IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පාලම් පාරුව පෙරළී අතුරුදන්වුන්ගෙන් 17 ක් බේරා ගැනෙති

(ඉන්දිකා  රාමනායක සහ අමදෝරු අමරජීව)

කින්නියා කුරුඤ්ඤන්කේනී හි පාලම් පාරුවක් පෙරළීමෙන්  අතුරුදන් පිරිසෙන්  පුද්ගලයන් 17 දෙනෙකු දැනට බේරා ගෙන ඇති බව නාවික හමුදාව පවසයි. බේරාගත් පිරිස අතර පාසල් ළමුන් තිදෙනකු ද සිටින බව නාවික හමුදාව කියයි.

 අනතුරට ලක්ව අතුරුදන් වූ පිරිස බේරා ගැනීම සඳහා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය, ක්ෂණික ක්‍රියාකාරී බලගණය , මැරීන් බලගණය ට අයත් විශේෂ කිමිදුම්  කණ්ඩායම් 8  ම යොදවා ඇතැයි ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ අතර මෙම සිද්ධියට විරෝධය පාමින් ප්‍රදේවාසිහු පිරිසක් කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වටකමින් උද්ඝෝෂණයක නිරත වන බව අප වාර්තා කරුවෝ පවසති.  මෙම කලපුව හරහා ඉදිකරන පාලමේ වැඩ කටයුතු ප්‍රමාද කරන බව ඔවුහු චෝදනා කරති.

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව ආරක්ෂාවට යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැැවසීය.


(අමදෝරු අමරජීව සහ ඉන්දිකා රාමනායක)

කින්නියා කුරුඤ්ඤන්කේනී හි පාලම් පාරුවක් පෙරළීමෙන් සිසුන් හය දෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම පිරිස අද පෙරවරුවේ පාසල් යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ එහි 20 දෙනකු පමණ ගමන් කර ඇති අතර ඉන් කීපදෙනකු පීනා ගොඩට ඇවිත් ඇතැයි ද දැනගන්නට ඇත.

කින්නියා සහ කුරුඤ්ඤන්කුලම යා කරමින් මෙම පාලම් පාරුව සේවයේ යොදවා ඇත්තේ දැනට එහි ඇති පරණ පාලම වෙනුවෙන් නව පාලමක් ඉදිකරන නිසා බව ද ප්‍රදේශවාසීහු පවසයි

මියගිය ගණන මීට වඩා ඉහළ යා හැකි බව ද පොලිසිය පවසයි. අතුරදහන් වුවන් සොයා පොලිසිය සහ නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කර ඇත.



අදහස් (17)

පාලම් පාරුව පෙරළී අතුරුදන්වුන්ගෙන් 17 ක් බේරා ගැනෙති

AN Ishan Tuesday, 23 November 2021 10:02 AM

එම ළමයින්ට දෙවියන්ගේ ආශිර්වාදයෙන් ස්වර්ගයේ ඉහළම තැන ලැබේවා...!

:       0       0

SL Tuesday, 23 November 2021 10:36 AM

ලංකාවේ පාසල් වල හෝඩි පන්තියේ ඉඳල හැම මගුලක් ම උගන්වනවා , උදේ ඉඳන් රෑ වෙනකල් පොත් පාඩම් කරලා විභාග ලියනවාට වඩා මූලිකවම ආරක්ෂාකාරීව,විනයක් ඇතිව පරිසරය සොබා දහම ආරක්ෂා කරගෙන ජීවත් වෙන හැටි ප්‍රයෝගිකව පුහුණු කරන්න ඕනේ. බෝට්ටු වල යද්දී මූලික අවශ්‍යතාවක් වන රුපියල් 1000-2000ට ගන්න පුළුවන් ලයිෆ් සේෆ්ටි ජැකට් ටිකක් හැමෝටම දීල තිබුනා නම් . මට හිතෙන්නේ යුධ හමුදා ජීවිත ආරක්ෂක පාඩමක් ,පරිසර පාඩම පොඩි පන්ති වල ඉඳල ළමයින්ට කියල දෙන්න ඕනේ. මෙතන හමුදාව ආව කියල වැලලෙන්න යන පිරිසක් නිසා මේ වගේ වැඩසටහනකට කොහොම ප්‍රතිචාරයක් එයිද දන්නේ නැහැ

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 23 November 2021 10:42 AM

තව තව ණය අරන් හදාපල්ලා නෙලුන් කුලුනු......! කොමිස් පිපාසේ නිසා දුක්විදින්නේ අහින්සක මිනිස්සූ....

