IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දුමින්දට ජනපති සමාව දුන්නාට හිරුණිකාගෙන් පෙත්සමක්

 (තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධි සම්බන්ධයෙන් මරණ දඩුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව ලබා දී නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් ක්‍රියාව ව්‍යවස්ථා විරෝධී බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා  හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය.

එබැවින් මරණ දඩුවම් නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දෙමින් ජනාධිපතිවරයා කළ නියෝගය බලරහිත කරන්නැයි ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නීය.

වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති වෙනුවෙන් නීතිපතිවරයා , අධිකරණ ඇමති අලි සබ්රි , නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වෘත්තිය සමිති පිලිබද උපදේශක ලෙස කටයුතු කළ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු කළ කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල මඩුල්ලේ තුනෙන් දෙක බහුතරයෙන්  වගඋත්තරකාර  දුමින්ද සිල්වාට මරණ දඩුවම නියම කළ බවත් , පසුව එම මරණ දඩුවම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඒකමතිකව තහවුරු කර තිබියදී ඉකුත් ජුනි 24 වැනිදා ජනාධිපති සමාව යටතේ වගඋත්තරකරු නිදහස් කළ බවය.

එලෙස ජනාධිපති සමාව ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති ප්‍රතිපාදන අනුගමනය කිරීමකින් තොරව බවද පෙත්සම්කාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය පෙත්සමේ සදහන් කර ඇත.

එලෙස වගඋත්තරකාර දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ මුදා හැරීම ව්‍යවස්ථා විරෝධි බවට ප්‍රකාශ කරන ලෙසද  , එම ජනාධිපති සමාව ලබා දුන් නියෝග බලරහිත කරන ලෙසද , වගඋත්තරකාර දුමින්ද සිල්වාට සමාව ලබා දීමට අදාළ ලේඛන අධිකරණයට කැදවා විභාගයක් පවත්වන ලෙසද පෙත්සම්කාරිය සිය මුලික අයිතිවාසිකම් පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නීය.

 



අදහස් (48)

දුමින්දට ජනපති සමාව දුන්නාට හිරුණිකාගෙන් පෙත්සමක්

Yamaha Wednesday, 21 July 2021 11:35 AM

වට්ටි අම්මලා කොහොමත් පෙත්සම් ගහන්න දක්ෂයි.

:       2617       1520

PrabaWednesday, 21 July 2021 02:07 PM

එතකොට, ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කළ මිනීමරුවෙක්ව නිදහස්කළ අයෙක්ව ඇමතීමට ඔබතුමා යොදන විශේෂණය කුමක්ද?

:       169       1165

BamunuarachchiThursday, 22 July 2021 12:53 PM

ඒ නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කලේ මේ නඩුවට අල්පොන්සෝගේ දේශපාලන හා පොලිස් කාරයෙකුගේ බලපෑම ගැන නොදැනයි. දැන් හඬපට වලින් සිද්දිය උනේ කොහොමද කියලා ඔබ නොදන්නවාට ලෝකය දැනගත්තා. ඒ හඬපට වලින් අල්පොන්සෝ කොපමණ දුරට අධිකරණයට ඇඟිලි ගැසුවාද කියන එක බලා ගන්න පුළුවන්. නැතිනම් අල්පොන්සොගේ ගෙදර වලන් හෝදන්න එන පොලිස්කාරයා මොකාද?

:       0       0

lakviduThursday, 22 July 2021 07:11 PM

අනේ මුන්දැගේ නරිවාදම...! තමන්ගේ හරි නමවත් එළියට දාන්නේ නැතිව... බොරු නමකින් ප්‍රතිචාර දාන්න කොන්ද පණ නැති මිනිහෙක්නේ මෙයා...

:       0       72

VithanaFriday, 23 July 2021 05:33 AM

ජනාධිපති උපදේශකයෙක්ට සලකපු හැටි එහෙම නම් ඔහේ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටියිද?

:       21       58

Shan Wednesday, 21 July 2021 12:07 PM

විකාර කරන්නේ නැතිව ඉන්න හිරුණිකා.

:       927       485

jayasekaraWednesday, 21 July 2021 03:44 PM

ඇත්ත, මෙයා දේශපාලනයට ආවේ පුද්ගලික පළිගැනීම් පිරිමහගන්න මිසක්... ජනතාවට සේවය කරන්න නොවේ. මාත් කොළොන්නාව ආසනේ... මෙයා ආසනේට කරපු වැඩක් නම් නැහැ. බොරුවට ගිරිය පුප්පගෙන කෑගහනවා මිසක්...

