IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


ඩොලර් අර්බුදය අවසන්

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා විධායක කමිටු අනුමැතිය හෙට(20) ලැබීමට නියමිත හෙයින් ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය අවසන් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ප්‍රමාණවත් විදෙස් සංචිත ඒත් සමඟ ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බව වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල මෙරටට ලැබීම තුළින් ආයෝජකයන් ශ්‍රී ලංකාව පිළිබඳ තබන විශ්වාසය තවත් වැඩි වනු ඇති බවත් එමගින් ශ්‍රී ලංකාවට නව විදෙස් අරමුදල් සහ ආයෝජන අවස්ථා සඳහා නව ප්‍රවේශයන් ලැබෙනු ඇති බව වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැකේජයට අය-වැය සහාය ඇතුළත් වන බවත් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැකේජවල ඇතුළත් නව අංගයක් බවත් ඔහු පැවසුවේය.

 



අදහස් (50)

ඩොලර් අර්බුදය අවසන්

පැරකුම් Monday, 20 March 2023 03:48 AM

ඇති යාන්තම්…! දන්් ඉතිං අපට පුලුවන් ලෝකෙ පුරාම දියුණු රටවල තියන පරන කාර් ටික ගෙනත් විනෝද වෙක්න…!

:       163       61

senaMonday, 20 March 2023 11:14 AM

සුබ සිහින දකින්න කල් වැඩියි මොකද මෙ හොරු ඉන්නකල් නිතියෙ ආදිපත්‍ය ස්තාපිත වෙනකල් විදේශ ආයොජකයො එනවා බොරු. ඔනනම් නය දෙන ආයතන කිපයකින් වැඩි පොලියට පොඩි නයක් ගන්න පුලුවන් වෙයි. නමුත් එකත් මුන් හොරා කනවා ශුවර්.

:       153       57

චින්තන Monday, 20 March 2023 04:16 AM

ඉක්මන් කරලා මහින්ද චින්තන අධිවේගී මාර්ග හදන්න පුළුවන් වාහන ගෙන්වීම කරන්න පුළුවන් ගම්මිරිස් ,රබර් තේකොල බිත්තර ගෙන්වීම කරන්න පුළුවන් ජයවේවා ඉක්මනින් මොකක් හරි ඡන්දෙකුත් තියන්න පුළුවන්

:       155       42

ලුම්බිණි Monday, 20 March 2023 04:19 AM

මොකද කියන්නේ නැත්තේ මේක තාවකාලික විසඳුමක් පමණයි කියල.

:       155       55

VithanaTuesday, 21 March 2023 03:42 AM

ලෝකේ හැම රටක්ම ණය ගන්නේ තාවකාලික විසඳුම් විදියට තමයි.

:       0       45

බෘන්ගරාජ Monday, 20 March 2023 06:08 AM

අපෙ ප්‍රශ්න ඔක්කොම අහ්වරය්!

:       8       121

සමීර Monday, 20 March 2023 07:13 AM

ඔය සල්ලි ටික දේසපාලුවන්ට හොරා කන්න බැරි වෙන විදිහට ක්‍රමවේදයක් සකස්කරන්න. නැත්නම් මිනිස්සුන්ට අබ සරනම තමය්. පව් මිනිස්සු .

:       6       56

RizMonday, 20 March 2023 02:42 PM

ක්‍රමවේදයක් සකස්කරයි හොර අල්ලන්න බැරි විදියට...!

:       55       17

Galapar Monday, 20 March 2023 08:13 AM

ඇත්තටම මෙහෙම කිව්වට මේ සැරේ අපේ විදුලි බිල ආපහු 2 ගුණයකටත් වඩා වැඩි ගුණයකින් වැඩිකරලා,රට බංකොළොත් කරපු කාලකණ්ණි දේශපාලුවෝ නිසා අද ජනතාව ජීවත්වෙන්න පොලොවෙ පස් කනව.ඊයේ පෙරේද මේගොල්ලො රුපියල ෂක්තිමත් වුනා කියල ඛොරු ඛෙගල් ගහල අන්තිමට නැවත ඩොලරය නැග්ග.තව තව නය උගුලක මේ කාළකන්නි දේශපාලුවෝ ගොඩගන්න ඛැරි තැනක රට හිරකරනව.

