IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


තිලංග සුමතිපාල ඒෂියා කැපිටල් සභාපති ධූරයට

 

ඒෂියා කැපිටල් පී.එල්.සී. සමාගමේ නව සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයකු හා දේශපාලනඥයකු වන ආචාර්ය තිලංග සුමතිපාල මහතා පත්කරනු ලැබ ඇත.

මැලේසියාව පදනම් කරගත් ඒෂියා කැපිටල්හි ආයෝජක ඩැටෝ ශ්‍රී විජය ඊශ්වරන් මහතා සමාගමේ නව ප්‍රවේශය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ ඉතා දක්ෂ පරිපාලන හැකියාවක් ඇති නායකත්වයේ විශිෂ්ටයකු ඒෂියා කැපිටල් පී.එල්.සී. සමාගම නව මානයකට ගෙන යාම සඳහා සභාපතිවරයා ලෙස පත් කරනු ලැබ ඇති බවයි.

“ඒෂියා කැපිටල් සඳහා අපගේ පොදු නව මූලෝපායික දිශානතිය මෙහෙයවීමේ නායකයා වන තිලංග සුමතිපාල මහතා ඉදිරි දශකයේ පශ්චාත් වසංගත අවධිය සඳහා ආසියා ප්‍රාග්ධනය සඳහා වේදිකාවක්ද නිර්මාණය කරනු ඇතැයි ද ඩැටෝ ශ්‍රී විජය ඊශ්වරන් මහතා පැවැසීය.

ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත පොදු සමාගමක් වන ඒෂියා කැපිටල් සමාගම විදේශ ආයෝජකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගනිමින් ඔවුන්ව ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා පොළොඹවන ප්‍රකට පෙළේ මූල්‍ය හා උපායමාර්ගික සැලසුම් සපයන කීර්තිමත් සමාගමකි. මවු සමාගම සතුව ආයතන 12ක් ක්‍රියාත්මක අතර සුඛෝපභෝගී පරිසර හිතකාමී හෝටල් 5ක්ද සමාගමට අයත් වේ. බිලියන 4කට වැඩි ප්‍රාග්ධන වටිනාකමක්ද සමාගම සතුවේ.

“තිලංග සුමතිපාල මහතා ටෙලිකොම් සභාපතිවරයා වශයෙන් සිටිමින් කළ සේවය අතිවිශිෂ්ටයි. එතුමන් එය ලාභ ලබන ආයතනයක් බවට පත්කළා පමණක් නොව, මොබිටෙල් ආයතනයද පවරා ගනිමින් සන්නිවේදන විප්ලවයක්ද ශ්‍රී ලංකාව තුළ සිදුකළා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා වශයෙන්ද, රාජ්‍ය අමාත්‍යවරයකු වශයෙන්ද ඔහු ශ්‍රී ලංකාවට විශාල සේවයක් ඉටුකර තිබෙනවා. ඒෂියා කැපිටල් සමාගමේ උපායමාර්ගික නව දිශාවට ඔහුගේ නායකත්වය ලැබීම අප සියලු දෙනාම ලැබූ විශාල භාග්‍යයක්”. ඩැටෝ ශ්‍රී විජය ඊශ්වරන් මහතා වැඩිදුරටත් පැවසීය.

ඒෂියා කැපිටල් සමාගමේ සභාපතිවරයා ලෙස වැඩ බාර ගැනීමෙන් පසු ආචාර්ය තිලංග සුමතිපාල මහතා පවසා සිටියේ ආසියාව පුරා පිළිගත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන ඒෂියා කැපිටල් පී.එල්.සී. සමාගම සඳහා ශක්තිමත්, තිරසාර සංවර්ධන පදනමක් සැකසීම සඳහා තමන් සතු වෘත්තීය සුදුසුකම් හා පලපුරුද්ද උපරිම වශයෙන් යොදාගන්නා බවය. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම පිළිගත් සන්නාමයක් ලෙස ඒෂියා කැපිටල් සමාගම මෙතැන් සිට වැජඹෙනු ඇතැයිද ඒ මහතා සදහන් කළේය.



අදහස් (15)

තිලංග සුමතිපාල ඒෂියා කැපිටල් සභාපති ධූරයට

Raveendra Friday, 01 October 2021 08:36 PM

ඒකත් ඉවරයි..

:       3       36

beau Friday, 01 October 2021 11:20 PM

මෙයා කොහොමද ආචාර්ය වුනේ?

:       0       30

Royfedricks Saturday, 02 October 2021 02:13 AM

සුබ පැතුම් වෙන මොනා කියලා කියන්නද

:       14       0

RoyfedricksSaturday, 09 October 2021 03:39 AM

අනේ මේ මම නම් ඔය සුබ පැතුම් පැතුවේ නැහැ. මම ඇහුවේ ආචාර්ය වුනේ කොහොමද කියලා.. මර්වින් සිල්වා එක්ක ඉගෙන ගත්තද? එහෙමත් නැත්තම් කම්මලක යකඩ තැලුවද කියලා විතරයි.

:       0       1

Kumar (Gulf) Saturday, 02 October 2021 03:34 AM

තාම තනතුරු ගන්නවනේ. දෙනවනේ

:       0       19

sam Saturday, 02 October 2021 05:46 AM

ඔහොම ආචාර්යලා ලංකාවේ හරියට ඉන්නවා,

:       0       26

Rajan Saturday, 02 October 2021 09:49 AM

කිසිදෙයක් කරගන්න බැරි කෙනෙක් ඒෂියා කැපිටල් කරයි ?

:       0       22

Rocky Saturday, 02 October 2021 05:19 PM

ඉවරයි... කැපිටල් එක ඉක්මනටම සිම්පල් වෙන්න පුළුවනි...!!!

:       1       25

Asela Saturday, 02 October 2021 07:22 PM

ඇයි... ක්‍රිකට් වලටත් අති විශිෂ්ඨ සේවාවක් කළේ?

:       1       18

Nuwan Saturday, 02 October 2021 07:32 PM

බුකී කාරයෙක් ...!

:       0       20

Kumara Saturday, 02 October 2021 09:32 PM

වැඩ බලාගන්න පුළුවන් වෙයිනෙ

:       0       6

sachith Monday, 04 October 2021 11:54 AM

ඒකටත් අබ සරණයි

:       1       9

සෙන්ජී Monday, 04 October 2021 03:14 PM

විජය ඊශ්වරන් කියන්නේ Gold quest international සභාපති... එක නෙට්වර්ක් මාර්කටිංග් කියලා ලංකාවේ තහනම් කරපු ආයතනයක් නේද?

:       0       11

nimal Wednesday, 06 October 2021 04:22 AM

1990 දශකයේ ක්‍රිකට් පරිපාලනයට එක් වූ මෙතුමාගේ කෙරුවාව පිටරට්ටු කෙසේ වෙතත් අපි නම් දනිමු.

:       0       3

Rocky Thursday, 14 October 2021 05:35 PM

ෆොටෝ එක මාරු කරලා කබරයෙකුගේ ෆොටෝ එකක් දාන බැරිද

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 694 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 932 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 531 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1435 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 74 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 19 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1543 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site