:       725       598

VithanaFriday, 23 July 2021 05:24 AM

හිරුණිකාගේ ආසනය රත්මලාන මිසක් කොලොන්නාව නෙවෙයි. ඒකවත් නොදන්න කෙනෙක් මඩ ගහන්න ඇවිල්ලා.

:       0       80

VithanaFriday, 23 July 2021 05:37 AM

ඔලු විකාර වුණු 69 ලක්ෂයක් කරපු විනාශය තමයි මේ....

:       0       79

මුණසිංහ Wednesday, 21 July 2021 12:59 PM

මේවාට තමයි කියන්නේ බොරු රඟපෑම් කියලා... නිදහස් කිරීම සාධාරණද, නැතිද නෙවෙයි ක්‍රියා දාමය නීත්‍යානුකූලයි.

:       917       671

nishanthaWednesday, 21 July 2021 02:18 PM

හරියට නීති කරුණක් නොදන්න බහුතරයක් ඉන්න මේ රට ගොඩ ගන්න එකනම් අැත්තටම හීනයක්. එකම චෝදනාවෙන් යුතු කිහිප දෙනෙක්ගෙන්... යකෝ එක නමක් පමණක්ම යෝජනා වෙන්නේ නීතියේ මොන සමානාත්මතාවයකින්ද?

:       171       445

මුණසිංහWednesday, 21 July 2021 02:50 PM

ඒකට ඔබතුමා බලන්න නීති පොතේ හිල් ඇති තැන්...

:       92       50

VithanaFriday, 23 July 2021 05:39 AM

එහෙම දෙයක් නීති පොත්වල නෑ. නීති පොතේ තියෙන්නේ හැමෝටම සාධාරණව සැලකිය යුතු බව. මේක අවනීතිය...

:       0       32

pradeepa Wednesday, 21 July 2021 01:03 PM

දැන් වැඩක් නැහැ. හිරුණිකා උසාවි ගිහිල්ලා... දැන් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.

:       359       533

කනිෂ්ක Wednesday, 21 July 2021 02:32 PM

හඬපට ඇසීමෙන් බොහෝ දේ අප තේරුම් ගත්තා...

:       114       314

VithanaFriday, 23 July 2021 05:31 AM

දැන් කතාවල හඬපට එළියට එන්නේ නෑ...

:       0       1

BamunuarachchiThursday, 22 July 2021 02:04 PM

නඩුව විභාග වෙනකොට අර හඬපට නැවත ප්‍රාචාරය කරනවානම් අපිත් එනවා නඩුව අහනවා බලන්න. ඇයි අර පොලිස් උන්දා වලං හෝදන්න ලැහැස්ති උනේ කියා කියන්නකෝ.එතකොට නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වෙන්නේ නැහැ මොකද බඩු ඔබේ අතේ.

:       0       0

Rohana Wednesday, 21 July 2021 02:18 PM

තරාදිය ජනාධිපති පාර්ශවයෙන් වැඩි බරක් පෙන්වනවා. පෙත්සම වැඩක් වෙයිද?

:       79       260

කිරි පුතා Wednesday, 21 July 2021 02:26 PM

ගම්මන්පිල මහතාට දෝෂාභියෝගය ගෙනාවා වගේ. මේ මිනිසුන්ට තියෙන්නේම පෞද්ගලික ප්‍රශ්න. රට ගැන පුවතින් පොදු ප්‍රශ්නගැන මොවුන් දන්නේම නෑ..

:       421       252

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 21 July 2021 02:30 PM

විධායකය හා අධිකරණය අතර ඇතිවෙන බලවත් ගැටළු සහගත උද්වේගකර අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකිය. ඒ කෙසේ වෙතත්, විධායකය වේවා නැතා නිශ්චිත නීති රාමුවට පිටින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කොට ඇත්නම්, පවතින වර්තමාන වාතාවරණය සිතනවාට වඩා වෙනස් වේ යැයි උපකල්පනය කළ හැකිය. මෛත්‍රිපාල ජනපති හිතුමතේ පත්කළ හොර ආණ්ඩුව හා කැබිනට් මණ්ඩලය නීතිවිරෝධී බවත්, මෛත්‍රීපාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කොට ඇති බවත්, අධිකරණය තීන්දු කළ හැටි කාටත් මතකයි. ගරු අධිකරණය විසින් මෙහිදීද, ඉතාමත් සාධාරණ තීන්දුවක් දේ යයි අපි දෑස් දල්වා බලා සිටිමු.

