IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

(ඩයනා උදයංගනී සහ මනෝප්‍රිය ගුණසේකර)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව ලබාදීමේ දී ව්‍යවස්ථාව අනුව ලබාගත යුතු වාර්තා, උපදෙස් හා නිර්දේශ ලබාගත්තේ ද යන්න රටට හෙළි කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ජනාධිපතිවරයාට එවැනි සමාවක් ප්‍රදානය කිරීමට ව්‍යවස්ථාවෙන් බලය ලැබුණ ද එහිදී මරණ දඬුවම නියම කළ විනිශ්චයකාරවරයාගේ වාර්තාවක් කැඳවා එය නීතිපතිවරයාට ඉදිරිපත් කර උපදෙස් ලබාගැනීමත්, ඉන්පසු එම උපදෙස් අධිකරණ අමාත්‍යවරයා විසින් කියවා බලා ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීමත් කළ යුතු බව නීතීඥ සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

සමාවදීමේ බලය ජනාධිපතිවරයාට ඇතත් එය ක්‍රියාත්මක කළ යුත්තේ යුක්ති සහගතව බවත්, තමන්ට අවශ්‍ය පුද්ගලයා තෝරා හෝ අත්තනෝමතිකව එය ක්‍රියාත්මක නොකළ යුතු බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් රජීව් අමරසූරිය මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වේ.

දුමින්ද සිල්වා මහතාට සමාව ලබාදීමේදී ඉහත වාර්තා, උපදෙස් හා නිර්දේශ ලබාගත්තේ ද යන්න දැනගැනීමට මහජනතාවට අයිතියක් ඇති බව ද එහි සඳහන් වේ.

නීතිවිරෝධී ලෙස ඒකරාශීවීම හා මිනීමැරීම යන චෝදනා යටතේ වරදකරුවකු බවට දුමින්ද සිල්වා මහතාට එරහිව මහාධිකරණයෙන් ලබාදුන් තීන්දුව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා යටතේ වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය සභාවකින් ද ඒකමතිකව තහවුරු වූ බව එම නිවේදනයේ දැක්වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථායේ 34(1) වගන්තිය යටතේ එවැනි සමාවක් ලබාදීමට ජනාධිපතිවරයාට බලය ලැබුණ ද එය කරන ලද්දේ අදාළ වාර්තා, උපදෙස් හා නිර්දේශ ලබාගෙන ද යන්න ගැන ලිඛිතව ලබාදෙන්නැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය නිවේදනය මගින් ජනාධිපතිවරාගෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව 34(1) වගන්තිය අනුව දුමින්ද සිල්වාට කුමන පදනමක් යටතේ සමාව පිරිනැමුවේද?, මේ සඳහා සැලකිල්ලට ගනු ලැබූ කරුණු මොනවාද?, දැනට දඬුවම නියම වූ අනෙක් සිරකරුවන්ගෙන් දුමින්ද සිල්වා වෙනස් වන්නේ කෙසේද?, විනිසුරු වාර්තාව කැඳවා ඇත්නම් එහි අන්තර්ගතය, නීතීපති උපදෙස් ලබා ඇත්නම් එහි අන්තර්ගතය, අධිකරණ අමාත්‍ය නිර්දේශ ලබාගෙන ඇත්නම් එහි අඩංගු කරුණු පිළිබඳව ජනාධිපතිවරයා විසින් ජනතාව දැනුවත් කළ යුතු බවද නීතීඥ සංගමය සඳහන් කරයි.

එලෙස සාධාරණීකරණය කරනොගෙන මීට පෙර සමාව පිරිනැමූ අවස්ථාවලදී ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය මේ ආකාරයෙන්ම ක්‍රියාකාරී වී ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

 



අදහස් (15)

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

කිරිපුතා Thursday, 24 June 2021 06:10 PM

කවදාවත් නැතිව මේ මහත්වරු ඇහැරිලා. මීට කලින් සිදුවුණු කිසිම දෙයකට කතා නොකළ අය. පුදුම වෙන්න කාරණා නෑ. හිතාගන්න පුලුවන්...

:       1117       557

Warnakulasuriya Thursday, 24 June 2021 11:18 PM

කිරිපුතේ, යහපාලුවන්ගේ කාලයේ නිදා සිටි නිසා සෞභාග්‍යයේ කාලයේත් නිදාගත යුතු බවද කියන්නේ... හිටපු අය මහබැංකු බින්ද නිසා ඉන්න අය සීනි බදු වංචා කළාට කමක් නැතිද? ඒ ගැන කතා නොකළ යුතුද? රටක් හිඟමනට පත්වීමට මේ වහලුන්ද වගකිව යුතුයි.

