IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පෙරළිකාර කණ්ඩායමෙන් ආණ්ඩුවට යෝජනා මාලාවක්

(අජන්ත කුමාර අගලකඩ)

රට මුහුණ දී තිබෙන බරපතළ අර්බුදවලින් ගොඩ ගැනීම සඳහා වන යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් තීරණය කර ඇත.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දී පෙරේදා(25) රාත්‍රියේ රැස්වී කල සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබේ.

අදාළ යෝජනාවලිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අද හෙටම භාරදීමෙන් අනතුරුව ජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කිරීමට ද පක්ෂ නායකයින් තීරණය කර ඇත .

රට මුහුණ දී ඇති බරපතළ අර්බුදය ජනතාවගෙන් වසන් නොකර සත්‍ය තත්ත්වය ගැන ජනතාව දැනුවත් කළ යුතු බව ද එහිදී පක්ෂ නායකයින් පෙන්වා දී ඇත .

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ද ,ඇමැතිවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල ,වාසුදේව නානයක්කාර ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ ,ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග , ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ,හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වූහ .

 



අදහස් (42)

පෙරළිකාර කණ්ඩායමෙන් ආණ්ඩුවට යෝජනා මාලාවක්

පුරවැසියා Thursday, 27 January 2022 05:19 AM

ජනාධිපතිතුමනි, පුළුවන් නම් මේ ගල් බමුණන් 3 දෙනා පෙරලලා දාන්න. එතකොට ආණ්ඩුවට යම් යහපතක් වේවි...! ඒ තරම්ම මේ අය ජනතාවට පෙන්නන්න බැරිවෙලයි තියෙන්නේ.

:       0       0

siripala Thursday, 27 January 2022 06:37 AM

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල කරුණු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පිළිනොගතහොත් අවසනයේ (යෝජනා - වලියක්) වේවිද?

:       0       0

ravin Thursday, 27 January 2022 06:52 AM

සැලුන් දොර ඇරෙයිද?

:       0       0

ra asela Thursday, 27 January 2022 07:01 AM

කවුද කියන්නේ මේ හාල්පාරුවන්ට ‘‘පෙරළි කාරයෝ‘‘ කියලා..?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 27 January 2022 07:28 AM

මේ මොන පෙරළිකාර කණ්ඩායමක්ද? මේ පෙරළිකාරයින්ගේ ඔක්කොම පෙරළි අරලියගහ මන්දිරයේ තිබෙන පාටියකට සහභාගී කරවා ගැනීමට ආණ්ඩුව කටයුතු කළොත්, ප්‍රතිඵලය ජනතාවට සැබෑ ලෙසම බලාගන්නට පුළුවන්.. කෙටියෙන් කියනවා නම්, මේ දේ ගැන පෙන්වාදිය හැක්කේ, නැව ගිලෙනවා දැක මීයන් කලබල වී ඇති බවයි. නැව ගිලීයෑමට මීයන්ද වගකිවයුතු වුවත්, ඒ බව පෙන්වීමට මීයන් කැමැත්තක් නැත්තේය. නැවේ කපිතාන්ට බොරු බේගල් දෙසාබා, වැරැදි උපදෙස් දී, නැව වැරැදි මාර්ගයේ යවා, මීයන් රැළ අද කෑ මොර දෙන්නේ, තමන් නිවැරදි බවත්, නැවේ කපිතාන් පමණක් වැරදිකාරයා බවත්ය. එහෙත්, සත්‍යය කුමක්දැයි දන්නෝ දනිති...

:       0       0

Hafeel Thursday, 27 January 2022 08:32 AM

තවත් නාඩගමක් තිරගත වෙනවා. මේකෙන් තව මාසයක් හෝ දෙකක් දුවන්න පුළුවන්. ගතවූ අවුරුදු දෙකක් කොහොම හරි ලෝකේ වටිනාම මැණික් ගල, මන්නාරමේ තෙල් නිධිය, රිශාර්ඩ්, අසාද් සාලි අත්අඩංගු, පල්ලියේ බෝම්බ ඒ වගේ සංදර්ශන තිරගත කරමින් ගෙවී ගියා...