:       14       56

ජගත් ලියනගේ Monday, 20 March 2023 08:17 AM

ඔය සල්ලි ටිකවත් පිල්ලි නොගහ රටට වැඩක් කරොත් හොඳයි. පුලුවන් නං දුම්රිය සේවය දියුණු කරන්න රට වටේට යන්න පුලුවන් විදියට .

:       6       36

kamalMonday, 20 March 2023 10:57 AM

මේ සල්ලි නයට දෙන්නේ එන්නරට වටේ යන්න මාප්රියේ කියල බයිලා නටන්න නෙමෙයි හිටන්. මේක දෙන්නේ නය වාරික පියවන්නයි. හොපොයි මෙහෙමත් මෝඩයෝ.

:       4       36

Muthu Monday, 20 March 2023 08:22 AM

මේ කතාවට නම් මහා බැංකුවේ තේ හදන අන්කල් හිටන් හිනාවෙනවා...

:       123       51

sene Monday, 20 March 2023 08:42 AM

කරුනකර දේශපාලනය කිරීම නවත්වන්න, imf ලැබුනාට රට බන්කොලොත් බවින් මිදෙන්නට බැහැ, නය නැවත ගෙවීමට පටන් ගන්නා තෙක් අපට එම තත්වයෙන් මිදෙන්නට බැහැ. අපිට බොරු කීවත් ලොවට බොරු මවා පෙනෙන්නට බැහැ. දැන් වත් මේ රැවටීම නවත් වන්න.

:       116       56

Mahesh Silva Monday, 20 March 2023 08:50 AM

මම දන්න විදියට ඔය 2.9 ලැබෙන්නේ එක පාරම නෙමේ... කොටස් වශයෙන්... එක පාරම ලැබුනත් ඩොලර් බිලියන 2.9 කින් මාසයක් දුවන්නත් මදි ලංකාවට.... මොන පදනමකින් ඩොලර් අර්බුදය අවසන් වෙනවා කියනවද කියලා තේරෙන්නේ නෑ.... එතුමා ඉතිං අපිට වඩා දන්න නිසා අපි නොදන්න දෙයක් දැනගෙන කියනවද කියලා දන්නෑ .......

:       101       49

සංක Monday, 20 March 2023 09:15 AM

වටේ ගිහිල්ලා දැන් පරණ තැනටම ඇවිල්ලා. ඒකට මෙච්චර දගලන්න දෙයක් නැහැනේ. ආර්ථිකය දැන් හැකිලිලා. මීට පෙර ද්විපාර්ශ්වික ණය ජාත්‍යන්තර සබදතා වලින් අරගෙන ණය ගෙවා ගෙන ණය කලමනානරණය කලා නම් හරි.

:       5       25

Malika Monday, 20 March 2023 09:37 AM

මොනවා ලැබුනත් ඔය හොරු ටික ඕවටත් වැඩේ දෙයි. ඇස්තමේන්තු හදයි සාක්කුවලට 50%වත් වැටෙන විදියට. රට එතනම තමා ඔය 225 ට ඕවා එහාට මෙහාට කරන්න වරම් තියන තුරු.

:       5       26

Kumara Monday, 20 March 2023 10:21 AM

ලැජ්ජා නැද්ද තවත් මේ රටේ මිනිස්සු ණයකාරයෝ කරකර වැඩේ කළා කියන්න...?

:       5       16

ලලිත් පුෂ්පකුමාර Monday, 20 March 2023 10:52 AM

ණය අර්බුදය තවත් ලොකු උනා නේද ?

:       4       27

Samitha Senaka Aluthgamage. Monday, 20 March 2023 10:56 AM

මේ ලැබෙන්නේ ණය මිසක් ආධාර නෙමෙයි.ඒත්,මේ ණය වීමට හේතු වුණේ රටේ මුදල් හා දේපළ එක්තරා කල්ලියක් විසින් හිතක් පපුවක් නොමැතිව කොල්ල කෑ නිසා බව මේ රටේ ජනතාව තදින්ම හිත් තබා ගැනීම වටී.ඒත් ඒ බව අමතක කරවන්න හොරුන්ගේ නොයෙකුත් උපක්‍රම තිබෙන බවද සිහිතබාගත යුතුයි.හොරුන් රකින්න කුලියට ලියන අයද යොදවා තිබේ.හොරුන්ට එරෙහිව ලියන දෙයට ඩිස්ලයික් දැමීමද තවත් හොරුන්ගේ ක්‍රියාවකි.කෙසේ වෙතත්,නැවත වරක් ජනතාව පත්කර ගන්නා රජයක් යටතේ හොරුන් විසින් මේ රටෙන් හොරා කෑ සියලු දේ නැවත පවරා ගැනීමට කටයුතු කිරීමට පොදු ජනතාව ඒකාන්තයෙන්ම ක්‍රියා කළ යුතුය.ඒ මන්ද යත්,හොරා කෑ මුදල් හා දේපළ පොදු ජනතාවගේ ඒවා වන බැවිනි.

:       3       34

wimal Monday, 20 March 2023 11:00 AM

මෙක තාවකාලික පැලැස්තරයක් පමණයි, පොඩි ගැම්මක් ලැබෙයි නමුත් වැරදිපැත්තට ගියොත් අපි සැවොම මකර කටේ.

:       2       18

prasanna Monday, 20 March 2023 11:03 AM

ඔය සල්ලි ටික දෙකට බෙදල අනුරට සහ සජිත්ට දෙමුද??????හාද

:       17       61

pathiranaMonday, 20 March 2023 01:09 PM

සජිත් ගැන කියන්න බැහැ නමුත් අනුරට දෙන කොටස වගෙ දෙගුනයක් වැඩකරලා පෙන්නයි.

:       61       8

NishanTuesday, 21 March 2023 03:37 AM

කටින් හිටවන බතල අතින් හිටවල පෙන්නන්න කියන්න.

:       0       48

Jagath Monday, 20 March 2023 11:33 AM

ඩොලර් බිලියන 2.9 එකපාරටම අපිට ලැබෙනව වගේ කතාව.රටේ ඉන්න දේශපාලුවෝ වගේම නන්දෙ මාමාත් හිතන් ඉන්නේ මේ රටේ ඉන්නේ බත් කන හරක් කියලයි.නන්දෙ මාමගෙයි පිනා ජනාදිපතිගේයි සිඟිති ආතල්.

:       8       28

පුරවැසියෙක්.... Monday, 20 March 2023 12:35 PM

සෑම දෙයක් ගැනම අසුභවාදීව දැකීමට වැඩි පිරිසක් හුරුව ඇත. රට අගාධයකට වැටී ඇති මොහොතක ගොඩ ඒමට ගන්නා උත්සාහයට සහාය දක්වමු. විවේචනය කිරීම පහසුය. විසදුම් සෙවීම අපහසුය. මේ ගැන සිතන්න.

:       21       11

සත්‍ය ගවේෂී.Monday, 20 March 2023 07:48 PM

නිකං මොළේ කොලොප්පන් කරගෙන විකාර කියවන්න එපා.රට අගාධයට වැටුණා නෙමෙයි,හොර නඩය හොරා කාලා බංකොලොත් කළා.එහෙව් එක සුබවාදීව හිතන්නේ කොහොමද ? මේවා විවේචනය නොකර ඉන්න පොහොට්ටුවට කුළියට ලියන අයට පුළුවන් වුණාට අනිත් අයට බැහැ.

