IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දරු දෙදෙනා ඔබට බාරයි

(නිමන්ති රණසිංහ)

සිර දඩුවම් නියම වූ ශෂී විරවංශ මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගන යාමට පෙර සිය ස්වාමි පුරුෂයා වන විමල් වීරවංශ මහතාට සමුදුන් අයුරු

(ඡායාරූප: ගයාන් අමරසේකර)



අදහස් (33)

දරු දෙදෙනා ඔබට බාරයි

sisira Friday, 27 May 2022 06:29 PM

කරන කලට වැරදි මිහිරිය මී සේ... කියන කලට බොරු මිහිරිය මී සේ... විදින කලට දුක් දැඩිවේ ගිනිසේ...

:       141       138

JayaSaturday, 28 May 2022 12:58 PM

ඔය කවිය රාජපක්ෂලාට බලපාන්නේ නැද්ද?

:       2       32

Rata Perata Friday, 27 May 2022 07:18 PM

අවුරුදු 7ක් ඇදුණු නඩුවේ තීන්දු දීපු කාලේ හරි නේද? දැන් ඉතින් වෙන්නේ වීරවංශ ආයෙත් නඩුවට හේත්තු වෙනවා.. ශශී එළියට එනවා... එච්චරයි.

:       73       81

මැක්ස් Friday, 27 May 2022 07:25 PM

වැරැද්දේ ස්වභාවය හෝ ප්‍රමාණය කෙසේවෙතත් ඒ මනුස්සයාත් අම්මෙක්! මේ උසාවි තීන්දුවෙන් සතුටට පත් වන්නෝ ඒ ගැනත් සිතත්වා!

:       87       172

nandaFriday, 27 May 2022 08:59 PM

නීතිවිරෝධී වැඩ නොකළා නම් දරුවන් එක්ක ඉන්න තිබුණා නේද? අම්මලා වැරැදි කළොත් සමාව දිය යුතුයිද? උත්තරීතර අධිකරණයේ තීන්දුවට ගරුකරන්න පුරුදු වෙමු..

:       7       42

Prabha Saturday, 28 May 2022 02:38 AM

ඒ කියන්නේ මවක් නම් දැන දැන වංචා කරත් සහනයක් දෙන්න ඕනේ?

:       4       19

lionSaturday, 28 May 2022 04:30 AM

අම්මෙක් බව පිළිගන්නවා. අපිත් මිනිස්සු... බලය තියෙන මිනිස්සු. තම බලය පාවිච්චි කරලා වැඩ බලන්න. ඔබ මම මෙවැනි වැරැද්දක් කළා නම් දැනටමත් සිර දඬුවම් විඳිනවා. මේ මිනිස්සු හිතන්නේ අපිට බලය තියෙනවා අපි ඉන්නේ නීතියට උඩින් කියලා. මෙවැනි දඬුවම් ලැබුණාම දේශපාලුවන් පරිස්සම් වෙනවා. නඩුකාරතුමාට අපේ ගෞරවය..

:       0       18

සක්‍රයාSaturday, 28 May 2022 07:47 AM

මේ අම්මා විතරක්ද අම්මා වෙන්නේ? හිරගෙදර දුක් විඳින අම්මලා ගොඩක් ඉන්නවා.. එයාලාටත් ඔය කරුණාවම දක්වන්න...!

:       2       18

samanSaturday, 28 May 2022 10:32 AM

එක අම්මෙක් දරුවන්ට කෑමට අඹ ගෙඩි දෙකක් කඩලා හිරේ ගියා...!

:       1       22

චන්දන Friday, 27 May 2022 08:56 PM

මෙයා තවදුරටත් ආණ්ඩුවේම හිටියා නම්...

:       46       67

චන්දිම ෆොන්සේකා Friday, 27 May 2022 10:44 PM

තෝරු මෝරු නම් නිදොස් කොට නිදහස් වෙන තැනට වැඩ කටයුතු සිද්ධ වුණා. හාල් මැස්සියක් වගේ මේ කාන්තාව තමයි දැලට අහුවුණේ...!

:       0       2

Gune Friday, 27 May 2022 10:54 PM

මහබැංකු හොරාකාපු අය, කෝටි ගණන් බැංකුවලට පොලු තැබූ අය නිදහසේ සිටිද්දී මෙම කාන්තාව කළ වරද, සැමියා පවත්නා පොහොට්ටු-අලි ආණ්ඩුවට විරුද්ධ වීමද? ජෙප්පනි, අපට එය අදාළ නොමැත!