:       0       0

Sanath Dubai Thursday, 27 January 2022 10:26 AM

තවත් නාට්‍යය ජවනිකාවක්... තිරනාටකයට අනුව ආණ්ඩුව මේ යෝජනා පිළිගැනීමෙන් පසුව සියළුම වැරැදි අමතක කොට ආණ්ඩුවට සුදුහුණු ගා නැවතත් මේ පිරිස ජනතාද්‍රෝහී ආණ්ඩුව සමග එක්වෙනු ඇත​. ටික දිනකින් මේ යෝජනා කුණුකූඩයට වැටී සියලු දෙනා විසින් අමතක කර දමනු ඇත. ජනතාව තවදුරටත් රැවටීමට මොවුන්ට ඉඩ නොදෙමු...

:       0       1

දාස Thursday, 27 January 2022 10:32 AM

මේ අය දැන් අලුත් නමක් දාගෙන ඇතුලේ ඉඳන් සැප ගන්නවා... සුසිල්ගේ රෙදි ගැලෙව්වා වගේ මේ අයගේත් රෙදි ගැලවෙයි කියලා... මොන නම් දාගත්තත් මිනිස්සු නුඹලා තුන්දෙනා පට්ට හොරු කියලා දන්නවා...

:       0       0

කිරි පුතා Thursday, 27 January 2022 11:14 AM

සත්‍ය තත්ත්වය ජනතාවට පැහැදිලි කරන්න එක ළමයෙකුට දුන්නත් කරයිනේ... පරිපාලනය කියන්නේ ඒ අර්බුදවලින් ⁣මිදෙන්නට සැලසුම් හදන එක...

:       0       0

p perera Thursday, 27 January 2022 11:26 AM

නරි නාටක...!

:       0       0

Surain Thursday, 27 January 2022 12:13 PM

නාටක රැලට තවත් නාටකයකට සුදානම් වෙනවා.

:       4       57

DonThursday, 27 January 2022 04:36 PM

රට මුහුණ දී ඇති බරපතළ අර්බුදය ජනතාවගෙන් වසන් නොකර සත්‍ය තත්ත්වය ගැන ජනතාව දැනුවත් කළයුතු බවද, එහිදී පක්ෂ නායකයින් පෙන්වා දී ඇත. ඒ කියන්නේ ආණ්ඩුව ජනතාවට මේක හංගනවා කියලා ආණ්ඩුවේම සෙට් එක කියනවා...

:       0       0

Sanath Dubai Thursday, 27 January 2022 12:30 PM

තවත් නාට්‍යය ජවනිකාවක්. තිරනාටකයට අනුව ආණ් ඩුව මේ යෝජනා පිළිගැනීමෙන් පසුව සියළුම වැරදි අමතක කොට ආණ් ඩුවට සුදු හුණු ගා නැවතත් මේ පිරිස ජනතාද්‍රෝහී ආණ් ඩුව සමග එක් වෙනු ඇත​. ටික දිනකින් මේ යෝජනා කුණුකූඩයට වැටී සියලු දෙනා විසින් අමතක කර දමණු ඇත. ජනතාව තව දුරටත් රැවටීමට මොවුන්ට ඉඩ නොදෙමු.

:       3       69

fairoos Thursday, 27 January 2022 12:30 PM

සෙට් එකම පන්නා දමන්න ඕනේ.

:       4       54

RasikaThursday, 27 January 2022 09:37 PM

දැන් ඔය පන්නන්න කියන්නේ, මේ හැමෝම ජනතා නියෝජිතයොනේ. ජනතාව පත්කරලා එවලා තියෙන්නේ. රටේ ඉන්න ජනතාව එයාලගේ අදහස් පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න තමයි මෙයාලව පත්කරන්නේ. පාර්ලිමේන්තුව කියන්නේ ලංකාවේ සමාජයේම නියැදියක්... එහෙම නැතිව මෙයාලාට වෙන රටවල අය ඡන්දෙ දුන්නේ නැහැනේ. ඔය පාර්ලිමේන්තුව හදන්න කළින් අපි අපේ සමාජය හදන්න ඕනේ... එතකොට ඒ යහපත් සමාජයෙන් යහපත් නියෝජිතයින්ව පාර්ලිමේන්තුවට එවාවි...

:       2       3

Leela Thursday, 27 January 2022 12:41 PM

මේ ගොල්ලෝ කතා කරනවා විතරයි. වැඩ නැත !