:       0       0

janahitha Monday, 20 March 2023 12:39 PM

හුරේ.........පක්ශ පවුලෙ විදේශ සංචිත ප්‍රශ්නය ඉවරයි විදේශවල ඇති තම දේපල නඩත්තු ප්‍රශනය අහවරයි.

:       5       10

Rata Perata Monday, 20 March 2023 12:52 PM

මෙ නන්දලාල් සහ එලවපු නන්දසේන අතර ලොකු වෙනසක් නෑ. මෙයත් සුත්තර පුංචගෙ රුකඩයක් විතරයි. නැත්නම් ඉල්ලපු නයක් ලැබෙනව කියල මෙහෙම ජොලි වෙන්න පුලුවන් මෝඩය කවුද? මෙක ආඩායමක් නෙමෙයි මනුස්සයො, මෙක නයක්. නය කන්දරාව වැඩි වෙනව. මෙව අපි කවදහරි ගෙවන්න ‌‌‌‌‌‌ඔ්නෙ.

:       9       23

kamal Monday, 20 March 2023 12:52 PM

ණය ලැබුනා! ණය ලැබුනා! දැන් ඉතින් අපි තුන් වේලම ගිතෙල් කමු.

:       5       14

Imran Monday, 20 March 2023 12:52 PM

අපනයන ආදායම් උපයාගැනීමට කිසිදු වැඩපිලිවෙලක් නොමති තාක් රට අගාදයට යෑම වලක්වා ගැනිමට නොහැක. ණය ලබාගැනිමෙන් අර්තිකයට තාවකාලික පැලැස්ටරයක් පමනක් යෙදිය හැක. මෙය සාමාන්‍ය ජනයාද දන්න සරල කරුනකි. ණය ලබා ගැනීමෙන් ඩොලරය ශක්තිමත් වීමක සිදු නොවෙ. අනාගත නයගැතිභාවය පමනක් ඉහල යනු අත.

:       4       15

fairoos Monday, 20 March 2023 12:56 PM

අනේ වාසනාව .දැන් ඉතින් තවත් ඇමතිලා 5ක් වැඩිකර ගන්න වෙයි . වැඩ ටික කරන්න එපැයි

:       4       16

Buddika Monday, 20 March 2023 01:59 PM

ගම්වල නූගත් මිනිස්සු පොලියට සල්ලි අරගෙන කාලාබීලා වියදම් කරනවා. ඒ සල්ලි ටික තියෙනකම් මතක් වෙන්නේ නෑ මේ ගත්තේ ණයට කියලා... මේ හැම සතයක්ම ණය. ඒ කියන්නේ අපේ රටේ ණයගොඩ තවත් වැඩිවීම... කවුද ඒවා ගෙවන්නේ..? මහජනතාවටයි, ඒකෙ බර වැටෙන්නේ.. මහ ලොකුවට පාරම්බාන රනිල් හෝ නන්දලාල් මේවා ගෙවන්නේ නෑ. මේ රුපියල ශක්තිමත්වීම තාවකාලිකයි.

:       2       6

Pradeep Monday, 20 March 2023 02:00 PM

මෙච්චර කාලයක් කළේත් මේකනේ... ණය ගෙන්වන වැඩි කොටසක් හොරාකනවා.

:       2       4

කසිප්පුජෝන් Monday, 20 March 2023 02:01 PM

මට තිබුණු මාර්ග ඇමතිකම ඕනේ... අයියෝ මේ අධිවේගී මාර්ග ටික ඉක්මනට හදලා දාලා ගමනාගමන පහසුකම් මිනිස්සුන්ට ලබාදෙන්න. පසුගිය මාස ටික මට නින්දක් නෑ. මේ ගැන හිතලා...