:       3       2

pakeer Friday, 27 May 2022 11:05 PM

විමල්, ඔයාට හැමදාම හිතාගන්න තිබුණේ ජනතාව පැත්තේ. ඒත් ඔයා හිටගත්තේ වැරැදි පාලකයෝ එක්ක. එතැනදී ඔයත් වැරැදි කළා. ඔයා ජනතාව පැත්තේ හිටගත්තා නම් වැරැදි කරන්නේ නැහැ. දැන් ඒවට විඳවනවා. අපරාදේ.. බල්ලෝ එක්ක නිදාගත්තාම බලුමැක්කොත් එක්ක ඔයාට නැගිටින්න වෙන්නේ..

:       0       1

Lalith M Saturday, 28 May 2022 12:21 AM

එතකොට වංශ මලයා. එයත් තරුණ වෙලා දෙවැනි පාස්පෝට් එකත් ගත්තා..

:       1       8

Nandalal DE SILVA - France Saturday, 28 May 2022 12:43 AM

වෙන අය නම් බන්ධනාගාර බස් රථයට හෙවත් ‘‘කුකුළු කූඩුවට‘‘ නැංගවීමට පෙර දැතට ‘‘රිදී වළලු‘‘ හෙවත් මාංචු දමන පින්තූර අපි අනන්තවත් දැක තිබෙනවා. ඒවා ශශීට නොදැම්මේ මොකද?

:       2       8

විපරමා Saturday, 28 May 2022 12:48 AM

මීට වඩා හොරකම්, වංචා, දූෂණ කරලා රටම විනාශ කරපු දූෂිත දේශපාලුවන්, මිනීමරුවන්, තව කොච්චර නිදහසේ නිදැල්ලේ ඉන්නවාද? ඒ අයටත් නීතිය ඉෂ්ඨ කරයිද?

:       0       16

Nandalal DE SILVA - France Saturday, 28 May 2022 04:40 AM

කිරිබොන වයසේ දරුවන් ගැනද මේ කියන්නේ? මෙයාගේ දරුවන්ට වඩා පොඩි දරුවන් ඉන්න අම්මලාත් හිරබත් කන කාලේ, මේ ගැන කඳුළු හලන්න ඕනෑකමක් නැහැ.

:       3       15

rocky Saturday, 28 May 2022 05:58 AM

මැක්ස් මහත්තයෝ, අම්මලා වූ පලියට දේශපාලන බලතල යොදාගෙන කරන වැරැදිවලට සමාවක් දෙන්න බැහැ නේද? ඇරත් මෙයා. එහෙම වුණොත් දරුවන්ට අයහපත් ආදර්ශයක්...

:       1       10

Chathuri Saturday, 28 May 2022 07:02 AM

රාජපක්ෂලා දෙන්නෙකුගේ බිරින්දෑවරු දෙදෙනෙකුත් ඉන්නවා අත්අඩංගුවට අරන් හිර ගෙදරට දාන්න. හොර හැඳුනුම්පත් හදලා රටේ මුදල් වංදා කෙරුවට. නීතිය කාටත් පොදුයි. රටේ දේපළ, මුදල් ඔක්කොම හොරා කෑවා..

:       1       16

JAYATH Saturday, 28 May 2022 07:03 AM

පින්තූර දැම්මා කියලා මිනිස්සුන්ට මෙයාලා ගැන අනුකම්පාවක් ජනිත වෙන්නේ නැහැ. මොකද මුන්නැහේලගේ පැටිකිරිය අපි හොඳට දන්නවා නොවැ.. බලය තිබුණු කාලේ හිටියේ කොහොමද? විමලසිරි ගම්ලත් උන්නැහේ එකපාරටම සකල සම්පතින් විරාජමාන වුනේ කොහොමද කියන එක පොඩි ළමයෙක් වුණත් දන්නා දෙයක්... ඉතින් ඒක හින්දා නීතිය ඉෂ්ට වුණා කියලම නෙමෙයි, එහෙම වෙන බවක් පෙනෙන්න තියන එක ගැනත් සතුටුයි.

:       1       12

Oscar perera Saturday, 28 May 2022 07:12 AM

දීට්ඨ ධම්ම වේදනීය කර්මය...!

