගොනාට ඇන්දවීමට ඉදිරි මැතිවරණයේදී ඉඩ නොදෙන බවකි..

:       5       31

වර්ණකුලසූරිය Monday, 11 October 2021 10:32 PM

බහුතර ජනතාව අන්ත අසරණ තත්ත්වයක පසු වෙන රටක, ණයට ගන්න මුදල් ටිකත් පොදි පිටින් විදේශ රටවල තැන්පත් කරන එළහරක්ව පාර්ලිමේන්තු එවන මීහරක්ගේ කතාව ලග ්දීම එනවා.

:       0       0

Karunarathna Gampola. Monday, 11 October 2021 02:20 PM

ගරු මැතිතුමනි, ඔබතුමාගේ අතීත ආදර්ශය අද රටේ පන් කොළ පතවත් නොදන්න, අයට පෙනේවා..! ඔබතුමාගේ කාර්යය ඉතාමත් දියුණුවට පත්වේවා...!

:       88       36

SitharaMonday, 11 October 2021 04:08 PM

ඔය යකා හදන්නේ සම්බන්ධන්ගෙන් පස්සේ නායකකම ගන්න. පොඩි රඟපෑමක් ඊළඟ පාර ඡන්ද ටික ගන්න. කොටින්ට කඩේ ගිහින් ගියපාර ඡන්ද ටිකට කෙළවුණානේ.... අපේ අයට රෙද්දක් දැක්කාම මහලා ඇඳ ගන්නේ... අන්දන්න ඕනෑ නෑ.

:       9       42

BamunuarachchiTuesday, 12 October 2021 07:22 AM

සම්මාදමක් දාලා මෙයාට හොඳ කන්නාඩියක් අරන් දෙන්න ඕනේ. හරි පැත්ත විතරක් පෙනෙන්න.

:       2       0

Ratnayeke Monday, 11 October 2021 02:23 PM

නිහතමානී මහත්මයෙක්...

:       77       27

BamunuarachchiMonday, 11 October 2021 04:03 PM

හරි, නිහතමානී රටෙන් 3/5 ම දෙමු නේද? මට ප්‍රශ්නය කුඹුර හාන වෙලාවේ කැමරාමන්ලා ආවද? කැමරාමන්ලා ආව වෙලාවේ මෙයා කුඹුරට බැස්සද කියලා...

:       16       56

ගමේ එකාලාMonday, 11 October 2021 05:04 PM

කලින් වතාවක් මැදමූලනේ අම්බරුවන් කුඹුරට බහිනකොට කැමරාකාරයින් රොත්ත පිටින්ම ගෙනාවා.

:       43       33

samareMonday, 11 October 2021 05:17 PM

අර මේගන් මාර්කල් සහ හැරී කුමාරයා වගේ... මොනවා හරි වැඩක් කරනකොට මෙන්න බොලේ දන්නෙම නැතුව කැමරා කරුවන් ඇවිල්ලනේ... අනේ අපි නම් ඔන්න එයාලට එන්න කිව්වේ නෑ...

:       5       29

BamunuarachchiTuesday, 12 October 2021 07:12 AM

ටීවී එකේ අපි දැක්ක මඩ නොකල වෙලකට මේ ගොවියා වී ඉසිනවා. ඒ අලුත් ක්‍රමයක් වෙන්න ඇති.

:       3       0

සෙනෙවිරත්න Monday, 11 October 2021 03:25 PM

එකහා සමාන සංස්කෘතියක් ඇති අපට ඇයි මේ බේරගන්න බැරි ප්‍රශ්න ?

:       110       30

මහින්ද ජයසිංහ. හිටපු ජවිපෙ. මන්ත්‍රී. Monday, 11 October 2021 03:29 PM

ලංකාවේ ඉතින් ෂෝ නැතිනම් ඡන්ද නැහැ. මලගෙදරකට ආවේ නැතිනම් ඡන්දෙ නැහැ. වැඩ කරන්න ඕනෙම නැහැ. කොච්චර හොරාකෑවත් කමක් නැහැ. අපේ එකා අපිට හොඳා... එ්කනේ අපි ඡන්ද ගන්න පාසල් අධ්‍යාපනය කන්නේ. විශ්ව විද්‍යාල අධ්‍යාපනය කන්න අන්තරේ පන්ති පහේ අයියලා ඉන්නවා...