:       916       1223

anaThursday, 22 July 2021 05:25 AM

ඒ කාලේ 20 තිබුණේ නැහැ.

:       0       0

Sena Wednesday, 21 July 2021 02:38 PM

අපිත් බලන් ඉන්නේ උසාවිය මොකක්ද ගන්න තීරණය කියන එක...

:       112       289

Hafeel Wednesday, 21 July 2021 03:08 PM

කවදා හෝ ස්වාභාවික දඬුවම් විඳින්න වෙනවා. ඒ වනතුරු ඉවසන්න. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව එදා බලයට ආපු ඔබ නියෝජනය කළ ආණ්ඩුව, එදා මේ විධායක ධුරය අහෝසි කළා නම්, අද ඔබට සහ රටට මේ ඉරණම වෙන්නේ නැහැ. මොන පනත ගෙනාවත් තමන් බුද්ධිමත්ව කටයුතු කළයුතුයි. 19 වැනි සංශෝධනයෙන් රනිල් රහසිගතව තමාගේ අතට බලය ගත්ත සහ අපරාධකරුවන්ට දඬුවම් දෙන බව 2015 දී බලයට ආපු රනිල්ගේ ආණ්ඩුවේ ද්‍රෝහීකම නිසා අද රටට මේ ඉරණම වෙලා තියන්නේ...

:       147       275

බද්රානි Wednesday, 21 July 2021 03:33 PM

අශිෂ්ඨ, අවිනීත, ගෝත්‍රික, මිලේච්ඡයින් බහුතරයක් වෙසෙන රටක මිනීමැරුමක් කියන්නේ වීර ක්‍රියාවක්නේ... ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබිය යුතු ගෞරවාන්විත ක්‍රියාවක්... අපේ රටේ වියත් මගේ උගතුන්, ගරුතර ස්වාමීන් වහන්සේලාත් සද්ද නැතිව ඉන්නේ ඒ නිසානේ... මෙන්න මමත් ජයවේවා කියලා කිව්වා. අපේ සත් ගුණවත් දුමින්ද සිල්වා ශ්‍රීමතාණන්ට...!!

:       497       684

GirigorisWednesday, 21 July 2021 08:43 PM

හිටගෙනද?

:       114       5

VithanaFriday, 23 July 2021 05:27 AM

නෑ අඬ අඬා... අපේ රටේ අනාගතය ගැන අඬමින්...

:       3       31

BamunuarachchiFriday, 23 July 2021 09:09 AM

ඒ ගුරා. මේ ගොල්ලෝ දුව දුව....

:       32       5

BamunuarachchiThursday, 22 July 2021 01:06 PM

ඇයි ප්‍රභාකරන් ඇතුළු කොටි නඩේ මරපු එක වීර ක්‍රීයාවක් නොවෙයිද? මෙයා තලගොයා කබරගොයා කරන කෙනෙක්. හඬපටය ඇසුවාම ඕනෑම කෙනෙකුට, ගැහැණු නැති ගෙදරක වලන් සෝදන්න යන්න සුදානම් නැති කෙනෙකුට, තේරෙනවා මොකක්ද සිද්ද උනේ කියලා. අල්පොන්සොගේ ගෙදර වලන් සෝදන්න කැමතිනම් එහෙම හඬපටයක් නෑවගේ ඉන්න.

:       0       0

Kamal Wednesday, 21 July 2021 03:48 PM

කරපු දේවල් දන්නේ නැහැ වගේනේ ඉන්නේ. තාත්තලා, දුවලා ඔක්කොම එකවගේ...

:       361       269

Deepal Nirosh Wednesday, 21 July 2021 04:05 PM

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ, ප්‍රතිඵල දැනදැනම මේ වගේ නිරර්ථක කරුණු අභියාචනය කරනවාට වඩා කාන්තාවක් විදියට අර මන්ත්‍රී නිවසේ මරණයට පත් වූ ළාබාල මෙහෙකාර දැරිවියට සාධාරණයක් ඉල්ලා හඬක් නැගීම නේද රටට හා ජනතාවට වැඩදායි වෙන්නේ...?

