IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පිළිකා සෛලවලට වෙට්ටුවක් දමන්න පෝෂක ඖෂධයක්

(ගයාන් සූරියආරච්චි)

පිළිකා සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධ කීපයක් ළගදීම වෙළෙදපොළට නිකුත් කරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන, අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා කියයි.

ඉහළ කීර්තිනාමයක් හිමිකරගෙන ඇති ඖෂධීය තේ නිෂ්පාදිත සමාගමක් හා ඒකව මෙම පෝෂක ඖෂධ වෙළෙදපොළට නිකුත් කිරීමට ගිවිසුම් අත්සන් තැබූ බවත් සමරකෝන් මහතා පැවැසීය.

ස්වාභාවික ඖෂධවලින් ප්‍රති පිළිකාකාරක සෙවීම සදහා වසර ගණනාවක් තිස්සේ පර්යේෂණවල නියැළීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය නිපදවීමට හැකිවී තිබේ.

පිළිකාවලින් පෙලෙන සහ ඉදිරියේදී පිළිකා ඇතිවීමට අවදානමක් ඇති පිරිස් සදහා භාවිතයට ගත හැකි වන පරිදි මෙම පෝෂක ඖෂධය නිපදවා තිබේ.

ඒ පිළිබදව අදහස් දැක්වූ ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා

බෝ නොවන රෝග අතරින් ලෝකයේ දෙවනුවට වැඩිම මරණ සංඛ්‍යාවක් වර්තාවන රෝගය ලෙස පිළිකා රෝගය සැලකෙනවා. එක දිනකදී ලොවපුරා සිටින පිළිකා රෝගීන් 25,000 ට අධික සංඛ්‍යාවක් මරණයට පත්වෙනවා.

අපි වසර ගණනාවක් තිස්සේ ප්‍රති පිළිකාකාරක සෙවීමේ පර්යේෂණවල නිතරව සිටිනවා. ඒ අනුව ස්වාභාවික ආහාරවර්ග අලලා සිදුකළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම පෝෂක ඖෂධ සොයාගැනීමට අපට හැකිවුණා. එමෙන්ම එම ඖෂධ උපයෝගීකරගෙන සිදුකළ පර්යේෂණවල සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙනවා. ඒ අනුව මෙම පෝෂක ඖෂධ සුවහසක් පිළිකා රෝගීන් වෙනුවෙන් වෙළෙදපොළට රැගෙන ඒමට අපට හැකිවුණා.

මෙම පෝෂක ඖෂධ මගින් පිළිකා රෝගීන්ගේ ජිවන මට්ටම ඉහළින් පවත්වා ගැනීමට සහ පිළිකා සෛලවල සිදුවන සීග්‍ර වර්ධනය යම් පමණින් හෝ අඩාල කිරීමට හැකියාව තියෙනවා. “ යැයි සමරකෝන මහතා පැවැසීය.

 



අදහස් (17)

පිළිකා සෛලවලට වෙට්ටුවක් දමන්න පෝෂක ඖෂධයක්

Shan Wednesday, 13 October 2021 01:19 AM

මෙන්න මිනිස්සු .හැම තැනම ස්ට්‍රයික් කරවලා රට අගාදයට දමන ,එකට විනොදවෙන්න ගොඩක් අපතයෝ දඟලද්දී රටට ජනතාවට වැදගත් දෙයක් කරන වෙහෙසෙන නිහඬ මිනිහෙක්

:       7       24

Sas Wednesday, 13 October 2021 01:57 AM

එලියට දාලම ඉවර වෙලා නමත් එක්කම කිව්වා නම් හොඳ නැද්ද ?

:       0       14

kapila Wednesday, 13 October 2021 02:25 AM

විද්වතුන්ට ස්තුතියි... මෙම ප්‍රවෘත්තිය තවතවත් මහජනයා අතරට ගෙනයන්න.

:       3       14

chinthaka Wednesday, 13 October 2021 04:33 AM

චීන තානාපති නිලධාරීනුත් ගෙන්නලා කොරෝනාවලටත් වෙට්ටු දාන්න බෙහෙත් කලවම් කරලා දෙන හැටි චීනෙටත් කියලා දීලා පම්පෝරි කෙනෙක් නේද මෙයා? දැන් ලංකාවේ මිනිස්සු දවසට බර ගණනක් මැරෙනකොට මෙයාගේ කලවම් බේත් ඇත්තෙත්ත නෑ මෙයත් නෑ. ඔය වෙට්ටුවලට නොදැනුවත් මිනිස්සු අහුවුණාට යමක් කමක් දන්නා පිටරටවල මිනිස්සු නම් ආයේ අහුවෙන එකක් නෑ..

