IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


නිල සංචිතය ඩොලර් බිලියන 4ට බහියි

(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකාව සතු නිල විදේශ සංචිත ප්‍රමාණවත් වන්නේ මෙරටට මාස තුනක ආනයන ගෙන්වීමට පමණකැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4ක් ලෙස පවතින බවද ශ්‍රී ලංකා මහ බැංකුවේ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා සඳහන් කරයි.

චීන මහ බැංකුව ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක විදේශ මුදල් හුවමාරු පහසුකමක් ලැබෙන අතර එම මුදල් මෙරටට මාසයකට සෑහෙන ආනයන ගෙන ඒමට ප්‍රමාණවත් මුදලක යැයිද අමරසේකර මහතා කීය.

මීට අමතරව ඉන්දියාවෙන් සහ බංගලාදේශයෙන් ද විදේශ විනිමය හුවමාරු පහසුකම් හිමි වන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 780ක් ලබන අගෝස්තු මාසයේ දී ලැබීමට නියමිත බව ද ඔහු සඳහන් කරයි.

 



අදහස් (29)

නිල සංචිතය ඩොලර් බිලියන 4ට බහියි

Jude perera Friday, 11 June 2021 06:30 PM

අච්චු ගහමු... එතකොට හරි...

:       71       228

sachithFriday, 11 June 2021 07:02 PM

ඇයි ප්‍රාඩෝත් ගෙන්නන්න ඕනෑ..!!! 

:       1       650

Nuwan Friday, 11 June 2021 06:38 PM

ඕක කළින්ම දැනගෙන වෙන්න ඇති අලුතින් ඇමැතිලාට වාහන ඕඩර් කළේ..!!! 

:       1       300

Kumara Friday, 11 June 2021 06:46 PM

අපි දන්නවා සල්ලි හොයන හැටි...!!! 

:       1       180

sugath Friday, 11 June 2021 06:50 PM

මුලින්ම අප නිහතමානීව පිළිගත යුතු දේ නම් අපි දුප්පත් රටක් කියායි. ඉන්පසුව කළ යුත්තේ අපට දැරිය හැකි ලෙස ජීවත් වීමයි. එය එතරම් සුන්දර දෙයක් නොවුණත්, එය තමයි යතාර්ථය...

:       2       361

Nihal Friday, 11 June 2021 06:50 PM

මහජනතාව වෙනුවෙන් කිසි දෙයක් ආනයනය කරන්න ඕන නෑ. අර ඇමැති වාහන ටික ගේන්න. ඒවා ගෙනාවා නම් අපේ බඩ පිරුණා වගේ තමයි..

:       2       320

indika Friday, 11 June 2021 07:02 PM

ඇයි ජොන්ස්ටන් ඇමැතිතුමා කිව්වේ සල්ලි තියෙනවා කියලා...?

:       1       240

samanFriday, 11 June 2021 07:35 PM

එයා කියලා තියෙන්නේ එයාට සල්ලි තියෙනවා කියලා. ඉතින් ඒ කතාව හරිනේ...

:       0       357

මරාSaturday, 12 June 2021 11:46 AM

ඇයි අර වෙන්ඩ ජනාධිපතිත් කිව්වේ ඔවුන්ට ඕනේතරම් සල්ලි තියනවා කියලා.. මම හිතන්නේ අර ඩේසී ආච්චිගේ ඒවා වෙන්න ඇති...

:       0       71

Deepal Nirosh Friday, 11 June 2021 07:12 PM

තව තව ණය ගමු, පාරවල් හදමු, පාලම් හදමු, නගර සංවර්ධනය කරමු. ඒ බැරිවුණොත් ගම් නගර ටික විකුණාගෙන කමු බොමු...

:       3       495

කහ Friday, 11 June 2021 07:39 PM

කහ එපා, තව වාහන 300ක් ගේමු...

:       3       279

kp Friday, 11 June 2021 07:39 PM

ආර්ථිකය හා ජන ජීවිතය වනසන, කෝවිඩ් පාලනය නොවන මේ ඇඳිරි නීතිය වහා ඉවත් කරන්න.

:       177       116

සිල්වා Friday, 11 June 2021 08:07 PM

විදේශ සංචිත මොකටද? අපි දේශීය සංචිතයක් හදමු. එහෙම නැත්නම් චීන යුවාන් සංචිතයක් හදමු.