:       3       57

JAYATH Thursday, 27 January 2022 12:44 PM

නිකන් බොරුවට මිනිස්සුන්ගේ අවදානේ වෙනතකට හරවන්න , ජනපතිට තියන ජනතා අප්‍රසාදය තුනීකරන්න විගඩම් කරන්න එපා තමුන්න්නන්සේලා ගේ " සෙට් " එක මොකද්ද කියල ජනතාව හොදින් දන්නවා ඕක නිකන් මොනර නැටුමක් ඉස්සරහ ලස්ස්සනයි කියල පෙනුනට පස්ස පැත්ත එළියේ ! ජනපති උතුමාගේ චින්තනය මොකද්ද කියල ගෑස් ප්‍රශ්නෙම්ම පෙනුන නෙව එයා හරි පාරට ගන්නවට වැඩිය මට හිතේ කේප්ප ගොනෙකුට "කලනය " උගන්නන්න ලේසියි !

:       5       62

sathyapaala Thursday, 27 January 2022 12:57 PM

බොරුවට සද්දේ දැම්මට රාජපක්ෂලා ළඟ හුරතල් වන හිලෑ වන කඩේ යන මේගොල්ලෝ පෙරලි කාරයෝ නොවේ විහිළු කාරයෝ.

:       6       67

sena Thursday, 27 January 2022 03:35 PM

අවස්ථාවදයම තම පැවැත්ම කරගත් මිනිසුන්ගෙන් මොන යෝජනාද.?

:       3       55

අජිත් වීරතුංග කටාර් රාජ්‍යයේ සිට Thursday, 27 January 2022 04:03 PM

මං මොනව හරි කිව්වොත් ප්‍රශ්නයක් වෙයිද දන්නේ නෑ නේද? (විමල් වීරවංශ ජවනිකාව දිනේෂ් ගුණවර්ධන ඉදිරිපිට මාධ්‍යයට රඟදක්වපු ජවනිකාව) මේ ගොල්ලෝ කොහෙද පෙරලිකාරයෝ..! මේ ගොල්ලෝ පෙරළුණු පිට හොඳයි කියන කට්ටියනේ... අනේ මොන කතාද? මේ බයිලා තමයි...

:       0       0

wimal Thursday, 27 January 2022 04:17 PM

පෙරළෙන එකා කොහොමත් පෙරළෙන එක තමයි කරන්නේ.

:       0       0

Don perea Thursday, 27 January 2022 04:27 PM

බලු නඩය..!

:       0       0

ගමේ එකාලා Thursday, 27 January 2022 04:33 PM

මේ තුන්දෙනා ගැන විශ්වාස කරනවා බොරු. බිස්කට් හොරෙන් කකා උපවාසේ කරපු කෙනා... මේ අය ලෝකෙට පේන්න බොරු රඟපෑමක් කරන්නේ...

:       0       1

Kamal Thursday, 27 January 2022 04:40 PM

බිම පෙරළි පෙරළී ජෝක් කරන නිසා තමයි මෙයාලාට පෙරළිකාරයින් කියන්නේ...

:       0       0

Shashika519 Thursday, 27 January 2022 04:42 PM

මැක්කෝ සෙට් එක ආයෙත් එකතුවෙලා...!

:       0       0

කෝරලගේ Thursday, 27 January 2022 04:45 PM

මෙන්න මේ වලපයයි, ගොඩපයයි ඉන්න මේ නාකියන් දන්නවා ඔවුන්ට ජීවත් වෙන්න තියෙන්නේ තව වසර කීපයයි කියලා. ඒ හින්දා තමන්ගේ සුඛ විහරණය සඳහා කරන්න පුළුවන් උපරිම දේවල් කරලා රටේ බහුතරයකට හෙණ ගැහුණත් කමක් නෑ, තමන්ට සැප හම්බ වෙනවා නම් කියන තත්වයක ඉන්නේ. විකෘති සහ සිහිමඳ මානසික තත්වයන්ගෙන් යුත් මහල්ලන් ඉහළ පුටුවල ඉන්න රටවල්, ආයතන බලාගෙන ඉඳිද්දී කඩා වැටෙන්නේ...

:       0       1

gunarathna Thursday, 27 January 2022 05:25 PM

කැබිනට් එකේ මේ තුන්දෙනාම ආණ්ඩුවේ කියලා මම හිතාගෙන හිටියේ.... අනේ මම වගේ ගොනෙක්...

