IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


තෙල් මිල දැනෙන්න අඩුකරයි

(යොහාන් බාසුර ) 

ඉන්ධන මිල  අද (29) සිට පහත දැමීමට රජය තීරණය කර තිබේ .

ඒ අනුව ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 60 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 135 කින්, සුදු ඩීසල් ලීටරය රුපියල් 80 කින් සහ  සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 45 කින් අඩු කර තිබේ.

 මේ අතර භූමිතෙල් රුපියල් 10 කින් අඩු කිරීමට පියවර ගෙන ඇත.

මේ අතර ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ අඩු කළ තෙල් මිලට සාපේක්ෂව ඉන්දිය තෙල් සමාගමද ඉන්ධන මිල අඩුකිරීමට පියවර ගෙන තිබේ

 ඒ අනුව නව තෙල් මිල මෙසේය.

 ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක්  රුපියල්    340

 ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක්  රුපියල්     375

 සුදු ඩීසල් ලීටරයක්   රුපියල්                  325 

සුපිරි ඩීසල් ලීටරයක්  රුපියල්                465

භූමිතෙල් ලීටරයක් රුපියල්                     295

 



අදහස් (24)

තෙල් මිල දැනෙන්න අඩුකරයි

sunil Wednesday, 29 March 2023 11:49 AM

මොන පදනමෙන්ද අඩු උනේ? ඊයේ මිළ ද හරි අද මිළද? අපි ගොන්නු තමයි. එත් වෘතිය සමිති මර් ධනය කරන්න ඔය මිල අඩු කල බව අපි දන්නවා. කලකන්නියනේ රට නොකා පල.

:       183       60

Sunil Wednesday, 29 March 2023 12:09 PM

තවත් ඇස්බැන්දුමක්

:       0       0

මහසෙන් Wednesday, 29 March 2023 12:15 PM

මිල දැනෙන්න අඩු කලා වගේ ම වෘත්තීය සමිතිවලටත් දැනෙන්නම දෙනවා.

:       25       117

nanda Wednesday, 29 March 2023 12:30 PM

හොඳ දෙයක්, පොඩු ප්‍රවාහන ගස්තු ද දැනෙන විදියට අඩුකර සංශෝධනනය කරොත් තමා ජන්තාවට සහනයක් ලැබෙන්නෙ

:       3       84

fairoos Wednesday, 29 March 2023 12:46 PM

ලැජ්ජ නැද්ද කාන්චන නිකං පීචං වෙන්න.

:       112       31

රටවැසියාWednesday, 29 March 2023 07:56 PM

මෙ වගෙ වැඩි කර්ත් කැගහන , අඩුකරත් කැගහන බල්ලන් ඉන්නකන් මෙ රට හදන්න බැ. තෙල් ගන්න දවස් ගනන් පොලිම් වල හිටපු කාලෙ මතක නැද්ද හරකො ?

:       1       6

නිශාන්ත Wednesday, 29 March 2023 12:57 PM

137 ට තිබුණු පෙට්‍රල්

:       52       83

මේ කාළකණ්නි ච්‍යෙරයා Wednesday, 29 March 2023 02:07 PM

බූමිතෙල් වලින් රුපි.10 ක් අඩුකරල. ආදරණීය මෑණියන්ගේ රන් වන් එරන් වන් දේදුණු වර්ණ, සමනළ වර්ණ සළුපිළි සිහි වෙයි. මේ කාළකණ්නි ච්‍යෙරයා කෙළෝලම තියෙන්නේ මේ රටේ අහිංසකයට. හෙණ 7 ම ....අයියෝ ඉතුරු ටික ගිළුණනෙ.

:       165       45

සේනක ඉතාලිය Wednesday, 29 March 2023 02:08 PM

තෙල් මිල අඩු කරන එක හොඳයි,නමුත් අනිත් අත්‍යවශ්‍යය භාණ්ඩ මිල අඩු වෙයිද කියලා තමයි සැකය.කෙසෙ නමුත් පාකයිනි,ඔබලා කොහොම වැඩි කරලා අඩු කලත් ලබන චන්දයකදි ඔඔබලා වැනි අදම,අමන පාලකයින් එළවා දමන එක ඒකන්තයි ස්ථිරයි.පාලකයිනි,රටෙි ජනතාව තමුන්නාන්සේලා වගේ කාළකණ්ණී ගොබ්බයෝ නෙමෙයි කියලා මතක තියාගත්තොත් හොඳයි.

:       97       71

කෝරළගේWednesday, 29 March 2023 04:53 PM

තෙල් මිල හතර ගුනයකින්, ලයිට් බිල දැනට පස් ගුනයකින් වැඩිකරල රටේම සමස්ත ජනතාවටම හොමිබෙන් යන්න දීල තියෙන්නෙ.බඩුමිල අහස උසට... අපි අද කනව නෙමෙයි ලෙවකනව.මේ සොච්චමක් අඩුකරල බොරු විජ්ජා දානව.රට කාල ඉවරයි.

:       2       2

PA - RA Wednesday, 29 March 2023 03:34 PM

සෑහීමකට පත්විය නොහැක, අමුතුම ගැටයකි, ගොඩාක් වැඩි කර චුට්ටක් අඩුකර නැවත ගොඩාක් වැඩිකර ආයෙ චුට්ටක් අඩුකර වැඩි කර කර ජනතාවට ගයන්නේ මේ මොනවද?