:       0       3

මෝ Friday, 11 June 2021 08:21 PM

අපි තමයි හොදටම කලේ... බලන්න අපේ හැදියාව. ප්‍රාඩෝ 227ක්ම ගේනවා. කවුද කියන්නේ අපිට සල්ලි නෑ කියලා....

:       0       4

ජයන්ත මිලානො Friday, 11 June 2021 09:09 PM

අඬන්න ඉන්න මිනිහට අැඟිල්ලෙන් අැන්නා වගෙයි කිව්වලු. දැන් පුලුවන් ජාතික සම්පත් වෙන්දේසි කරන්න. නන්දා මාලිනි නෝනාගේ ගීතය ගායනා කරමින් සීගිරිය ගල්වලටත්, දළදා මාලිගය පරණ බඩු වලටත් විකුණන්න හොඳම අවස්ථාව.

:       0       4

chandana Friday, 11 June 2021 09:23 PM

කරගෙන ගිය සුළු ව්‍යාපාරය මුළුමනින්ම නැවතිලා. සත පහක අදායමක් නැහැ. සේවකයාට පඩි දෙන්න ඕනෑ. දරුවන්ගේ අවශ්‍යතා සපුරන්න, ණය ගෙවන්න, දෙමව්පියන් ගැන බලන්න. අහස උසට වියදම්... එළවලු ලොරිය ළඟට ගිහින් ආපසු හැරිලා ගෙදර ඉන්නේ පුදුම මානසික ආතතියකින්... ඉදිරියක් ගැන හිතන්නවත් බැහැ. ප්‍රෙෂර් වලට ගන්න බෙහෙත් අඩු කරලා ගන්නේ. දැන් කියනවා පෙට්‍රල් වැඩි කරනවලු. හෙන ගහපන් කියලා හිත හදාගන්න බලනවා. රජයේ කියන විදියට සෞභාග්‍යය උතුරා යනවා. ආර්ථික වර්ධනය 5%ක් ලු අවුරුද්දේ අන්තිමට.

:       1       676

Senevi Friday, 11 June 2021 09:29 PM

ඉතින්...? අපි දැන් අපට අවශ්‍ය සැපවාහන ගෙන්වා ගන්න මුදල් වෙන්කරගෙන ඉවරයි. දැන් ඒක අවලංගු කළොත් මහ බැංකුව කුජීත වෙනවා කියලයි අපේ කෙහෙළිය ඇමැතිතුමා කියන්නේ... එ් නිසා සංචිතය බින්දුවට බැස්සත් අපේ සැප වාහනටික ගෙන්වන එ්ක අවලංගු කරන්න නම් මොනම විදිහක්වත් නෑ ඔන්න... ඕනෑම නම් ඒ ගිණුමටම දාලා ගිලන්රථ 50ක් 60ක් ගෙන්වා ගත්තත් අපට ඇති රුදාවක් නෑ හරියැ..?

:       0       168

Lanka Friday, 11 June 2021 09:55 PM

පිස්සෝ වගේ මෝඩ රිප්ලයි දෙන්න එපා. කරුණාකරලා මට දැන ගන්න පුලුවන්ද මොනවද මේ විදේශ සංචිත ඒවා කොහොමද රටකට බලපාන්නේ, ඒවා ඉවර වුනොත් මොකද වෙන්නේ, ඉවර වුනොත් ඊළඟ පියවර විදියට මොකක්ද රටකට වෙන්නේ? විදේශ සංචිත කොහොමද වැඩිකර ගන්නේ, ඇයි අවුරුදු 73ක දේශපාලන කාලයක ඒක අපිට වැඩි කර ගන්න බැරි වුනේ කියලා. දැනුමට යමක් විදියට එකතු කරගන්නයි ඕනෑ. මා කිසිම දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට සහාය දී නොමැත. දෙන්නෙත් නැත.

:       13       18

සෙනෙවිරත්න Saturday, 12 June 2021 01:54 PM

මෝඩ රිප්ලයි නැහැ මෙතන, මෙතන කියන්නේ ඔච්චර සංචිත අඩු එකේ ඩොලර් වියදම් වන වාහන ගෙන්වන්නේ ඇයි කියලා?. ඒකෙන් මේ අර්බුදයේදී රජය පෙන්වන පරමාදර්ශය කුමක්ද?