:       0       2

thushara Tuesday, 23 November 2021 10:48 AM

එන්න අපි ගුවන් පාලම විවෘත කරමු

:       0       1

sharm warn Tuesday, 23 November 2021 11:37 AM

අධිවේගී මාර්ග වලින් වගේ ලාභ නොලැබෙන ව්‍යාපෘතියක් නිසාද පාලම හදන්න ඉක්මන් නොවුනේ?

:       0       1

Senarath Tuesday, 23 November 2021 12:47 PM

පව් අහිංසක ජීවිත .මේ පාලමේ වැඩ භාරව ඉන්න රජයේ ආයතනය සහ කොන්ත්‍රාත් සමාගම හැකි ඉක්මනින් පාලම හදලා දීලා තව දුරටත් ජීවිත නැතිවීම වලක්වන්න කියලා ඉල්ලා සිටිනවා .

:       3       41

Eranga Tuesday, 23 November 2021 01:28 PM

තව නෙළුම් කුළුණු ටිකක් ,ජොගින් ට්‍රැක් ටිකක් හදල බේබිලට රේස් පදින්න ෆෝමියුලා රේස් ට්‍රැක් එකක් හැදුවනම් ඔහොම වෙන්නෙ නෑනේ..

:       20       92

imesha Tuesday, 23 November 2021 01:55 PM

සංවර්ධනය කියලා රාජපක්ශාලා නැව් නැති වරායවල්,ප්ලේන් නැති ගුවන් තොටුපළවල් හදලා ණය අරන් රට අගාදයට දාලා.දුප්පත් මිනිස්සුන්ට යන්න පාලම් කීයක් හදන්න පුලුවන්ද ?

:       15       64

Rakitha Tuesday, 23 November 2021 02:12 PM

ජාතිය ගැන කතා කළාට මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරලා නැහැ ඒ පළාතේ....

:       6       43

ජගත් ලියනගේ Tuesday, 23 November 2021 02:50 PM

මොන බලඝන දැම්මත් වැඩක් තියනවද? මිනිස්සු මැරිලා ඉවරයි. දේශපාලනයෙන් හොරකම් කරපු සල්ලිවලින් පාලම් කීයක් නං හදන්න තිබ්බද?.

:       7       55

mohomed agarapatana Tuesday, 23 November 2021 03:33 PM

රත්තරන් ගේට්ටු දාන්න ඉස්සෙල්ලා පාලමක් හදලා දාන්න.

:       8       43

ගමේ එකාලා Tuesday, 23 November 2021 06:59 PM

බොරු සෝබන වැඩවලට නම් දූෂිත දේශපාලුවෝ මහජන මුදල් කාබාසිනියා කරනවා. ජනතාවගේ යහපතට හරිහමන් දෙයක් කරනවද? කියන්නේ නම් මහ ලොකු ජනතා නියෝජිතයින් කියලා...

:       0       19

Rihan Tuesday, 23 November 2021 07:18 PM

යහපාලනය කාලේ මෙලෝ වැඩක් කළේ නැහැ. ලක්ෂ 62ක් එකතුවෙලා මහින්ද මහත්තයාව පරාද නොකළා නම් ඔය හැම දෙයක්ම දැන් වෙනකොට හැදිලා... එතුමාට පින් සිද්ද වෙන්න පාලම්, පාරවල් මෙහෙම හරි හැදිලා තියෙනවා...

:       28       8

Nuwan Tuesday, 23 November 2021 07:24 PM

හදමු ලෝකෙට පේන්න උසම කුළුණු, වැවක් ගානේ ජොගින් පාක්, හන්දියක් හන්දියක් ගානේ ජිම් පෙට්ටි... රටේ කරුමෙට පහළ වුණු පාලකයෝ..!

:       1       21

Lal Tuesday, 23 November 2021 08:35 PM

ශ්‍රී ලංකාව එක් දහස් නවසිය අසූ ගණන් වල තිබිච්ච බංගලාදේශයේ තත්ත්වයට පත්වෙලා තිබෙනවා. කොහොමද අපේ අමන දේශපාලුවන්ගේ සුපිරි ගේම්වල සුපිරි ප්‍රතිඵල..?

:       0       3

Demuni Uduwara Wednesday, 24 November 2021 03:43 AM

රාජා භවතු ධම්මිකෝ

:       0       3

kap Wednesday, 24 November 2021 02:54 PM

පාලම් හදන්න සල්ලි දෙන්න බැරිනම්, අඩුම ගානේ නගින අයට පැළඳ ගන්න ජීවිතාරක්ෂක කබා ටිකක් හරි අරන් දෙන්න බැරිද ආණ්ඩුවට, පළාත් සබාවට, ප්‍රාදේශීය සබාවට? මේ දේවල් ධීවරයින්ට, පාලම් පාරුවල, බෝට්ටුවල යන අයට අනිවාර්ය කරන්න ඕනේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 161 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 327 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1454 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 222 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 428 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 376 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site