IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බූරු මුණා සියල්ල වමාරයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොලිස් අත්අඩංගුවට ගත් රවිඳු සංඛ ද සිල්වා නොහොත් බුරු මුනා නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හංවැල්ල දසවේල්ල පාරේ දුරකථන කණුවක් යට සඟවා තිබූ සි ෆෝ වර්ගයේ අදිබලති පුපුරණ ද්‍රව්‍ය ගෑම් 662 ක් සොයාගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

ඉකුත් සිකුරාදා (17) බුරු මුනා නීතිඥවරයකු සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අවිස්සාවේල්ල මානියම්ගම ප්‍රදේශයේ දී අවිස්සාවේල්ල පොලිසිය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

බස්නාහිර පලාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය භාර අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර මහතා ලබා දුන් අවසර නියෝගයක් අනුව සැකකරුගෙන් පැය 72ක කාලයක් අද දින දක්වා ප්‍රශ්නෙ කෙරිණි .

බුරු මුනා නමැත්තා සිදුකල ඝාතන සහ අනෙකුත් අපරාධ සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය,මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ,රත්ගම , ඇල්පිටිය , හික්කඩුව , කටුනායක, ඌරගහ, හා මීගමුව කොට්ඨාස අපරාධ අංශය ද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඝාතන නමයක චෝදනා බුරු මුනා ට එල්ල වී ඇතත් තමන් සිදුකලේ ඝාතන දෙකක් බව බුරු මූණා හඬා වැටෙමින් පවසා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

සංවිධානාත්මක අපරාධ කරුවකු වන රත්ගම විදුර නමැත්තා ගේ ගෝලය ලෙස කටයුතු කල බුරු මුනා නමැත්තාට විදේශගතවීමට අවශ්‍ය ව්‍යාජ හැඳුනුම්පතක් සහ ගුවන් ගමන් බලපත්‍රයක් සාදා දෙන ලද බව පවසා ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කන්නංගරගේ ලලිත් කන්නන්ගර නමැත්තා බුරු මුනා ව පරකඩුවට ගෙන්වාගෙන හංවැල්ල ඝාතනය මෙහෙයවා ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

තමන්ගෙ ගෝලයන්ට හිරිහැර කරන ආපන ශාලා හිමිකරු සම්බන්ධයෙන් බුරු මුනා ට ඩුබායි හි සිටින ලලිත් නැමැත්තා දුරකථන ඇමතුමක් ලබාදී කෙසේ හෝ ඔහු ඝාතනය කරන ලෙස ඉල්ලා ඇතැයි සැකකරුගෙන් අනාවරණය වී ඇත.

බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී බුරු මුනා නමැත්තාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව සොයාගත් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය හංවැල්ලේ ආපනශාලාවක් තුළදී ඝාතනයට ලක්වූ මුස්ලිම් ව්‍යාපාරිකයාගේ නිවසට,ආපන ශාලාවට සහ සහෝදරයා ගේ ආපනශාලාව පුපුරුවා හැරීම සඳහා රැගෙන ආ ඒවා බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.

 



අදහස් (7)

බූරු මුණා සියල්ල වමාරයි

කිරිපුතා Sunday, 19 March 2023 01:41 PM

මේ අපරාධ කාරයාත් එක්ක එකට ගිය කළුකෝට් කාරයින්ට ප්‍රශ්නයක් නැද්ද?

:       2       36

janahitha Sunday, 19 March 2023 02:23 PM

ආපන ශාලාව පුපුරවා හරින්න තරම් දෙයක් නැහැ. අහස් කූරක් හොඳටම ඇති. මේවා සොයාගෙන ආපන ශාලාව රැකුණත් දේවස්ථාන පුපුරවා හැරීම සහ ජීවිත විනාශය වළක්වන්න බැරිවුණා.

:       12       10

kamal Sunday, 19 March 2023 03:21 PM

මෙයාව ආයුධ පෙන්නන්න එක්කන් යන්නේ කවදාද?

:       1       20

chinthana Sunday, 19 March 2023 04:02 PM

මේ රණවිරුවෙක්...!!!

:       7       10

Sharm Sunday, 19 March 2023 11:35 PM

මධූෂ් ට වෙඩි තියපු නාඳුනන තුවක්කු කරුවන් ට ආයෙත් ජොබ් එකක් එන බව පෙනී යනවා... බූරු පුතේ ආයුධ පෙන්නන්න නම් යන්න එපා.. හංගපු ඒවා නෑ මයි කියහන්.. කොහොම හරි ඔය කුඩු කර්මාන්තෙ මුල් පෙලේ උන්ව අල්ලන්න වැඩේ අමුනපන්.. උඹලා විතරක් කූරු ගනින්න ඕන නෑ නෙ..

:       0       3

RAHEEM Monday, 20 March 2023 09:48 AM

මන බූරු උනට මොලේ නරියෙක්ගෙ

:       0       3

Lalla Monday, 20 March 2023 01:36 PM

රටේ ව්‍යවස්ථාව අනුව කෙනෙකුට ප්‍රසිද්ධියේ අන්වර්ථ නාමය පාවිච්චිය තහනම් නොවේද? මොහු තම මානව අයිතිය කඩ වූ බවට නඩුවක් ගොනු කළොත් පොලිසිය අමාරුවේ නේද?

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 174 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 472 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1174 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1449 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 468 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 216 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site