IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


බදු නැති කළොත් අයි.එම්.එෆ් නැති වේවි

(ඩයනා උදයංගනී)

පනවා ඇති නව බදු ඉවත් කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගතවීමට නොහැකි වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී ඇත්තේ රුපියල් 45,000ට වැඩි මාසික ආදායමක් ලබන අයගෙන් බදු අය කරන ලෙස බවත්, රුපියල් ලක්‍ෂය දක්වා ආදායම් ලබන අය බදුවලින් නිදහස් කර ඇත්තේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසුව බවත් ඇමතිවරයා සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගතවීමට නොහැකි වුණොත් රට සති දෙකකට වඩා පවත්වාගෙන යා නොහැකි බව කී ඇමතිවරයා එසේ කළ හැකි ක්‍රමයක් කවුරුන් හෝ කියන්නේ නම් ඊට කන්දීමට සූදානම් බව ද කීවේය.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

දේශපාලන පක්‍ෂ වශයෙන් මැතිවරණයට සූදානමින් සිටින නමුත් රට තුළ අභියෝගාත්මක තත්වයක් පවතින බව කී ඇමතිවරයා මැතිවරණ අපේක්‍ෂකයන්ට වැඩිපුර ඉන්ධන ලබාදිය නොහැකි බව ද ප්‍රකාශ කළේය.

 



අදහස් (26)

බදු නැති කළොත් අයි.එම්.එෆ් නැති වේවි

Akila Tuesday, 24 January 2023 03:41 PM

පිනාගේ අයවැය ප්‍රකාශයේ දී නම් IMF නැත්නම් සුමාන 2ක් වත් රට කරන්න බැරි කතවක් කියුවේ නැහැනේ , අනික මෙතන තියෙන්නේ බදු වලට් විරුද්ද වීමක් නෙමෙයි , රට බංකොලොත් කරලා ,උත්දමනය 100 ට කිට්ටු කරලා තියන වෙලාවේ ,රටේ මිනිස්සු ඉතා අමාරුවෙන් ජිවත් වෙද්දී මේ තක්කඩි ආණ්ඩුව මිනිසුන්ගේ ඔලුව උඩටම මේ අලුත් බදුත් අත අරින එක

:       6       43

gamini pereraTuesday, 24 January 2023 07:37 PM

ඉසෙල්ලා 225 අඩුම 50 කට අඩුකරන්න . කෝට්ටේ පාර්ලිමේන්තුව පොදු සම්මන්ත්‍රණ ශාලාවක් කරලා අදායම් ලබන තැනක් කරන්න.පරණ පාර්ලිමේන්තුවේ රැස් වෙන්න.

:       0       12

sena Tuesday, 24 January 2023 03:46 PM

අපි කියන්නෙ හොදට තිබිච්ච රට විනාස කරපු හැතිකරෙට ගෙදර යන්න කියලා එකට අහුම් කන්දෙන්ඩ පුලුවන්ද?

:       1       38

Tyro Tuesday, 24 January 2023 03:53 PM

අඩෝ බොරු කියන්ඩ එපා තොගෙ බලු කටෙන්.රටේ පාලකයො දූෂිතයො හින්ද තමයි IMF දෙන්නෙ නැත්තෙ

:       4       45

dilan Tuesday, 24 January 2023 04:01 PM

අයි .එම්.එෆ් එක දන්නවද අපිට තියන වියදම් බලු මූනෝ

:       2       38

Vira Tuesday, 24 January 2023 04:04 PM

තොපි මේ රට කාලා කාලා හොරකම් කරලා තොපේ එවුන් රජයේ රස්සා වලට පුරවලා මේ රට විනාශ කරලා දැන් ඒවාට අපෙන් වන්දි ගන්නවා .වරෙන්කො ආයෙත් තොපි චන්දයට .

:       1       44

sam Tuesday, 24 January 2023 04:24 PM

ලොකයේ බදු ප්‍රතිපත්තිය වනේ 'මල නොතල රොන් ගැනිම ' යන්නයි නමුත් මෙ සරදියල් පන්නයේ බදු ක්‍රමය තනිකරම මංකොල්ලයකි. ඔකට අත ඔසවපු උබලට විඳවන්න වෙයි.

:       1       32

චන්දන Tuesday, 24 January 2023 04:45 PM

ලංකාවෙ ජනතාව අමතක කරල අයිඑම්එෆ් එක්ක ද වැඩ කරන්න බලන්නෙ . අවුරුදු 75 ඉඳල වත් තනියම ජීවත් වෙන්න පරිසරය හැදුවෙ නැහැ . ඉදිරියෙදි ත් ඒකමද කරන්න යන්නේ . එහෙම නම් ගෙදර යන්න . රට හදන්න පුළුවන් එකෙකු ට ඕක බාර දීල .

:       0       11

ජන්ත් Tuesday, 24 January 2023 04:47 PM

IMF එකෙන් කියන දේවල් කරන්න ඕනෑ තත්වෙට රට බංකොලොත් කරලා බයිලා කියන්න එපා

:       0       10

සිල්වා Tuesday, 24 January 2023 04:52 PM

අරක්කු, සිගරට් පාවිච්චි කරන පිරිස එය නතර කලොත් රජයේ බදු ආදායම් විශාල ප්‍රමාණයක් අඩු වන අතර එම පිරිසගේ පසුම්බි වල මුදල් වැඩි ප්‍රමාණයක් ඉතිරි වනු ඇත.