:       16       13

Raveendra Wednesday, 13 October 2021 05:43 AM

මෙම නව නිපැයුම මගින් අහිංසක රෝගීන්ට යහපතක්ම වේවා...... ඔබගේ සියලු පැතුම් සාර්ථක වේවා...

:       2       5

sanjeewa liyanage Wednesday, 13 October 2021 08:02 AM

මිනිස් වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් කල උතුම් මෙහෙයකි. ඔබ තුමාට තෙරුවන් සරණයි.

:       3       14

සිල්වා Wednesday, 13 October 2021 10:10 AM

ඉතා වැදගත් උත්සාහයක්. සාර්ථක වේවා. තවද වෙළෙද පොලේ ඇති පිලිකා ඇතිකරන තෙල් වර්ග සහ කෑම වර්ග සියල්ල හදුනාගෙන ජනතාව දැනුවත් කිරීම කලයුතුය.

:       3       18

පිටිගල මිලානෝ Wednesday, 13 October 2021 10:14 AM

ප්‍රති ඔක්සිකාරක හෙවත් ඇන්ටි ඔක්සිඩන්ට් කෑමයි මේවා. ලංකාවේ කැලෑවේ තිබෙන අධික ඇබුල් රසැති පලතුරු සහ තද පැහැයෙන් යුතු ඇබුල් රසැති සියල්ලේ මේ ද්‍රව්‍ය අඩංගුයි. මේවා වැඩිපුර නිතර ආහාරයට ගන්න අධික මිලක් ගෙවලා මේගොල්ලෝ වෙලදපොලට දාන කෑම කන්නේ නැතුව.

:       3       19

Nihal Wednesday, 13 October 2021 10:52 AM

මෙය සාර්ථක වේවා කියලා පතනවා.

:       2       14

චන්දන Wednesday, 13 October 2021 11:02 AM

හොඳ උත්සාහය ක්. ඔබට අපේ ප්‍රණාමය පුද කරමු . නමුත් ඔබගේ සොයා ගැනීම මහජනතාව වෙනුවෙන් මිස සමාගම් පොහොසත් කරන්න යොදා ගන්න එපා කියල ත් ඉල්ලනව.

:       0       4

Perera Wednesday, 13 October 2021 11:27 AM

මේක තවත් ජාවාරමක මුල වගේ කියලා හිතෙන්නේ මට විතරද ?

:       4       19

kamal Wednesday, 13 October 2021 01:10 PM

බටහිර විද්‍යාව අනුව තමන්ගේ පරීක්ෂණවල ප්‍රතිඵල ක්ෂේත්‍රයේ වෙනත් අය ලවා විමර්ශනය කිරීම සිරිතක්... නමුත් අපේ හෙළ කුලසිරිතට අනුව එහෙම නැහැ වගේ..

:       0       11

සෙනවි Wednesday, 13 October 2021 01:19 PM

පුරාජේරු කතා නොකිය ඉස්සෙල්ලා කරලාම පෙන්වන්න. වතුරෙන් දුවපු වාහන, කොවිඩ්වලට හදපු පැණි සහ මංජුසාවල් සහ මුහුද යට තෙල් ටොන් ගණන් තියෙනවැයි කියන මිනිස්සු ඉන්න රටේ මෙයාගේ බෙහෙතත් ඒ වගෙයි. මේවා නං ප්‍රසිද්ධ වෙන්න කියන හැකර කතාවල්. එපමණයි... චින්තක මහතාගේ සටහන කියවන්න....

:       4       11

kalyani Wednesday, 13 October 2021 01:27 PM

ඕක කොත්තුවලට දාන්න බැරිද? අපි කන්නේ ඒවා...!

:       1       8

jinthu Wednesday, 13 October 2021 02:07 PM

රාජකීය වෛද්‍ය තනතුරේ ඇබෑර්තුව පුරවලා නැහැ නේද?

:       1       8

සිසිර Wednesday, 13 October 2021 11:24 PM

බටහිර වෙදකමේ රහස් වට්ටෝරු නෑ. එත් අපේ අයගේ ඔලු හඳුන්න බැ .දවසකට 25,000 මැරෙනවා නම් ඔක ඉක්මනින් ලොකෙටම දෙන්න.

:       0       3

මේ බෙහෙත් එක මොකක්ද ? ගන්න කොහෙද තියෙන්නේ ? Sunday, 11 June 2023 08:02 AM

මේ ගැන තොරතුරු ටිකක් එවන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 4 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 187 0

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 126 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 153 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 183 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


රට පුරාම පැතිරෙන 'ටීනියා'
2024 අප්‍රේල් මස 19 18 0

ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site