:       0       1

duplicate Ralahami Thursday, 27 January 2022 05:31 PM

ඔයාලා යෝජනා දම දමා ඉන්න. අපි ඔයාලා යවන කාලේ ඉක්මණටම ඒවි...

:       0       1

ganegoda Thursday, 27 January 2022 05:52 PM

මෙදා සැරේ දෙනවා බැටේ කියලා පටන් ගත්තට දැන් මේ ගොල්ලෝමයි බැටකාලා ඉන්නේ. ඔක්කොම හත් හවුලෙ කැඳහැලියක් බවට පත්වෙලා.

:       0       1

Hewa Thursday, 27 January 2022 06:03 PM

ඔක්කොම හොරු.. ප්‍රධාන පක්ෂ 3ම පන්නන්න ඕනෑ.

:       0       1

තිස්ස Thursday, 27 January 2022 07:51 PM

බොරු මාධ්‍ය සංදර්ශන ඕනෑ නැහැ. ටෙලිෆෝන් කෝල් එකක් දීලා කිව්වා නම් ඉවරයි නේ...

:       0       2

Weerasekara Thursday, 27 January 2022 08:01 PM

අතීසාරෙට අමුඩ ගහන රිලා පනික්කියෝ...

:       0       2

ලලිත් පුෂ්පකුමාර Thursday, 27 January 2022 08:22 PM

හැමදේකටම නකුට වනලා එහෙයි කියන අයට කියන්නේ පෙරළිකාරයින් කියලද? මේ කීකරු නකුටු රාලලාගේ නාට්ටි තමයි...

:       0       3

Udhuli Thursday, 27 January 2022 09:55 PM

ඉදිරිපත් කරන්නකෝ අපිටත් බලන්න මොකද්ද ඔය යෝජනාවලිය කියලා... සමහරවිට හොඳ අදහස් තියෙන්න පුළුවන්... ඒත් ක්‍රියාත්මක කරයිද කියලයි සැක...!

:       0       3

Kumara Thursday, 27 January 2022 10:12 PM

මේ තමයි රට විනාශයෙන් විනාශයට ඇදගෙන ගිය බඩගෝස්තරවාදී නරුමයින් ටික...

:       0       7

sampath Thursday, 27 January 2022 10:23 PM

ඔක්කොම බෆල් විතරයි, සවුන්ඩ් එක කාගෙවත්...!

:       0       6

Demuni Uduwara Thursday, 27 January 2022 10:41 PM

රජයත් සමග ඔබලාට කටයුතු කරන්නට බැහැ. එහි එකාධිකාරය ඔබට බිඳලන්නට බැහැ..!

:       0       4

Samantha Thursday, 27 January 2022 11:09 PM

ගම්මන්පිල දිගින් දිගටම අසාර්ථක බව සනාථ කරලා ඉවරයි. දැන් මේ ජනතාවගෙන් ලකුණු දාගන්න කරන නාට්‍ය සංදර්ශන. හරි නම් මෙතුමා අස්කළ යුතුයි. අනිත් අතට විමලා අවුරුදු ගාණක් තිස්සේ රටට කරපු දෙයක් නම් නැහැ. එතුමා ඉන්නවා කියලා පෙන්නලා ලකුණු දා ගන්නේ මේ වගේ නාට්‍ය කරලා තමයි. මේ දෙන්නට වියදම් කරපු ජනතා ධනයෙන් කිරි ගවයින් ටිකක් ගත්තා නම් මීටවඩා රටට සේවයක් කරගන්න තිබ්බා...

:       0       8

Mohomad Friday, 28 January 2022 06:40 AM

"පෙරළිකාර කණ්ඩායම කියනවාට" වඩා "නැට්ට පස්ස පැත්තේ ගහන් ඉන්න පුස්වෙඩි" කණ්ඩායම කිව්වා නම් ගැලපෙනවා.

:       0       8

ranjith Friday, 28 January 2022 07:34 AM

ගොන් රැළක්...

:       0       9

Naushi Friday, 28 January 2022 08:19 AM

කව්ද කියන්නේ මේ ටික පෙරලිකාරයින් කියලා. මේ අය පෙරලි කාරයින් නෙමෙයි පිංගුත්තරයින් සෙට් එකක්... කාලකන්නි...!!! 

:       0       10

de silva Friday, 28 January 2022 11:54 AM

හොරු කණ්ඩායමක්...

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 7 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 18 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 158 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2617 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1416 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 1051 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1409 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site