:       8       52

Dharmatileke Monday, 11 October 2021 03:40 PM

සාමාන්‍ය මිනිසුන් සමග සිරිත් අනුගමනය කිරීමක්... ඔබ මුලු රටටම ආදර්ශයක් පෙන්නුම් කළා..!

:       82       15

Lal Monday, 11 October 2021 03:41 PM

දැකීමත් සතුටක්... ඔබතුමාලා ලංකාවෙන් කෑල්ලක් කඩාගන්න දඟලමින් කාලය නාස්ති නොකර, යාපනයේ ගොවි මහත්වරුන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී හිටියා නම්, ඔබතුමාලට දකුණේ සිංහල ජනතාවගෙනුත් විශාල සහයෝගයක් ගන්න තිබුණා. යාපනයේ ගොවි මහත්තුරුන්ට පුළුවන් මුලු ලංකාවටම වුණත් කන්න දෙන්න...

:       74       19

RathnayakeMonday, 11 October 2021 04:10 PM

යාපනේ ඕනෑතරම් හරක් ඉන්නවා. ඒත් රටේම හරක්ට දෙන්න තරම් තණකොළ යාපනේ නෑ....

:       4       53

ගමේ එකාලා Monday, 11 October 2021 03:53 PM

මීට කලින් අපේ රටේ සමහර නායකයින් කීදෙනෙක් අම්බරුවන් වගේ කුඹුරට බැස්සාද? හැබැයි අමුඩෙ ඔලුවේ බැඳලා තිබුණා වගේ මතකයි...

:       32       35

Bamunuarachchi Monday, 11 October 2021 04:06 PM

මේ ගොල්ලන්ට පොහොර ප්‍රශ්න නැහැ. පාවිච්චි කරන්නේ කාබනික පොහොර. උඩහ වතුවලින් ලොරිගණන් උතුරට කාබනික පොහොර යන්නේ...

:       5       50

Bamunuarachchi Monday, 11 October 2021 04:12 PM

ක්‍රිස්තු පූර්ව 130 ඉඳලාම රටෙන් කෑල්ලක් ඉල්ලීම නිසා එකට එකතුවෙන්න බැහැ. නැතිනම් ඔවුන්ගේත්, අපේත් ගැලපෙන ඉතා කිට්ටුවෙන් යන සංස්කෘති දෙකක්... මෙරටට මුස්ලිම් සංස්කෘතිය කොහොමත් ගැලපෙන්නේ නැහැ...

:       8       64

විපරමා Monday, 11 October 2021 07:22 PM

මහාබ්‍රහ්මයාගේ කටින් වෙන්ඩැති ඉපදිලා තියෙන්නේ. මුස්ලිම් දරුවන් බුද්ධාගම ඉහළින් සමත් වෙනකොට, චතුර ලෙස සිංහල කතාකරනකොට අපිටම ලැජ්ජයි... බුදුන් දේශනා කරපු වසල සූත්‍රය මතක් වෙනවා...

:       49       8

BamunuarachchTuesday, 12 October 2021 08:33 AM

අන්ධයට අලියව අතගාල උගේ තරම කියන්න බැහැ. ඒවගේ මුස්ලිම් ආගම ගැන දනුමක් නැතිව මුස්ලිම් ළමයි බුද්දාගම පාස් උනා කියලා ඔවුන්ව තක්සේරු කරන්න බැහැ .

:       3       0

AzmiMonday, 11 October 2021 08:04 PM

ඔයාට ගැලපෙන්නේ නෑ කියලා අපිට පාන්ද?

:       22       7

BamunuarachchiTuesday, 12 October 2021 07:18 AM

මට විතරක් නොවෙයි ගැලපෙන්නේ නැත්තේ මෙරටටත් . මට විතරක් ගැලපෙන්නේ නැතිනම් එලවන හැටි මම දන්නවා. දැන් ඒකට කාලේ හරි..