:       0       0

chandanaFriday, 25 June 2021 12:23 AM

නිදහස් කිරීම ප්‍රශ්ණ කරන්න කලින් රන්ජනුයි නීතියට අදාල අයයි අතර ඇතිවුණු සංවාදය දුමින්දගේ තීරණයට ඇතිකල බලපෑම හා දේශපාලන අතපෙවීම ගැන විමර්ශණය කර එයින් නීතිය කෙරෙහි මහජනතාව තුළ ඇතිකළ කැලල නිවැරැදි කිරීම් කරලා ඉවරවෙලා මේ ප්‍රශ්නය ඇහුවා නම් වඩාත් විනිවිද භාවයක් ඇති වෙනවා නේද? මොකද විධායකය හෝ වේවා ව්‍යවස්ථාදායකය හො වේවා අධිකරණය හෝ වේවා ක්‍රියාත්මක කරන්නේ ජනතාවගේ පරමාධිපත්‍යයයි. ජනතාවගේ අවශ්‍යතාවයයි..

:       0       0

සොරිසේන Friday, 25 June 2021 07:20 AM

කිරිපුතෝ, ඇහැරිලා තියෙන්නේ ඒ අය නෙමෙයි, ඔබයි!!

:       0       0

Senarath Thursday, 24 June 2021 06:11 PM

ඔය සංගමය කොහේද හිටියේ ... පද්මිණී රණවක හා රන්ජාගේ හඬපට වල දුමින්ද ගැන තීන්දු ගත් ආකාරය මාධ්‍යවල ප්‍රචාරය වෙනකොට.. ඇයි එතකොට ප්‍රශ්න නොකලේ? මරණ දඬුවම දුන් ආකාරය ගැන සාලිය පිරිස් කොහොමත් සජබ නියෝජනය කරන කෙනෙක් නිසා මුනිවත රැක්කා. දැන් තමයි සාලිය පොරක් වෙන්න හඩනගන්න අරන් තියෙන්නේ.. ඉදිරියේ රන්ජා එළියට එනකොට සාලියගේ සංගමය කොහොමද ජනාධිපතිගෙන් ඒ ගැන අද වගේ ප්‍රශ්න කරන්නේ කියලා අපි අවධානයෙන් ඉන්නවා සාලිය ...

:       726       469

NayanaThursday, 24 June 2021 06:41 PM

සාලිය නීතිඥ සංගමයට තේරී පත්වුණේ මේ වසරේ මාර්තු මස බැවින් ඊට කලින් වූ දේවල් ගැන ඔහුගෙන් අසා වැඩක් නැත. නමුත් ඊට කලින් නීතිඥ සංගමයේ සිටිය අයත්, සිරිසේන ජනාධිපතිවරයා රෝයල් පාර්ක් මිනීමරුවාට සමාව දුන් අවස්ථාවේ ඊට විරුද්ධව ගියා. ඒ නිසා මෙම සංගමය හැමවිටම මෙවැනි කරුණු ගැන අවධානයෙන් සිටි සංගමයක් බව මතක තබා ගන්න....

:       220       496

උදේෂ් රණතුංග Thursday, 24 June 2021 07:10 PM

එමෙන්ම සාලිය පීරිස් මහතාණෙනි, මෙම හඬ ගලගොඩඅත්තේ ඥාණසාර හිමි නිදහස්වන මොහොතේ නොනැගුවේ ඇයි?

:       133       163

Ruhunu Thursday, 24 June 2021 06:34 PM

මේ නඩු දවසක සවභාවධර්මය විසින්ම විසඳාවි....

:       4       142

මංගල Thursday, 24 June 2021 11:36 PM

ස්වභාව ධර්මය අනිවාර්යයෙන් විසඳාවි... මැයි පළමුදාවකත් එහෙම තීන්දුවක් දීලා තියෙනවා...

:       0       0

Nayana Thursday, 24 June 2021 06:47 PM

පහුගිය කාලේ ඔයාලා නිදාගෙන ඉඳලා දැන්ද ඇහැරුනේ? රෝයල් පාර්ක් මිනිමරුවට ජනාධිපති සිරිසේන සමාව දුන්නු වෙලේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම කරුණුම අවධාරණය කළා පමණක් නොවෙයි, ඉන් එහාට ගිහිල්ලා නඩුවකුත් ගොනු කළා. තවමත් ඒ නඩුව විභාග වෙනවා. ඒ හින්දා ඔයාලගෙන් තමයි පහුගිය කාලේ කොහෙද හිටියේ කියලා අහන්න ඕනේ...

:       100       163

martin Thursday, 24 June 2021 07:02 PM

නීතීඥ සංගමය ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතුයි,.. ජනතාව වෙනුවෙන් ප්‍රශ්නකළ යුතුයි...

:       52       213

Sri Lanka Thursday, 24 June 2021 11:22 PM

දැන් තේරෙනවද? නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කියලා...

:       0       0

වසන්ත Friday, 25 June 2021 08:50 AM

නීතිඥ සංගමයට ඇඟිල්ල දිගු නොකර කළ දේ හරිද? වැරදිද? කියන එක පුරවැසියෙක් විදියට සිතන්න...

:       0       0

Sri Lanka Friday, 25 June 2021 12:56 PM

ඔය නීතිය තමයි එදත් තිබුණේ

:       0       0

Raveendra Friday, 25 June 2021 04:23 PM

කිසිවෙකුට ගැටළුවක් නොවේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 10 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 79 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 401 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 13 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 165 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 153 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site