IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දුමින්දට ජනපති සමාව

(නිමන්ති රණසිංහ)

මරණීය දණ්ඩනය නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා ජනාධිපති පොදු සමාව යටතේ අද උදෑසන නිදහස් කළ බව බන්ධනාගාර කොමසාරිස් පාලන මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

පොසොන් පොහොය දිනය නිමිත්තෙන් සිරකරුවන් 94 දෙනෙක් ජනපති පොදු සමාව යටතේ අද  නිදහස ලැබූහ. දුමින්ද සිල්වා මහතා සිටින්නේ ද මෙ සිරකරුවන් අතර බව ඔහු සදහන් කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතන සිද්ධියට අදාළව දුමින්ද සිල්වා මහතාට මරණීය දණ්ඩනය නියම වූයේ ඉකුත් 2016 වර්ෂයේ සැප්තැම්බර් මස 08 වැනිදාය.

භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුලූ සිව් පුද්ගල ඝාතනය මුල්ලේරියාවේදී සිදුවූයේ ඉකුත් 2011 ඔක්තෝම්බර් මස 11 වැනිදා ය. එහිදී දුමින්ද සිල්වා මහතා ඇතුලූ 13 දෙනකු එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබිණී.



අදහස් (105)

දුමින්දට ජනපති සමාව

Piyal Thursday, 24 June 2021 11:56 AM

දැන්නම් සර් පාස්... !!!

:       1043       1595

සනත් ඩුබායි Thursday, 24 June 2021 01:01 PM

සර් පොසොන් පෝයට නිදහස් කරලා... සාදු සාදු!!!

:       5       353

වජිරThursday, 24 June 2021 01:05 PM

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කරලා පොලිස් ඇමතිකම දෙමු නේද සර්..?

:       321       762

RaveendraThursday, 24 June 2021 01:23 PM

කුඩු අයියලාගේ සටනට නැවතත් පණ දෙන්නේ.. මම එන්නෙමි නැවතත් කුඩු ගොඩට.. නංගියේ මේ ඔබටයි මම කියන්නේ .. වෙළඳාම් කරමු නැවතත් අපි එකට..

:       0       0

siripalaThursday, 24 June 2021 05:14 PM

ජනාධිපතිවරයා මැතිවරණයේදී කියා සිටියේ බොරු චෝදනා මත සිර ගතකල පුද ගලායන් සියල නිදහස් කරනබව නොවේද ? මෙය ජනාධිපතිවරයාගේ පොරොන්දු ඉටුකිරීමක්, ලක්ෂ 69ක් දෙනාම ජනාධිපතිවරයාගේ තීන්දුව අනුමත කරනවා. ඉදිරි මැතිවරණයේදී ජනාධිපතිවරයා නැවත දෙවන වරටත් පත්වෙනවා.

:       766       83

palitha Thursday, 24 June 2021 12:01 PM

රාජපක්ෂලාගේ අවසානය..!!! 

:       5616       7082

A.B. SrilaThursday, 24 June 2021 02:45 PM

අපි "ස" සමාව දෙමු අනේ..

:       6       147

Dhan Thursday, 24 June 2021 12:02 PM

හොඳ නිවුස් එකක්..

:       559       308

nalin Thursday, 24 June 2021 12:04 PM

මේ ජනාධිපතිගේ ධුර කාලය ඉවරවෙනකොට ලංකාවට කරන්න පුළුවන් ලොකුම විදියට කෙලවලා තමයි මෙයා යන්නේ.. ඔන්න බලන්න බොරුද කියලා.. පුලුවන් අය දැන්මම මේ රට දාලා යන්න විදියක් හොයාගත්තා නම් තමයි හොඳ..

:       6598       8031

Nihal Thursday, 24 June 2021 12:06 PM

කවදා පායන්ද අප දිනිසුරාණෝ...

:       873       1123

Kapila Thursday, 24 June 2021 12:09 PM

නොකළ වරදකට අනවර්ථයේ දඬුවම් විඳින දුමින්ද අනිවාර්යයෙන්ම් නිදහස් කළයුතුයි. එය ඉතාම හොඳින් පැහැදිලි කරනු ලැබුයේ රාමනායක මහතාගේ දුරකථන සංවාදයි. ඔහුටද නිදහස දිය යුතුයි..

:       4531       3030

S.K.SirisenaThursday, 24 June 2021 12:31 PM

බත්වෙනුවට තණකොළ කන අයත් ඉන්නවා තාම... ඔහෙලා වගේ මිනිස්සු මේ රටට සාපයක්...

:       0       0

බමුණු.Thursday, 24 June 2021 12:51 PM

අනේ ඔව්... දුමින්ද කියන්නේ කිසිම වරදක් නොකරපු අහිංසක කෙනෙක්. කඩේ ගියාට කමක් නැහැ.ඒ වුණාට රෙදි නැතිව කඩේ යන්න එපා...

:       894       1457

AjithFriday, 25 June 2021 01:38 PM

දුමින්ද වැරදිද නැද්ද කියල තීරණය කරන්න ඕන අධිකරණය නැතුව ගෝඨාභය නෙවෙයි.

:       0       90

Jude perera Thursday, 24 June 2021 12:13 PM

දැන් නම් සෙට්වෙලා තියෙන්නේ නියමෙටම...

:       891       231

Ratne Thursday, 24 June 2021 12:14 PM

වසලයින් රට පාලනය කරන විට මීට වැඩිය දෙයක් බලාපොරොත්තු විය නොහැකිය.

:       2209       3125

de silva Thursday, 24 June 2021 12:19 PM

නාමල් පාර්ලිමේන්තුවේදී ඊයේ කෙඳිරි ගාපු එකේ තේරුම මේක තමයි..

:       3       1093

kamal69 Thursday, 24 June 2021 12:19 PM

සර් ඒ 4ක්ම අරන් පාස්...!!!

:       3       550

Shan Thursday, 24 June 2021 12:26 PM

ඊළඟට රංජන් රාමනායක.. ඔවුන් හිරබත් කන්නේ දූෂිතයින් නිසා...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 24 June 2021 12:29 PM

කෙනෙකු හිරගෙදර ඉන්න එක හොඳයි කියා අප කියන්නේ නැහැ. ඒත්, රටේ පොදු නීතියට අනුව රටේ පවතින අධිකරණය දුන් දඬුවමක් දේශපාලකයෙකු විසින් ඉවත් කිරීම සැබෑ නීතියට හා සාධාරණත්වයට එකඟදැයි විමසා බැලීම වටී. ගරු අධිකරණයකින් දුන් තීන්දුවක් ඉවත් කරගත යුත්තේ අධිකරණ ක්‍රියාමාර්ගයකින් පමණක් වීමයි සිදුවිය යුත්තේ. මෙන්න මේ වගේ නීතිය දේශපාලකයින් තම අතට ගැනීමත්, ජාත්‍යන්තරව අපට හානිකර දෙයක්. මේ කරන්නේ තමන්ට අවශ්‍ය අයව එළියට ගන්න ඕනෑ වුණාම එය වහගන්නට තවත් පිරිසක් එළියට ගැනීමයි. දිගටම ඔහොම්ම ගිහින් බලමුකෝ.. ඔයිටත් වඩා වඩා කරපු අය මේ රටේ හිටියා. ඒත්, ඒ අයත් ආපසු ගියේ රෙදි නැතුවයි...

:       0       0

pakeer Thursday, 24 June 2021 12:36 PM

මේ අය ඔක්කොම එකයි. මම අහලා තියෙන විදිහට නම් මෙයා ගැන කියලා වැඩක් නැහැ... දැන්වත් මේ මනුස්සයා හැදුණොත් ලොකු දෙයක්... මෙයාට නෙමෙයි රටට..

:       2       250

සේනක~ඉතාලිය Thursday, 24 June 2021 12:38 PM

පොසොන් පොහොය දවසේ ජනාධිපති මෙයාලාට සමාව දෙනවා නම්, එත⁣කොට දේශපාලන කාලකණ්ණින් විවෙචනය කරලා කථාකරපු රංජන් රාමනායක ගැන ගන්න තීරණය මොකක්ද? දෙගොල්ලන්ම අවුරුදු 73ක් තිස්සේ මේ අය තමයි සෙල්ලම තමයි කලේ. හැමදාම පොඩි මිනිස්සු රවට්ටන එක තමයි කරන්නේ. දේශපාලකයින් පස්සෙ යන වහල්ලුන්ට හොඳ වැඩේ.

:       871       380

සීල්Thursday, 24 June 2021 03:44 PM

පහුගිය කාලේ කතාව තිබුණා ගෝඨාභය සජිත්ට කිව්වා කියලා.. ලියුමක් ඉදිරිපත් කරන්න කියලා. ඒකට රන්ජන් අත්සන් කරන බවත් තිබුණා. ඊට පස්සේ මොකද වුණේ?

:       67       5

chandanaFriday, 25 June 2021 12:02 AM

රන්ජන්ගේ හඬපටයක් නිසා තමයි දුමින්ද වැරැදිකරුවකු කරලා ලැබුණු තීන්දුව වැරැදියි කියන ප්‍රශ්නය සමාජගත වෙන්නේ...

:       0       0

Gurami Thursday, 24 June 2021 12:39 PM

මටත් මුලින්ම හිතුනා දුමින්ද සිල්වා ඇතුලේ ඉනන එක හොදයි කියලා ආයේ පස්සේ එයා විතරක් ඇතුලෙ ඉන්නේ මොකටද හිතුනා

:       0       65

Nandana රාජපක්ෂ Thursday, 24 June 2021 12:41 PM

දැන් තමයි සර් හොදටම කරේ.

:       3       576

තේජාන් Thursday, 24 June 2021 12:43 PM

හැටනම ලක්ෂයේ පැතුම් ඉටුවෙමින් පවතී, බහුතරයකට ඕනැ කරන්නෙ මෙන්න මේ විදිහෙ සමාජයක්, මැර අශිෂ්ට පුද්ගලයො ඉන්න සමාජයක්, දැන් ඉතිං පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න වෙයි, මේ රටේ මිනිස්සු ඉපදෙන්නෙ පුරුවෙ පවකටද කොහෙද, පුදුම කලකිරීමක්.

:       868       1728

චාමර Thursday, 24 June 2021 12:45 PM

කවුරු මොනවා කිව්වත්.අපි ආදරෙයි අපේ දුමින්ද සිල්වා මැතිතුමාට

:       833       393

ලක්ෂිත Thursday, 24 June 2021 12:46 PM

කර්මය ඔබ පසුපස ගමන් කරනු ඇත, එකම තැන හතරදෙනෙක් මැරුව, එක්කෙනෙක් නෙමේ, මහින්ද මහත්තය අද රටේ ඉන්න තැනට එන්න භාරත ගොඩක් උදව් කළා, පව් හිරුනිකා, ඉක්මනට මේ රටෙන් යන්න,

:       14       313

ගිජුලිහිණි සංදේශයWednesday, 30 June 2021 02:17 PM

කිරුවා සීනි කියලා තකට තකේ... මරුවා වුණත් ඌ නිදහස් කරපු ලකේ... විරුවා නන්දෙ කළ වැඩ තුට්ටු දෙකේ... යැව්වා නේද නීතිය පහළටම දුකේ....

:       0       0

මුණසිංහ Thursday, 24 June 2021 12:47 PM

මොහු දේශපාලන හිරකරුවෙක් බව නඩු තීන්දුවල පසු විපරම් වලදී හොඳින් ම පැහැදිලි වුණා. රන්ජන් හොඳම සාක්ෂි සපයා තිබෙනවා .

:       1503       1322

SiraaThursday, 24 June 2021 01:48 PM

නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි

:       104       243

Dhammika Thursday, 24 June 2021 12:50 PM

දුමින්දත් ආවා, බැසිලුත් ආවා. දැන් මොනවද අඩු? සෞභාග්‍යයේ දැක්ම...!!!

:       927       1119

aseThursday, 24 June 2021 04:01 PM

නෑ අප්පා කිරිබත් නැතිව මොකක්දෝ මොකක්දෝ අඩු වගේ නේ ?

:       0       120

සඳකැලුම් Thursday, 24 June 2021 12:56 PM

පොසොන් පොහොය වගේ දවසක මධ්‍යස්ථ සැදැහැවත් සාමයට කැමති මේ රටේ බුද්ධිමත් මධ්‍යස්ථ ජනතාවගේ අවංක හදවත් සලිත කළ මේ ක්‍රියාවට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ලැබෙනවා නියතයි. එහෙම නොවුනොත් වැරැදි වෙනවා.

:       511       827

fairoos Thursday, 24 June 2021 12:58 PM

ලංකාවේ නීතිය ඔච්චරයි.. කඩේ ගියොත් ගොඩ...

:       254       508

Gamini Thursday, 24 June 2021 01:00 PM

දැන් එතකොට එක නීතිය අනිත් මරණීය දණ්ඩනය නියම වූවන්ට සමාව නැද්ද? මැරුනේ මහින්ද මහත්තයාගේ වෘත්තීය සමිති උපදේශක... අනේ පොසොන් පෝයනේ...

:       454       1011

මහින්ද රාජපස්සThursday, 24 June 2021 02:45 PM

මැරුණ එකා මලා .ඉන්න එකා බේරගන්න ඕනා.එහෙමනේද හාන්දුරුවනේ. ලුණු ලාබයිද...

:       646       444

සෑම් Thursday, 24 June 2021 01:08 PM

මේ පවුල බලයට ආවේ ඒ අයගේ නඩු, පාදඩ හොර නඩය බේරගන්න මිසක් රට හදන්න නෙමෙයි. මේ රටේ සමහරක් හාමුදුරුවරුනුත් රටේ ජනතාව රැවැට්ටුවා. රට නැත්තට නැති වුණා.

:       454       1046

susantha Thursday, 24 June 2021 03:40 PM

ඩොං ගාලා සද්දයක් ආවා . උදාර මහත්තයා ඒ එකකම රන් කරඩුවක් අරන් වතුර දෙබැකරන් මතුවුනා

:       0       5

Ranjit Thursday, 24 June 2021 01:08 PM

මේ යන තාලෙට දැන්නම් අදහස් පලකරන එක ටිකක් ඇඟට ගුණ නැතුව ඇති. කාරියක් නෑ. කියන්න තියෙන දේ කියලම ඉමු. කොහොමත් මෙච්චර කාලයක් හිරේ කීවට ජීවත් වුණේ බංගලාවෙනේ. එතකොට අර පොඩිකාලේ චොකලට් කාපු එක්කෙනාට සෙතක් නැද්ද?

:       245       618

Senevi Thursday, 24 June 2021 01:15 PM

අදම නේද තව එක්කෙනෙක් ආපහු ආවෙත්? දෙකම එකයි හැබැයි වෙනස්. අර මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම අවසන් කරන වැඩපිළිවෙල දැන්නම් ටක්කෙටම ක්‍රියාත්මක වෙයි ඔන්න. ආයේ දෙකක් නැහැ.

:       448       828

pradeepa Thursday, 24 June 2021 01:21 PM

අපේ සර් අද ප්‍රභාකරන් හිටියත් නිදහස දෙනවා. එයාගේ හදවත මාදු මොලොක්නේ... බලන්න හෙට අනිද්දා සියලු සිරකරුවන් නිදහස් කරනවා. අපේ සර්ගේ වැඩ දන්නවානේ..

:       0       0

Mahesh Thursday, 24 June 2021 01:23 PM

මෑණියෝ කිව්වේ කකුල් 4 හරකෙක් නිදහස් කරන්න කියලා... මොනවද මේ කලේ...?

:       0       0

ganegoda Thursday, 24 June 2021 01:26 PM

දැන් හිරගෙවල් වල හිරකාරයෝ වෙලා ඉන්නේ ඔය ගොට්ට අල්ලපු නැති අය විතරයිද?

:       0       210

සිල්වෙස්ටර් Thursday, 24 June 2021 01:28 PM

ඒ කතිකාවේදී පහට තුනක් ලෙස මරණ දඬුවම ඔහුට ලබා දෙන බවත්, පසුව ඇයට උසස් වීමක් අවශ්‍ය බවත් එම මැතිණිය පවසා සිටියා. හරි මා එය අගමැතිවරයාට පවසා එය ලබා දෙන බව ඒ මානව හිතවාදියා පවසා සිටියා. හඬපට වලින් එය සනාථ වුණා.

:       0       1

Ranjan Thursday, 24 June 2021 01:31 PM

දෙයියෝ සාක්කි... පවුලේ සැමට 33 කෝටියක් දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිටයි..!!! දැන්නම් මට සතුටුයි මම හිරේ ඉන්න එක ගැන..

:       0       0

marikkar Thursday, 24 June 2021 01:45 PM

සර් අවසානයේ ලක්ෂ 69 ක අවසාන බලාපොරොත්තුව ඉටු කළේය. දැන් හැමෝටම සැපයි....

:       0       272

jaythilake Thursday, 24 June 2021 01:52 PM

මේ සාප වලින් රට කවදා ගැලවෙයිද

:       4       215

Prasheen Thursday, 24 June 2021 01:53 PM

අයේ රාජපක්ෂලා එපා දිපු ඡන්ද අපරාදෙ

:       674       917

Asank Thursday, 24 June 2021 01:53 PM

මේ මරණීය දඩුවම එසේ මෙසේ එකක් නොවෙයි මහාධිකරණයෙන් තීන්දුව දුන්නා අභියාචනාධිකරණයෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණයෙනුත් අනුමත කරපු තීන්දුවක්, එතකොට මෙයා සමග තවත් අයට මරණීය දණ්ඩනයට නියම උනා නේද ඒගොල්ලන්ට එතකොට ජනාධිපති පොදු සමාව නැද්ද? ඒ කියන්නේ ඒගොල්ලෝ වැරදිකරුවෝ මෙයා නිවැරදි කරු මරේ මරු

:       294       547

පියල් Thursday, 24 June 2021 01:53 PM

අද තමයි හොඳටම කරේ.

:       451       250

Dasun Thursday, 24 June 2021 01:54 PM

කුමට මෙරට නීතිය සහ විනිසුරන්

:       450       243

Chris Thursday, 24 June 2021 01:56 PM

රජතුමා යුක්තියෙන් දේශය ස්ථාපිත කරයි, නමුත් අල්ලස් ලබාගන්නා තැනැත්තා එය පෙරළා දමයි. ශුද්ධ වූ බයිබලය

:       454       96

Ranjan Ramanayaka Thursday, 24 June 2021 02:04 PM

අනේ දැන්නම් මට ජනපති සමාව එපෝ

:       248       158

amila Thursday, 24 June 2021 02:10 PM

දැන් ලංකාවේ ආර්ථිකයට හොද කාලයක් යයි

:       451       74

Dharmatileke Thursday, 24 June 2021 02:11 PM

තිරිවානා ගල් යට ගිහිල්ලා ගොමරිටි උඩ එන්නේ.. අභාග්‍යයේ පෙරනිමිති.

:       121       143

siri Thursday, 24 June 2021 02:12 PM

මම දැක්කා කවුදෝ ලියල තියෙනවා " දුමින්දාගමනය " ගැන... දුමින්ද සිල්වා යනු ආණ්ඩුවේ ඕනෑම හදිසියකදී කොළඹට ඕනෑම මොහොතක අවශ්‍ය තරමක් මහා සෙනඟක් රැස්කර දියහැකි ප්‍රභල සංවිධායක වරයෙකි " කියලත්... පොදු මහා ජනතාවට එපාවෙමින් යන ආණ්ඩුවේ ජනප්‍රියත්වය නැවත ගොඩ නැඟීම උදෙසා මේවගේ වැඩ කරනවානම් ඒකත් හරියට වැටුන වලෙන් ගොඩ එන්න වලේ පතුල හාරනවා වගේ වැඩක් කියලත් කවුදෝ කියනවා ඇහුණා. මේ ප්‍රවෘත්තිය සඳහා ලැබී ඇති ප්‍රතිචාර කියව්වොත් අවශ්‍ය සියලුම දෙනාට මේ කරපු වැඩේ හොඳද නරකද කියලා කාරණය සම්බන්ධයෙන් හොඳ අදහසක් ගන්නට පුළුවන් වේවි... ඒ ඉතින් ඇඟේ හයියෙන් ප්‍රශ්න විසඳාගැනීමට උත්සාහ ගන්නේ නැතුව නීත්‍යානුකූලව යමක් කරන්න හිතනවා නම් පමණයි. හරිද?

:       2       80

Pathum Thursday, 24 June 2021 02:15 PM

නන්දසේන පොසොන් පෝය දවසේ පිනක් කර ගත්තා මරන්න නියම වෙලා හිටපු කෙනෙක් නිදහස් කරලා...

:       1       117

Nuwan Thursday, 24 June 2021 02:15 PM

අල්ලා ගත්තු කුඩු ගොඩ ගැහිලා හාමුදුරුවනේ. ඕවා තියාගෙන ඉඳලා මොනවා කරන්නද ඉතින්...? මේ වැඩේට හොඳම කෙනා එළියට ගත්තා එච්චරයි.

:       0       557

Sajith Thursday, 24 June 2021 02:16 PM

මම මේ බැලුවේ ඇයි අපේ හිරුණිකා ප්‍රකාශයක් නොකළේ කියලා... බලනකොට තාවත් බඩේ අමාරුවට වැසිකිළි ගිහිල්ලාලු...

:       164       132

don perea Thursday, 24 June 2021 02:24 PM

කො මේ කැ ගහන සෙට් එක

:       2       88

Hafeel Thursday, 24 June 2021 02:27 PM

මේ රටේ විනාශයට ජේ ර් ගේ 78 විවස්තාව තමයි හැරවුම් ලක්ෂණය. ඔහුගේ විවස්තාවෙන් පසුව තමයි මේ රටේ දුෂණ, අපරාධ වැඩි වුනේ. ඔහුගේ විවස්තාවෙන් දුෂිතයන්ට, අපරාධකරුවන්ට රැකවරණ නොකඩවා ලබනවා. ඔකේ ප්‍රතිපල තමයි අද මෙයා නිදහස් වෙන්නෙත්. ඔ විවස්තාව නිසා ප්‍රේමදාසගෙන් පසු අද වැනතුරු UNP එකට තමන්ගේ පක්ෂයෙන් ජනාධිපති කෙනක් පත් කරගන්න බැරි වෙලා ඉන්නේ.

:       503       126

kalyaani Thursday, 24 June 2021 02:32 PM

මේ පොසොන් දිනේ 69 ලක්ෂය කුසුම් පිපේ

:       461       160

chandana Thursday, 24 June 2021 02:39 PM

සොබාව ධර්මය මේවට දඩුවම් දෙනවා නියතයි

:       481       269

නන්නාදුනන හාදයා Thursday, 24 June 2021 02:41 PM

අලුගෝසුවාගේ රස්සාව නන්නාදුනන තුවක්කු කරුට බාරදීමට කාලය ඇවිත්.

:       1       631

විජේ Thursday, 24 June 2021 05:22 PM

මේ වගේ රටක ඕවා මොනවද සහෝදරයා...?

:       0       31

athula Thursday, 24 June 2021 02:42 PM

රාජපක්ෂ නම ගෑවුන කෙනෙක්ට අපේ චන්දය කවදාකවත් ලැබෙන්නේ නැත.

:       610       1010

මාරසිංහThursday, 24 June 2021 04:19 PM

ඔහොම කිවුවා ට බලන්න ඡන්දෙ ආවට පස්සේ.

:       20       18

Raveendra Thursday, 24 June 2021 02:45 PM

ගණන් ගන්න එපා.අද අගමැතිතුමා සිල් සමාදන් වෙලාලු.ඉන්න රටකුයි හිට්ලර් කෙනෙකුයි ඉල්ලලානෙ කට්ටිය පොරකෑවෙ.දැන් දෙන දෙයක් බාරගෙන කිරිබත් කාල ඉන්න තියෙන්නෙ .

:       247       466

Suranjith Thursday, 24 June 2021 04:40 PM

මට ඡන්දේකාලේ ඔයාගේ කමෙන්ට් මතක් වුනා

:       0       143

Kuma Thursday, 24 June 2021 02:52 PM

ඕවා මොනවද? රෝයල් පාර්ක් එකේ මිනීමරුවත් නිදහස් කළේ..!!! 

:       8       28

පිටරැටියා Thursday, 24 June 2021 02:57 PM

මේ වගේ රටක් ලෝකෙම නැතුව ඇති .

:       20       60

godfrey Thursday, 24 June 2021 02:59 PM

මහදිකරණ අභියාචනාධිකරණයෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණ රටට වැඩක් නැති කඩවල් ටිකක් කියල රට බාර දෙවියාම පෙන්වා දෙමින් සිටි. ඒ විතරක්ද හරි දේ සියයට සියයක්ම කරමි ද සිටි.

:       35       11

බද්රානි Thursday, 24 June 2021 03:06 PM

ජනාධිපතිතුමා, අපේ රටේ බාල පරපුරට ඉතාම හොඳ ආදර්ශයක් ලබාදී තිබෙනවා. එක අතකට ඉතින්, ලංකාව වගේ රටක මිනීමරණ එක මහා වරදක්ද? ඔය වගේ සුළු වැරැද්දකට ඔය විදිහට මරණ දණ්ඩනය දීම කොතරම් අසාධාරණද? දුමින්ද සිල්වා වැනි මහත්වරුන්ගෙන් මේ රටට කොතරම් සේවයක් ලබාගත හැකිද? එතුමන්ලාව ආදර්ශයට අරගෙන ජීවත් වෙන තරුණ හා බාල පරපුරක් නිර්මාණය කිරීමට තමයි අපි අපේ නායකයින්ට සහයෝගය දිය යුත්තේ. පාසල් පෙළපොත් වලට මෙවැනි වීරයින් පිළිබඳ විස්තර ඇතුළත් කළ යුතුයි. ඒ වගේම පොසොන් පොහෝ දිනයේ නියම අර්ථය ලෝකයටම පහදා දෙන්න මේක හොඳ අවස්ථාවක් ගත්තාට, ගරු ජනාධිපතිතුමාට මාගේ ප්‍රණාමය..!!!

:       102       71

Rohana Thursday, 24 June 2021 03:13 PM

මේවා කරන්න තමයි 69 ලක්ෂයක් එකතුවෙලා පොහොට්ටුවට ඡන්දය දුන්නේ... මේ අවුරුදු 5 ඉවර වෙනකොට රටක් ඉතුරුවෙයිද දන්නේ නෑ...

:       0       81

මෝ Thursday, 24 June 2021 03:20 PM

ඔන්න සර් ආවාට පස්සේ එක වැඩක් කළා. නීතිය හැමෝටම එකවිදියට ඉෂ්ඨ කළා. එතුමාගේ මව්තුමිය මතක් කර පිං දුන්නෙමි.

:       2       86

විපරමා Thursday, 24 June 2021 03:29 PM

වීරයා එළියට ඇවිත්? වඩිනකොටම අපි හිතුවේ මල් මාලයක් එහෙම දාලා පිළිගනියි කියලා..

:       0       34

siri Thursday, 24 June 2021 03:33 PM

"මිතුරු තුමෝ දුක් සැප දෙකෙහිම පැවතී බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති"

:       0       43

casmir Thursday, 24 June 2021 03:37 PM

ගොඞක් හොද තීරනයක්, අපි බලාපොරොත්තූ උන හැමදේම ගොඩ

:       0       3

Kaveen Thursday, 24 June 2021 03:43 PM

සර් තමයි හොඳටම කලේ...

:       0       39

Dasun Thursday, 24 June 2021 03:44 PM

මෙරට ටීවී චැනල් එකකට කළහැකි දේ බොහෝයි.ජයමහට පොදු සමාව දීපු එක, අධිකරනයේ අභියෝගයට ලක්කරලා නඩුවක් යනවා නේද? කුමට මෙරට අධිකරණය, නීතිය සහ විනිසුරුවන්..?

:       0       68

Ananda Thursday, 24 June 2021 03:48 PM

කුඩු සංගමයයි, කුඩු මාෆියාවයි.. එයාලා ආයෙත් එළියේ. කුඩ්ඩා ගොඩ... ජනතා පරමාධිපත්‍යය කුඩේකුඩු..

:       0       167

ලක්ෂාන් Thursday, 24 June 2021 04:10 PM

මෛත්‍රී මීට වඩා දස ගුණයක් හොඳයි දැන් බලද්දි. මෛත්‍රී වගේම මෙයත් අන්තිමට බුද්ධි අංශයට දොස් කිව්වේ කොරෝනා වැඩ වැරදුණාද? හරියට අපි බුද්ධි අංශය පත්කළා වගේ... ආයේ බෝම්බ පිපුරුවත් ඔච්චරයි. කොටින්ම කොන්දක් නෑ.

:       0       106

මැක්ස් Thursday, 24 June 2021 04:11 PM

දුමින්ද සිල්වාත් සමග එල්ටීටීඊ කට්ටියකුත් නිදහස් වෙලා. ඒකට කමක් නැද්ද?

:       5       41

පුළුවන්. Ilangaratne Thursday, 24 June 2021 04:24 PM

චොකා මල්ලිත් ළඟ ළඟම එනවා.

:       0       74

jagath Thursday, 24 June 2021 04:29 PM

දැන් කියයි GSP නැතිවෙන හින්ද මේ අපරාධකාරයෝ ටික නිදහස්කරා කියලා. රටකට ගිය කලක්!

:       0       35

මැක්ස් Thursday, 24 June 2021 04:42 PM

මේ සිද්ධියත් එක්ක කේන්ති ගොස් සිටින නෝනා මහතුන් කොහේද හිටියේ? හිටපු ජනාධිපතිතුමා අර ජයමහ ළමයාව නිදහස් කළ වෙලාවේ..

:       17       3

athuraliye aruna Thursday, 24 June 2021 04:44 PM

එතකොට අර තට්ටු ගොඩනැගිල්ලකදී ඝාතනයක් සිදුකළ අයෙකුත් නිදහස් කළා නේද? යහපාලනේ ඒකෙත් වැරැදිය. මොකෙත් වැරැදිය කියමුකෝ...!!!

:       19       3

yahapala Thursday, 24 June 2021 04:46 PM

මේ මරණීය දඬුවම එසේ මෙසේ එකක් නොවෙයි. මහාධිකරණයෙන් තීන්දුව දුන්නා අභියාචනාධිකරණයෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණයෙනුත් අනුමත කරපු තීන්දුවක්.., එතකොට මෙයා සමග තවත් අයට මරණීය දණ්ඩනයට නියම වුණා නේද?

:       1       20

janahitha Thursday, 24 June 2021 04:49 PM

සිරිසේනගේ යහපාලනය නිදහස් කිරීම එහෙම කමක් නැතෙයි. ඔලුව 20 පාරක් පොළවේ ගහපුවාමත් නිදහස් කළාට කමක් නැතෙයි.

:       17       2

thusharaThursday, 24 June 2021 05:55 PM

ඒක හරි නැති නිසා තමයි සිරිසේනලා ගෙදර යවලා මෙයාලාව ගෙනාවේ..

:       0       61

Ruhunu Thursday, 24 June 2021 05:23 PM

සමාව දීපු අයගේ මවත් මතක් වුණා මට...

:       0       116

Rasi Thursday, 24 June 2021 05:36 PM

දේශපාලනයෙන් සිරකොට දේශපාලනයෙන් නිදහස් කරන ලදී... !

