IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පිළිස්සී මියගිය දැරියගේ පවුලේ අයගෙන් පැය 10ක ප්‍රකාශ ගනී

(ඉන්දිකා රාමනායක)

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු සහ මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල ලබා මියගිය 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලට අදාලව ඇගේ මව පියා, සොහොයුරා ඇතුලු සිව්දෙනකුගෙන් අද (21) පැය 10 ට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

කොළඹ දකුණ කොට්ඨාස අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් දැරිය පදිංචිව සිටි ඩයගම ප්‍රදේශයට ගොස් මෙම ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ මව, පියා, සොහොයුරා හා දැරිය මෙම නිවස සදහා රැගෙන ගිය බව කියන තරව්කරුද සිටින බව හෙතම කීය.

මෙම දැරිය මරණය සම්බන්ධයෙන් මීට පෙර ද ඇගේ මව ඇතුලු 10 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබු අතර, දැරිය ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවට ඇයගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වීමත් සමග ඇයගේ මව මව ඇතුලු පිරිසකගෙන් යළිත් ප්‍රකාශ සටහන් කරගත් බවද පොලිසිය කියයි.

 

 



අදහස් (8)

පිළිස්සී මියගිය දැරියගේ පවුලේ අයගෙන් පැය 10ක ප්‍රකාශ ගනී

nimal Wednesday, 21 July 2021 11:40 PM

රිෂාඩ් බදියුදීන් නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල ලබා මියගිය බාල වයස්කාර දැරියගේ මරණය සම්බන්ධව ප්‍රශ්න රැසක් මතුව ඇතත් මේ වනවිට එම ප්‍රශ්න සඳහා කිසිඳු පිළිතුරක් ලබා දීමට පොලීසිය, සහ අධිකරණ ඇමැතිවරයා පවා අසමත්ව ඇත. එකම පිළිතුර පරීක්ෂණ පවත්වන බවකි. දැරිය රෝහල් ගත කිරීමෙන් පසු රෝහලේ වෛද්‍යවරුන්ගේ ප්‍රකාශ ඉතා වැදගත් වනු ඇත. දේශපාලකයින් මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තු පැමිණ ප්‍රජාතන්ත්‍රවාදය අමුඅමුවේ කෙළෙසමින් පමණක් නොව ඔවුන්ට ඡන්දය දුන් ජනතාව පවා දූෂණය කිරීමට කෙතරම් පහත් ක්‍රියාවක්ද? දේශපාලකයින් මෙම කටයුතු වලට සම්බන්ධ නම් හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සම්බන්ධ නම් මේ වනවිට මුදල් ලබාදී එම දැරියගේ පවුලේ සමාජිකයින් නිහඬ කිරීමට පවා උත්සාහ කරනු ඇත. මෙවැනි දූෂිතයින් දූෂණ වළක්වාලීමට බලපෑම් කිරීම සහ පොලීසිය ඔවුන්ගේ වාසියට හරවා ගැනීමට අල්ලස් දීම පවා දූෂණයකි...

:       0       0

nimal Wednesday, 21 July 2021 11:41 PM

මෙම දැරියගේ මරණය සහ සාක්ෂි වසන් නොකොට සත්‍ය රටට ලබාදීම මාධ්‍යයේද වගකීමකි. මියගිය බාල වයස්කාර දැරියගේ මරණයේ හේතුව සහ වරද කරුවන් වසන් කළහොත් ඉදිරියේදී මෙවැනි ක්‍රියාවන් නැවත සිදුවනු ඇත. බාල වස්කර ද්‍රවිඩ දැරියගේ මරණය හෝ මිනීමැරුම ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාව අතර අර්බුදයක් ඇති නොවන ආකාරයට දේශපාලන නායකත්වය වග බලාගත යුතුවේ. මෙම මිනීමැරුමට හුදෙක්ම වගකිව යුතුවන්නේ රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් වේ. මත්ද්‍රවය ලබාදී මෙවැනි පහත ක්‍රියාවන් කලේද කියා සොයාබැලීම වැදගත් වේ

:       0       0

kamal Wednesday, 21 July 2021 11:45 PM

නිතිය නොනැමේවා .යුක්තිය ඉටුවේවා

:       0       0

neil Thursday, 22 July 2021 12:18 AM

වහල් නීතියෙන් අන්තිමට කෙල්ලයි ,පවුලේ අයවයි වැරදි කාරයෝ කරයි

:       0       0

sathyapala Thursday, 22 July 2021 06:11 AM

ගිනිගත් නැව වරාය සමග පැවැත්වූ සංවාද සියල්ල මැකී ගිහින්. එහෙම තමයි ඕවා සිද්ද වෙන්නේ. මේ සියල්ල හඩ නගන්නට ඉඩ හැරලා බලවත්තු ධනවත්තු කුලවත්තු සරුව සාධාරණ බව පෙන්නනවා. හැබැයි පක්ෂ බේදයකින් තොරව තමන්ගේ පන්තියේ එකා බේරගන්න අවශ්‍යම දෙය රහසින් කරනවා. ඔය අද හෙටම තවත් අහිංසක වතු කම්කරු තරුණයෙකු මේකට වැරදිකරු වෙලා හිරේ ගියා කියල අහන්න ලැබුනොත් පුදුම වෙන්න දෙයක් නෑ. එහෙම නැත්නම් මහා වුන්ගේ සල්ලි කන්දරාවක් වෙනුවෙන් එවැන්නෙක් ඉදිරිපත් වෙලා හිරේ යයි. වෙසක් පොසොන් හද පායන්නේ අපිට පන්සල් යන්න නොවෙයි. නිදහස් දිනය තියෙන්නේ අපට සමරන්න නොවෙයි. ඒක තියෙන්නේ මහා එවුන්ගේ හෙන්චයියලා හිර කුඩුවෙන් එලියට දාන්න. මේක මේ ආණ්ඩුවට පමණක් නොව ඕනෑම ආණ්ඩුවකට පොදුයි.

:       0       0

kamal Thursday, 22 July 2021 10:15 AM

අම්මයි තාත්තයි වැරදිකරුවෝ නෙවෙුනොත් තමයි පුදුමේ

:       107       94

asankaThursday, 22 July 2021 12:31 PM

එකෙන්ම මේ කල් මරන්නේ ඒකට තමයි .උණුසුම පහව ගිය විට ළමයා බිහිකළ වැරැද්දට අම්මයි තාත්තයි හිරේ දානවා ෂුවර් .

:       0       0

Deepal Nirosh Thursday, 22 July 2021 10:52 AM

අනේ මන්ද සැකකරුවන් අත්අඩංගුවට නො ගෙන මේ විදියට අතන මෙතන හැම තැනින්ම ප්‍රකාශ ගන්න කල් මැරුවහම අර අහිංසකයට දිගටම පපුවෙ අමාරුවෙන් රෝහල් ගතව ඉන්නයි සිද්ධ වෙන්නෙ.

:       0       20

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 106 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 237 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1025 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 128 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 319 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 300 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site