IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඩයලොග් වෙතින් සුවිශේෂී වැඩසටහන් මාලාවක්

ඩයලොග් ආසිආටා සමාගම තම ක්ලබ් විෂන් සාමාජිකයන්ට සහ පාරිභෝගිකයන්ට අද්විතීය අත්දැකීම් පිරිනැමීමේ ප්‍රයත්නයෙහි තවත් අදියරක් ලෙස අන්තර්ජාලය හරහා සුවිශේෂී වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබීය.

මෙම වැඩසටහන් මාලාවේ සමාරම්භය සනිටුහන් වූයේ ඩයලොග් ක්ලබ් විෂන් සහ SLASSCOM හවුල්කාරීත්වයෙන් පැවැත්වූ ‘බැංකු සහ මූල්‍ය අංශය ස්වයංක්‍රීයකරණය’ පිළිබඳව වැඩසටහනෙනි. ඩයලොග් ක්ලබ් විෂන් ප්ලැටිනම් සහ ගෝල්ඩ් සාමාජිකයන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයට ද නොමිලේ සහභාගි වීමට අවස්ථාව ලද මෙම වැඩසටහන ඉදිරිපත් කරනු ලැබුවේ JKIT හි දිලිනි ද අල්විස්, මිලේනියම් IT ආයතනයේ සංජය දයානන්ද සහ Potenza ආයතනයේ ධනූෂ මුතුකුමාරණ විසිනි.

එමෙන්ම ක්ලබ් විෂන් රෙඩ් සාමාජිකයන්ට “COD මොබයිල් සෝලෝ චැලෙන්ජ්” නමැති සුවිශේෂී අන්තර්ජාල ක්‍රීඩා තරගාවලිය පවත්වන ලද අතර, මෙම තරගාවලියේදී ජයග්‍රාහකයන් සදහා ආකර්ෂණීය ත්‍යාග පිරිනමනු ලැබීය.

ඩයලොග් පාරිභෝගිකයන්ගේ වයස අවුරුදු 12-16ත් අතර දරුවන් සඳහා SLASSCOM සමඟ එක්ව සිදුකළ තවත් වැඩසටහනක් වන්නේ ‘Kids Can Code 2021’ වැඩසටහනයි. රත්නපුර, කෑගල්ල, අනුරාධපුර, බදුල්ල, හම්බන්තොට, නුවරඑළිය, මාතලේ, අම්පාර සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල දරුවන් මෙම අවස්ථාවට සක්‍රියව සහභාගි වූ අතර, තාක්‍ෂණික දැනුමක් ඇති සහ අනාගතයට සූදානම් පරම්පරාව දිරිමත් කිරීමේ දැක්මකින් යුත් ඩයලොග් ආයතනය, මේ සියලු‍ වැඩසටහන් සඳහා ආයතනික අනුග්‍රහය දැක්වූයේය.

‘සුවැති දිවියට අත්වැලක්’ වැඩසටහන සමග එක්වීමට ඩයලොග් ජ්‍යෙෂ්ඨ පුරවැසි පාරිභෝගිකයන්ට හැකියාව ලැබුණු අතර, වසංගතය අතරතුර බෝ නොවන රෝග පාලනය කිරීම සඳහා ගත හැකි පියවර සහ ශාරීරික යෝග්‍යතාව සහ මානසික සුවතාව පවත්වා ගැනීමේ වැදගත්කම යන මාතෘකා මෙම සැසියේදී සාකච්ඡා කෙරිණි. ඒ අනුව, වසංගත කාලය තුළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මානසික යහපැවැත්ම පවත්වා ගැනීම සහ නවීන තාක්ෂණය සමගින් නව ජීවන රටාවට අනුගත වීම සඳහා සහයෝගය දැක්වීම කෙරෙහි අවධානය යොමු කළ ඩයලොග් සමාගමේ වැඩසටහන් රැසක් අතරට මෙය ද එක් වේ.



අදහස් (0)

ඩයලොග් වෙතින් සුවිශේෂී වැඩසටහන් මාලාවක්

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 255 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 731 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1889 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2110 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 638 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 276 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site