:       2       0

BamunuarachchiTuesday, 12 October 2021 08:41 AM

පාන් නොවෙයි කේක් උනත් වැඩක් නැහැ. රිජෙක්ට්

:       2       0

වර්ණකුලසූරිය Monday, 11 October 2021 11:05 PM

සංස්කෘතිය ගැළපුනාට වැඩක් නැහැ. උතුරේ ධනපති පංතියට සැප විදින්න මැතිවරණයේදි ජාති ප්‍රේමය අවශ්‍යයි.. ඒ වගේම අද සමාන සංස්කෘති දකින දකුණේ වහලුන්ට මැතිවරණයකදි ජාති අරගල අවශ්‍යයි.. වේල නොකා ධනපති නඩත්තු කිරීම ගව සම්පත්වල ලක්ෂණයකි.

:       0       0

මුදියන්සේ, Monday, 11 October 2021 04:24 PM

ද්‍රවිඩ ජනතාව මොන තානාන්තරවල නිරතව සිටියත්, අපේ ජාතියේ අය වගේ ඇඳගෙන නැහැ. රැකියාව දොස්තරද, ඉංජිනියර්ද, ඇමතිද, ගමට ආවිට සෙල්ලසාමි/ සෙල්ලසාමිම තමයි. ඒකට අපේ අය..., ඇවිදින්නෙත් තනතුර ඔලුවේ තියාගෙන... පිස්සු යක්කු...

:       60       27

samareMonday, 11 October 2021 05:15 PM

කුලය විතරයි ඔලුවේ තියාගෙන ඉන්නේ... එතැනදි නම් කුල හීනයි කියලා මිනිසුන්ව පහතට දාලා කෝවිලට එන්නත් නොදී වැඩ කරන්නේ...

:       1       38

BamunuarachchiTuesday, 12 October 2021 08:39 AM

ඔයටික ඇත්ත. නමුත් කුලය ඔලුවට ගහලා කරන වැඩ මෙතන ලියන්න අමාරුයි. කුලයෙන් ඉහලනම් යටත් නිලදාරියා වැඩ නොකලත් ගණන් ගන්නේ නැහැ. කුලයෙන් පහත් යටත් නිලදාරියා හොඳට වැඩ කලත් එයාට ලෙඩ දමනවා. මේ කිව්වේ අත්දැකීමෙන්.

:       1       1

කිරි පුතා Monday, 11 October 2021 04:30 PM

හොඳ නළුවෙක්... එච්චරයි..!.

:       6       41

chandika Monday, 11 October 2021 04:31 PM

නියමයි...!!! 

:       34       6

Janith Monday, 11 October 2021 09:11 PM

සිංහලද? දෙමළද? රඟපාන නළුවෝ

:       2       32

sam Tuesday, 12 October 2021 04:15 AM

මේක දැකලා අනිත් අය කුඹුරට බහියිද දන්නේ නැහැ.

:       29       2

gunarathna Tuesday, 12 October 2021 07:25 AM

සුමන්තිරන් කියන්නේ හොඳ ගොවියෙක්. දෙමළ සන්ධානයේ ඉන්න හැම කෙනෙක්ම හොඳ ගොවියෝ.

:       0       1

sachith Tuesday, 12 October 2021 07:57 AM

රටේ සිනමාවේ අවාසනාවට අහිමි වෙච්ච චරිතාංග නළුවෝ.

:       1       1

p.d goonawardena Tuesday, 12 October 2021 08:52 AM

ඔය අර නායකයාට සුදුසුයි කිව්ව එකේ එක වෙලුමක්....

:       0       0

සමන් Tuesday, 12 October 2021 09:29 AM

හැමදාම ලංකාවේ මිනිස්සුන්ට හොඳ දේ හඳුනාගන්න බැහැ. හොරාටම කත් අදිනවා. මේ මනුස්සයා උගත් කමින් පොහොසත් කෙනෙක්.

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 104 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 236 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1019 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 128 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 319 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 298 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site