:       0       6

Kanthi Monday, 20 March 2023 02:02 PM

නන්දලාල් මේ තනිකරම ගහන්නේ ගේම් එකක්... රනිල් එක්ක එකතු වෙලා.. ඊළඟ මැතිවරණ ටික ජයග්‍රහණය කරන්න රනිල්ගේ කොන්ත්‍රාත් එක තමයි මේ නන්දලාල් කරගෙන යන්නේ.. මුලින්ම ඇස්බැන්ඳුමක් පෙන්නුවා රුපියල නග්ගලා, මිනිස්සු ළඟ තියෙන ඩොලර් ටික අරගෙන ඩොලර් මිලියන 500ක් හොයාගත්තා කියලා කිව්වා... ඒ ඩොලර් මිලියන 500 රාජපක්ෂලා හොරාකාපුව‍ාද හොයාගත්තේ...? නැහැ... සාමාන්‍ය ජනතාව අතේ තියාගෙන හිටපු ඒ අයගේ යම් යම් අවශ්‍යතාවයන් සඳහා අතේ තියාගෙන හිටපු ඩොලර්. කාවද මේ රවට්ටන්නේ...?

:       3       11

ටිකිරා Monday, 20 March 2023 02:04 PM

උඩ පනින්න දෙයක් නෙමෙයි මේ. මේක ණයක්‌. මේවා ගෙවන්න වෙනවා. රට තවත් ණයවීමක් වුණේ. ඉතිං මේකටත් කලින් කරපු දේවල්ම නොකරයි කියලා කාටද කියන්න පුළුවන්...

:       2       8

මොලහතා Monday, 20 March 2023 02:06 PM

මේක පාස්වුණු එක ගැන අර ජනාධිපති සිහින කුමාරයින් දෙන්නා නම් සතුටු නැතිව ඇති...

:       5       4

පුයරබබා Monday, 20 March 2023 02:09 PM

කපුටා, බූරු පුතයි මොනවා කියනවාද දන්නේ නෑ... "බලන්න අපිට තවත් කෙලවෙන්නයි යන්නේ. මොනවා හරි කරමු."

:       1       7

ගමේ එකාලා Monday, 20 March 2023 02:25 PM

බැරිවෙලාවක්වත් පවුල් පාලනේ කෙනෙක් හිටයා නම් හෙල්පින්ග් හම්බන්තොටට වෙච්චි දේ තමයි වෙන්නේ?

:       1       5

සෑම් Monday, 20 March 2023 02:34 PM

දහසය වතාවක් IMF ගිහිල්ලත් බංකොළොත් වුණු රට මේ බිලියන 2.9ත් එක්ක රටේ ආර්ථික අර්බුදය අවසන් වෙයි කියලා චීන බළල් පැටියෙක්වත් විශ්වාස කරන්නේ නැහැ. රට ගොඩගන්න නම් නීතියේ ආධිපත්‍යය හදන්න පාදඩ පාපතර හොර රැලට දඬුවම් දීලා දූෂණය නැති කරන්න පියවර ගනිව්...

:       27       12

VithanaTuesday, 21 March 2023 03:41 AM

බංකොලොත් උනා නෙවෙයි අවුරුදු දෙකක් තුල ගත්තු වැරදි තීරණ වලින් බංකොලොත් කලා. ඒක නිසා ඔයා කියන කතාව වලංගු නෑ.

:       0       39

nalini Monday, 20 March 2023 02:53 PM

ඒ කියන්නේ රට දාලා ගිය අයට පුළුවන්ද එයාලගේ ලංකාවේ සල්ලි ටික පිටරටට ගෙන්න ගන්න...?

:       27       6

Desitha Monday, 20 March 2023 03:15 PM

මෙයත් හොර නඩයෙම මෙම්බෙර් කෙනෙක් තමා....

:       27       10

අරවින්ද මොනරවිල Monday, 20 March 2023 03:49 PM

ණය ලැබෙනවා කියන්නේ හෝ තව ණය ගන්නවා කියන්නේ අපි තව තවත් ණය උගුලේ පැටලෙනවා, අනාගතේ තව තවත් අවිනිශ්චිත කියන එක නමුත් මහබැංකු අධිපති හිතාගෙන ඉන්නවා ඇත්තේ ලංකාවට ලොටෝ එකක් ඇදුනා කියලා වෙන්න ඇති.