:       25       91

AnuruddhaThursday, 22 July 2021 05:04 AM

"කාන්තාවක් විදියට මෙහෙකාර දැරියට සිදුවූ දෙය කතාකළ යුතුයි. තමන්ගේ පියාගේ ඝාතනය ගැන කථා නොකළ යුතුයි. එය නිරර්ථක ක්‍රියාවකි". ඔහොම අදහස් එන්නේ ඔයාලා මිනිස්සුද අප්පා...? තාත්තෙකුගේ මරණය හිතින් අතහැරලා දාන්න පුළුවන්ද දරුවෙකුට...? අර්ථයක් ඇතිව හෝ නැතිව ඇය කළ හැකි දේ ඇය කරාවි. එයට ගරුකළ යුතුයි. අනික දැරියගේ මරණයට ඔබත්, මාත් ඇතුළු සමස්ත රටම වගකිව යුතුයි. බාලවයස්කාර දැරියක්, දෙමාපිය අසරණභාවය නිසා මෙහෙකාරකමේ..., අවසානයේ මියයාම මෙවන් පුවත් අසන්නට වෙන්නේ නිධානයක් වගේ තියන මේ රටේ මිනිස්සුන්ගේ හිඟනකම උකස්කර වරින්වර බලය ගන්නා කපටි දේශපාලුවන් නිසා නොවේද? ඔවුන්ට රිසිසේ මේ රට විනාශ කිරීමට බලය දෙන ඔබත් මාත් රටේ සමස්ත ජනතාවත් වගකිවයුතු නොවේද?

:       0       0

jasintha serasingha Wednesday, 21 July 2021 04:34 PM

කමෙන්ට් විදිහට මෝඩ උද්දච්ච කතා නොදමන්න... දුවෙකුට විතරයි තාත්තගේ අගය තියෙන්නේ.

:       354       456

සවනිThursday, 22 July 2021 12:39 PM

දුවෙක් විතරක් නෙමෙයි පුතුන්ටත් තාත්තා කෙනෙක් වටිනවා නමුත් දුවලට දුක දරාගන්න බෑ. ඒ වුනත් හිරුණිකා මන්ත්‍රී තනතුර පාවිච්චි කරන්නේ තමුන්ගේ තාත්තා වෙනුවෙන් විතරක් වීමයි මෙතන වැරැද්ද. ඊට අමතරව ඒ බලයෙන් චණ්ඩි කම් ගෙනිච්චා තාත්තා කරා වගේම. කොලොන්නාව ආසනය ගං වතුරින් යටවුණා. කුණු කඳු කඩාවැටුනා . ඒත් මෙයා ඒ මිනිසුන් දිහාවත් බැලුවේ නෑ. ඒ නිසයි මෙයාව අයින් කරලා මරික්කාර් දැම්මේ. මෙයාට වඩා නම් එයා හොඳයි.

:       0       0

VithanaFriday, 23 July 2021 05:25 AM

ඒ වටිනාකම් රාජපක්ෂ වහල්භාවයට යටයි...

:       0       46

gagana Wednesday, 21 July 2021 05:56 PM

මෙයත් හරි ෂෝක් නේ. අර දෙමටගොඩ ළමයෙක්ව පාතාලයේ අය දාලා උස්සපු වගේ වැඩ වලින් බේරිලා පිරිසිදු නීති සරණ පතනවා

:       0       0

චාමර Wednesday, 21 July 2021 07:49 PM

මමත් කොලොන්නාවේ මම දන්නවා භාරතව. මෙයා කොළොන්නාව ටවුන් එකේ තැඹිලි වික්ක අහිංසක වෙළෙන්දෙක්. මුළු කොලොන්නාවම දන්නවා අහිංසක වෙළෙන්දා ගැන...

:       57       24

Kumara Wednesday, 21 July 2021 07:53 PM

හිටපු ජනපති, ඉන්න ජනපති දෙන්නම රටේ ජනතාවට කොකා පෙන්නලා තියෙන්නේ. මේ අයට ස්වභාවධර්මයෙන්ම විපාක විඳින්න සිදුවනවාමයි...!

:       0       40

genegoda Wednesday, 21 July 2021 08:11 PM

මේ නෝනට නේද අර එකසැරයක් පැත්ත මාරු වුණු අකරතැබ්බයකට මුහුණ පාන්න සිද්ද වුණේ...?

:       89       53

BamunuarachchiThursday, 22 July 2021 02:07 PM

පැත්ත විතරක් නොවෙයි උඩ යටත් මාරුවෙලා

:       0       0

Vithana Friday, 23 July 2021 05:36 AM

මෙවන් නීති, විරෝධී ජනතා විරෝධී, ස්වභාවික යුක්තියට එරෙහිව කටයුතු කරන පාලකයින්ට සාප වෙනවා...

:       0       22

පීටර් සොයිසා Friday, 23 July 2021 06:57 AM

ඔය ප්‍රශ්නය එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළොත් සාධාරණයක් වේවි..!!!

:       2       27

bandula Friday, 23 July 2021 02:14 PM

ගැහැණියක් යුක්තිය ඉල්ලා සටන් කරනවිට පිරිමි හැසිරෙන ආකාරය පැහැදිලිව පෙනේ, මෙහෙමත් රටක්...?

:       67       57

ගැහැණු කෙනෙක්Friday, 23 July 2021 04:07 PM

තමන්ගේ ආණ්ඩුව බලයේ ඉඳිද්දී තමන්ගේ ඩිෆෙන්ඩර් එක දාලා කොල්ලෙක්ව පැහැරගන්න සලස්වලා ගහලා බනින වෙලේ තර්ජනය කරපු බව අමතකද? පොලිසියට අහුවෙලා උසාවි ගියාම පැය දෙකෙන් ඇප... ඒ පිරිමියා වෙනුවෙන් ඔබ පෙනී ඉන්නවාද? අහිංසක ගැහැණුන් වෙනුවෙන් පෙනී සිටින්න. රන්ජන් රාමනායක මුල් කාලේ මැදපෙරදිග දුක්විඳින කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටියේ. අන්න ඒ වගේ වෙන්න. ඔහු පසුව වෙනස් වුණාට ඒ මුල්කාලය හොඳ කාලයක්. නමුත් මේ යුක්තිය ඉල්ලන්නේ අහිංසක දැරියක් නෙවෙයි. මන්ත්‍රීවරියක් හැටියට ඉන්න ගමන් චණ්ඩි රැජිණක් ලෙස හැසිරෙන නෝනා කෙනෙක්. නුගේගොඩ පැත්තේ කඩවලට පැනලා කඩ හිමියන්ට චණ්ඩිකම් දාලා උසාවි ගිහින් සමාව ඉල්ලන්න වුණු කෙනෙක්. අවසානයේ කියන්න තියෙන්නේ තමන්ගේ ආසනය වෙනුවෙන් සේවයක් නොකර තමන්ගේ වැඩේ කරගන්න විතරක් මන්ත්‍රී තනතුර පාවිච්චි කරන කෙනෙක් බව...

:       177       217

Jayani Friday, 23 July 2021 04:11 PM

දෝණියන්දෑ පැහැරගෙන ගියේ බන්ධුලවත්දැයි සැකයි.

:       0       75

Yamuna Saturday, 24 July 2021 01:06 AM

කොළපාට කණ්ණාඩියට අංගුලිමාල නැවතත් අහිංසක ලෙස පෙනෙනවා. ඒකත් වහල් බවක්...

:       0       37

Mari kar Saturday, 24 July 2021 04:09 AM

විතාන මහතා, මහත්මිය, මෙනෙවිය, හිරුණිකා දේශපාලනයට ආවේ කොළොන්නාව ආසනයෙන්... එහේ ජනතාවට කිසිම දෙයක් නොකර මගඇරලා අප්‍රසාදයට ලක්වූ නිසා තමයි රත්මලානට මාරුකරේ... ඒකවත් දන්නේ නැද්ද? කොලොන්නාව ආසනයෙන් හොයලා බලන්නකෝ...!

:       11       6

VithanaSunday, 25 July 2021 01:55 PM

ඔබ ඔය කියන කොලොන්නාව ආසනේට කිසිම සේවයක් කළේ නෑ කියන චෝදනාව සත්‍යයක් නම් රත්මලානෙදී සේවයක් කරයි කියලා හිතලා රත්මලානට දමයිද? බොරුවක් කියනකොට පිළිගන්න පුලුවන් විදියට කියන්න අඩු ගානේ...

:       1       0

jayanath Saturday, 24 July 2021 07:40 AM

සුපිරියි...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 1006 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 199 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1147 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1185 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1441 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1293 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site