(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ අධි චෝදනා ඉල්ලා අස් කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණය බලශූන්‍ය කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අතුරුදන්වූ එම ළමයින්ගේ මව්පියෝ හතර දෙනෙක් අභියාචනාධිකරණය හමුවේ අද රිට් පෙත්සමක් ගොනු කළහ.
සරෝජනී පෙරේරා , ජෙනිෆර් වීරසිංහ , මර්වින් ප්‍රේමලාල් ,ජෙෆ්රියාස් සබ්රීන් යන මහත්ම මහත්මීන් ගොනු කර තිබෙන මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා නම් කරනු ලැබ සිටියි.
වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , දෙවැනි වගඋත්තරකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි අධි චෝදනා ඉල්ලා අස් කර ගැනීමට නීතිපති ගෙන ඇති තීරණය බලශූන්‍ය කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද , එම තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නීතිපතිගේ තීරණය බල ශූන්‍ය කරන්නැයි රිට් පෙත්සමක්
Rocky Thursday, 14 October 2021 06:31 AM
නීතිපති කියන්නේ නීතියේ අයිතිකාරයාද ?
මොට්ටපාල Thursday, 14 October 2021 07:29 AM
ඇත්තටම නඩු පැවරුවේත් නීතිපතිම නේද.? ඉල්ලා අස්කර ගන්නට නම් නඩුවට හේතුවක් නැතිව ඇතිනේද. නඩු පැවරුවේ හේතුවක් ඇතිව නේද. එහෙමනම් නීතිපති අධිකරණයේ කාලය නාස්ති කිරීමක් කරල නැද්ද නොදන්නා නිසා අහන්නෙ.
Kule Thursday, 14 October 2021 02:15 PM
මේ 11 දෙනා වගේමයි පොලීසියේ 800 එදා මරලා දැම්මේ .නීතිය තවම ඉෂ්ට වෙලා නෑ