:       33       9

George Monday, 20 March 2023 05:09 PM

මහ බැංකුව නිතරම කටයුතු කරන්නේ රටේ පවතින ආණ්ඩුවට අනර්ථයක් නොවන අයුරිනි. බොහෝවිට රජයට පක්ෂපාතීව කරුණු ඉදිරිපත් කෙරෙන්නේ එබැවිනි. දැනටත් එසේ වෙනවා විය හැකියි. මහ බැංකුව ස්වාධීන කිරීම සඳහා දැන් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබෙන්නේ එහෙයිනි. පවතින ආණ්ඩුවේ හොරණෑවක් වීමෙන් වැළකී ස්වාධීනව තමන්ගේ පුරෝකථන හා විශ්ලේෂණ කිරීමට නම් මහ බැංකුව ස්වාධීන ආයතනයක් විය යුතුමයි. එහෙත් යෝජිත පනත් කෙටුම්පත සකසා තිබෙන ආකාරයෙන්ම සම්මත වුවහොත් මහ බැංකුව ස්වාධීන නොවෙයි. ඒ කෙටුම්පත එලෙසම සම්මත වුණොත් මහ බැංකුවට දැනට තිබෙන සාපේක්ෂ ස්වාධීනතාවයක් නැති වී එය මුදල් අමාත්‍යවරයාගේ රූකඩයක් බවට පත්වෙයි. වාණිජ බැංකු මිලදී ගන්නා විදේශ විනිමයෙන් සියයට 25ක් මහ බැංකුවට විකිණිය යුතු බවට මහ බැංකුව ගෙන තිබූ තීරණය වෙනස් නොකර පවත්වාගෙන ගියා නම් ඩොලරයේ වටිනාකම පහළ නොයයි. ඒ සියයට 25 සීමාව සියයට 15 දක්වා අඩු කිරීමට තරම් සාධාරණ හේතුවක් මහ බැංකුවට නොතිබිණි. රටේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය තවමත් තිබෙන්නේ ඉතාමත් අඩු මට්ටමකය. ඛනිජ තෙල්, ඖෂධ, ගල් අඟුරු, එල්.පී. ගෑස් යනාදිය මිලදී ගැනීමට මහ බැංකුව දැනටත් රජයට විදේශ විනිමය සැපයිය යුතුයි...

:       100       5

NishanTuesday, 21 March 2023 03:39 AM

දැන් නම් උපදෙස් දෙන්න බක පන්ඩිතයෝ එමටයි

:       0       0

කිරි කවඩියා. Monday, 20 March 2023 10:44 PM

රට තුල ආධායම් උත්පාදන වැඩපිලිවෙලක් නෑ.නිශ්පාදන අපනයන වැඩපිලිවෙලක් නෑ.මේ හම්බෙන්නේ ණයක් මිසක් ප්‍රධානයක් නොවන බව ජනතාවට වැටහේවා.පාලක අම්බරුවෝ රැලටනං ඉතින් රජ මගුල්.

:       0       0

කිරි කවඩියා Monday, 20 March 2023 10:54 PM

එක්කො imf එකේ උන්ටත් පිස්සු.මේ වගේ හොර රැලකගෙ හැටි දැනගෙන මෙහෙමත් ණය දෙන්න .

:       0       0

Dusantayaggahavita Tuesday, 21 March 2023 11:44 AM

අපේ මිනිස්සු ජාතිය ණය උගුලෙන් මූදාගනිමු

:       0       1

Kumara Tuesday, 21 March 2023 05:35 PM

හිතා ඉන්නේ ඔක්ක්ම හරි කියලා වතුර බිල ලග්‍යිට් බිල....සැප අති.......කාලකන්නී පාලකයන් ට

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1360 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 525 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 958 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 912 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 358 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 533 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site