:       7       8

Rata Perata Friday, 11 June 2021 10:10 PM

කෝ අර 'කවුද සල්ලි නෑ කියන්නේ' කියලා අහපු කෙනා. මේ වගේ කාලකන්නි එක්ක කොහොමද රටක් පාලනය කරන්නේ..? පාලකයින් රට ඉතුරු ටිකත් හොරකම් කරගෙන අමෙරිකා යයි. අහිංසක ජනතාවට තමයි විඳවන්න වෙන්නේ...!!! 

:       12       411

Ratakhanna Friday, 11 June 2021 11:04 PM

දැන් මට හිතෙනවා අර මහා ලොකු මුදල් ඇමැතිකම් වල කෙරුවාව සහ ගොබ්බ කබ්රාල්ලාගේ රට නැත්තටම නැතිවෙලා යන සංවර්ධනේ ගැන. මේවා නම් සහගහන අපරාධ, 225 සැප ගන්න තියෙන වියදම් පට්ගාලා කෙරෙනවා, කොමිස් ගහගන්න පුළුවන් වැඩ නම් පැන පැන කරන, හරි රට කරන්න උගත් කමක් නැති හෙංචයියන් ඇමතිලා සෙට් එකක් නඩත්තු කරන කාලාකණ්ණි. මේ අයට අවුරුදු 1.5 හමාරකට කළින් එන්නත් ඕඩර් කරන්න බැරි වුණා. පැණි මුට්ටි ප්‍රමෝට් කරකර, කෝවිල දිගේ, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට ඇබ්බැහිවෙලා ඉන්නවා ඇරුණාම...

:       0       56

sampath Friday, 11 June 2021 11:58 PM

ආර්ථික ඔස්තාර්ලා කියලා තමන්ම හඳුන්වාගන්න කට්ටිය... කෝ දැන් කිසිම කෙනෙක්ට අවබෝධයක් නෑ වෙන්නේ මොකක්ද කියලා. පෙට්ටගම හිස් කියලා කියනවා විතරයි. රටේ බදුමුදල් වලට මොකද වු‍ණේ? සියලු දෙනාගේ වත්කම් හොයනවා නම් සතියෙන් භාණ්ඩාගාරය පුරවලා ණය ටිකත් ගෙවන්න පුළුවන්..

:       0       3

rocky Saturday, 12 June 2021 06:06 AM

සියලු ජාතික ණය ජනතා අයිතියට පවරනු

:       0       3

ranji Saturday, 12 June 2021 06:08 AM

මාධ්‍යට ඇවිල්ලා කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න ලොක්කෝ රටේ මුදල් පිලිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා.දන්න තරම තමා

:       0       2

sam Saturday, 12 June 2021 06:57 AM

මේ ඒ බිලියන 4 ඉවර වෙන්න කලින් ප්‍රාඩෝ ගේමු නැත්නම් කවදා ගේන්නද? එකත් සිංගප්පූරුව හරහා ගේමු පොඩි කොමිස් එකකුත් හොයාගන්න එපායැ.. ලංකාවේ ඒජන්සියකින් ගත්තොත් ගතමන්ට් එක ලීක් වෙන්න පුළුවන්.

:       0       25

vikum Saturday, 12 June 2021 08:13 AM

1948 නිදහස ලද අපිට අඩුම තරමේ බැරිවුණා නේද අවුරුද්දකට ජීවත්වෙන්න තරම් මුදලක් ඉතුරු කරගන්න... 225 එලවන්න දැන්වත් හිතමු නේද?

:       0       26

ase Saturday, 12 June 2021 08:33 AM

"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 780ක් ලබන අගෝස්තු මාසයේ දී ලැබීමට නියමිත බව ද ඔහු සඳහන් කරයි" මොනවද මේ? IMF එකෙන්...? පහුගිය දවස්වල දේශප්‍රේමියෝ ඕක පට්ට ගැහුවා නේද? ලැජ්ජයි සෑර්...

:       3       20

Don perera Saturday, 12 June 2021 12:57 PM

අපේ සර් තමයි හරියටම කලේ

:       0       4

Sri Lanka Saturday, 12 June 2021 01:00 PM

තවත් රට වහමු එතකොට හරි 1 ට බහි එතකොට

:       1       5

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 596 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 113 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 825 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 847 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1234 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1117 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1428 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site