:       19       8

සමන්ත Thursday, 24 June 2021 06:06 PM

මහින්ද රාජපක්ෂ ප්‍රභාකරන් විනාශ කළේය. ඉන්පසු රට විනාශ කළේය. දැන් ජාතිය සහ ආගම විනාශ කරමින් සිටී. ඔහු මියයනු ඇත්තේ ඔහුගේ පවුල සහ චීනය ද විනාශ කර බවට සැකයක් නැත​. දුමින්ද සිල්වා බැරි නම් ඕනෑ එකෙක් සමග රාජපක්ෂලා නිදියාගත්තද අපට ප්‍රශ්නයක් නැත. එහෙත් ඒක කරගත යුත්තේ ඒ අයගේ ගෙදර දීය. වැඩිකල් නොගොස් මහින් ද සහ පවුලේ වයෝවෘද්ධ සියල්ලට මහ ගෙදරදී " දැන් සැපද?" යන ප්‍රශ්නයට පිළිතුරු බැඳීමට සිදුවනු ඇත​...

:       1       417

සමන්ත Thursday, 24 June 2021 06:55 PM

මල්ලිත් ජනේලේ එල්ලෙන්න හදන බව පැහැදිලියි..

:       0       157

bandara Thursday, 24 June 2021 06:59 PM

ප්‍රේමලාල් ජයසේකර නිදහස් කරන්නේ කවදාද?

:       2       33

Wimalv Thursday, 24 June 2021 07:25 PM

ඇත්තටම මේවට කමෙන්ට් දාලා වැඩකුත් නෑ. පුලුවන් කෙනෙක් මේ රටින් පිට වෙලා යන එක තමයි කරන්න පුලුවන් හොඳම වැඩේ. කොහොමත් නන්දසේන ජනාධිපති කලේම ඔය වැඩේ කරගන්න මිසක් රට බේර ගන්න නෙමෙයි. භාරත ලක්ෂමන්ව තර්ජනයක් වුණු කෙනෙක් තමයි තිරය පිටිපස්සේ ඉන්නේ. එයාට ලංකාව කියන්නේ බිස්නස් එකක් විතරයි. එනවා යනවා එනවා යනවා එනවා යනවා...දන්නෝ දනිති....

:       1       87

Ratne Thursday, 24 June 2021 07:40 PM

පොහොට්ටුවට සුදුසුම තේමාව "වසල පාලනයක්, චීන ගැති රටක්"

:       1       329

Warnakulasuriya Thursday, 24 June 2021 09:29 PM

හිරු නාලිකාවේ උත්සාහය කැපකිරීම අද දුමින්දාගමනයත් සමග සාර්ථකත්වයට පත්වී ඇත. පසුගිය කාලයේ හිරු මාධ්‍යවේදි චමුදිතගේ හැසිරීම් ඉදිරියේ මෙම තත්ත්වය අනුමාන කරන්නට අපට හැකිවිය. මෙම නිදහස් කිරීම අනුමත කරන කවරෙක් නමුත් අවස්ථාවාදි නරුමයින් වශයෙන් අපි සලකමු. දූෂිතයින්, මිනීමරුවන්, කුඩුකාරයින් නිදහස් කරගනිමින් මැතිවරණයට වියදම් කළ ගජමිතුරන් සතුටු කිරීමට පත්වුණු රජයක් මේ මොහොතේ අපි දකින්නෙමු...

:       0       0

kapila Thursday, 24 June 2021 10:35 PM

මේ රට ජීවත් වීමට සුදුසු රටක් නොවේ.

:       0       0

Kumara Friday, 25 June 2021 02:21 AM

මේ වගේ රටක ඉපදීමට ලැබීමත් කණගාටුයි..!!!

:       0       0

Rata Perata Friday, 25 June 2021 03:41 AM

මේ රාජපක්ෂලා එලවලා දමනකම් රටට සහ ජනතාවට වන සෙතක් නැත...

:       0       0

Anura Saturday, 26 June 2021 01:17 PM

මේවාට හාමුදුරුවෝ වගකිව යුතුයි...

:       0       64

Ruwan Saturday, 26 June 2021 10:04 PM

ඉස්සර ජේ.ආර්. ඝාතනය කරන්නැයි බස්වල, තාප්පවල පෝස්ටර් ගහලා තිබ්බා අපි චූටිකාලේ දැක්කේ.. දැනුත් එහෙම යුගයක් උදාවෙමින් තියෙන්නේ. හරිම කණගාටුයි අපේ අනාගත පරම්පරාව ගැන... ඒ අය අනාථයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 382 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 804 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 620 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1457 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2942 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1894 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site