:       2       9

ajith Saturday, 28 May 2022 07:13 AM

වැරැද්දේ ස්වභාවය හෝ ප්‍රමාණය කෙසේවෙතත් ඒ මනුස්සයාත් අම්මෙක්...! අහාර පිණිස අඹ ගෙඩි 2ක් කැඩූ අම්මා සිරගත වූයේ නම්... දැනදැනම කුඨලේඛන සකස් කිරීමේ වරදට අම්මා කෙනෙකු නිසා නිදොස් කර නිදහස් කළ යුතුද ? පාස්පෝර්ට් නිකුත් කිරෙමට පෙර ශෂී වීරවංශ මීට පෙර ලබාගත් පාස්පෝර්ට් පිළිබඳව සොයාබැලීමක් නොකිරීම පිළිබඳව හෝ දේශපාලන බලය යොදා පාස්පෝට් ලබාගත්තේද කියා සොයාබැලිය යුතු කරුණකි...

:       1       11

Suranga Saturday, 28 May 2022 07:51 AM

කවුද මේ මුහුණ සම්පූර්ණයෙන්ම වහගෙන ඉන්නේ?

:       1       7

Kanthi Saturday, 28 May 2022 09:09 AM

හොඳ නාට්‍යයක්...!

:       1       14

Chinthaka Saturday, 28 May 2022 09:16 AM

හොරාකාපු අය තවමත් එළියේ... සතුටු වෙන අය ඒ ගැනත් හිතන්න.

:       0       9

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 28 May 2022 10:40 AM

"දුක සැප දෙකම උරුමව ඇත්තේ අපට... අටලෝ දහම පොදුවෙයි එකලෙස සැමට... සැමියගේ මුහුණ සිඹ සමුගත් එම දුකට ... කාගේ වුවත් නෙතු අග තෙත්වෙයි එයට... "

:       2       11

Saman Saturday, 28 May 2022 10:42 AM

ඔබ දරුවෙක් නම් දැනෙන වේදනාව අම්මා කෙනෙක් සිරගත වෙනකොට.. පුතෙක් අම්මගේ කකුල් දෙක අල්ලලා වඳිනවා කියන්නේ හොඳට හැදිච්ච ළමයි. මම මෙතැනදී දේශපාලකයින්ගේ බිරින්දෑවරු ගැන කතා කරන්නේ නැහැ.

:       6       11

siripala Saturday, 28 May 2022 10:55 AM

ඔබේ අවුරුදු දෙක නිදහසේ අත්විඳින්න.

:       1       5

sam Saturday, 28 May 2022 12:39 PM

ලිපගිනි මොලවන තෙක් දිය සැලියේ.. සැපයක් යැයි කකුළුවා දියකෙළියේ.. බලේ තියෙන කාලේ කරන්න පුළුවන් හැම වැඩක්ම කරලා අහුවුණාම නිකන් හරියට කෝච්චියට අහුවුණු පුවක් ලෙල්ල වගේ.. ඔහොම තමයි මේ වගේ අනික් අයටත් නීතිය ක්‍රියාත්මක වුණා නම්...

:       3       17

මංගල Saturday, 28 May 2022 02:06 PM

රටේ, ජනතාවගේ බැංකුව හොරා කාපු අය ලොකු තැන්වල ඉන්නවා. පාස්පෝට් එකක් හොරට හදපුවාම හිරේට යනවා. මොකක් හරි අවුලක් නැද්ද? නීතිය හොඳටම කරන්නේ මෙහෙම වෙන්න ඇති. නමුත් නැවතිලා කල්පනා කළාම එක දෙයක් පැහැදිලියි.. සාමාන්‍ය ජනතාව අතරින් උඩට එන මිනිස්සුන්ට තවමත් කෙනෙහිලි, පරණ වලව් ප්‍රභූ සෙට් එකට තවමත් ගරු සැලකිලි...!

:       2       20

Ridma Saturday, 28 May 2022 02:12 PM

අනේ...පව්...!!! 

:       7       9

ඉන්දික Sunday, 29 May 2022 09:49 AM

ජනප්‍රිය පාසල්වල දෙමාපියන්ගේ විස්තර හෙව්වොත් ගොඩාක් අය හිරේ...!

:       1       2

fairoos Sunday, 29 May 2022 12:12 PM

රනිල් සහ ගෝඨා ඩීල් එකේ කොටසක්...!

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 14 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1370 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 428 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 511 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 391 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


රට පුරාම පැතිරෙන 'ටීනියා'
2024 අප්‍රේල් මස 19 37 0

ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site