:       0       7

sunil Tuesday, 24 January 2023 04:58 PM

IMF කියල නැද්ද මහා එවුන්ගේ, හිටපු ජනාධිපතිලගේ වියදම අඩු කරන්න කියලා. ඇමති කම් අඩු කරන්න කියල කිවුවේ නැද්ද ? වියදම් අඩු කිරීමේ ක්‍රමයක් ලෙස සාකච්චාවලදී උඹල ඒවා යෝජනා කලේ නැත්තේ ඇයි ? මහජනතාවගේ මොලේ කන්න විතරද උඹලට පුළුවන් ?

:       0       11

sharm warn Tuesday, 24 January 2023 04:59 PM

බදු නැති කළොත් නැති වෙන්නෙ තොපේ ආතල්. ඒක දන්නේ බදු ගෙවන අපි විතරයි. වරෙල්ලකෝ ඡන්දෙ ඉල්ලගෙන.

:       1       12

wicky Tuesday, 24 January 2023 05:28 PM

2500 න් ජීවත් වෙන්න කියමු ඇමතිලට.

:       0       9

Gune Tuesday, 24 January 2023 05:47 PM

වෙන්න බෑ. හතර දෙනෙක් ඉන්න පවුලකට රැ45,000/= න් ජීවත්වීමට පුලුවන් කියල IMF කියයිද? ඒ අය ඒ තරමටම නොසැලකිලිමත් ද.

:       0       9

ranjith Tuesday, 24 January 2023 05:51 PM

බදු වැඩි කරේ IMF සතුටු කරන්නද? මේ තම් මිනිස්සු අසරණ තත්වෙට පත්කළේ IMF සතුටු කරන්නද? තොපිට හෙන ගහන්න ඕනි අපිට එදා වේලා කන්න විදියක් නැහැ.

:       0       11

fairoos Tuesday, 24 January 2023 06:03 PM

මේ කාලකන්නි සෙට් එකම තොලොංචි වෙලා ගිය දවසට තමයි රටට සෙත.

:       0       7

ravin Tuesday, 24 January 2023 06:41 PM

අපිටනම් වෙනිස් විකල්පයක් තියනවා. රට විනාශ කරන රටේ ඉන්න හොරුටික තොලොංචි කරලා දාන එක. කෝකද වැඩිය ඵලදායී.

:       0       7

PODDA Tuesday, 24 January 2023 06:55 PM

IMF එක කිව්වේ නැත්ද මාසික ආදායම 2500/= වැඩි අයගෙන් බදු ගන්ට කියලා. මොකද ඔය ආර්ථික ඔස්තාර් කිවවා පවුලකට ජීවත් වෙන්න 2500 ක් ඇති කියලා.

:       1       9

gamini Tuesday, 24 January 2023 07:32 PM

ඉසෙල්ලා 225 අඩුම 50 කට අඩුකරන්න . කෝට්ටේ පාර්ලිමේන්තුව පොදු සම්මන්ත්‍රණ ශාලාවක් කරලා අදායම් ලබන තැනක් කරන්න.පරණ පාර්ලිමේන්තුවේ රැස් වෙන්න.

:       0       6

see Tuesday, 24 January 2023 07:32 PM

ණය වෙන්නැති වෙයියැ දොඩම් ගෙඩියය් ඉදිකට්ටයි ඔක්කොම පිටරටින් ගේනකොට.

:       0       6

LGPJ Tuesday, 24 January 2023 10:30 PM

He has no any provisions without I..M.F .!!!!!!!

:       0       4

ranjith Tuesday, 24 January 2023 10:37 PM

එක මාධ්‍ය සංකච්ඡාවකදි බස් මදි නිසා ඡන්දෙ තියන්න අමාරුයි කිව්ව මනුස්සයානෙ. වැරදි වැඩ කරපුවාම ඡන්ද වලට මෙයාලා බයයි.

:       0       4

විජිත් Tuesday, 24 January 2023 11:53 PM

මේ මනුස්සයට දෙකක් දෙන්න මට අවස්තාවක් ලැබුනොත්, මේ ලොව ඇති එකම පින්වතා මමයි " කියලා කෑගහලා කියනවා.

:       0       3

පචෝරිස් Wednesday, 25 January 2023 12:55 AM

ලැජ්ජා නැතිව කියන හැටි. කව්ද මේ රට ඔය තත්වෙට පත්කෙරුවේ අපිද. හොරාකාල,හොරාකාල ...

:       0       4

වටලප්පන් Wednesday, 25 January 2023 06:38 AM

උඹත් මේ රට විනාශ කරපු එකෙක් තමයි.එහෙම තියාගෙනද බොල තව තවත් ඇමතිවරැ පත්කරන්නෙ.උඹ කථා කරන්නෙ කටින්ද නැත්නම් වෙන තැනකින්ද. උඹල දන්නෙ නැහැ උඹලට තියෙන ජනතා අප්‍රසාදය.ඒක දන්නව නම් රනිල්,මහින්දල සහ උන්ගෙ පස්ස සූප්පු කරන තොපි වගේ එවුන් මේ රටේ වත් ඉන්නෙ නැහැ.ඉක්මන්ට පලයල්ල ..මේක තමයි තොපිට දෙන්න තියෙන සහතිකේ.

:       0       5

Bamunuarachchi Wednesday, 25 January 2023 06:50 AM

එහෙනම් අපි IMF ණය ගත්තාට පසු බදු අඩු කරමු

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 124 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 67 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1395 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 3345 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 1335 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 228 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1514 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site