:       2       2

Rasi Wednesday, 29 March 2023 03:38 PM

මම නම් කාංචනට කැමතියි. ඔය එක එක පවුල් වල බුරුවො නෙමෙයි ජනාධිපති කරන්න ඕන. මේ වගේ එකෙක්. ලංකාවට හරියන්නේ මේ වගේ අය.

:       1       1

පිටරැටියා Wednesday, 29 March 2023 03:50 PM

තෙල් මිළ පිටරටවලත් අඩු වෙලා? ලන්කාවේ සොච්චමකින් අඩු කරලා?

:       1       1

sene Wednesday, 29 March 2023 04:03 PM

දැනෙන්නට රුපියල් 60 අඩු කොරලා, අපිට පවු, බලාපොරොත්තුව අඩුම 100 ක්වත් අඩුවට, 3 ගුනයකින් වැඩිකොට 60 අඩු කොරලා. කාටද ආඩම්බර.

:       1       2

pina Wednesday, 29 March 2023 04:03 PM

රනිල් පොහොට්ටු හොරු රෑන බේරගන්න එන්න කලින් තෙල් වල මිල කීයටද තිබ්බේ ?

:       1       1

දාස Wednesday, 29 March 2023 06:07 PM

කොච්චර කාලෙකටද මේ අඩුව , මේ වැඩ අපට හොදට පුරුදුයි , 170 තිබුන ලිටරේ 400 කරල දැන් 360 ක් කෙරුව , ඔවයින් මිනිස්සු රැවටෙන්නෙ නැ.

:       0       2

sukitha Wednesday, 29 March 2023 06:12 PM

දැන් තෙල් දෙන්නේ ලාබ පිටද? පාඩු පිටද? පාඩු පිටනම් එය පිරිමහගන්නේ කොහොමද? වෘත්තිකයන්ගේ බදු මුදලින්ද? සම්පත් විකිනිමෙන්ද? පීඩා සහගත් වුවත් ජනතාව යම් කැපවීමක් කොට එයට හුරු උනා. ඉන්ධන පරිභෝජනය පවා අඩු උන. දැන් මේ විකුර් තියේ ප්‍රතිපල මොනවාද? දේශපාලන න්‍යායපත්‍ර අනුව රට හසුරුවන ජරාජීර් න, පිලිකුල්සහගත, ජනතාව විසින් පරාජය කල ක්‍රමවේද නැවත ගෙනඒමට තමුන්ට බලය දුන්නේ කවුද? ජතාවගේ අසීමිත කැපකිරීම් වල අවසානය විලි ලජ්ජා නැති තමුන්ගේ න්‍යාය පත්‍රද?

:       0       1

මරා Wednesday, 29 March 2023 06:40 PM

මම හිතුවා දැනෙන්න රුපියල් 110ට විතර දෙන්න හදනවා කියලා...යකෝ උඹලා ගද්දි තිබුනේ රුපියල් 137ට...... දැනෙන්න අඩු කරනවලු...

:       0       2

Sampath Thursday, 30 March 2023 06:12 AM

ලගදිම එනවා රනිල් රගපැ ත්‍රාසජනක චිත්‍රපටය 2නි කොටස්

:       1       2

Prabath Thursday, 30 March 2023 07:39 AM

රැවටෙන්නත් රවට්ටන්නත් සීමාවක් තියෙන්න ඔන. අඩු වෙන එක සහනයක්. එත් මේ වගෙ අඩු කිරිලි ලෝකෙ වෙන කොහෙවත් නෑ.

:       0       2

nalin Thursday, 30 March 2023 07:51 AM

ඔය අඩු උන එක මිනිස්සුන්ට දැනෙන්නෙ නෑ, බඩු ගනන් ගියේ ලොකු ගනන් වලින් පොඩි ගානකින් අඩු උනා කියල කොහොමට වත් මිනිස්සුන්ට දැනෙන්නෙ නෑ. ඔය දෙරන හිරු උඩ පැන පැන බඩු ගනන් අඩු උනා කිව්වට පොඩි මිනිහට කොහොමටවත් මේක දැනෙන්නෙ නෑ. තෙල් ගනන් අඩු උනා කියල ලයිට් බිල අඩු උනේ නෑනෙ එහෙම අඩු උනත් 400% කින් වැඩි වෙච්ච එක අඩු උනා කියල මිනිස්සුන්ට දැනෙන්නෙ නෑ.

:       0       1

Rohana Thursday, 30 March 2023 09:16 AM

මෙයල බලයට එනකොට පෙට්රල් රු 135 ඩීසල් රු 85 සුපර් ඩීසල් රු 132 ( මතකයේ හැටියට ) අද ඒ ගානට දෙන්න බැරිවුනත් තවමත් ඉන්ධන මිල වැඩියි ඔය කියන අඩුකලාට පස්සෙත්. මේකට හේතුව ඉන්ධන මි නොසිතූ ගනන්වලින් ඉහලදමා දැන් තරමක් අඩුකර තිබීමයි. මේ මිල අඩුවත් පවතින්නෙ ඉතා කෙටි කාලයයි.

:       0       2

Kumara Thursday, 30 March 2023 10:41 AM

ඵුලුවන්නම් මැතිවරණය තියපියවු.

:       1       7

Wije Thursday, 30 March 2023 03:14 PM

දැනෙන්ට දෙන්නම් තියපන්කො මැතිවරනයක්

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1408 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 660 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 555 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 308 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 539 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 494 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site