(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
ඛනිජ තෙල් බෙදා හැරීම දැනට වඩා කාර්යක්ෂමව සහ විධිමත්ව සිදු කිරීමේ අවශ්‍යතාව ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) අවධාරණය කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙසේ අවධාරණය කළේ, ආණ්ඩුව ජනතාවට ලබාදෙන අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල අසාධාරණ ලෙස ඉහල දැමීම හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ය.
විජිත් මළල්ගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සැලකිල්ලට ගැනිනි.
මීට පෙර අධිකරණය විසින් කරනු ලැබූ නියෝගයකට අනුව සෑම පාරිභෝගිකයකුට ම සමාන සමානම ඛනිජ තෙල් බෙදා හැරීමේ සැලැස්ම නීතිපතිවරයා අද (05) අධිකරණයට ඉදිරිපත් කළේය.
නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේ මහතා අධිකරණයේ පෙනී සිටිමින්මෙන්න සැලස්ම අධිකරණයට ඉදිරිපත් කළේය .
ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ උදිත ඉගළහේවා මහතා සඳහන් කර සිටියේ මෙම සැලැස්මේ බොහෝ කරුණු මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බව ය .
මේ වන විට තෙල් බෙදා හැරීම සිදු කරනු ලබන්නේ ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ ඩිපෝ කළමනාකරුවන්ගේ අධීක්ෂණය යටතේ බවත්, එමගින් ඈත පිටිසර පාරිභෝගිකයන් අපහසුතාවයට පත්වන බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය .
ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ඛනිජ තෙල් බෙදා හැරීමේ ක්‍රමවේදයේ දී දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මඟින් සිදුකිරීම සුදුසු බව ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.
මෙහිදී අධිකරණයේ දී කරුණු ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතා සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයකටයුතු කළ ආකාරය පිළිබඳව සිය ප්‍රසාදය පළ කරන බවය .
ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉදිරියට ගත යුතු තවත් පියවර සහ නිර්දේශ අඩංගු දිවුරුම් ප්‍රකාශයක් ලබන 31 වැනිදාට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට නියෝග කල ශ්‍රේෂ්ඨාධිකරණය එතෙක් නඩුව කල් තැබීය.
ජනතාවට සහන සලසා දීමට අවශ්‍ය ක්‍රමවේදයක් වහාම සකස් කරන ලෙස අමාත්‍ය මණ්ඩලයට නියෝගක් නිකුත් කරන ලෙස ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය අමාත්‍යාංශ ලේකම්වරු සහ නීතිපතිවරයා ඇතුළු හතළිස් දෙනකු නම් කරනු ලැබ ඇත.
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
තෙල් බෙදීම කාර්යක්ෂම කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධාරණය