IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


දේවාන්නදාගෙන් යෝජනා 10ක්

(ලක්ෂ්මී ජයකොඩි)

ජනවාර්ගික ගැටලුවට දේශපාලනමය විසඳුමක් ,උතුරේ පවතින ඉඩම් ගැටලු විසඳීම හා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම යන ගැටලු විසඳීම ඇතුළු ඉල්ලීම් 10ක් සර්ව පාක්ෂික ආණ්ඩුවේ පොදු වැඩපිළිවෙලට ඇතුළත් විය යුතු යැයි ධිවර අමාත්‍ය ඩග්ලස් දේවාන්නදා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවා ඇත.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කරමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් වෙත යවා තිබු ලිපියට පිළිතුරු යවමින් අමාත්‍යවරයා මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

රට යථාතත්ත්වයට පත් කිරීමටත් රටේ පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමටත් දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, විද්වතුන් හා සිවිල් සමාජයේ පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් පොදු වැඩපිළිවෙලක් ක්‍රිියාත්මක කිරීමට ජනාධිපතිවරයා දරන උත්සහාය අගය කරන බවද අමාත්‍යවරයා එම ලිපියේ සඳහන් කර ඇත.

දේවානන්දා අමාත්‍යවරයා විසින් සර්ව පාක්ෂික ආණ්ඩුවේ වැඩපිළිවෙලට ඇතුළත් විය යුතු යැයි ජනාධිපතිවරයා වෙත යොමු කොට ඇති අනෙකුත් ඉල්ලීම් මෙසේය.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නිතීරීති සම්පාදනය, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරුණු සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම හා අධික්ෂණණය සඳහා කමිටුවක් පත් කිරීම එම සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සදහා අවශ්‍ය නීතිමය හා ව්‍යවස්ථාදායකමය නිර්දේශ එම කමිටුව මගින් නිර්දේශ කළ යුතුය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් තිස්සේ බන්ධනාගාරගතව සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු අතර ආරක්ෂක අංශ සතුව ඇති උතුරු නැගෙනහිර පළාත් වල ජනතාවගේ පුද්ගලික ඉඩම් නිදහස් කළ යුතුය. වන සංරක්ෂණ පනත යටතේ දැනට ගැසට් කර ඇති ඇතැම් ඉඩම් වගා කළ හැකි ඉඩම් වන අතර විශේෂයෙන් උතුරු ප්‍රදේශයේ ජලජීවි වගා බිම් හා තණබිම් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇත. එම ඉඩම් රක්ෂිත ලෙස ගැසට් කිරීම නිසා ජලජීවී වගා වලට මෙන්ම සාමාන්‍ය වගා කටයුතු වලට බාධාවක්ව තිබේ. එම නිසා 2012 වසරේ නිකුත් කරන ලද වනවගා රක්ෂිත ගැසට් නිවේදන නැවත සමාලෝචනය කළ යුතුය.

පුරාවිද්‍යා ආඥා පනතේ විධිවිධාන පනතට අනුව නව පුරාවිද්‍යා ස්ථාන හා ස්මාරක නම් කිරීම් පිළිබඳ කිසිඳු සඳහන් කිරිමක් ඉදිරිපත් නොකොට උතුරු නැගෙනහිර පළාත් වල ස්ථාන රැසක් වෙන් කර ඇති බවට පැමිණිලි ලැබී තිබේ. පුරාවිද්‍යා ස්ථාන ලෙස එම ස්ථාන විධිමත්ව නිවේදනය කොට නොමැති වුවද එම ස්ථාන වලට ජනතාවට ඇතුළුවීමට ඉඩනොදෙයි.

අප ඉල්ලා සිටිනුයේ උතුරු නැගෙනහිර පළාත් වල යම් ස්ථානයක් අලුතෙන් පුරාවිද්‍යා ස්ථාන ලෙස නම් කිරීමට පෙර එම ප්‍රදේශයේ ජනතාව නියෝජනය කරනු ලබන බලධාරීන් හා සාකච්ඡා කළ යුතුය.

 



අදහස් (3)

දේවාන්නදාගෙන් යෝජනා 10ක්

කිරි පුතා Wednesday, 03 August 2022 09:44 AM

වල ඇතුළෙත් ඔවුන් හොයන්නේ තමන්ගේ බඩ පුරවාගන්න මී කිරි සහ කිතුල් පැණි...

:       1       22

sharm warn Wednesday, 03 August 2022 11:54 AM

ගිනි ගත්ත රැවුලෙන් සුරුට්ටු පත්තු කරපු එක තමයි මෙයාලා හැමදාම කරේ. මැතිවරණයක් ලගදී එයි කියලා අමුඩේ ගහනවා. උතුරේ මිනිස්සුත් රටේ අනිත් පලාත්වල මිනිස්සු වගේම තමයි දුක් විදින්නේ. අමුතුවෙන් ලොකු දෙයක් නෑ.

:       0       12

Bamunuarachchi Wednesday, 03 August 2022 06:05 PM

අපි කිව්වා හරි... ඔන්න දෙමල්ලු කළදුටුකළ වල ඉහ ගන්න ඔවුන්ගේ ඉල්ලීම් දැම්මා... පුරාවිද්‍යා ස්ථාන උතුරේ ඇතිවුනේ දෙමල්ලු ලංකාවට එන්න කලින්. අපි මොකටද ඔවුන්ගෙන් අවසර ගන්නේ.. පුරාවිද්‍යා ස්ථාන නම් කරන්න. ඔය නිසයි සිංහල අපි කියන්නේ සර්ව පාක්ෂික ආණ්ඩු ඕනේ නැහැ කියලා. හම්බයින්ගේ ඉල්ලම් මොනවාද කියා දැනගන්නත් අපි සතුටුයි...!

:       4       7

ඔබේ අදහස් එවන්න

දියත

දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 19 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 80 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 397 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 286 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 693 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 396 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site